Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් වෙළඳපළ තුළ ජීවත් වන සතුන් සිව් දෙනා-

කොටස් වෙළඳපළ තුළ සිටිනා අයෝජකයින් විවිධ සතුන්ගේ හැසිරීම් වලට සමාන කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් සතුන් සිව් දෙනෙක් සිටිනවා. ගවයා (Bull), වලසා (Bear), කුකුළා (Chicken) සහ ඌරා (pig) තමා මේ සතුන් සිව් දෙනා. ඌරා තමයි කිසිම ආයෝජකයෙක් වෙන්න අකමැති, නොවිය යුතු සත්වයා.

ගවයා (Bull)

කොටස් වෙළඳපළ තුළ සතුටින් සිටින සත්වයා තමයි ගවයා. කොටස් වෙළඳපළBullish trend එකකින් යනවා කියල කියන්නෙ, ආර්ථිකය වර්ධනය වෙමින් සියළුම කොටස් මිලද ඉහළ යමින් කොටස් වෙළඳපළ වර්ධනය වන කොට. ඒ ඒ සමාගම් වල වටිනාකම වගේම කොටස් මිලත් මේ කාලයේ ක්‍රමයෙන් වර්ධනය වනවා. ඉතින් මේ කාලයේදී, කෙනෙක් කොටස් මිලට ගෙන තබාගත්තොත් ලාභාංශ වශයෙන් හෝ ඉහළ මිලකට විකිණීමෙන් පහසුවෙන්ම ලාභ උපයන්න පුළුවන්.

බොහෝ දෙනෙක් මේ කාලයේදී කොටස් වෙළඳපළ සමඟ යමින් ලාභ උපයනවා. නමුත් කණගාටුවට කාරණය තමයි, මේක හැමදාම පවතින්නෙ නෑ.

වලසා (Bear)

වලසා කියල කියන්නෙ ගවයා වගේ ක්‍රියාකාරී සත්වයෙක් නෙමෙයිනෙ, කම්මැලි සතෙක්. ඉතින් කොටස් වල මිල පහළ යනකොට, රටේ ආර්ථිකය දුර්වල වෙනකොට කොටස් වෙළඳපළ Bearish Trend එකකට යනවා කියල කියනව. මේ කාලෙදි කොටස් මිලට ගෙන විකුණල ලාභ ගන්න බෑ. නමුත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්, ඔබ යම් සමාගමක කොටස් හිමිකරයෙක් නම්, ඒ කොටස් මිල දිගටම පහළ යනවා නම්, ඔබට පුළුවන්, පොඩි අලාභයක් විඳිමින් හෝ ලාභය තබාගෙන ඒ කොටස් විකුණල, මිල හොදටම පහල ගියාට පස්සෙ යළිත් කොටස් මිලට ගන්න.

මොවුන් වෙළඳපළට හා රටේ ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. ඔවුන් කරන්නෙ වෙළඳපළ පසුබෑමක් ඇතිවනවිට තමුන්ගේ කොටස් විකුණමින් වෙළඳපළින් තාවකාලිකව ඉවත්ව සිටීම. යළිත් වෙළඳපළ වර්ධනයක් සිදුවන බව පෙනෙන්න පටන්ගන්නකොට, ඔවුන් යළිත් කොටස් මිලට ගනිමින් වෙළඳපළ තුළට පිවිසෙනවා.

කුකුළා (Chickens)

කුකුළා කියන්නෙ බියගුලු සතෙක්නෙ, ඒකම තමා මෙතනත් තියෙන්නෙ. මේ ආකාරයේ ආයෝජකයින් හරිම බයයි අවදානමක් ගන්න, ඔවුන් කැමති නෑ අලාභයක් විඳින්න. ඉතින් ඔවුන් කිසිවිටෙක්වත් කොටස් වෙළඳපළින් කොටස් මිලට ගන්නෙ නෑ, කිසිම විදිහකින් අවදානමක් ගන්න මොවුන් සූදානම් නෑ. ඉතින් මොවුන් කරන්නෙ, ලැබෙන ලාභය අඩු උනත් අනිවාර්ය ආදායමක් ලැබෙන, අවදානමක් නැති, සුරැකුම්පත් වගේ දේවල් වල ආයෝජනය කරන එක තමයි. ඒවායින් ලැබෙන ප්‍රථිලාභ අඩු උනත් ඒවායේ අවදානමක් නෑ නෙ.

