Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ලිපියෙන් අපි බලමු, සාමාන්‍යයෙන් කෙනෙක් ආයෝජනයක් කරන්න හේතු මොනවද කියල. ඒ එක්කම ඒ ඒ හේතු වලට පොඩි පොඩි උපදෙස් ටිකකුත් තියෙනව.

විශ්‍රාම දිවියට අත්වැලක් සපයා ගැනීම

කවුරුවත් දන්නෙ නෑ මේ විශ්‍රාම වැටුප් කවද නවත්තයිද කියල. පෞද්ගලික සේවකයින්ට නම් එහෙම එකක් ඇත්තෙත් නෑ නෙ. ආර්ථික උද්ධමනය හා මේ වගේ දේවල් තමා හේතු වෙන්නෙ කෙනෙක් තමුන්ගෙ අනාගතය, තමුන්ගෙ විශ්‍රාම දිවිය ගතකරන්නෙ කොහොමද කියල සැලසුම් කරන්න. කාලෙන් කාලෙට එක එක බදු එකතු වෙනව, ඒව ගැනත් හිතන්න ඕනෙ. මෙහෙම දේවල් එක්ක බැලුවම, ආයෝජනයක් කිරීම කියන්නෙ ඔබගේ විශ්‍රාම දිවිය කරදරයක් නැතුව ගත කරන්න හොඳ විසඳුමක්. මේක ගැන කතා කරනකොට මෙන්න මේ දේවල් ගැන කතා කරන්න වෙනව.

අදයි ඔබ විශ්‍රාම යන දිනයයි අතර කාලය බැලුවම තියෙන කාලය වැඩි නම් ඔබගේ මුදල් වර්ධනය වෙන්න තියෙන කාලයත් වැඩියි. මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි ඔබට උද්ධමනය එක්ක තරඟ කරන්නත් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත්, ඔබට උද්ධමනය පරද්දල ඉස්සරහට යන්න බැරි උනොත් ඔබේ මුදල් එතරම් වටිනාකමක් දරන එකක් නෑ. ඔබ ආයෝජනය අරඹන එක පසු කරන්න පසු කරන්න ඔබ ලක් වෙන අවදානම වැඩි වෙනවා. එතකොට ඔබට යන්න වෙන්නෙ ඒකක භාර, සුරැකුම් පත්, ණයකර වගේ අවදානම අඩු ආයෝජන ක්‍රම වලට. හැබැයි ඒවයින් ලැබෙන ලාභයත් අඩුයි. අනිත් පැත්ත බැලුවම, ඔබ තරුණ කාලෙම ආයෝජනයන් ආරම්භ කළොත් ඔබට පුළුවන් ඉහළ අවදානම් වලට යන්න. ඒ කියන්නෙ ලැබෙන ලාභයත් වැඩියි කියන එකනෙ. ඔබ ආයෝජනය ගැන ඉගෙන ගන්න ඉක්මනින් පටන් ගත්තොත් ඔබට වඩා පහසු වෙනව ඒව හොඳින් හදාරල තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයින්ගෙ උදව් ගන්න එක නම් කරදර වගේම වියදම් අධික කටයුත්තක්. ඒක නිසා පහසුම හා හොඳම දේ තමයි තමුන්ගෙ වැඩ ටික තමුන්ම කරගන්න එක.

විශ්‍රාම දිවිය සඳහා ආයෝජනයත් හරියට දිගු කාලීන ආයෝජනයක් වගෙයි. ඔබ ආයෝජනය කරන මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න ඕනෙ වඩා හොඳ ගැළපෙන කොටස් ටිකක් මිලට අරගෙන තියාගෙන ඉන්නයි. ඔබගේ විශ්‍රාම ආයෝජන කළඹ, විවිධ කොටස් වල මිශ්‍රණයක්, ණයකර, හා අනෙකුත් ආකාර වල ආයෝජන වලත් එකතුවක් විය යුතුයි. මෙම මිශ්‍රණය ටික ටික වෙනස් වේවි, ඔබ ටික ටික ඔබ මහළු වන විට ඒ ආයෝජන වල අවදානමත් ටික ටික අඩු වෙනවා.

ආර්ථික ඉලක්ක සපුරා ගැනීම

ඔබට හැම වෙලේම දිගුකාලීනව හිතන්න ඕනෙ නෑ. ආයෝජනයක් කියන්නෙ ඔබගේ අනාගත ආර්ථික මට්ටම වගේම වර්තමාන ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමටත් ඉතාම සුදුසු ක්‍රමයක්. ඔබට ඕනෙද ලබන වසරේ වාහනයක් ගන්න? නැත්තම් හොඳ ගෙයක් මිලට ගන්න? මේ හරහා ඔබට පුළුවන් ඒ ඉලක්කයන්ට ලං වෙන්න.

ඔබගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමට ආයෝජනයන් සහය කරගන්න පුළුවන්. ඔබගේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඉහළ නංවා ගන්නත් මේක හොඳ මාර්ගයක්. ආයෝජකයාගේ ඉලක්කය අනුව ආයෝජනයන් වෙනස් වෙන නිසා මේක විශ්‍රාම දිවියක් ගත කරන්න කරන ආයෝජනයකට වඩා වෙනස් වෙනවා.

මෙම ඉලක්කයට ගමන් කරන ආයෝජකයා කෙටි කාලීන හා දිගු කලීන දෙවර්ගයේම ආයෝජන වලට යොමු වෙන්න ඕනෙ. මම අර කිව්ව වගේ ලොකු දෙයක් කරගන්න ඕනෙ නම් දිගුකාලීන ආයෝජනයන්ට යන්න ඕනෙ, පොඩි දෙයක් නම් කරගන්න ඕනෙ, (අපි හිතමු පරිගණකයක් ගන්නව වගේ දෙයක්) එතකොට කෙටිකාලීන ආයෝජන හරහා ඒ ඉලක්කයට යන්න පුළුවන්.

මෙතනදි දෙන්න ඕනෙ අවවාදය තමයි ඔබගේ ඉලක්කයන් හරි හැටි හඳුනා ගන්න එක. ඔබ ආයෝජනයකින් බලාපොරොත්තු වෙන්නෙ ලබන අවුරුද්දෙ නිවාඩුවට පිටරටකට යන්න නම්, මුලින්ම පොඩ්ඩක් පැත්තකට වෙල ඉඳගෙන ඔබට යන වියදම් ටික බලන්න, ඊලඟට බලන්න මොන ආකාරයක ආයෝජන උපාය මාර්ගයකින්ද ඒ වියදම් වලට අවශ්‍ය මුදල් ලබාගන්න පුළුවන් කියල. ඔබට ඉලක්කයක් නැති නම් එම ආයෝජනයට වියදම් කරන මුදල් වලින් වෙනත් ප්‍රයෝජනය ගන්න පුළුවන්නෙ ආයෝජනය නොකර. (අළුත් අවුරුද්දට තෑගි අරන් දෙන්න වගේ)

ආර්ථික ඉලක්ක වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතාම අභියෝගාත්මක හා ක්‍රියාශීලී දෙයක් වෙන්න පුළුවන්. ඔබට තියෙන්නෙ සීමා සහිත කාලයක්. ඔබට ඔබේ ඉලක්කය කරා හැකි ඉක්මනින් යන්න ඕනෙ. ඔබ හුඟක් ලොකු මුදලක් ආයෝජනය කරන්නෙ නෑ, නමුත් ඔබ ආයෝජනය කරන මුදල මත අවදානමකුත් තිබෙනව. නමුත් අන්තිමේදි ඔබට හොඳ ගාණකුත් අතට ලැබෙනව.

ආයෝජනය නොකිරීමට හේතු

ආයෝජනය කරන්න අපි හේතු 2ක් කතා කළා. ඒ වගේම ආයෝජනය නොකරන්නත් හේතු 2ක් තිබෙනව. ණය තුරුස් හා දැනුම නොමැතිකම.

පලමු වැන්න ගැන හිතුවොත්, උදාහරණයක් ගමුකො. ඔබ රු.100,000ක ණයක් ගන්නව, 9%ක පොළියට. ඔබට ලැබෙනව තවත් රු.100,000ක්. ඔබ ඒක භාවිතා කරන්නෙ මොකටද? ආයෝජනය කරනවද, නැතිනම් ණය පොළිය ගෙවනවද? උත්තරය සරළයි, ඔබ අනිවාර්යයෙන්ම කරන්නෙ ණය ගෙවන එක. ඔබ ඒක ආයෝජනය කරනව නම් අනිවාර්යයෙන්ම 9%කට වඩා ලාභයක් ඔබේ ආයෝජනයෙන් ඔබ ලැබිය යුතුයි, ඒක ප්‍රයෝජනවත් වෙන්න.

