Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AGM ගිහින් ගත්තු ආතල්

ලංකාවෙ තියෙනවනේ කොටස් වෙලඳ පළ කියල එකක්.. අද ලිපිය ඒකත් එක්ක ගෑවුන ලිපියක්.. කොටස් වෙළඳ පල අයෝජනයට මම මුලින්ම යොමු උනේ 2005 දි.. යාළුවෙක්ගෙ මාර්ගෙන් තමයි කතන්දරේ දැන ගත්තෙ...

කොටස් වෙළඳ පළ ආයෝජනය කරන්න නම් CDS එකේ ගිණුමක් තියෙන්න ඕනි... ඔය ගිණුම අපිට තැරව්කාර ආයතනයක් ( Broker firm ) හරහා ආරම්භ කරලා අපේ ගණුදෙනු කරන් යන්න පුළුවන්.. ඉතින් මාත් ඔය යාළුවා මාර්ගෙන් වැඩේට සෙට් උනා.. කිසිම මූලික දැනුමක් නොතිබුනාට වැඩේ මට අල්ලල ගියේ ඒ තැරව්කාර ආයතනය හරහා එදිනෙදා ගණුදෙණු කරන්න ආපු සෙට් එකට එකතු වීම නිසා... වයස 20 ඉදන් 75 විතර වයස් පරාසයක පිරිසක් දිනපතා රස්සවට යන්න වගේ ඔතනට සෙට් උනා..

සුළු පරිමාන ආයෝජකයො තමයි ඉතින් හැමදාම ඔතනට එන්නේ.. මමත් බොහොම සුළු මුදලක් තමයි දාල තිබ්බේ ඒ වෙද්දි.. ( 40,000 ක් වගේ මතක ).. මෙලො බෝලයක් දන්නෙ නෑ ගන්නව විකුනනව.. අවුරුදු 2 ක අවසානෙ රුපියල් 4000 යි හොයන් තිබ්බෙ හික් හික්.... ඒත් සෑහෙන දැනුමක් ලබා ගත්ත ඒ කාලය තුල කොටස් වෙලඳ පළ ගැන... ඒ ගැන ලියන්නෙ නෑ.. අර මාධව මලයා බ්ලොග් එකක්ම ලියනවනේ ඒ ගැන ඒ හින්ද කැමති කෙනෙක්ට එතනින් ඒ විස්තර බලන්න පුළුවන්...

ඔතනදි දැන ගත්තු දෙයක් තමයි කම්පැනි වල AGM ( Annual General Meeting ) එහෙමත් නැත්තම් වාර්ශික හමුවන් ( හරිද මන්දා ) වලට ඒ සමාගම් වල කොටස් හිමියන්ට සහභාගි වෙන්න පුළුවන් කියන එක.

ගිහිල්ල හම්බුන කෑම... තෑගී... වචන පෙරලි... සිදුවීම්.. ආදිය ගැන කස්ටිය කියද්දි මටත් යන්න හෙන ආසාවක් ආව AGM එකකට.. ඒත් ඉතින් හෙන බයයි.. කොටස් 100 - 200 ක් තියාගෙන ගිහින් නෝන්ඩි වෙයිද එහෙම කියල..

ඔහොම ඉද්දි Asia Capita එකේ AGM එක තියෙනව කියල ඒකෙ පොත ( Annual report ) එක ආව. තියෙන්නේ කොන්ටිනෙන්ටල් එකේ.. ගිහිල්ලම නැති නිසා යන්නත් ආසයි.. මම හිමීට පොරකට කිට්ටු කලා..

" අන්කල්.. අර ACAP එකේ AGM එකට පොත ඇවිල්ල..මගේ shares 100 යි තියෙනේ ප්‍රශ්නයක් නෑනේ.. "

" අයියෝ සන්.. යන්න යන්න.. මේ කට්ටිය 1 share එක අරන් යන්නේ.. යන්න යන්න.. "

හරි... කොල්ල බයෙන් බයෙන් ගියා.. කිසි අවුලක් නෑ.. නම අහල ලිස්ට් එක බලනවා.. අත්සන් කරන්න කියල යන්න දෙනවා... මොනාදෝ විකාර වගයක් කිව්වා මට නම් තේරුනේ රුපියල් 2 ක Dividend එකක් දෙනව කියපු එක විතරයි... ස්ටා හොටෙල් එහෙකින් දීපු කෑම ටික කාල මම ආව... ආතල් වැඩේ...

ඔහොම ඉද්දි තමයි මගේ යාළුව කිව්වෙ

" මචන් උබ ට Nestle තියෙද.. ගනින් මීටින් යන්න පුළුවන් උන් හෙන ගිෆ්ට් පාර්සල් එකක් දෙනවා... " කියල...

" බලමු රුපියල් 80 ( අද 902.00 ) යි.. 100 ක් ගන්න 8000ක් ඕනිනේ බන්... "

" නෑ නෑ උබ odd lot එකෙන් shares 10 ක් ගනින්.. මීටින් ගිහින් ඇවිත් විකුනපන්... "

" හා.. උබ යනවනේ.. "

" ගනින් යකෝ.. මුන් ඔක්කොම යනවා.. "

මම ත් ශෙයාර්ස් 10 ක් ගත්තා...

AGM එක තිබ්බේ BMICH එකේ... එතන එක කෙලියයි... මීටින් එකට 50 ක් වත් නෑ... එලියෙ ගිෆ්ට් පාර්සල් දෙන තැන සූ ගාල මිනිස්සු... පොරකනවා... සමහර එවුන්ගෙ නම් නෑ කියල වලි එහෙන්... එහෙන් එකම එකා 2 - 3 පාර අරන්... හයියෝ...

මාත් අමාරුවෙන් පාර්සල් එක ගත්තා මගේ නමට අත්සන් කරලා.. මෙන්න අරූ.. පාර්සල් 3ක් උස්සන්..

" මේ මගේ කෙල්ලගෙයි අපේ මල්ලිගෙයි අකවුන්ට් වල ඒව බන්.. හික් හික්... "

හුඟක් උන් එහෙම පාර්සල් 2 -3 අරන් ගියා... මතක විදියට රුපියල් 1000 ක් විතර වටින අයිටම් තිබුනා.. උන්ගෙ ප්‍රොඩක්ට්ස් ( 2005 දි )...

මමත් ඊට පස්සෙ ඔය වගේ වටිනා කියන AGM හොය හොය යන්න ගත්තා...

කොතලාවල මහත්තයගෙ Ceylinco කම්පැනි බර ගානක් තිබ්බා CSE එකේ... ඒ හැම එකකදිම වගේ කට්ටිය උන්දැට බටර් ගාල ලන්ච් වවුචර්ස් ඉල්ලනවා... උන්දැත් දෙනවා...

රජ බොජුන් එකේ ලන්ච් එකකට සතියෙ දවසක... මම අපේ ගයානුත් ඇදගෙන 4 - 5 පාරක්ම රජ බොජුන් එකෙන් කෑව නිකන්.. හික් හික්...

තේ කොළ කම්පැනි හැම එහෙකම වගේ තේ කොළ 500g ක් විතර අනිවාර්යෙන් හම්බු වෙනවා... රිචඩ් පීරිස් ගෲප් එකේ... එතකොට ඩිල්මා එකේ වගේ නම් කොලිටිම තේ කොළ පැකට් තමයි දුන්නේ...

ටුබැකො එකේ මතකයි Gold leaf පැකට් එකක් දුන්නා... සීන් එක Ceylon tobacco AGM එකට යන උන්ට කැම්පස් ද මන්දා සෙට් එකක් හැමදාම Company ඉස්සරහ වෙලා ඉදන් හූ කියනවා... මම බිම බලන් මාරු උනා.. හික් හික්...

හොඳම වාසිය උනේ Lion and ceylon brewery AGM එක.. ගයාන් ගෙයි මගෙයි දෙන්නගෙම කොටස් 10 ක් ද ගානේ කොහෙද තිබ්බ ඔය කම්පැනි දෙකේම.. ලයන් lager 6 පැක් එක ගානේ 4 ක් හම්බුනා දෙන්නටම.. හම්බුනා වගේද.. බස් එකේ අරන් යන්නත් බෑ... ඒ අස්සෙ ඩයල් එකක් අපි වගේ ගෙනියන්න බැරි උන්ගෙන් අඩු ගානට සල්ලි වලට බියර් ගන්නව... හයියො පිස්සු මතක් වෙද්දිත්... ඌට දීල පුළුවනෙයි.. පිට කොටුවට වෙනකල් උස්සන් ඇවිත් ටියුලිප් බෑග් 4ක් සල්ලි දීල අරන් ඒවයෙ දාගෙන අපි ගෙදර ආව. ගයානුත් ඒ දවස් වල නොබොන නිසා සති 2 - 3 ක් ම ශේප් උනා ඒකෙන්..

මහවැලි රීච් එකේ AGM එක තියෙන්නේ නුවර. කොළඹ ඉදන් ඒ සී බස් එහෙක යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට් ලන්ච් එක ඔක්කොම හොටෙල් එකෙන්... ඒකත් ආතල් ගමන...

ගලදාරි එකේනම් ලන්ච් වවුචර් එකක් එවනවා දෙන්නෙක්ට.. මට නම් කවදාවත් යන්න උනේ නෑ.. අපේ පවන් ට මම දුන්න එක පාරක් ගෑණි එක්ක පල කියල.. මූ ගිහින් ඇවිත් අම්ම මෝ නැතිව බනිනවා ගැණිට..

" බලපන් බන්.. නිකන් කන එක කන්න එපැයි.. හිච්චක් කාල ඉන්නවා.. " හයියෝ

ඊට අමතර හොටෙල් කීපයකම ලන්ච් සෙට් උනා.. අහ් මර්කන්ටයිල් ශිපිං එකේ තමයි උපරිම රස.. උන් ලන්ච් විතරක් නෙමෙයි බොන්නත් දුන්නා.. හිතා ගන්න පුළුවන්නේ...

සුපිරි වලි එහෙමත් හිටපු ගමන් ඇදෙනවා... 2006 දි ද කොහෙද තිබ්බ Vanik EGM එකේ පට්ට වලියක් ඇදුනා... අමුතු චරිතත් වඩිනවා... එක ඩයල් එකක් හිටියා හැම AGM එකටම ඇවිල්ල සිංහලෙන් එකම විදියෙ කතාවක් කරනවා.. Director Board එකේ ඉන්න හැම එකාටම සුදු හුණු ගානවා ආපු එවුන් හූ කියනකම්ම...

ඔය කාලේ Shares 10 - 100 අතරේ අරගෙන ( AGM යන පරමාර්ථෙන්ම ) කම්පැනි 100 කට වඩා ගානක් මගේ portfolio එකේ තිබ්බා... shares 1 ක් තිබ්බත් කම්පැනි එකේ quarterly reports, Annual reports අනන් මනන් ලියුම් ඔක්කොම ගෙදරට තැපල් කරනවනේ.. ඒ දවස් වල දවසකට ලියුම් පොත් 2 - 3 ක් වරදින්නෙ නෑ... අපේ ගෙදර මිනිස්සුත් අහනව

" මොනවද මනුස්සයෝ මේ එන්නේ " කියලා...

දවසක් තැපල් පියුන් අම්මගෙන් අහල තිබ්බා

" මේ මෙහේ පුතා මොකක්ද මිස් කරන රස්සාව ? " කියලත්... හික් හික්... අහල පහල එකෙක්ටවත් නොයෙන ලියුම් කන්දරාවක් එද්දි...

හුඟක් AGM වලට එන්නේ එකම සෙට් එක.. රස්සාවක් විදියට යන වද මන්දා.. අන්තිමට AGM එකකට ගියේ 2006 දි... ඊට පස්සෙ නම් ගියේ නෑ.. ලංකාවෙ ආවට පස්සෙ කොටස් ගණුදෙනු අතෑරල දැම්මත් ජංජාලෙන් ගණුදෙනු කරන්න පුළුව්න් උනාට පස්සෙ ( Online trading ) 2009 දි ආයෙම ගේමට බැස්සා...පරිස්සමෙන්.. දැනුවත් භාවයකින්.. කරගෙන යනවනම් ඒක හොඳ තැනක් ආයෝජනයට.

ලංකාවට ගියහම තාමත් මම තැරව්කාර ආයතනයට ඔලුව දානවා.. පරණ ඩයල් එක්ක චැටක් දාල එන්න... හික් හික්...

හැබයි දැන් නම් මම හිතන් නෑ කිසිම Company එකක ඉස්සර වගේ Lunch , Gift එහෙම දෙනව කියලා.. මොකද දැන් එහෙම කරන්න ගියොත් ඔව්වො බංකොලොත් වෙනවා... හික් හික්..

http://palaamalla.blogspot.com/2012/03/agm.html

[QUOTE="sherlock, post: 12458338, member: 106046"] [SIZE="5"]AGM ගිහින් ගත්තු ආතල් [/SIZE] [SIZE="4"]ලංකාවෙ තියෙනවනේ කොටස් වෙලඳ පළ කියල එකක්.. අද ලිපිය ඒකත් එක්ක ගෑවුන ලිපියක්.. කොටස් වෙළඳ පල අයෝජනයට මම මුලින්ම යොමු උනේ 2005 දි.. යාළුවෙක්ගෙ මාර්ගෙන් තමයි කතන්දරේ දැන ගත්තෙ... කොටස් වෙළඳ පළ ආයෝජනය කරන්න නම් CDS එකේ ගිණුමක් තියෙන්න ඕනි... ඔය ගිණුම අපිට තැරව්කාර ආයතනයක් ( Broker firm ) හරහා ආරම්භ කරලා අපේ ගණුදෙනු කරන් යන්න පුළුවන්.. ඉතින් මාත් ඔය යාළුවා මාර්ගෙන් වැඩේට සෙට් උනා.. කිසිම මූලික දැනුමක් නොතිබුනාට වැඩේ මට අල්ලල ගියේ ඒ තැරව්කාර ආයතනය හරහා එදිනෙදා ගණුදෙණු කරන්න ආපු සෙට් එකට එකතු වීම නිසා... වයස 20 ඉදන් 75 විතර වයස් පරාසයක පිරිසක් දිනපතා රස්සවට යන්න වගේ ඔතනට සෙට් උනා.. සුළු පරිමාන ආයෝජකයො තමයි ඉතින් හැමදාම ඔතනට එන්නේ.. මමත් බොහොම සුළු මුදලක් තමයි දාල තිබ්බේ ඒ වෙද්දි.. ( 40,000 ක් වගේ මතක ).. මෙලො බෝලයක් දන්නෙ නෑ ගන්නව විකුනනව.. අවුරුදු 2 ක අවසානෙ රුපියල් 4000 යි හොයන් තිබ්බෙ හික් හික්.... ඒත් සෑහෙන දැනුමක් ලබා ගත්ත ඒ කාලය තුල කොටස් වෙලඳ පළ ගැන... ඒ ගැන ලියන්නෙ නෑ.. අර මාධව මලයා බ්ලොග් එකක්ම ලියනවනේ ඒ ගැන ඒ හින්ද කැමති කෙනෙක්ට එතනින් ඒ විස්තර බලන්න පුළුවන්... ඔතනදි දැන ගත්තු දෙයක් තමයි කම්පැනි වල AGM ( Annual General Meeting ) එහෙමත් නැත්තම් වාර්ශික හමුවන් ( හරිද මන්දා ) වලට ඒ සමාගම් වල කොටස් හිමියන්ට සහභාගි වෙන්න පුළුවන් කියන එක. ගිහිල්ල හම්බුන කෑම... තෑගී... වචන පෙරලි... සිදුවීම්.. ආදිය ගැන කස්ටිය කියද්දි මටත් යන්න හෙන ආසාවක් ආව AGM එකකට.. ඒත් ඉතින් හෙන බයයි.. කොටස් 100 - 200 ක් තියාගෙන ගිහින් නෝන්ඩි වෙයිද එහෙම කියල.. ඔහොම ඉද්දි Asia Capita එකේ AGM එක තියෙනව කියල ඒකෙ පොත ( Annual report ) එක ආව. තියෙන්නේ කොන්ටිනෙන්ටල් එකේ.. ගිහිල්ලම නැති නිසා යන්නත් ආසයි.. මම හිමීට පොරකට කිට්ටු කලා.. " අන්කල්.. අර ACAP එකේ AGM එකට පොත ඇවිල්ල..මගේ shares 100 යි තියෙනේ ප්‍රශ්නයක් නෑනේ.. " " අයියෝ සන්.. යන්න යන්න.. මේ කට්ටිය 1 share එක අරන් යන්නේ.. යන්න යන්න.. " හරි... කොල්ල බයෙන් බයෙන් ගියා.. කිසි අවුලක් නෑ.. නම අහල ලිස්ට් එක බලනවා.. අත්සන් කරන්න කියල යන්න දෙනවා... මොනාදෝ විකාර වගයක් කිව්වා මට නම් තේරුනේ රුපියල් 2 ක Dividend එකක් දෙනව කියපු එක විතරයි... ස්ටා හොටෙල් එහෙකින් දීපු කෑම ටික කාල මම ආව... ආතල් වැඩේ... ඔහොම ඉද්දි තමයි මගේ යාළුව කිව්වෙ " මචන් උබ ට Nestle තියෙද.. ගනින් මීටින් යන්න පුළුවන් උන් හෙන ගිෆ්ට් පාර්සල් එකක් දෙනවා... " කියල... " බලමු රුපියල් 80 ( අද 902.00 ) යි.. 100 ක් ගන්න 8000ක් ඕනිනේ බන්... " " නෑ නෑ උබ odd lot එකෙන් shares 10 ක් ගනින්.. මීටින් ගිහින් ඇවිත් විකුනපන්... " " හා.. උබ යනවනේ.. " " ගනින් යකෝ.. මුන් ඔක්කොම යනවා.. " මම ත් ශෙයාර්ස් 10 ක් ගත්තා... AGM එක තිබ්බේ BMICH එකේ... එතන එක කෙලියයි... මීටින් එකට 50 ක් වත් නෑ... එලියෙ ගිෆ්ට් පාර්සල් දෙන තැන සූ ගාල මිනිස්සු... පොරකනවා... සමහර එවුන්ගෙ නම් නෑ කියල වලි එහෙන්... එහෙන් එකම එකා 2 - 3 පාර අරන්... හයියෝ... මාත් අමාරුවෙන් පාර්සල් එක ගත්තා මගේ නමට අත්සන් කරලා.. මෙන්න අරූ.. පාර්සල් 3ක් උස්සන්.. " මේ මගේ කෙල්ලගෙයි අපේ මල්ලිගෙයි අකවුන්ට් වල ඒව බන්.. හික් හික්... " හුඟක් උන් එහෙම පාර්සල් 2 -3 අරන් ගියා... මතක විදියට රුපියල් 1000 ක් විතර වටින අයිටම් තිබුනා.. උන්ගෙ ප්‍රොඩක්ට්ස් ( 2005 දි )... මමත් ඊට පස්සෙ ඔය වගේ වටිනා කියන AGM හොය හොය යන්න ගත්තා... කොතලාවල මහත්තයගෙ Ceylinco කම්පැනි බර ගානක් තිබ්බා CSE එකේ... ඒ හැම එකකදිම වගේ කට්ටිය උන්දැට බටර් ගාල ලන්ච් වවුචර්ස් ඉල්ලනවා... උන්දැත් දෙනවා... රජ බොජුන් එකේ ලන්ච් එකකට සතියෙ දවසක... මම අපේ ගයානුත් ඇදගෙන 4 - 5 පාරක්ම රජ බොජුන් එකෙන් කෑව නිකන්.. හික් හික්... තේ කොළ කම්පැනි හැම එහෙකම වගේ තේ කොළ 500g ක් විතර අනිවාර්යෙන් හම්බු වෙනවා... රිචඩ් පීරිස් ගෲප් එකේ... එතකොට ඩිල්මා එකේ වගේ නම් කොලිටිම තේ කොළ පැකට් තමයි දුන්නේ... ටුබැකො එකේ මතකයි Gold leaf පැකට් එකක් දුන්නා... සීන් එක Ceylon tobacco AGM එකට යන උන්ට කැම්පස් ද මන්දා සෙට් එකක් හැමදාම Company ඉස්සරහ වෙලා ඉදන් හූ කියනවා... මම බිම බලන් මාරු උනා.. හික් හික්... හොඳම වාසිය උනේ Lion and ceylon brewery AGM එක.. ගයාන් ගෙයි මගෙයි දෙන්නගෙම කොටස් 10 ක් ද ගානේ කොහෙද තිබ්බ ඔය කම්පැනි දෙකේම.. ලයන් lager 6 පැක් එක ගානේ 4 ක් හම්බුනා දෙන්නටම.. හම්බුනා වගේද.. බස් එකේ අරන් යන්නත් බෑ... ඒ අස්සෙ ඩයල් එකක් අපි වගේ ගෙනියන්න බැරි උන්ගෙන් අඩු ගානට සල්ලි වලට බියර් ගන්නව... හයියො පිස්සු මතක් වෙද්දිත්... ඌට දීල පුළුවනෙයි.. පිට කොටුවට වෙනකල් උස්සන් ඇවිත් ටියුලිප් බෑග් 4ක් සල්ලි දීල අරන් ඒවයෙ දාගෙන අපි ගෙදර ආව. ගයානුත් ඒ දවස් වල නොබොන නිසා සති 2 - 3 ක් ම ශේප් උනා ඒකෙන්.. මහවැලි රීච් එකේ AGM එක තියෙන්නේ නුවර. කොළඹ ඉදන් ඒ සී බස් එහෙක යන්න එන්න ට්‍රාන්ස්පෝර්ට් ලන්ච් එක ඔක්කොම හොටෙල් එකෙන්... ඒකත් ආතල් ගමන... ගලදාරි එකේනම් ලන්ච් වවුචර් එකක් එවනවා දෙන්නෙක්ට.. මට නම් කවදාවත් යන්න උනේ නෑ.. අපේ පවන් ට මම දුන්න එක පාරක් ගෑණි එක්ක පල කියල.. මූ ගිහින් ඇවිත් අම්ම මෝ නැතිව බනිනවා ගැණිට.. " බලපන් බන්.. නිකන් කන එක කන්න එපැයි.. හිච්චක් කාල ඉන්නවා.. " හයියෝ ඊට අමතර හොටෙල් කීපයකම ලන්ච් සෙට් උනා.. අහ් මර්කන්ටයිල් ශිපිං එකේ තමයි උපරිම රස.. උන් ලන්ච් විතරක් නෙමෙයි බොන්නත් දුන්නා.. හිතා ගන්න පුළුවන්නේ... සුපිරි වලි එහෙමත් හිටපු ගමන් ඇදෙනවා... 2006 දි ද කොහෙද තිබ්බ Vanik EGM එකේ පට්ට වලියක් ඇදුනා... අමුතු චරිතත් වඩිනවා... එක ඩයල් එකක් හිටියා හැම AGM එකටම ඇවිල්ල සිංහලෙන් එකම විදියෙ කතාවක් කරනවා.. Director Board එකේ ඉන්න හැම එකාටම සුදු හුණු ගානවා ආපු එවුන් හූ කියනකම්ම... ඔය කාලේ Shares 10 - 100 අතරේ අරගෙන ( AGM යන පරමාර්ථෙන්ම ) කම්පැනි 100 කට වඩා ගානක් මගේ portfolio එකේ තිබ්බා... shares 1 ක් තිබ්බත් කම්පැනි එකේ quarterly reports, Annual reports අනන් මනන් ලියුම් ඔක්කොම ගෙදරට තැපල් කරනවනේ.. ඒ දවස් වල දවසකට ලියුම් පොත් 2 - 3 ක් වරදින්නෙ නෑ... අපේ ගෙදර මිනිස්සුත් අහනව " මොනවද මනුස්සයෝ මේ එන්නේ " කියලා... දවසක් තැපල් පියුන් අම්මගෙන් අහල තිබ්බා " මේ මෙහේ පුතා මොකක්ද මිස් කරන රස්සාව ? " කියලත්... හික් හික්... අහල පහල එකෙක්ටවත් නොයෙන ලියුම් කන්දරාවක් එද්දි... හුඟක් AGM වලට එන්නේ එකම සෙට් එක.. රස්සාවක් විදියට යන වද මන්දා.. අන්තිමට AGM එකකට ගියේ 2006 දි... ඊට පස්සෙ නම් ගියේ නෑ.. ලංකාවෙ ආවට පස්සෙ කොටස් ගණුදෙනු අතෑරල දැම්මත් ජංජාලෙන් ගණුදෙනු කරන්න පුළුව්න් උනාට පස්සෙ ( Online trading ) 2009 දි ආයෙම ගේමට බැස්සා...පරිස්සමෙන්.. දැනුවත් භාවයකින්.. කරගෙන යනවනම් ඒක හොඳ තැනක් ආයෝජනයට. ලංකාවට ගියහම තාමත් මම තැරව්කාර ආයතනයට ඔලුව දානවා.. පරණ ඩයල් එක්ක චැටක් දාල එන්න... හික් හික්... හැබයි දැන් නම් මම හිතන් නෑ කිසිම Company එකක ඉස්සර වගේ Lunch , Gift එහෙම දෙනව කියලා.. මොකද දැන් එහෙම කරන්න ගියොත් ඔව්වො බංකොලොත් වෙනවා... හික් හික්..[/SIZE] [url]http://palaamalla.blogspot.com/2012/03/agm.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom