Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Colombo Stock Exchange (Daily Update)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුරැකුම්පත් කොමිසමේ විමර්ශනවල ඉරණම

ලෝකයේ සෑම කොටස් වෙළෙඳපොළකම පවා අක්‍රමිකතා සිදුවෙයි. ඒ අනුව අපේ කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළද අක්‍රමිකතා සිදුවන බවට කිසිම සැකයක් නැත. "අපේ කොටස් වෙළෙඳපොළ දෙතුන් දෙනෙකුගේ සුදුවක්" ලෙස ඇතැමුන් හඳුන්වන අවස්ථාද අපට අසන්නට ලැබී ඇත. පසුගිය දිනවල කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දිනපතාම පාහේ අපට අසන්නට ලැබුණු අපූරු දේවල්වලට අනුව පොදු මහජනතාව තුළද එවැනි ආකල්පයක් ඇතිවීම පුදුමයක් නොවේ. කොටස් වෙළෙඳ පොළ අක්‍රමිකතා මුළුමණින්ම නොමැති තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි වුවත් සමස්ත කොටස් වෙළෙඳපොළ ආයෝජකයාගේ රැකවරණය වෙනුවෙන් එම අක්රමිකතාවලට එරෙහිව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අනිවාර්ය දෙයකි. අපට වඩා දියුණු කොටස් වෙළෙඳපොළ ඇති රටවල පවා කොටස් වෙළෙඳපොළ අක්රමිකතාවලට එරෙහිව දැඩි නීති රීති පවති. එහෙත් අපේ රටේ කොටස් වෙළෙඳපොළ නියාමනය කරන සුරැකුම්පත් හා විනිමය කොමිසමට ආයෝජක රැකවරණය ඇති කරනවා තබා තමාගේ රැකවරණයවත් සලසා ගත නොහැකි තත්ත්වයක් ඇති බව පසුගිය සිදුවීම් වලින් රටටම පැහැදිලි විය. ඉන්ද්‍රානී සුගතදාස මෙන්ම තිලක් කරුණාරත්නද ඉල්ලා අස් වූයේ මේ නිසාය.

තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්ව සිටින්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතාය. ඉකුත් අගෝස්තු 28 වැනිදා මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ආචාර්ය ගොඩහේවා මහතාව මේ තනතුරට පත් කළ අතර, ඒ සමගම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති සුජීව මුදලිගේ යන මහත්වරුද කොමිෂන් සභාවේ සාමාජිකයන් වශයෙන් අලුතින් පත්කර ඇත. තිලක් කරුණාරත්න මහතා සමඟම කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ සංජීව කුලතුංග මහතා වෙනුවට ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාද කොමිෂන් සභාවේ තවත් පුරප්පාඩු වී තිබූ සාමාජික ධුරයකට සුජීව මුදලිගේ මහතාද පත් කරනු ලැබ ඇත.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා නව සභාපතිවරයා ලෙස පත් කළ අගෝස්තු 28 දිනම සවස 3.30 ට පමණ ඒ මහතා නව තනතුරේ වැඩ භාරගත් අතර ඒ අවස්ථාවට කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්ඩාර මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයද සහභාගි වූහ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම යනු මහජනයාට එතරම් සමීප ආයතනයක් නොවුණත් පසුගිය දිනවල සිදුවූ සිදුවීම් හා මාධ්‍ය තුළ ඇතිවූ පුළුල් කතිකාව නිසා අද ගමේ ගොඩේ ජනතාවට පවා මේ ගැන යම් අවබෝධයක් ලැබී තිබේ. කොටස් වෙළෙඳ පොළ කටයුතු අධීක්ෂණය සහ විධිමත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක පනතක් මගින් මුදල් අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මේ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයක් වන්නේ කොටස් වෙළෙඳපොළ ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. මේ සඳහා කොමිසම විසින් කොටස් වෙළෙඳපොළ සම්බන්ධ නීති රීති සහ විධිවිධාන පැනවීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත් සහ ඒවා කඩකරන්නන් සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් කරයි. එම නීති රීති හෝ විධිවිධාන කඩකිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසමේ විමර්ශන අංශයක්ද තිබේ. ඒ අනුව විමර්ශන පවත්වා කොටස් වෙළෙඳපොළ අක්රමිකතාවලට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවද මේ කොමිසමට ඇත.

