Colombo - Hilton hotel

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හිල්ටන් ගැන තිබූ අදහස ඩෙල්ටා කෝර්ප් අත්හරී
    Friday, 18 March 2011 15:12


    කොළඹ හිල්ටන් හෝටලය මිලදී ගැනීම සඳහා මුලින් උනන්දුවක් දැක්වූ සූදු ඇතුළු ව්‍යාපාර සිදුකරන ඉන්දියානු ඩෙල්ටා කෝර්ප් සමාගම එම අදහස අත්හැර දමා තිබෙන බව අනාවරණය වේ.

    ඉතාමත් විශ්වාස කටයුතු මූලාශ මගින් අනාවරණය වන්නේ හිල්ටන් හෝටලය මිලදී ගැනීම සඳහා මේ වනවිට එම සමාගම කැමැත්තක් නොදක්වන බවයි.

    කෙසේවෙතත්, මෙම සමාගම මෙරට කැසිනෝ ව්‍යාපාර කටයුතු කිරීම සඳහා උනන්දුවක් දක්වා තිබේ.

    සිය හෝටලය පිහිටි ඉඩම රජය විසින් පවරා ගැනීම පිළිබඳව රජය සමග සාකච්ඡා කරන තුරු සුපුරුදු පරිදි ව්‍යාපාරික කටයුතු සිදුකරන බව කොළඹ හිල්ටන් හෝටලය පසුගියදා සඳහන් කළේය.

    එහිදී, හෝටලය පවසා තිබුණේ හිමිකාරීත්වය වෙනස්වීම පිළිබඳව සිය නියෝජිතයින් අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

    හෝටලය පිහිටි ගොඩනැගිල්ල අයත් හොටෙල් ඩිවලපර්ස් සමාගම සමග එක්ව අවුරුදු 20 ක කාලයක් පුරා කොළඹ හිල්ටන් හෝටලය කළමනාකරණය කරන බව හිල්ටන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් එහිදී වැඩිදුරටත් පැවසීය.

    හිල්ටන් හෝටලයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතු බවත් පසුගිය සතියේ එම ඉඩම සම්පූර්ණයෙන්ම රජයට පවරාගත් බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කීය.

    හෝටලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල හිමි කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තු ගත කර තිබෙන හොටෙල් ඩෙවලපර්ස් සමාගම විසින් එම හෝටලය පිහිටි ඉඩමේ කල්බදු ගිවිසුම පිළිබඳව පසුගියදා හෙළිදරව් කළ අතර අදාළ ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොර්නල් සහ සමාගමට කල්බදු ක්‍රමයට ලබාදී තිබෙන බවත් පසුව අදාළ සමාගම විසින් නැවත කල්බදු ක්‍රමයට හොටෙල් ඩෙවලපර්ස් සමාගමට එම ඉඩම ලබාදී තිබෙන බවත් අනාවරණය කළේය.

    රජය පසුගියදා කොර්නල් සහ සමාගම සමග පැවති කල්බදු ගිවිසුම අවසන් කර තිබෙන බව හොටෙල් ඩෙවලපර්ස් කොටස් වෙළඳපොළට දැනුම් දී තිබේ.

    එයට හේතුව වී තිබෙන්නේ ගිවිසුම් ප්‍රකාරව නාගරික සංවර්ධන අධිකාරියට කොර්නල් සහ සමාගම විසින් නියමිත පරිදි මුදල් නොගෙවීම බව සඳහන්ය.