හැමෝම දන්නවා ඇති නේ ඔන්ලයින් ස්ටොරේජ් එහෙම නැත්නම් ක්ලවුඩ් සර්විස් ගැන...ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතලා මේ ගැන හොයලා දාන්න හිතුනා...මේ ගැන නොදන්න කෙනෙක් නැති නිසා මේකෙන් කෙරෙන දේ ගැන කියන්න අවශ්‍ය වෙන්නෙත් නෑ...කමක් නෑ නොදන්න කෙනෙක් හිටියොත් දැන ගන්නත් එක්ක මම කියන්නම්
ප්‍රධානම සේවය තමා අපිට වැදගත් වන හැම දෙයක්ම මෙහි ගබඩා කර තබා ගත හැකි වීම
90% ක දත්ත වල සුරක්ශිත තාවය..
ඔබට අවශ්‍ය ඕනෑම විටක ඕනෑම තැනක සිට පරිහරනය කිරීමේ පහසුකම
සහ තවත් දේ තිබිය හැක...
මේ වඩාත් ජනප්‍රිය සහ දත්ත වල ආරක්ශාව ගැන 100% සහතික විය හැකි ක්ලවුඩ් සර්විස් දෙක
වන් ඩ්‍රයිව් - මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පවත්වාගෙන යයි.ගිගා බයිට් 7 ක දත්ත ධාරිතාවක් ලැබේ...
ගූගල් ඩ්‍රයිව් - ගූගල් සමාගම විසින් පවත්වාගෙන යයි..දත්ත ධාරිතාව දිනෙන් දින වැඩි වෙමින් පවති...
ඩ්‍රොප් බොක්ස් - දත්ත ධාරිතාවය ගිගා බයිට් 2ක්.යහළුවන් හඳුන්වා දීමෙන් අසීමිත ලෙස වැඩි කරගත හැක..
අයි ක්ලවුඩ් - ඇපල් සමාගම විසින් පවත්වාගෙන යනු ලැබේ...
තවත් ප්‍රසිද්ධ සමාගම් කිහිපයක්
බොක්ස්
කබී
මෙගා
ක්ලවුඩ් මී
කොහොමද මේවා තමන්ට ගැලපෙන විදියට භාවිතා කරන්නෙ කියලා ඊලඟට දැනගමු...හිතන්න මෙහෙම තමන්ට අත්‍යාවශ්‍ය සහ ඉතාම වැදගත් ලිපි ද්‍රව්‍ය වන් ඩ්‍රයිව් හෝ ගූගල් ඩ්‍රයිව් වැනි ස්ථානයක සුරක්ෂිත ව තබන්න..මේවායේ පහසුකම් ගොඩක් ඇත...
චායාරූප සඳහා වෙනම ක්ලවුඩ් සර්විස් එකක් භාවිතා කරන්න..
වෙනත් වැදගත් ඊ බූක් වැනි ෆයිල් සඳහා වෙනමම එකක් තියා ගන්න....
ඔබේ අවශ්‍ය තාවය අනුව වෙන වෙනම ක්ලවුඩ් සර්විස් භාවිතා කරන්න...එකම ක්ලවුඩ් සර්විස් එකක වුවද මේ සියළුම දේ කල හැක..
මෙච්චර ක්ලවුඩ් සර්විස් ගොඩක් කොහොමද එක පාර මතක තියාගන්නෙ ??
මේ තියෙන්නෙ ඒකට විසඳුම...මෙමගින් ප්‍රසිද්ධ ක්ලවුඩ් සර්විස් ගනනාවක් එක වෙබ් සයිට් එකකින් පාලනය කරන්න පුළුවන්..