මේ අනුව තිලක් කරුණාරත්න මහතා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වන අවස්ථාව වන විටත් කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන 17 ක් විභාග වෙමින් පැවතී ඇත. දැන් ප්රශ්නය වී තිබෙන්නේ මේවාට කුමක් සිදුවනු ඇතිද යන්නයි. තිලක් කරණාරත්න මහතා මේ ලියුම්කරුට කීවේ අවංක හොඳ සභාපතිවරයෙක් පත්වුවහොත් එම විමර්ශන දිගටම ගෙන යනු ඇති බවත් එසේ නැතහොත් ඒවා යළි "හමස් පෙට්ටියට" යනු ඇති බවත්ය. කරුණාරත්න මහතා පත්වන විටත් කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු එම අංශයට ලැබී තිබුණු යම් යම් උපදෙස් අනුව නැවතී තිබුණු අතර ඒවා යළි ආරම්භ කිරීමට කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ගේ සහායද ඇතිව ඒ මහතා නායකත්වය ගෙන තිබුණි. ඒ ගැන ඇතැම් අය නොසතුටට පත්වූ බවත් තිලක් කරුණාරත්න මහතාට පමණක් නොව ඊට පෙර සිටි ඉන්ද්‍රdනි සුගතදාස මහත්මියටත් ඉල්ලා අස්වන තැනට බලපෑම් ඇති කළේ මේ නොසතුටට පත්වූ පිරිස් විසින් බවත් දැන් පැහැදිලි වී ඇති කරුණකි.

මෙවන් පසුබිමක් තුළ දිලිත් ජයවීරලාට හිමිකම් ඇති සමාගමක සභාපති ධුරයක්ද දැරූ ආචාර්ය ගොඩහේවාට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ විමර්ශන ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? නැතහොත් එම විමර්ශන, යට යයිද? මෙවැනි ඉතා සාධාරණ ප්‍රශ්න අද කා තුළත් ඇතිවී තිබේ. කෙසේ වෙතත් "දි අයිලන්ඩ්" පුවත්පතට කළ විමසුමකට පිළිතුරු දෙමින් නාලක ගොඩහේවා ප්‍රකාශ කර තිබුණේ කොමිෂන් සභාවේ විමර්ශන එලෙසෙම ඉදිරියට ගෙන යන බවයි. ඔය කියන පරිදිම වැඩ සිදු වෙනවා නම් එය බොහෝම හොඳය. මේ මොහොතේ සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් රටට ලබාදිය යුතු සහතිකයද එයයි. එහෙත් ආචාර්ය ගොඩහේවා මතුපිටින් කියන දේට පටහැනි දෙයක් තිරය පිටුපස සිදුවෙනවා නම් එය කොටස් වෙළෙඳපොළේ හෙට දවසට යහපත් වන්නේනැත. ඒ තුළින් කොටස් වෙළෙඳපොළ අතට ගැනීමට උත්සාහ කරන ඉතා සුළු පිරිසකගේ අරමුණු ඉටුවිය හැකි වුවත් කොටස් වෙළෙඳපොළේ සමස්ත ආයෝජක ප්‍රජාවට සැලසෙන රැකවරණයක් නැත. එහෙත් එවන් තත්ත්වයක් උදා නොවී ආචාර්ය ගොඩහේවා "දි අයිලන්ඩ්" පත්‍රයට පවසා තිබූ පරිදිම කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිදු කරමින් පැවැති සියලු විමර්ශන ඉදිරියට ගෙන ගොස් අපේ කොටස් වෙළෙඳ පොළ තුළ ලොකු පොඩි සියලු ආයෝජකයන්ට ආරක්ෂිත වාතාවරණයක් ඇති කරන්නට සුරැකුම්පත් හා විනිමය කොමිසමට හැකි වේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

http://www.divaina.com/2012/09/02/feature17.html