ආර්ථිකයේ පසුබෑමක් වෙනකොට මොවුනුත් ඒ සුරැකුම්පත් හර කරමින් තමුන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම යළි ලබාගන්නවා.

ඌරා (Pigs)

ඌරා කියන්නෙ මෝඩ සතෙක්. මේ ආකාරයේ ආයෝජකයින් කරන්නෙ, අනවශ්‍ය තරම්ම අවදානමක් ගන්න එක. ඔවුන්ට ඕනෙ එක පාර ලොකු ලාභයක් ගන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ විවිධ පුවත්, කටකතා පදනම් කරගෙන. ඔවුන් ආයෝජනය කරන්න පෙර, බලන්නෙ නෑ ඒ සමාගම ස්ථාවර එකක්ද කියලවත්. ඉතින් මේ ආකාරයේ ආයෝජකයින් බොහෝවිට තමුන්ගේ සියළුම මුදල් පවා විනාශ කරගන්නවා ඉතා ඉහළ අවදානමක් ඇති ලොකු ලොකු ලාභ ලබා දෙන්නම් කියන සමාගම් වල කොටස් වල ආයෝජනය කරල.

නමුත් මෙහෙම දෙයක් තිබෙනවා, හරි දැනුම සහිතව ක්‍රියාකරන වෘත්තීයමය ආයෝජකයින් මේ ඌරන් වගේ ක්‍රියාකරන ආයෝජකයින්ට කැමතියි. මොකද වෘත්තීයමය ආයෝජකයින් ක්‍රියාකරන්නෙ ගවයන් හෝ වලසුන් වශයෙන්, ඉතින් ඔවුන් ලබාගන්නා ලාභයන්ගෙන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නෙ මේ ඌරන් වගේ ආයෝජනය කරන්නන්ගේ අලාභයන් හරහා.

ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක් විය යුතුද?

කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කිරීමේදී භාවිතා වන විවිධ ක්රමෝපායන් තිබෙනවා. වලසා හා ගවයා කියන්නෙ එකිනෙකට විරුද්ධ දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම වෙළඳපළ ගැන හොඳ අවදානයෙන් සිට හා ආර්ථික න්‍යායන්ට අනුව ක්‍රියා කරල හොඳ ආදායමක් උපද්දවනවා. කුකුළාත් යම් ආදායමක් ලබා ගන්නවා, නමුත් ඒක සාපේක්ෂව පහළ අගයක්.

ආයෝජනයකදී අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් තමයි, පවතින තොරතුරු වලින් සමීක්ෂණ කරල තමුන්ගෙ ආයෝජන වලට ඉදිරියේදී කුමක් වෙයිද කියල පොඩ්ඩක් හොයල බලන එක. කොයි වෙලේවත් අන්තගාමී වෙන්නේ නැතුව මධ්‍යස්ථව සිතා බැලිය යුතුයි.

හුඟක් ආයෝජකයින් වලසා ගවයා කියන දෙවිදිහටම හැසිරෙනවා, වෙළඳපළ ක්‍රියාකාරී විට ඔවුනුත් ක්‍රියාකාරී වෙලා වෙළඳපළ පහළ බහිනකොට ඔවුනුත් වේගය අඩු කරනවා. ඉතින් මේ විදිහට මධ්‍යස්ථව ක්‍රියා කිරීමෙන් වෙළඳපළ තත්වය පහළ ගියත් ඉහළ ගියත් ඔවුන් මුදල් උපයනවා.

කොයි වෙලේවත් නොවිය යුතු සත්වයා තමයි ඌරා. කිසිම ආයෝජනයක් කරන්න එපා හොයල බලන්නෙ නැතුව. නොතේරෙන දේවල් කරන්න යන්නෙපා. කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් පැරණි කියමනක් තිබෙනවා "Bulls make money, bears make money, pigs just get slaughtered!". තේරෙනව ඇතිනෙ?

ඉතින් ඌරෙක් වෙනවාට වඩා ඉතාම හොඳයි කුකුළෙක් වෙන එක.

ඉතින් මේ තමයි, කොටස් වෙළඳපළක් තුළ සිටින සතුන් සිව් දෙනා. ඉතින් ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක්ද?