දෙවන්න ගත්තොත්, දැනුම නැති එක. කතාවක් තියෙනවනෙ "දෙවියන් පය තියන්න බය තැන් වලට මෝඩයෝ පැනගෙන යනව" කියල. ඉතින් කිසිම දැනුමක් නැතුව ඔබ ආයෝජනය කරන්න පටන් ගත්තොත් ඒක විනාශයට මුල. ඔබගේ මුදල් ටික ඔක්කොම නැති වෙලා යාවි. ඔබ කවදාවත් gym එකට ගිහිල්ල, ඒකෙ තියෙන ලොකුම බර එකපාරම උස්සන්න යන්නෙ නෑ නෙ. එහෙම කළොත් වෙන්නෙ අතපය කඩා ගන්න තමයි. ටික ටික තමා උස්සන බර ප්‍රමාණය වැඩි කරන්න ඕනෙ. එහෙමම තමා ආයෝජනය කියන එකත්. ටික ටික ඉගෙන ගෙන ටික ටික ආයෝජනයන් වර්ධනය කරගන්න ඕනෙ.

අවසන් නිගමනය

මේ කිව්ව ටිකෙන් එන්න පුළුවන් අවසන් නිගමයන මෙන්න මේකයි.,

ඔබ ආයෝජනයක් අරඹනව නම් ඒකට හේතුව වෙන්නෙ ඔබගේ ජීවිතය සම්බන්ධ වෙනස්වීම්. ඒක ඉතාම වැදගත් දෙයක්. අනිත් පැත්ත තමයි කිසිම හේතුවක් නැතුව ආයෝජනය කිරීම, හැබැයි ඒකෙන් වෙන්නෙ ඔබගේ ක්‍රියාකාරකම් හරහා අවසානයේදී ඔබට පාඩු සිදුවෙලා දුක් වෙන්න වෙන එකයි. ඔබගේ ඉලක්කයන් කාලයෙන් කාලයට බලල ඒවට හේතු වෙනස් වෙද්දි ඒ ඉලක්කයනුත් ටික ටික වෙනස් කරගන්න ඕනෙ. කාලයෙන් කාලයට මේ ආයෝජනයට හේතුව මතක් කරල, ඔබ ඒ වෙනුවෙන් කොතරම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවද කියලත් බලන්න.

ආයෝජනය කරන්න කරන්න, ආයෝජනය කරන එක ලේසි වෙනව.

එහෙනම් වාසනාවන්ත ආයෝජනයකට සුභ පැතුම්!!!