[QUOTE="sherlock, post: 13330008, member: 106046"] [B][SIZE="5"]සුරැකුම්පත් කොමිසමේ විමර්ශනවල ඉරණම[/SIZE][/B] [SIZE="3"]ලෝකයේ සෑම කොටස් වෙළෙඳපොළකම පවා අක්‍රමිකතා සිදුවෙයි. ඒ අනුව අපේ කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළද අක්‍රමිකතා සිදුවන බවට කිසිම සැකයක් නැත. "අපේ කොටස් වෙළෙඳපොළ දෙතුන් දෙනෙකුගේ සුදුවක්" ලෙස ඇතැමුන් හඳුන්වන අවස්ථාද අපට අසන්නට ලැබී ඇත. පසුගිය දිනවල කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දිනපතාම පාහේ අපට අසන්නට ලැබුණු අපූරු දේවල්වලට අනුව පොදු මහජනතාව තුළද එවැනි ආකල්පයක් ඇතිවීම පුදුමයක් නොවේ. කොටස් වෙළෙඳ පොළ අක්‍රමිකතා මුළුමණින්ම නොමැති තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකි වුවත් සමස්ත කොටස් වෙළෙඳපොළ ආයෝජකයාගේ රැකවරණය වෙනුවෙන් එම අක්රමිකතාවලට එරෙහිව ක්‍රියා කිරීමේ අවශ්‍යතාව අනිවාර්ය දෙයකි. අපට වඩා දියුණු කොටස් වෙළෙඳපොළ ඇති රටවල පවා කොටස් වෙළෙඳපොළ අක්රමිකතාවලට එරෙහිව දැඩි නීති රීති පවති. එහෙත් අපේ රටේ කොටස් වෙළෙඳපොළ නියාමනය කරන සුරැකුම්පත් හා විනිමය කොමිසමට ආයෝජක රැකවරණය ඇති කරනවා තබා තමාගේ රැකවරණයවත් සලසා ගත නොහැකි තත්ත්වයක් ඇති බව පසුගිය සිදුවීම් වලින් රටටම පැහැදිලි විය. ඉන්ද්‍රානී සුගතදාස මෙන්ම තිලක් කරුණාරත්නද ඉල්ලා අස් වූයේ මේ නිසාය. තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ධුරයට පත්ව සිටින්නේ ආචාර්ය නාලක ගොඩහේවා මහතාය. ඉකුත් අගෝස්තු 28 වැනිදා මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ආචාර්ය ගොඩහේවා මහතාව මේ තනතුරට පත් කළ අතර, ඒ සමගම ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති සුජීව මුදලිගේ යන මහත්වරුද කොමිෂන් සභාවේ සාමාජිකයන් වශයෙන් අලුතින් පත්කර ඇත. තිලක් කරුණාරත්න මහතා සමඟම කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වූ සංජීව කුලතුංග මහතා වෙනුවට ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාද කොමිෂන් සභාවේ තවත් පුරප්පාඩු වී තිබූ සාමාජික ධුරයකට සුජීව මුදලිගේ මහතාද පත් කරනු ලැබ ඇත. ආචාර්ය නාලක ගොඩහේවා මහතා නව සභාපතිවරයා ලෙස පත් කළ අගෝස්තු 28 දිනම සවස 3.30 ට පමණ ඒ මහතා නව තනතුරේ වැඩ භාරගත් අතර ඒ අවස්ථාවට කොමිසමේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය හරීන්ද්‍ර දිසා බණ්ඩාර මහතා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයද සහභාගි වූහ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම යනු මහජනයාට එතරම් සමීප ආයතනයක් නොවුණත් පසුගිය දිනවල සිදුවූ සිදුවීම් හා මාධ්‍ය තුළ ඇතිවූ පුළුල් කතිකාව නිසා අද ගමේ ගොඩේ ජනතාවට පවා මේ ගැන යම් අවබෝධයක් ලැබී තිබේ. කොටස් වෙළෙඳ පොළ කටයුතු අධීක්ෂණය සහ විධිමත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක පනතක් මගින් මුදල් අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති මේ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයක් වන්නේ කොටස් වෙළෙඳපොළ ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. මේ සඳහා කොමිසම විසින් කොටස් වෙළෙඳපොළ සම්බන්ධ නීති රීති සහ විධිවිධාන පැනවීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත් සහ ඒවා කඩකරන්නන් සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමත් කරයි. එම