කොළඹ උතුරු වරාය නව ව්‍යාපෘතියට සමගාමීව මෙරට වරාය සංවර්ධන වැඩසටහන් මගින් ඉදිරි වසර 25ක කාලය තුළ ශ්‍රී ලංකාව නාවික ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත්කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වරාය ක්ෂේත්‍රයේ අනාගත සේවා ඉල්ලුම අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොළඹ උතුරු වරාය සංවර්ධනය කිරීම මහා බ්‍රිතානයේ AECOM සමාගම සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ සිදුකරනු ලබයි.
ඒ වෙනුවෙන් පැවැති කොළඹ උතුරු වරාය 30 අවුරුදු සංවර්ධනය පිළිබඳව වැඩමුළුව ඊයේ ජනපති ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"ඉදිරි වසර 25ක කාලය තුළ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියාව, බංග්ලාදේශය, මැලේසියාව සහ මියන්මාර ප්‍රදේශවල විශාල සංවර්ධනයන් සිදුවේවි. ඒ නිසා ත්‍රිකුණාමල වරාය බෙංගාල බොක්කේ සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ හැකියාව පිළිබඳව අප සොයා බැලිය යුතුයි."
"හම්බන්තොට වරාය මේ වන විට සම්පූර්ණ ධාරිතාවෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ. නමුත් ඉදිරි වසර 10ක 15ක කාලයක තුළදී හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 4,000ක භූමි ප්‍රමාණයක සිදුකරන සංවර්ධනයත් සමග සහ ඉදිකරනු ලබන තෙල් පිරිපහදු පර්යන්තයේ එම ප්‍රදේශයේ ක්‍රියාකාරීත්වයන් ඉහළ යාවී."
"කටුනායක ගුවන්තොටුපොළ අප තවදුරටත් සංවර්ධනය කරනු ලබන අතර මත්තල ගුවන්තොටුපොළ වාණිජ ශක්‍යතාවයකින් සතුයි. ඒ වගේම අප පලාලි ගුවන්තොටුපොළ ද විවෘත කරනු ලැබුවා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ උපදේශන අංශ කොළඹ - උතුරු වරාය සංවර්ධනය කිරීමේ ශක්‍යතා වාර්තාව ලබාදුන්නා."
"ඒ අනුව ඉන්දියානු සාගරයේ නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට අපිට හැකියාව පවතිනවා වගේම අපි එය අනිවාර්යෙන්ම කළ යුතු වනවා."
එහිදී වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද අදහස් දක්වමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැංවීම සඳහා උතුරු වරාය සංවර්ධන ව්‍යාපෘතිය විශාල පිටුවහලක් වන බවය.
- https://sinhala.adaderana.lk/news/180898