[QUOTE="sherlock, post: 10647218, member: 106046"] මෙම ලිපියෙන් අපි බලමු, සාමාන්‍යයෙන් කෙනෙක් ආයෝජනයක් කරන්න හේතු මොනවද කියල. ඒ එක්කම ඒ ඒ හේතු වලට පොඩි පොඩි උපදෙස් ටිකකුත් තියෙනව. විශ්‍රාම දිවියට අත්වැලක් සපයා ගැනීම කවුරුවත් දන්නෙ නෑ මේ විශ්‍රාම වැටුප් කවද නවත්තයිද කියල. පෞද්ගලික සේවකයින්ට නම් එහෙම එකක් ඇත්තෙත් නෑ නෙ. ආර්ථික උද්ධමනය හා මේ වගේ දේවල් තමා හේතු වෙන්නෙ කෙනෙක් තමුන්ගෙ අනාගතය, තමුන්ගෙ විශ්‍රාම දිවිය ගතකරන්නෙ කොහොමද කියල සැලසුම් කරන්න. කාලෙන් කාලෙට එක එක බදු එකතු වෙනව, ඒව ගැනත් හිතන්න ඕනෙ. මෙහෙම දේවල් එක්ක බැලුවම, ආයෝජනයක් කිරීම කියන්නෙ ඔබගේ විශ්‍රාම දිවිය කරදරයක් නැතුව ගත කරන්න හොඳ විසඳුමක්. මේක ගැන කතා කරනකොට මෙන්න මේ දේවල් ගැන කතා කරන්න වෙනව. අදයි ඔබ විශ්‍රාම යන දිනයයි අතර කාලය බැලුවම තියෙන කාලය වැඩි නම් ඔබගේ මුදල් වර්ධනය වෙන්න තියෙන කාලයත් වැඩියි. මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි ඔබට උද්ධමනය එක්ක තරඟ කරන්නත් වෙනවා. වෙනත් වචන වලින් කිව්වොත්, ඔබට උද්ධමනය පරද්දල ඉස්සරහට යන්න බැරි උනොත් ඔබේ මුදල් එතරම් වටිනාකමක් දරන එකක් නෑ. ඔබ ආයෝජනය අරඹන එක පසු කරන්න පසු කරන්න ඔබ ලක් වෙන අවදානම වැඩි වෙනවා. එතකොට ඔබට යන්න වෙන්නෙ ඒකක භාර, සුරැකුම් පත්, ණයකර වගේ අවදානම අඩු ආයෝජන ක්‍රම වලට. හැබැයි ඒවයින් ලැබෙන ලාභයත් අඩුයි. අනිත් පැත්ත බැලුවම, ඔබ තරුණ කාලෙම ආයෝජනයන් ආරම්භ කළොත් ඔබට පුළුවන් ඉහළ අවදානම් වලට යන්න. ඒ කියන්නෙ ලැබෙන ලාභයත් වැඩියි කියන එකනෙ. ඔබ ආයෝජනය ගැන ඉගෙන ගන්න ඉක්මනින් පටන් ගත්තොත් ඔබට වඩා පහසු වෙනව ඒව හොඳින් හදාරල තේරුම් ගන්න. ආර්ථික විශේෂඥයින්ගෙ උදව් ගන්න එක නම් කරදර වගේම වියදම් අධික කටයුත්තක්. ඒක නිසා පහසුම හා හොඳම දේ තමයි තමුන්ගෙ වැඩ ටික තමුන්ම කරගන්න එක. විශ්‍රාම දිවිය සඳහා ආයෝජනයත් හරියට දිගු කාලීන ආයෝජනයක් වගෙයි. ඔබ ආයෝජනය කරන මුදලින් වැඩි ප්‍රමාණයක් වියදම් කරන්න ඕනෙ වඩා හොඳ ගැළපෙන කොටස් ටිකක් මිලට අරගෙන තියාගෙන ඉන්නයි. ඔබගේ විශ්‍රාම ආයෝජන කළඹ, විවිධ කොටස් වල මිශ්‍රණයක්, ණයකර, හා අනෙකුත් ආකාර වල ආයෝජන වලත් එකතුවක් විය යුතුයි. මෙම මිශ්‍රණය ටික ටික වෙනස් වේවි, ඔබ ටික ටික ඔබ මහළු වන විට ඒ ආයෝජන වල අවදානමත් ටික ටික අඩු වෙනවා. ආර්ථික ඉලක්ක සපුරා ගැනීම ඔබට හැම වෙලේම දිගුකාලීනව හිතන්න ඕනෙ නෑ. ආයෝජනයක් කියන්නෙ ඔබගේ අනාගත ආර්ථික මට්ටම වගේම වර්තමාන ආර්ථික මට්ටම ඉහළ නංවා ගැනීමටත් ඉතාම සුදුසු ක්‍රමයක්. ඔබට ඕනෙද ලබන වසරේ වාහනයක් ගන්න? නැත්තම් හොඳ ගෙයක් මිලට ගන්න? මේ හරහා ඔබට පුළුවන් ඒ ඉලක්කයන්ට ලං වෙන්න. ඔබගේ ආදායම් මට්ටම ඉහළ නංවා ගැනීමට ආයෝජනයන් සහය කරගන්න පුළුවන්. ඔබගේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) ඉහළ නංවා ගන්නත් මේක හොඳ මාර්ගයක්. ආයෝජකයාගේ ඉලක්කය අනුව ආයෝජනයන් වෙනස් වෙන නිසා මේක විශ්‍රාම දිවියක් ගත කරන්න කරන ආයෝජනයකට වඩා වෙනස් වෙනවා. මෙම ඉලක්කයට ගමන් කරන ආයෝජකයා කෙටි කාලීන හා දිගු කලීන දෙවර්ගයේම ආයෝජන වලට යොමු