නීති රීති හෝ විධිවිධාන කඩකිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කොමිසමේ විමර්ශන අංශයක්ද තිබේ. ඒ අනුව විමර්ශන පවත්වා කොටස් වෙළෙඳපොළ අක්රමිකතාවලට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවද මේ කොමිසමට ඇත. මේ අනුව තිලක් කරුණාරත්න මහතා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ඉල්ලා අස්වන අවස්ථාව වන විටත් කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධ විමර්ශන 17 ක් විභාග වෙමින් පැවතී ඇත. දැන් ප්රශ්නය වී තිබෙන්නේ මේවාට කුමක් සිදුවනු ඇතිද යන්නයි. තිලක් කරණාරත්න මහතා මේ ලියුම්කරුට කීවේ අවංක හොඳ සභාපතිවරයෙක් පත්වුවහොත් එම විමර්ශන දිගටම ගෙන යනු ඇති බවත් එසේ නැතහොත් ඒවා යළි "හමස් පෙට්ටියට" යනු ඇති බවත්ය. කරුණාරත්න මහතා පත්වන විටත් කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු එම අංශයට ලැබී තිබුණු යම් යම් උපදෙස් අනුව නැවතී තිබුණු අතර ඒවා යළි ආරම්භ කිරීමට කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන්ගේ සහායද ඇතිව ඒ මහතා නායකත්වය ගෙන තිබුණි. ඒ ගැන ඇතැම් අය නොසතුටට පත්වූ බවත් තිලක් කරුණාරත්න මහතාට පමණක් නොව ඊට පෙර සිටි ඉන්ද්‍රdනි සුගතදාස මහත්මියටත් ඉල්ලා අස්වන තැනට බලපෑම් ඇති කළේ මේ නොසතුටට පත්වූ පිරිස් විසින් බවත් දැන් පැහැදිලි වී ඇති කරුණකි. මෙවන් පසුබිමක් තුළ දිලිත් ජයවීරලාට හිමිකම් ඇති සමාගමක සභාපති ධුරයක්ද දැරූ ආචාර්ය ගොඩහේවාට සුරැකුම්පත් හා විනිමය කොමිසමේ විමර්ශන ඉදිරියට ගෙනියන්න පුළුවන්ද? නැතහොත් එම විමර්ශන, යට යයිද? මෙවැනි ඉතා සාධාරණ ප්‍රශ්න අද කා තුළත් ඇතිවී තිබේ. කෙසේ වෙතත් "දි අයිලන්ඩ්" පුවත්පතට කළ විමසුමකට පිළිතුරු දෙමින් නාලක ගොඩහේවා ප්‍රකාශ කර තිබුණේ කොමිෂන් සභාවේ විමර්ශන එලෙසෙම ඉදිරියට ගෙන යන බවයි. ඔය කියන පරිදිම වැඩ සිදු වෙනවා නම් එය බොහෝම හොඳය. මේ මොහොතේ සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් රටට ලබාදිය යුතු සහතිකයද එයයි. එහෙත් ආචාර්ය ගොඩහේවා මතුපිටින් කියන දේට පටහැනි දෙයක් තිරය පිටුපස සිදුවෙනවා නම් එය කොටස් වෙළෙඳපොළේ හෙට දවසට යහපත් වන්නේනැත. ඒ තුළින් කොටස් වෙළෙඳපොළ අතට ගැනීමට උත්සාහ කරන ඉතා සුළු පිරිසකගේ අරමුණු ඉටුවිය හැකි වුවත් කොටස් වෙළෙඳපොළේ සමස්ත ආයෝජක ප්‍රජාවට සැලසෙන රැකවරණයක් නැත. එහෙත් එවන් තත්ත්වයක් උදා නොවී ආචාර්ය ගොඩහේවා "දි අයිලන්ඩ්" පත්‍රයට පවසා තිබූ පරිදිම කොටස් වෙළෙඳපොළ අක්‍රමිකතා සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සිදු කරමින් පැවැති සියලු විමර්ශන ඉදිරියට ගෙන ගොස් අපේ කොටස් වෙළෙඳ පොළ තුළ ලොකු පොඩි සියලු ආයෝජකයන්ට ආරක්ෂිත වාතාවරණයක් ඇති කරන්නට සුරැකුම්පත් හා විනිමය කොමිසමට හැකි වේවායි යන්න අපගේ ප්‍රාර්ථනයයි. ශ්‍යාම් නුවන් ගනේවත්ත[/SIZE] [url]http://www.divaina.com/2012/09/02/feature17.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom