මචං ඉස්කෝලේ ඇරෙන වෙලාවට හරි ඔෆිස් ඇරෙන වෙලාවට හරි යනවනම් පයින් පලයං.නැත්නම් නිකන් බොරුවට වට රවුම් ගගහ ඉන්න වෙනවා 154.
පයින් යනවනම් යුනිටිය ගාවින් පාර පැනල ටික දුරක් වාහන යන පැත්තටම(පාර one way)යනකොට දකුණට හැරෙන්න තියනවා බෞද්ධාලෝක මාවත.ඒකත් ඒ හරිය one way.හැරෙනකොට වංගුවේ අනික් පැත්තේ පේනවා pearl city කියල ගහල තියනවා.එතනින් දකුණට හැරිලා යනකොට ඒ පාරේ වම් පැත්තේ මුස්ලිම් පල්ලියක් එහෙම තියනවා.ඒකෙ දිගටම යනකොට colour lights හම්බවෙනවාඑතනින් හැරෙන්නේ නැතුව කෙලින්ම පලයන්.එතකොට ඊළඟට තුම්මුල්ල හන්දියට වැටෙනවා.එතනින් වමට හැරෙන්න.හැරිලා ගියාම campus එක හම්බවෙනවා.