වෙන්න ඕනෙ. මම අර කිව්ව වගේ ලොකු දෙයක් කරගන්න ඕනෙ නම් දිගුකාලීන ආයෝජනයන්ට යන්න ඕනෙ, පොඩි දෙයක් නම් කරගන්න ඕනෙ, (අපි හිතමු පරිගණකයක් ගන්නව වගේ දෙයක්) එතකොට කෙටිකාලීන ආයෝජන හරහා ඒ ඉලක්කයට යන්න පුළුවන්. මෙතනදි දෙන්න ඕනෙ අවවාදය තමයි ඔබගේ ඉලක්කයන් හරි හැටි හඳුනා ගන්න එක. ඔබ ආයෝජනයකින් බලාපොරොත්තු වෙන්නෙ ලබන අවුරුද්දෙ නිවාඩුවට පිටරටකට යන්න නම්, මුලින්ම පොඩ්ඩක් පැත්තකට වෙල ඉඳගෙන ඔබට යන වියදම් ටික බලන්න, ඊලඟට බලන්න මොන ආකාරයක ආයෝජන උපාය මාර්ගයකින්ද ඒ වියදම් වලට අවශ්‍ය මුදල් ලබාගන්න පුළුවන් කියල. ඔබට ඉලක්කයක් නැති නම් එම ආයෝජනයට වියදම් කරන මුදල් වලින් වෙනත් ප්‍රයෝජනය ගන්න පුළුවන්නෙ ආයෝජනය නොකර. (අළුත් අවුරුද්දට තෑගි අරන් දෙන්න වගේ) ආර්ථික ඉලක්ක වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතාම අභියෝගාත්මක හා ක්‍රියාශීලී දෙයක් වෙන්න පුළුවන්. ඔබට තියෙන්නෙ සීමා සහිත කාලයක්. ඔබට ඔබේ ඉලක්කය කරා හැකි ඉක්මනින් යන්න ඕනෙ. ඔබ හුඟක් ලොකු මුදලක් ආයෝජනය කරන්නෙ නෑ, නමුත් ඔබ ආයෝජනය කරන මුදල මත අවදානමකුත් තිබෙනව. නමුත් අන්තිමේදි ඔබට හොඳ ගාණකුත් අතට ලැබෙනව. ආයෝජනය නොකිරීමට හේතු ආයෝජනය කරන්න අපි හේතු 2ක් කතා කළා. ඒ වගේම ආයෝජනය නොකරන්නත් හේතු 2ක් තිබෙනව. ණය තුරුස් හා දැනුම නොමැතිකම. පලමු වැන්න ගැන හිතුවොත්, උදාහරණයක් ගමුකො. ඔබ රු.100,000ක ණයක් ගන්නව, 9%ක පොළියට. ඔබට ලැබෙනව තවත් රු.100,000ක්. ඔබ ඒක භාවිතා කරන්නෙ මොකටද? ආයෝජනය කරනවද, නැතිනම් ණය පොළිය ගෙවනවද? උත්තරය සරළයි, ඔබ අනිවාර්යයෙන්ම කරන්නෙ ණය ගෙවන එක. ඔබ ඒක ආයෝජනය කරනව නම් අනිවාර්යයෙන්ම 9%කට වඩා ලාභයක් ඔබේ ආයෝජනයෙන් ඔබ ලැබිය යුතුයි, ඒක ප්‍රයෝජනවත් වෙන්න. දෙවන්න ගත්තොත්, දැනුම නැති එක. කතාවක් තියෙනවනෙ "දෙවියන් පය තියන්න බය තැන් වලට මෝඩයෝ පැනගෙන යනව" කියල. ඉතින් කිසිම දැනුමක් නැතුව ඔබ ආයෝජනය කරන්න පටන් ගත්තොත් ඒක විනාශයට මුල. ඔබගේ මුදල් ටික ඔක්කොම නැති වෙලා යාවි. ඔබ කවදාවත් gym එකට ගිහිල්ල, ඒකෙ තියෙන ලොකුම බර එකපාරම උස්සන්න යන්නෙ නෑ නෙ. එහෙම කළොත් වෙන්නෙ අතපය කඩා ගන්න තමයි. ටික ටික තමා උස්සන බර ප්‍රමාණය වැඩි කරන්න ඕනෙ. එහෙමම තමා ආයෝජනය කියන එකත්. ටික ටික ඉගෙන ගෙන ටික ටික ආයෝජනයන් වර්ධනය කරගන්න ඕනෙ. අවසන් නිගමනය මේ කිව්ව ටිකෙන් එන්න පුළුවන් අවසන් නිගමයන මෙන්න මේකයි., ඔබ ආයෝජනයක් අරඹනව නම් ඒකට හේතුව වෙන්නෙ ඔබගේ ජීවිතය සම්බන්ධ වෙනස්වීම්. ඒක ඉතාම වැදගත් දෙයක්. අනිත් පැත්ත තමයි කිසිම හේතුවක් නැතුව ආයෝජනය කිරීම, හැබැයි ඒකෙන් වෙන්නෙ ඔබගේ ක්‍රියාකාරකම් හරහා අවසානයේදී ඔබට පාඩු සිදුවෙලා දුක් වෙන්න වෙන එකයි. ඔබගේ ඉලක්කයන් කාලයෙන් කාලයට බලල ඒවට හේතු වෙනස් වෙද්දි ඒ ඉලක්කයනුත් ටික ටික වෙනස් කරගන්න ඕනෙ. කාලයෙන් කාලයට මේ ආයෝජනයට හේතුව මතක් කරල, ඔබ ඒ වෙනුවෙන් කොතරම් ප්‍රගතියක් ලබාගෙන තියෙනවද කියලත් බලන්න. ආයෝජනය කරන්න කරන්න, ආයෝජනය කරන එක ලේසි වෙනව. එහෙනම් වාසනාවන්ත ආයෝජනයකට සුභ පැතුම්!!! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom