මේ Port City එක මුලින්ම මහජනයාට විවෘත කල 2022 ජනවාරි මාසයෙත්, ඊට පසු වසරකත්, එහි Beach Park විවෘත කල දිනයට පසුදා 2023-07-16 දින වශයෙන් 3 පාරක් මම මෙහෙට ගිහින් තිබුනා. මම ආස තැනක්. ඉතින් පහුගිය දවසක 4 වැනි පාරටත් ගියා. කලින් එහි Beach Park එකට ගියේ මගේ බයික් එකේ.. මේ පාර නම් පයින්ම Beach Park එකට ගියේ. පාරේ බස් එකේ එන කෙනෙක් නම්.. කොළඹ ගාලුමුවදොර හරහා යන අංක 100 බස් එකේ හෝ ගාලුමුවදොර හරහා යන වෙනත් දුරගමන් බස් එකක් ඇවිත්, ජනාධිපති ලේකම් කාර් යාලය ලගින් බැස්සම, මේ Port City යන පාර, ජනාධිපති ලේකම් කාර් යාලයට ඉදිරියෙන් පේන්න තියනවා..ඒ පාර දිගේ ටික දුරක් ගියාම පිවිසුම තියනවා. වම් පසින් පයින් යන අයටත්, දකුනු පසින් වාහන ඇතුල් කරන පාරත් තියනවා. කලින් මම බයික් එකේ ගියාට (2023). දැන් නම් මෙහෙට බයික් හා 3වීල් අවසරයක් නැතුව ඇතුල් කරන්න දෙන්නේ නෑ.. ඉතින් මම වම් පස ඇති පාර දිගේ දිගටම පයින්ම ගියා... මුහුද, ඈතින් පේන කොළඹ ලස්සන ගොඩනැගිලි, විශාල පාලම පහු කරමින් ගියා. ගිහින් නැත්නම් ඔයාලත් ගිහින් බලන්න. අමුතුම අත්දැකීමක් ගන්න පුලුවන්. පහල කෙටි වීඩියෝව බලන්න.. වෙනම රටකට ගියා වගේ දැනෙයි.. ලෝකයේ රටවල් 5 ක සංචාරය කරලා තියන මට මේ Port City යද්දි ,සිංගප්පූරුවේ හා ඩුබායි වල ඇවිදිනවා වගේ දැනෙනවා. ඒ රටවල ඇති රටාවන්ට මේ Port City එකේ සමහර තැන් වල තියනවා.. ඉතින් ප්‍රධාන පාරේ සිට කි.මි 2 ක් විතර දුරකින් තියන Beach Park එකට මට විනාඩි 30 කින් විතර යන්න පුලුවන් උනා.. එහෙට යන්න Walking Path එකක් රතු පාටට ලස්සනට හදලා තියනවා. Beach Park එකත් ඔබේ පවුලේ සැමට ඇවිත් විනෝද වෙන්න, වරුවක් ගත කරන්න හොද ස්ථානයක්. ළමයින්ට සෙල්ලම් කරන්න ඇක්ටිවිටි කීපයක්ම තියනවා.. කෘතිමව හදපු, නිහඩ මුහුදු වෙරලක් තියන නිසා මුහුදේ බහින්න පුලුවන්. ආරක්ෂිතයි. කෑම , බීම ගන්න රෙස්ටුරන්ට් කීපයක්ම තියනවා.. Beach Park එකේ නම් ලස්සන, කලින් තිබුනට වඩා දැන් අඩු වෙලා කියලා මට හිතුනා. Beach Park එකේ වාහන නැවැත්වීමේ පහසුකම් තියනවා.. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ Port City හා Beach Park එකට ඇතුල් වීමට කිසිම මුදලක් අය කරන්නේ නෑ. 100% Free. ඉතින් මම හිතන්නේ ශ්‍රී ලංකාවේ හැමෝම එක් වරක් හෝ මේ Port City එකට ගිහින් බලන්න ඕනා... පහල කෙටි වීඩියෝව බලන්න..
.
මුහුද ගොඩකරමින් ඉදිවන කොළඹ වරාය නගරය (Colombo Port City) කියන්නේ ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ නවීනතම සංවර්ධන ව්‍යාපෘතියයි. ප්‍රමාණය: හෙක්ටයාර 269 ක මුහුදු ප්‍රදේශයක් ගොඩකර නිර්මාණය කර ඇත. අරමුණ: ලෝක මට්ටමේ මූල්‍ය මධ්‍යස්ථානයක්, නවීන පන්නයේ නිවාස, කාර්යාල සහ විනෝදාස්වාද කලාපයක් ලෙස දකුණු ආසියාවේ වෙළඳ නගරය බවට පත්වීම. විශේෂත්වය: මෙය චීනයේ සහාය ඇතිව සිදුකරන දැවැන්ත විදේශ ආයෝජනයක් වන අතර, මෙහි කටයුතු සඳහා වෙනම විශේෂ ආර්ථික කලාප නීති පද්ධතියක් ක්‍රියාත්මක වේ. අනාගතයේදී ශ්‍රී ලංකාවට ලෝක ආර්ථිකයේ ප්‍රධාන තැනක් ලබා දීමට මෙය වැදගත් පියවරක් වනු ඇත.කොළඹ ගාලු මුවදොර (Galle Face) පිටියට නුදුරින් මුහුදේ පිහිටා ඇත.මුළුමනින්ම මුහුද ගොඩකර සකස් කළ කෘතිම නගරයකි. ජාත්‍යන්තර පාසල්, රෝහල්, නවීන සාප්පු සංකීර්ණ සහ මහල් නිවාස වලින් සමන්විත වේ. මේ වන විටත් මෙහි ඇති කෘතිම වෙරළ තීරය සහ විනෝද කලාප (Artificial Beach & Marina) සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන ඇත.
.
* විනාඩි 8 ක කෙටි වීඩියෝව බලන්න.. :
.
* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index >>>
(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.