[QUOTE="sherlock, post: 10646710, member: 106046"] කොටස් වෙළඳපළ තුළ ජීවත් වන සතුන් සිව් දෙනා-:) කොටස් වෙළඳපළ තුළ සිටිනා අයෝජකයින් විවිධ සතුන්ගේ හැසිරීම් වලට සමාන කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් සතුන් සිව් දෙනෙක් සිටිනවා. ගවයා (Bull), වලසා (Bear), කුකුළා (Chicken) සහ ඌරා (pig) තමා මේ සතුන් සිව් දෙනා. ඌරා තමයි කිසිම ආයෝජකයෙක් වෙන්න අකමැති, නොවිය යුතු සත්වයා. ගවයා (Bull) කොටස් වෙළඳපළ තුළ සතුටින් සිටින සත්වයා තමයි ගවයා. කොටස් වෙළඳපළBullish trend එකකින් යනවා කියල කියන්නෙ, ආර්ථිකය වර්ධනය වෙමින් සියළුම කොටස් මිලද ඉහළ යමින් කොටස් වෙළඳපළ වර්ධනය වන කොට. ඒ ඒ සමාගම් වල වටිනාකම වගේම කොටස් මිලත් මේ කාලයේ ක්‍රමයෙන් වර්ධනය වනවා. ඉතින් මේ කාලයේදී, කෙනෙක් කොටස් මිලට ගෙන තබාගත්තොත් ලාභාංශ වශයෙන් හෝ ඉහළ මිලකට විකිණීමෙන් පහසුවෙන්ම ලාභ උපයන්න පුළුවන්. බොහෝ දෙනෙක් මේ කාලයේදී කොටස් වෙළඳපළ සමඟ යමින් ලාභ උපයනවා. නමුත් කණගාටුවට කාරණය තමයි, මේක හැමදාම පවතින්නෙ නෑ. වලසා (Bear) වලසා කියල කියන්නෙ ගවයා වගේ ක්‍රියාකාරී සත්වයෙක් නෙමෙයිනෙ, කම්මැලි සතෙක්. ඉතින් කොටස් වල මිල පහළ යනකොට, රටේ ආර්ථිකය දුර්වල වෙනකොට කොටස් වෙළඳපළ Bearish Trend එකකට යනවා කියල කියනව. මේ කාලෙදි කොටස් මිලට ගෙන විකුණල ලාභ ගන්න බෑ. නමුත් මෙහෙම දෙයක් කරන්න පුළුවන්, ඔබ යම් සමාගමක කොටස් හිමිකරයෙක් නම්, ඒ කොටස් මිල දිගටම පහළ යනවා නම්, ඔබට පුළුවන්, පොඩි අලාභයක් විඳිමින් හෝ ලාභය තබාගෙන ඒ කොටස් විකුණල, මිල හොදටම පහල ගියාට පස්සෙ යළිත් කොටස් මිලට ගන්න. මොවුන් වෙළඳපළට හා රටේ ආර්ථිකයට සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. ඔවුන් කරන්නෙ වෙළඳපළ පසුබෑමක් ඇතිවනවිට තමුන්ගේ කොටස් විකුණමින් වෙළඳපළින් තාවකාලිකව ඉවත්ව සිටීම. යළිත් වෙළඳපළ වර්ධනයක් සිදුවන බව පෙනෙන්න පටන්ගන්නකොට, ඔවුන් යළිත් කොටස් මිලට ගනිමින් වෙළඳපළ තුළට පිවිසෙනවා. කුකුළා (Chickens) කුකුළා කියන්නෙ බියගුලු සතෙක්නෙ, ඒකම තමා මෙතනත් තියෙන්නෙ. මේ ආකාරයේ ආයෝජකයින් හරිම බයයි අවදානමක් ගන්න, ඔවුන් කැමති නෑ අලාභයක් විඳින්න. ඉතින් ඔවුන් කිසිවිටෙක්වත් කොටස් වෙළඳපළින් කොටස් මිලට ගන්නෙ නෑ, කිසිම විදිහකින් අවදානමක් ගන්න මොවුන් සූදානම් නෑ. ඉතින් මොවුන් කරන්නෙ, ලැබෙන ලාභය අඩු උනත් අනිවාර්ය ආදායමක් ලැබෙන, අවදානමක් නැති, සුරැකුම්පත් වගේ දේවල් වල ආයෝජනය කරන එක තමයි. ඒවායින් ලැබෙන ප්‍රථිලාභ අඩු උනත් ඒවායේ අවදානමක් නෑ නෙ. ආර්ථිකයේ පසුබෑමක් වෙනකොට මොවුනුත් ඒ සුරැකුම්පත් හර කරමින් තමුන්ගේ මුදල් සම්පූර්ණයෙන්ම යළි ලබාගන්නවා. ඌරා (Pigs) ඌරා කියන්නෙ මෝඩ සතෙක්. මේ ආකාරයේ ආයෝජකයින් කරන්නෙ, අනවශ්‍ය තරම්ම අවදානමක් ගන්න එක. ඔවුන්ට ඕනෙ එක පාර ලොකු ලාභයක් ගන්න. ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ විවිධ පුවත්, කටකතා පදනම් කරගෙන. ඔවුන් ආයෝජනය කරන්න පෙර, බලන්නෙ නෑ ඒ සමාගම ස්ථාවර එකක්ද කියලවත්. ඉතින් මේ ආකාරයේ ආයෝජකයින් බොහෝවිට තමුන්ගේ සියළුම මුදල් පවා විනාශ කරගන්නවා ඉතා ඉහළ අවදානමක් ඇති ලොකු ලොකු ලාභ ලබා දෙන්නම් කියන සමාගම් වල කොටස් වල ආයෝජනය කරල. නමුත් මෙහෙම දෙයක් තිබෙනවා, හරි දැනුම සහිතව ක්‍රියාකරන වෘත්තීයමය ආයෝජකයින් මේ ඌරන් වගේ ක්‍රියාකරන ආයෝජකයින්ට කැමතියි. මොකද වෘත්තීයමය ආයෝජකයින් ක්‍රියාකරන්නෙ ගවයන් හෝ වලසුන් වශයෙන්, ඉතින් ඔවුන් ලබාගන්නා ලාභයන්ගෙන් විශාල ප්‍රමාණයක් ලැබෙන්නෙ මේ ඌරන් වගේ ආයෝජනය කරන්නන්ගේ අලාභයන් හරහා. ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක් විය යුතුද? කොටස් වෙළඳපළ තුළ ආයෝජනය කිරීමේදී භාවිතා වන විවිධ ක්රමෝපායන් තිබෙනවා. වලසා හා ගවයා කියන්නෙ එකිනෙකට විරුද්ධ දෙදෙනෙක්. මොවුන් දෙදෙනාම වෙළඳපළ ගැන හොඳ අවදානයෙන් සිට හා ආර්ථික න්‍යායන්ට අනුව ක්‍රියා කරල හොඳ ආදායමක් උපද්දවනවා. කුකුළාත් යම් ආදායමක් ලබා ගන්නවා, නමුත් ඒක සාපේක්ෂව පහළ අගයක්. ආයෝජනයකදී අත්‍යවශ්‍යයෙන්ම කළ යුත්තක් තමයි, පවතින තොරතුරු වලින් සමීක්ෂණ කරල තමුන්ගෙ ආයෝජන වලට ඉදිරියේදී කුමක් වෙයිද කියල පොඩ්ඩක් හොයල බලන එක. කොයි වෙලේවත් අන්තගාමී වෙන්නේ නැතුව මධ්‍යස්ථව සිතා බැලිය යුතුයි. හුඟක් ආයෝජකයින් වලසා ගවයා කියන දෙවිදිහටම හැසිරෙනවා, වෙළඳපළ ක්‍රියාකාරී විට ඔවුනුත් ක්‍රියාකාරී වෙලා වෙළඳපළ පහළ බහිනකොට ඔවුනුත් වේගය අඩු කරනවා. ඉතින් මේ විදිහට මධ්‍යස්ථව ක්‍රියා කිරීමෙන් වෙළඳපළ තත්වය පහළ ගියත් ඉහළ ගියත් ඔවුන් මුදල් උපයනවා. කොයි වෙලේවත් නොවිය යුතු සත්වයා තමයි ඌරා. කිසිම ආයෝජනයක් කරන්න එපා හොයල බලන්නෙ නැතුව. නොතේරෙන දේවල් කරන්න යන්නෙපා. කොටස් වෙළඳපළ සම්බන්ධයෙන් පැරණි කියමනක් තිබෙනවා "Bulls make money, bears make money, pigs just get slaughtered!". තේරෙනව ඇතිනෙ? ඉතින් ඌරෙක් වෙනවාට වඩා ඉතාම හොඳයි කුකුළෙක් වෙන එක. ඉතින් මේ තමයි, කොටස් වෙළඳපළක් තුළ සිටින සතුන් සිව් දෙනා. ඉතින් ඔබ කුමනාකාරයේ ආයෝජකයෙක්ද? [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom