Computer hardware - පරිගණක හාඩ්වෙයා

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Computer hardware - පරිගණක හාඩ්වෙයා

    පරිගණක හාඩ්වෙයා පාඩම


    Code:
    [CENTER]kaniya.info[/CENTER]
    පරිගණකය අද අප අතර වඩාත් ප්‍රචලිත උපකරණයක් වී ඇත. මෑත අතීතයේ සුඛෝපබෝගී භාණ්ඩ ගණය‍ට අයත් වූ පරිගණකය අද වන විට බොහෝ දෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක් වී ඇති බව අපි දන්න කරුණක්. මෙම පාඩම් මාලාවෙන් අප බලාපොරොත්තු වන්නේ පරිගණක හාඩ්වෙයා පිළිබඳ සරළ මට්ටමේ සිට යම්තාක් උසස් මට්ටමක් දක්වා දැනුමක් ඔබ වෙත ලබා දීම හා වෘත්තීය දෘඩාංග ශිල්පියෙකුගේ මට්ටම ඔබ වෙත ලඟා කර දීමයි.

    මුලින්ම අපි පරිගණකයක් යනු කුමක්දැයි සොයා බලමු, දත්ත තොරතුරු බව‍ට සකසන උපකරණයක් පරිගණකයක් වනුවෙන් ස‌රළව හඳුන්වන්න පුලුවන්. අප අත ඇති කුඩා ගණක යන්ත්‍රය පවා පරිගණකයක් යන්න අද බොහෝ දෙනා නොදන්නා කාරණයක්. මෙම පාඩම් මාලාව පිළිබඳ ඔබගේ අවධානය යොමු කලොත් ඇත්ත වශයෙන්ම න්‍යායාත්මක කරුණු වලට වඩා ප්‍රායෝගික දැනුම පිලිබඳ විශේෂ අවධානයක් අප මෙහිදී යොමු කරල තිබෙන බව කිව යුතුයි.



    මුලින්ම අප දැනට භාවිතයේ ඇති පරිගණක වර්ග පිලිබඳ සොයා බලමු,

    1. පුද්ගලික පරිගණක (PC) එහෙමත් නැත්නම් Desktop Computer (ක්ෂුද්‍ර පරිගණක/micro computer යනුවෙන්ද මේවා හැදින්වේ).
    2. Note Books, Laptops.
    3. PDA (Personal Digital Assistant).
    4. Super Computer.

    Main Frame, Mini Computer වැනි දෑ දැනට භාවිතයේ නොමැති තරම්ය. මෙම පාඩම් මාලාවේදී අපගේ විශේෂ අවධානය පුද්ගලික පරිගණක වෙත යොමුවන අතර ලැප්ටොප් පිළිබඳවද යම්තාක් සාකච්ඡා වනු ඇත. ඉදිරි කොටස් වලදී පුද්ගලික පරිගණකය, පරිගණකය ලෙසින් කෙටියෙන් හඳුන්වන බව සලකන්න.


    මුලින් අපි පරිගණකයේ බාහිරින් පෙනෙන කොටස් හඳුනා ගනිමු.

    File

    System Unit (පද්ධති ඒකකය)

    අද බොහෝ දෙනෙකු System unit නමින් හැදින්වෙන කොටස CPU එක නමින් වරදවා හදුන්වන අතර මෙහිදී CPU යනු Central Processing Unit බව සැලකිය යුතුය. පරිගණකයේ බොහෝ වැදගත් උපාංග මෙය සමන්විත වන අතර ඒවා පිළිබඳව ඉදිරියේ සාකච්ඡා වනු ඇත. විශේෂ සැලැස්මකට නිර්මාණය වූ පරිගණකයක හැරුනුකොට සෑම විටම පුද්ගලික පරිගණකයක් system unit එකකකින් සමන්විතවේ.

    Monitor (මොනිටරය)

    රූපවාහිනී යන්ත්‍රයක පෙනුම ගන්නා මෙම උපකරණය පරිගණකයක ඇති තවත් එක් වැදගත් කොටසකි. සකස් කෙරෙන දත්ත දර්ශනය කරවීම මෙමගින් සිදු කෙරෙන කාර්යයයි. ප්‍රධාන වශයෙන් භාවිතා වන මොනිටර වර්ග දෙකකි. එනම් CRT (Cathode Ray Tube) සහ LCD (Liquid Cristal Display) ය. ඉහත රූප සටහනේ දක්වා ඇත්තේ LCD මාදිලියට අයත් මොනිටරයකි. අනෙක් වර්ගයද ඔබ දැක ඇති බව අපි උපකල්පනය කරමු. ඉදිරි‍ පාඩම් වලදී මේවා පිළිබඳ වි‍ශේෂයෙන් සාකච්ඡා වනු ඇත.

    Key Board (යතුරු පුවරුව)

    අතීතයේ සිටම පරිගණකයේ සියලු දත්ත ඇතුලත් කිරීම් හා විධානයන් ලබා දීම යතුරු පුවරුව මගින් ‍සිදු වී ඇත. අදටත් යතුරු පුවරුවකින් පමණක් අපහසුවෙන් වුවද පරිගණකයක් හැසිරවීම සිදු කළ හැක. දැනට ප්‍රධාන වශයෙන් භාවිතා වන යතුරු පුවරුව QWERTY නමින් හැදින්වේ.

    Mouse (මූසිකය)

    මැත කාලයේ පරිගණකයක ඇති අත්‍යවශ්‍යම උපකරණයක් බවට මූසිකය පත්වී ඇත. අද භාවිතා වන බොහෝමයක් මෘදුකාංග වල වධානයන් මෙය මගින් ලබා දීමට හැකි වීම මෙයට ප්‍රධානම හේතුවයි. ක්‍රියා කරන පරිගණකයක් ඉදි‍රියේ කිසිවෙක් හිද ගතහොත් 90% කගේම අත් මුලින් යන්නේ යතුරු පුවරුවට නොව මූසීකය වෙත බව ඔබ අප සැවොම දන්න කාරණයක්.

    Speakers (ස්පීකර)

    ස්පීකර අපට නුහුරු දෙයක් නොවන අතර මේවා නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. පරිගණකය මගින් නිපදවන විද්‍යුත් සංඥා ආකාරයෙන් ඇති ශබ්ද අපට ඇසෙන ආකරයට පරිවර්තනය කිරීම මෙමගින් සිදු කෙරෙන කාර්යයි.

    මෙම කොටස් වලට අමතරව අප සාකච්ඡා කල යුතු තවත් විශාල උපාංග ප්‍රමාණයක් ඇත. නමුත් මූලික වශයෙන් පරිගණකයකට ඉහත දක්වා ඇති කොටස් වුවද ප්‍රමාණවත්. සමහරවිට මෙම කරුණු පරිගණක පිලිබඳ නොදන්නා කෙනෙකුට යම්තාක් අපහැදිලි විය හැක. ඇත්ත වශයෙන්ම පරිගණක පිලිබඳ යම්තාක් දුරට දන්නා කෙනෙකුට නම් මෙම පාඩම් මාලා‍වේ යම් වෙනසක් පෙනෙනු ඇත. බොහෝ අවස්ථා වල මෙන් මා මෙහිදී න්‍යායාත්මක කරුණු මුලින් සාකච්ඡා නොකිරීම එයට හේතුවයි. නමුත් ඔබගේ මතු ප්‍රයෝජනය උදෙසා යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කෙරේ.

    පහත රූප සටහන පිළිබඳ ඔබගේ අවධානය ‍මදකට යොමු කරන්න.


    dccstjgp_4cwrgkgg8_b.jpg



    මෙහි දක්වා ඇත්තේ පරිගණකයක මූලික සැකැස්ම කීවොත් නිවැරදිය. පරිගණකය යනු දත්ත තොරතුරු බව‍ට සකසන උපකරණයක් බව අප මුල් පාඩමේ සඳහන් කලෙමු. පරිගණකයට දත්ත ලබා දෙන්නේ Input Devices මගිනි. මේවා ආදාන උපක්‍රම ලෙසින්ද හැදින්වේ. මූසිකය (mouse) , යතුරු පුවරුව, මයික්, වෙබ් කැමරා, පරිලෝකන යන්ත්‍ර (Scanner) වැනි දෑ මෙම input devices ගණයට වැටේ.

    මෙම input devices මගින් ලබාගන්නා දත්ත මධ්‍යම සැකසුම් ඒකකයේදී (Central Processing Unit - CPU ) තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලියට ලක්වේ. මධ්‍යම සැකසුම් ඒකකය කොටස් 3කින් සමන්විතය.

    පාලන ඒකකය (Control unit) - පරිගණකයේ සියලුම දත්ත සැකසුම් කටයුතු හා උපාංග පාලනය වන්නේ මෙම කොටසෙනි.
    රෙජිස්ටර (Registers) - මේවා ප්‍රධාන ප්‍රොසෙසරය තුල ඇති කුඩා මතක ගබඩාවන් වේ. දත්ත සැකසීමේ වේගය වැඩි කිරීම සඳහා සැකසෙමින් පවතින දත්ත මේවා තුල රඳවා ගනී.
    ගණිත හා තාර්කික ඒකකය (Arithmetic & Logic unit) - මෙමගින් දත්ත සැකසීමේදී සිදුවිය යුතු ගණිතමය මෙන්ම තාර්කික කටයුතුද සිදු කෙරේ.

    මෙහිදී CPU මගින් දත්ත සැකසෙන අතරතුරදී ඒවා පරිගණකයේ ඇති තාවකාලික හෝ ස්ථිර මතකයන් තුල තැන්පත් කෙරේ. ‍Ram (Random access memory- සසම්භාවී ප්‍රවේශ මතකය), දෘඩ තැටිය (Hard disk) හා වෙනත් මතක ගබඩා ක්‍රම මෙයට ඇතුලත් වේ.

    අවසානයේ සැකසුනු තොරතුරු පරිශීලකයාට ලබා දෙන්නේ Output Devices මගිනි. මේවා ප්‍රතිදාන උපක්‍රම ලෙසින්ද හැඳින්වේ. මොනිටරය (monitor), මුද්‍රණ යන්ත්‍රය (Printer), ස්පීකර (Speakers), මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් වැනිදෑ මෙවා‍ට අයත් වේ.

    ඕනෑම පරිගණකයකට මෙම කරුණු අදාල වන අතර අපි තවදුරටත් පරිගණක දෘඩාංග වල විකාශනය සොයා බලමු. (කාලසීමාවන් ආසන්න වශයෙන් යොදා ඈත)

    පලමු පරම්පරාව (1944-1959) - මෙහිදී පරිගණක සඳහා රික්ත නල (Vacuum Tube) තාක්ෂණය භාවිතා විය. ඒවා සඳහා විශාල කාමරයක තරමි ඉඩ වැය වූ අතර කාර්යක්ෂමතාව අතින් සාපේක්ෂව බොහෝ අඩුය.
    දෙවන පරම්පරාව (1960-1964) - ට්‍රාන්සිස්ටර තාක්ෂණයේ පැමිණීමත් සමග පරිගණතයේ දෙවන පරපුර ආරම්භ විය. පරිගණකය ප්‍රමාණයෙන් කුඩාවූ අතර කාර්යක්ෂමතාවයද සාපේක්ෂව වැඩි විය.
    තෙවන පරම්පරාව (1964-1975) - සංගෘහිත පරිපථ (Integrated Circuits) සොයාගැනීමත් සමග පරිගණකයේ තෙවන පරපුර බිහිවූ අතර පෙරටත් ව​ඩා පරිගණකය ප්‍රමාණයෙන් කුඩා වීමටද කාර්යක්ෂමතාවය වැ​ඩි වීමටද එය හේතු විය.
    සිව්වන පරම්පරාව (1975- අද) - ක්ෂූද්‍ර සකසන ( Micro Processor) කරලියට පැමිනීමත් සමග පරිගණකයේ සිව්වන පරපුර ඈරඹුනු අතර එය පරිගණක ක්ෂේත්‍රයේ සැලකිය යුතු වෙනසක් කල බව කිව යුතුය. අද භාවිතාවන පුද්ගලික පරිගණකයක ක්ෂුද්‍ර සකසනය ප්‍රධාන කාර්යභාරයක් කරන බව අප සැවොම දන්නා කරුණකි.

    මූලික කරුණු රැගත් පාඩම් දෙකකට පසුව අපි අද සිට ප්‍රායෝගිකව පරිගණකයක් එකලස් කිරීම ආරම්භ කරමු. අද අපි අපගේ අවධානය යොමු කරන්නේ පුද්ගලික පරිගණකයේ පද්ධති ඒකක ආවරණය (System unit casing) එහෙමත් නැත්නම් සාමාන්‍ය ව්‍යවහාරයේ පරිදි කේසින් එක ගැනයි. මුල් පාඩමේ අප ඉගෙන ගත් පරිදි පරිගණකයේ බොහෝ කොටස් අසුරා ඇත්තේ මෙම කේසීනය තුල කියල අපි දැන් දන්නවා. අපි පරිගණකයක් එකලස් කිරීම සඳහා කේසින් එකක් මිලදී ගැනීමේදී සාමාන්‍යයෙන් පහත දෑ අපට ලැබිය යුතුයි.

    බල සැපයුම් එකකයක් සහිත පද්ධති ඒකක ආවරණයක්. (Casing with a Power supply unit)
    විදුලි බලය ලබා දෙන වයරයක්. (Power cord)
    අවශ්‍ය වර්ග වල ඇණ සහ මුරිච්චි ඇතුලත් බහාලුමක්. (A packet of Nuts & bolts)
    මීට අමතරව කේසිනයේ වවිධ දෑ ඇතුලත් වෙන්න පුලුවන්. පුද්ගලික පරිගණක පද්ධති ආවරණය වර්ග දෙකකින් දක්වන්න පුලුවන්. එනම් Tower Casing හා Desktop Casing ලෙස.
    Tower Casing වර්ග 3කට බෙදන්න පුලුවන්. මෙය Form Factor නමින් හදුන්වනවා.


    Full Tower
    Mid Tower
    Mini Tower

    දැනට අපි එකලස් කරන පරිගණක වලින් 99%කම භාවිතා වෙන්නෙ මම ඉහත සඳහන් කරපු Tower Casing.‍ මේකට හේතු කීපයක් තියෙනව. ප්‍රධානම හේතුව තමයි කේසිනය තුල සවිවන යම් යම් උපාංග ඊට අනුකූලව නිෂ්පාදනය කිරීම. උදාහරනයක් ලෙස පරිගණකයේ සියළුම කොටස් සවි වන මවු පුවරුව (Mother Board) හඳුන්වන්න පුලුවන්. අනික් කාරණය තමයි යාවත්කාලීන (Upgrade) කිරීමේ පහසුව.

    මුලින්ම අපි සාමාන්‍යයෙන් භාවිතා වන කේසිනයක කොටස් හඳුනා ගනිමු..

    pc.png


    බල සැපයුම් ඒකකය (Power Supply Unit)

    මේවායේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් හඳුන්වන්න පුලුවන්,
    AT
    ATX

    මෙයින් AT කියන මාදිලිය දැනට භාවිතයෙන් ඉවත් වෙලා තියෙන්නෙ. දැනට භාවිතා වෙන්නෙ ATX කියන මාදිලිය. Power Supply යටතේ අපි මේ පිළිබඳ වැඩිදුර කතා කරමු.

    ද්වාර (Bay)

    ‍මේවා භාවිතා වෙන්නෙ පරිගණකයේ විවිධ Drives (CD/DVD/Blue Ray/Floppy), Memory card කියවනයන් හා තවත් බොහෝ උපකරණ සවි කිරීමටයි. භාවිතා කරන්නාගේ පහසුව සඳහා මෙම bays ඉදිරිපසින් තියනවා. සම්මත bays ප්‍රමාණ දෙකක් දැනට භාවිතා වෙනවා.
    5.25"
    3.5"
    පරිගණක කේසීනයේ CD/DVD වැනි ධාවක සවි කිරීම සඳහා 5.25" ප්‍රමාණයේ bay ද Floppy ධාවක සඳහා 3.5" ප්‍රමාණයේ bay ද භාවිතා කරනවා.
    සිසිලන පංකා (Cooling Fans)

    ඕනෑම විදුලියෙන් ක්‍රියා කරන උපකරණයක් භාවිතයේදී රත් වන බව අපි සැම දන්නා කරුණක්. පරිගණක කේසිනය තුල නිපදවෙන තාපය එයින් ඉවත් කිරීමටයි මේ සිසිලන පංකා තියෙන්නෙ. ඉහතින් තිබෙන රූපයේ එවන් සිසිලන පංකාවක් සවි කෙරෙන තැනක් දක්වා තියෙනවා.
    Back panel

    මවු පුවරුවේ සියලු බාහිරින් සම්බන්ධ කල හැකි ද්වාර (ports) සවි වන්නේ මෙම කොටසටය. මෙය ඇත්තටම මවු පුවරුව (mother baord) සදහා ආවරණයක් ලෙස ක්‍රියා කරනව. ද්වාර සියල්ල එක මත එක ඇසිරිය නොහැකි නිසා ඒවා අතට ඇති හිඩැස් වැසීමටයි මෙම කොටස භාවිතා කරන්නේ. කේසීනය සමග එකක් ලැබුනත් බොහෝ විට ඒක මවු පුවරුවට නොගැලපෙන්න පුලුවන්. මෙහිදී අපි සවි කරන්නේ මවු පුවරුව සමග ලැබෙන back panel එකයි.
    Expansion Card Slots

    ඇත්තටම මෙම කොටස මවු පුවරුවේ ඇති Expansion slots ලෙස වරදවා හඳුනා නොගත යුතුයි. මවු පුවරුවට සවි වන අතිරේක කාඩ්පත් (Sound/Vga/Modem..) නොසෙල්වෙන පරිදි ඇණ මගින් සවි වන්නේ මෙම කොටසටයි. බාහිරට නිරා‍වරණය වන මෙම කාඩ් පත් වල ද්වාරද මෙම ස්ථානයේ පිටතින් දැක ගැනීමට පුලුවන්.
    ස්විච් සහ දර්ශක (Switches & Indicarots)

    පරිගණකය On කිරීම හා restart කිරීම සඳහා ස්විචයන්ද, පරිගණකයල බලය ලැබෙන බව හා දෘඩ තැ‍ටිය (hard disk) ක්‍රියාත්මක වන බව පෙන්වීමට අදාල LED බල්බ දෙකක්ද අද ඇති බොහෝ පරිගණක කේසීන වල දක්නට ලැබේ. මේවායේ සම්බන්ධක වයර් නිවැරදිව සවි කලේ නැත්නම් නිවැරදිව ක්‍රියා කරන්නෙ නෑ.
    Front panel connectors

    පරිගණකය භාවිතා කරන්නාගේ පහසුව තකා කේසිනයේ ඉදිරි පසින් Sound හා USB සම්බන්ධක දෙකක් පමණ මෙම කොටසේ දක්නට ලැබේ. මේවායේද සම්බන්ධක වයර මවු පුවරුවට සම්බන්ධ කල යුතුය.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මම පරිගණක කේසීන වර්ගීකරණය කරා ඔබට මතක ඇති. දැන් අපි ඒ විවිධ ‍කේසින පිලිබඳ සොයා බලමු.
    මම මුලින්ම Tower casing වෙතත යොමු වෙනවා. මෙහිදී ඔබට මතක ඇති ඒවා කොටස් කරනු ලැබූ වර්ග තුන. මේවා එම කේසින වල ඇති 5.25" bay ප්‍රමාණය අනුවයි බෙදෙන්නෙ. නමුත් මෙහිදී කෙනෙකුට හරියටම ප්‍රමාණ පිලිබඳ සඳහන් කරන්න අමාරුයි. එකිනෙකාගේ උවමනාව අනුවත් මේවා වෙනස් වෙනවා.

    Mini Tower (Bay 1 සිට 2 දක්වා)
    Medium Tower (Bay 3 සිට 4 දක්වා)
    Full Tower (Bay 4ට වැඩි)

    ඇතමුන් 5.35" Bay 4ක් ඇති කේසින Full tower ලෙස හඳුන්වනවා. අපි මෙම කේසින වල රූප සටහන් වෙත යොමු වෙමු. පහතින් දක්වා ඇත්තේ පැරණි මාදිලියේ හා දැනට භාවිතා වන Mini Tower Casing දෙකක්.

    Mini Tower Casing

    File

    ඔයාලට මෙම පැරණි මාදිලියේ ‍කේසීනයේ විශේෂ වෙනසක් දකින්න පුලුවන්. මෙහි සාමාන්‍ය කේසිනයක වගේ මවු පුරවරුවේ Port සඳහා Back panel එකක් නෑ. නමුත් අලුත් Mini tower ATX casing වල එය දක්නට ලැබෙනවා. මෙයට හේතුව වෙන්නෙ පැරණි මවු පුවරු (Mother board) වලට බොහෝ දේ පිටතින් සවි කරන්නට සිදු වීමත් නව මවු පුවරු බොහෝ වෙලාවට සියලුම දේ ඒතුලම අන්තර්ගත කර නිශ්පාදනය කිරීමත්ය. ඔබට කලින් පා‍ඩමේ සඳහන් කලා මතක ඇති Power Supply unit වර්ග 2ක් පිළිබඳව. මෙම පැරණි මාදිලියේ කේසිනය සමග ඇත්තේ AT වර්ගයේ Power supply unit එකක්. power supply unit හඳුනා ගැනීම ඉදිරියේදී අපි සාකච්ඡා කරමු.

    Medium Tower Casing

    පහතින් දක්වා ඇත්තේ MediumTower casing එකක රූප සටහනක්.‍ මෙහිත් පැරණී AT මාදිලියේ කේසින් තිබුනත් මම ඒ පිළිබඳව සාකච්ඡා කරන්නෙ නෑ. දැනට බහුලවම භාවිතා වන වර්ගයක් වන්නේ මේ Medium tower casing.


    මේ වර්ගය කාලයේ අවශ්‍යතාවයට නිවැරදිව ගැලපීම නිසා ‍බොහෝ සෙයින් ප්‍රචලිත වි තිබෙන අතර, සාමාන්‍ය පරිගණක භාවිතා කරන්නෙක්ට අවශ්‍ය සියළුම දේ මෙම කේසිනයේ තිබීම මීට හේතු වෙනවා. කලින් පාඩමේදී මෙහි කො‍‍ටස් පිලිබඳ අපි සාකච්ඡා කලා ඔබට මතක ඇති.

    Full Tower Casing

    පහතින් දක්වා ඇත්තේ Full Tower Casing කිහිපයක රූප සටහන්. මේවා යම් තරමින් විරල උනත් මේවායේ වැදගත් වාසි කීපයක්ම ඇත. ඒවායිනුත් වැදගත්ම වන්නේ කේසිනයේ ඇති ඉඩකඩයි. මෙම කේසින බොහෝ විට කු‍ඩා සේවාදායක පරිගණක (Server Computers) සඳහා භාවිතා වන අතර පුද්ගලික පරිගණක සඳහාද භාවිතා කිරිමේ කිසිඳු ගැටලුවක් නෑ.
    File
    File
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Cooling System (සිසිලන පද්ධතිය)

    සාමාන්‍යයෙන් පරිගණක භාවිතා කිරීමේදී අප මුහුණපාන ගැටළුවක් තමයි භාවිතයේදී පරිගණකයේ කොටස් රත් වීම. කේසිනයකින් ආවරණය වී තිබීම නිසා හැම වෙලාවකම වගේ ‍කේසිනය තුල පවතින්නේ වැඩි උෂ්ණත්වයක්. මේ ගැටළුවෙන් මිදීම සඳහා පරිගණක කේසිනයක සිසලන පද්ධතියක් ඇතුලත් වෙනවා. මෙම සිසිලන පද්ධති පහල ආකාරයට වර්ගීකරණය කරන්න පුලුවන්.

    Air Cooling (වාතය මගින් සිසිල් කිරීම)
    Liquid cooling (ද්‍රවයක් මගින් සිසිලි කිරීම)

    Air Cooling
    බොහොමයක් පරිගණක වල තියෙන්නේ මේ Air cooling SYSTEM එකක්. මෙහිදී භාවිතා වෙන්නෙ Heat Sink සහ Fans යන උපාංග දෙක. සිසිලන කාර්යක්ෂමතාව Liquid coolig වලට වඩා අඩු උනත් සාමාන්‍ය පරිගණකයක් සඳහා Air cooling system එකක් සෑහෙනවා. මෙහිදී විශාල වශයෙන් රත් වන උපාංග වල තාපය උරා ගැනීමට Heat sink භාවිතා වන අතර එම heat sink සිසිල් කිරීම සඳහා Fans පාවිච්චි කරනවා. මී‍‍ට අමතරව කේසිනයේ ඇති රත්වූ වාතය ඉවත් කිරීමටද Fans කීපයක් භාවිතා කෙරෙනවා.


    12v-fanmod.png
    12V Fan එකක්

    htsnk-fan.jpg

    Heatsink එකකට සවි වූ Fan එකක්
    case-wind.png


    ඉහතින් දැක්වෙන්නේ සාමාන්‍ය පරිගණක කේසිනයක වායු ධාරා ගමන් කරන ආකාරයයි. මේ සඳහා Fan සහ කේසින වල සිදුරු උපයෝගී වෙනවා. පරිගණකය එකලස් කිරීමේදීද මෙම කරුණු පිලිබඳ අප සැලකිලිමත් විය යුතුයි. එසේ නොවුනොත් පරිගණකයේ උපාංග ඕනෑවට වඩා රත්වීම නිසා ඒවා‍යේ ආයු කාලයන් අඩු වෙන්න පුලුවන්. ඒ වගේම රත් වීම නිසා එම උපාංග වල කාර්යක්ෂමතාවයත් අඩු වෙනවා.

    Liquid Cooling

    අප‍ට තවමත් නුහුරු තාක්ෂණයක් වන Liquid Cooling තාක්ෂණය Air Cooling තාක්ෂණයට වඩා කාර්යක්ෂමතාවයෙයන් වැඩි එකක්. මෙහිදී සිදු වෙන්නෙ වාතය වෙනුවට ද්‍රවයක් භාවිතාවෙන් සිසිලනය කිරීමයි. නමුත් එම ද්‍රවය සිසිල් කිරීමට රේඩියේටරයක් භාවිතා කෙරෙන අතර මෙහි Fan එකක් අඩංගු වෙනවා. මෙහි කාර්යක්ෂමතාවය වැඩියි වගේම මිලත් තරමත් වැඩියි. නමුත් මෙහි වාසි කීපයක්ම තිබෙනවා. ප්‍රධානම වාසිය තමයි අනවශ්‍ය ශබ්ධ වලින් තොර වීම. මීට අමතරව සිසිල් වීම කාර්යක්ෂම නිසා උපාංග වල කාර්යක්ෂමතාවයක් වැඩි වෙනවා. ඒ වගේම මෙමගින් පරිගණකයට ආකර්ෂණීය භාවයකුත් ලැබෙන බව පහත රූප වලින් ඔබට දැකගන්න හැකි වේවි. නමුත් මෙහි ඈති එකම අවාසිය තමයි සිසිල් කිරීමට ගන්නා ද්‍රවය කාන්දු උනොත් පරිගණකයට එයින් විශාල හානියක් වෙන්න පුලුවන්.

    Liquid Cooling System එකක අඩංගු වන කොටස්
    casse+des.jpg


    මෙහි Reservoir යනු සිසිල් කිරීමට අවශ්‍ය ද්‍රවය රඳවාගෙන ඈති ස්ථානයයි. Coolant එක පොම්ප කිරීම Pump එක මගින් සිදු වෙනවා. Radiator එක මගින් රත්වූ ද්‍රවය නැවතත් සිසිල් කරනු ලබනවා. Thermal Lock එක මගින් තමයි රත්වෙන මුහුණ‍තෙහි තාපය පිට‍තට හුවමාරු කරගන්නෙ. මෙම ද්‍රව සිසිලන පද්ධතියෙන් සිසිල් වෙන්නේ ප්‍රධාන ප්‍රොසෙසරය පමණයි. නමුත් මීට වඩා සම්පත් වැඩි ද්‍රව සිසිලන පද්ධති දැකගන්න පුළුවන්.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    දැන් අපි සාකච්ඡා කරන්නේ පරිගණක කේසින් එකේ ඇති වැදගත්ම කොටසක් ගැනයි. බල සැපයුම් ඒකකය ( Power supply unit ) නමින් හැඳින්වෙන මෙම කොටසින් පරිගණකයේ ඇති සියළුම පාහේ උපාංග වලට බලය ලබා දීම සිදු කෙරෙනවා. ගෘහස්ථ විදුලිය, පරිගණකයට අවශ්‍ය DC current එකක් බවට පරිවර්ථනය කර දීම මෙහි කාර්යය වෙනවා.

    දැනට භාවිතයේ Power supply Unit වර්ග දෙකක් දකින්න පුලුවන්.

    1. AT Power supply
    යාන්ත්‍රික ස්විචයක් භාවිතයෙන් ON / OFF කල හැකි Power supply මෙම වර්ගයට අයත් වේ. මේවා දැනට භාවිතයෙන් ඉවත්වී ඇති අතර නවීන මවු පුවරු වලට මේවා නොගැලපේ.
    2. ATX Power Supply
    මවු පුවරුවෙන් ලැබෙන සංඥාවකින් ON / OFF කල හැකි Power supply මෙම වර්ගයට අයත් වේ. දැනට භාවිතයේ පවතින අතර වර්ග කීපයකින් යුක්තවේ.
    මුලින්ම අපි AT Power supply ගැන සොයා බලමු.
    AT Power Supply


    File


    AT (Advanced Technology) වර්ගයේ බල සැපයුම් නිර්මාණය උනේ IBM අනුරූප මාදිලියේ පරිගණක සඳහායි. මෙමගින් වයර 6ක් ඇති වයර කට්ටල 2ක් භාවිතයෙන් +5 V dc, -5V dc, +12V dc, -12V dc යන වෝල්ටීයතාවයන් මවු පුවරුව වෙත ලබා දෙනවා. මෙහිදී විවිධ වෝල්ටීයතාවයන් සඳහා වයර කීපයක් භාවිතා වන බව ඔබට දැකගන්න පුලුවන්. මෙයට හේතුව අවශ්‍ය ධාරාව ලබා දිමට තනි වයරයක් ප්‍රමානවත් නොවීමයි. ඹබට මෙහිදී හමු වන මවු පුවරුවට සවි වන වයර දෙක නම් කෙරෙන්නේ P8 හා P9 ලෙසින්. මේවා මතක තබාගත නොහැකි නම් කල හැකි සරළම‍ දේ වෙන්නේ කලු පැහැති වයර එක ලඟින් සිටින සේ සවි කිරීමයි.

    File

    මෙම මවු පුවරු බල සැපයුම් වයර වල වෝල්ටීයතාවයන් පහත රූප සටහනේ දැකගන්න පුලුවන්.

    File

    ඉහත රූපයේ GND නමින් හැදින්වෙන්නේ Ground නැතහොත් අපි සාමාන්‍යයෙන් භාවිතා කරනා අර්ත් (Earth) වයරයන් බව සලකන්න. මේවායේ වෝල්ටීයතාව 0 වේ. මීට අමතරව මෙහි PwrGood නමින් වයරයක් (1) ඔබට දැකගන්න පුලුවන්. AT Power supply එකකින් පරිගණකය වෙත යන එකම සංඥාව මෙම PwrGood (Power Good) සංඥාවයි. Power good සංඥාවක අවශ්‍යතාවය අපි මුලින්ම සොයා බලමු. සාමාන්‍යයෙන් Power supply එකක් ක්‍රියාත්මක කල පමණින් එය නිවැරදි වෝල්ටීයතාවන් ලබා දෙන්නේ නෑ.මේ සඳහා ඉතා සුළු කාලයක් ගත වෙනවා. ඉතින් නිවැරදි වෝල්ටීයතාව ලැබෙන්න කලින් පරිගණකය ක්‍රියාත්මක උනොත් සමහරවිට පරිගණකයට හානි වෙන්න පුලුවන්. එමනිදා PwrGood signal එක ලැබෙන්නේ power supply එක නිවැරදිව ක්‍රියාත්මක වීමට පටන් ගත් පසුයි. මෙය සම්බන්ධ වෙලා තියෙන්නෙ සාමාන්‍යයෙන් පරිගණකයේ CPU (මධ්‍යම සැකසුම් ඒකකය) හි Reset pin එකටයි. power supply එක නිවැරදිව ක්‍රියාත්මක වන තෙක් PwrGood signal එක 0 නිසා CPU එක Reset තත්වයේ දිගටම පවතිනවා. නමුත් PwrGood signal එක ලැබුනු විගස CPU එක ක්‍රියාත්මක වී පරිගණකය Boot වීම ආරම්භ වෙනවා.

    මෙහි ඇති අනෙක් බල සැපයුම් වයර, නව ATX මාදිලියේද දැක ගන්න පුලුවන්. ඒ නිසා ඒවා පිලිබඳ ATX Power supply මාතෘකාව යටතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    File


    දැනට ඇති එකලස් කරන ලද පරිගණක වල බොහෝසෙයින් පාවිච්චි වෙන්නේ මෙම ATX මාදිලියේ බල සැපයුම් ඒකකයි. ඉහත රූපයේ එම බල සැපයුම් එකකයේ output වයර දැකගන්න පුලුවන්. ඒවා වමේ සිට පිලිවෙලින් ATX motherboard connector, Pentium 4 connector, Fan power connector,SATA power, Standerd Molex connector, Floppy drive power connector වේ. මෙහි පැරණි මාදිලියේ මවු පුවරුවට සවි වන සොකට් එක පින් 20ක්ද දැනට නව මාදිලියේ පින් 24ක් ද දැකගත හැකියි. ඉහත ඇත්තේ පැරණි මාදිලියේ පින් 20 සොකට් එකක්. මවු පුවරුවට බලය සපයන සම්බන්ධක වයර වල රූප සටහනක් පහත දැක්වේ.


    24pinasddddddd.gif

    මෙහි 24 pin connector එකට එන අතිරේක සම්බන්ධක පින් හතර අංක 11,12,23,24 න් දැක්වේ. ATX බල සැපයුම් ඒකකයක ඇති ප්‍රධානම වෙනස්කම් වන්නේ +3.3V අතිරේක වෝල්ටීයතාවක් ලබා දීමත් Power On signal එකක් මගින් ක්‍රියාත්මක කරවීමට හැකි වීමත්ය. පැරණි AT මාදිලියේදීද මවු පුවරු වලටත් මේ +3.3v වෝල්ටීයතාව අවශ්‍ය උනත් එය මවු පුවරුවේ ඇති Regulator එකක් මගින් නිපදවා ගනු ලැබුනා. මෙහි Power On signal එක high (1) නම් බල සැපයුම් ඒකකය Off තත්වයේ පවතින අතර එය low (0) නම් එය On වේ. මෙම තත්වය ඇති කිරිමට කොල පැහැති power on වයරය Ground කල යුතුය. මෙය මවු පුවරුව මගින් සිදු වන අතර අවශ්‍ය නම් එය කොල වයරය, කලු වයරයක් හා short කිරීමෙන්ද සිදු කල හැකිය. පරිගණකයන් නොමැතිව මේ ආකාරයට ATX power supply එකක් ක්‍රියාකරනවාදැයි පරීක්ෂා කලහැකිය.
     
    • Like
    Reactions: Sadeepa Arosha

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ATX බල සැපයුමක මවු පුවරුවට බලය සපයන කොටස පිලිබඳ අපි පසුගිය ලිපියේ සාකච්ඡා කලා ඔබට මතක ඇති. මීට අමතරව Power supply unit එකක තවත් ප්‍රතිදාන කීපයක් තිබෙනවා‍‍. ඒවා පහත දැක්වෙන අයුරින් වර්ගීකරණය කරන්න පුලුවන්.

    Standerd Molex connector
    Floppy disk drive connector
    SATA Power connector
    P4 power

    Molex connector (male)

    File

    සාමාන්‍යයෙන් පරිගණකයක වැඩියෙන්ම දැකගත හැකි Power cable වර්ගය මෙය යැයි කියන්න පුලුවන්. Molex කේබල් එක භාවිතා වන්නේ Hard Disk, CD/DVD Drives, Fans, නවීන VGA card ( මේ සඳහා ‍Molex connector එක වෙනත් connector එකක් බවට පරිවර්තනය කෙරෙනවා.), කුඩා පරිමාණයේ liquid cooling system වැනි උපාංග සඳහායි. SATA power connectors නැති අවස්ථා වලදී molex connector එක SATA power connector එකක් ලෙස convert කරගන්නා අවස්ථාද තියෙනවා. පහත රූපයේ දැක්වෙන්නේ molex to SATA converter cable එකක්. මෙහි තිබෙන molex connetor එක female connector එකක්.


    File

    මෙහි ඇති වයර 4න් කහ පැහැති වයරය +12V ද , රතු පැහැති වයරය +5V ද , කලු පැහැති වයර දෙක Ground ද වෙනවා. පහතින් දැක්වෙන්නේ VGA card සඳහා Molex connector වලින් බලය ලබා ගන්නා කේබල් එකක්. මෙහි ඔබට දකින්න පුලුවන් අවශ්‍ය ධාරාව ලබා ගැනීම සඳහා Molex connector දෙකකින් බලය ලබාගෙන ඇති ආකාරය.

    dccstjgp_47ddhh9pgg_b.jpg


    Floppy disk drive connector

    File

    Floppy Disk drive එක කියන්නේ දැනට අප අතරින් ඈත්වී යන උපාංගයක්. මීට වසර 7,8 කට පෙර නම් මේවා බො‍හෝසෙයින් ජනප්‍රිය වී තිබූ බව සැවොම දන්නා කරුණක්. Floppy Disk drive පිලිබඳ අපි ඉදිරියේ සාකච්ඡා කරනවා. ගොඩක් වෙලාවට මේ අකාරයේ බලසැපයුම් වයර එකයි Power supply එකක දකින්න පුලුවන්. සාමාන්‍යයෙන් මේ cable එක සවි කල විට ලොක් වෙනවා. නැවත ගැලවීමේදී තරමක් දු‍රට පරිස්සම් විය යුතු අතර සොකට් එක ලඟින් ඉහලට ඔසවා ඇදීමෙන් පහසුවෙන් ගලවන්න පුලුවන්.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    SATA Power connector

    File



    SATA - Serial ATA කියන තාක්ෂණයෙන් බල ගැන්වුනු උපාංග සඳහා බලය සැපයීමට භාවිතා වන මෙම cable නව බලසැපයුම් වල සුලබව දකින්න පුලුවන්. මෙහි ප්‍රධානම වෙනස තමයි Molex කනෙක්ටරයේ නොමැති 3.3V වෝල්ටීයතාවයක් ලබා දීමයි. නමුත් දැන් අපට ගැටලුවක් එනවා එතකොට Molex to SATA power converter වල මේ 3.3v සැපයුම නැතුව වැඩ කරන්නේ කොහොමද කියලා. අවශ්‍ය අවස්ථාවකදී භාවිතා කරන්න ඉඩ සලසා ඇති මෙම 3.3V බල සැපයුම බොහෝ නිශ්පාදකයන් මේ සැපයුම භාවිතා නොවන විදිහටයි තමන්ගේ උපකරණ නිශ්පාදනය කරන්නේ. අනික් කාරණය තමයි දැනට තියෙන බොහෝ Hard disk, CD/DVD drive වගේ ඒවා අවශ්‍ය වෝල්ටීයතාවයන් තම පරිපථ තුලින් 12V හෝ 5V බාවිතා කර නිපදවා ගන්නවා. නමුත් මෙම 3.3V භාවිතා වන උපකරණත් නැත්තේම නොවේ.

    මෙම කනෙක්ටරයේ pin 15ක් දකින්නට ලැබෙනවා. එහි සැකැස්ම පහත දැකගන්න පුලුවන්.

    File



    මෙහි Staggered spinup/ Activity යන්න ඒ සදහා අනුකූලතාවය දක්වන ධාවක සමග ක්‍රියා කරනවා. සාමාන්‍යයෙන් පරිගණකය හා සම්බන්ධිත Hard disk එකක් ක්‍රියා කිරීමට පටන් ගැනීමේදී අධික ධාරාවක් ලබාගන්නවා. මෙම ක්‍රියාත්මක වීම හඳුන්වන්නේ Spin Up නමින්. SATA power භාවිතයේදී සියලු ධාවක එකවර spinup වීම වලකිනවා. ඒ වගේම තමයි මේ මගින් Disk Drive එකක ක්‍රියාකාරි තත්වය පිලිබඳ දත්ත සපයනවා. උදා: ධාවකය කාර්ය බහුල අවස්ථා වලදී.


    P4 Power

    File


    Pentium 4 මාදිලියේ මවු පුවරු සඳහා අවශ්‍යතාවයක් වන මේ බල සැපයුම් වයරය අතිරේක 12V බල සැපයුම් දෙකක් ලබා දෙනවා. දැනටමත් ඔබට බලසැපයුම් වයර වල වර්ණ හුරුපුරුදු නිසා කහ පැහැති වයර 12 V සදහාත් කලු වයර Ground සඳහාත් වෙන් කර ඇති බව දන්නවා ඇති. සාමාන්‍යයෙන් මෙම බල සැපයුම අවශ්‍ය මවු පුවරු, මෙය නොමැතිව ක්‍රියා කරන්නේ නෑ. මෙම වයරය 24pin ප්‍රධාන සැපයුම් වයරයේ පින් 20 හා සම්බන්ධව එන පින් හතර හා පටලවා නොගත යුතුයි. මෙම කේබල් එක නොමැති ATX power supply වල Molex දෙකක් මගින් අවශ්‍ය බල සැපයුම ලබාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: ruwanjrc

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අපි පසුගිය පාඩම් වලින් AT හා ATX බල සැපයුම් පද්ධති ගැන ඉගෙන ගත්තා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයකට නිවැරදි Power supply unit එකක් තෝරාගන්නේ කොහොමද යන්නයි. සාමාන්‍යයෙන් කේසින් එකක් මිලදී ගන්නා විට අපට ඒ සමගම Power supply unit එකක්ද ලැබෙනවා. නමුත් ගුණාත්මක තත්වයේ බල සැපයුමක් බලාපොරොත්තු වෙනවා නම් වෙනමම Power supply unit එකක් මිලදී ගැනීම වඩාත් සුදුසුයි. අපි මුලින් ඉගෙන ගත් පරිදි සාමාන්‍යයෙන් අලුත් පරිගණකයකට අවශ්‍ය වන්නේ 24pin මාදිලියේ ATX power supply එකක්. Power Supply unit එකක් මිලදී ගැනීමේදී පහත කරුණු වෙත අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි.

    1. Power supply එකේ ක්ෂමතාව (Watt අගය).
    2. Power supply එක ක්‍රියාකරන වෝල්ටීයතාවය.
    3. Form factor එක.
    4. Power outlet ප්‍රමාණය

    1. Power supply එකේ ක්ෂමතාව (Watt අගය)

    Power supply unit එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු ප්‍රධානම කරුණක් තමයි එහි ක්ෂමතාවය. බොහෝ දෙනෙකු දරන මිත්‍යා මතයක් තමයි නිතරම වැඩි watt අගයකින් යුතු power supply එකක් භාවිතා කල යුතුබව. අඩු load එකක් යටතේ බොහෝවිට power supply එකක් එහි උපරිම කාර්යක්ෂමතාවයෙන් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මේ නිසා අපි හැමවිටම තෝරාගත යුත්තේ අපේ අවශ්‍යතාවයට ගැලපෙන power supply unit එකක්. සාමාන්‍යයෙන් අපි භාවිතාකරන desktop පරිගණකයකට අවශ්‍ය ක්ෂමතාවය වො‍ට් 350කට වඩා වැඩි වෙන්නේ නෑ. නමුත් දැනට මිලදී ගැනීමට ඇති බොහෝ කේසින් සමග එන power supply 400W, 450W වැනි අගයන්ගෙන් යුක්ත වෙනවා. මේවා උසස්ම තත්වයේ power supply නොවුනත් 80%ක වත් කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු විය හැකි නිසා සාමාන්‍ය පරිගණකයකට භාවිතා කිරීමේ ගැටලුවක් නෑ.


    2. Power supply එක ක්‍රියාකරන වෝල්ටීයතාවය

    සාමාන්‍යයෙන් ලංකාවේ ගෘහස්විදුලිබල පද්ධතියේ වොල්ටියතාව 230V අගයෙන් යුක්ත වෙනවා. නමුත් ඇමරිකාව වැනි රටවල් වල ගෘහස්ථ විදුලි පද්ධතියේ භාවිතා වෙන්නෙ 115V වැනි අගයක්. මේ වොල්ටීයතාවයට ගැලපෙන ආකාරයට නිශ්පාදනය කල Power supply unit එකක් සාමාන්‍ය 230V යටතේ භාවිතා කරන්න බෑ. ඒ නිසා Power supply එකක් මිලදී ගැනීමේදී (බොහෝ වි‍ට මෙය සිදු වන්නේ පිට රටකින් පරිගණකයක් ගෙන්වීමේදී) එහි Operating Voltage එක ගැන සැලකිලිමත් විය යුතු ‍වෙනවා. සමහර Power supply වල මේ Voltage එක තෝරන්න වෙනමම ස්විච් එකක් තියෙනවා.

    File
    File


    නමුත් වෙලඳපොලේ ඇති බොහෝමයක් මිල අඩු Power supply unit වල මෙම ස්විචයේ ක්‍රියාත්මක වන්නේ 230V කොටස විතරයි. 115V තේරීම සිදුකල විට Power supply එකේ ප්‍රධාන විදුලි සැපයුම විසන්ධි වෙනවා. කෙසේ වෙතත් පරිගණකයක් එකලස් කිරීමේදී මෙම ස්විචය ගැන සැලකිලිමත් විම වඩාත් සුදුසුයි.

    3. Form Factor

    Form Factor යන්නෙහි සරළ අදහස වන්නේ එම Power supply එකේ ප්‍රමාණයයි. ATX power supply එකක් සම්මත ප්‍රමාණයකින් නිශ්පාදනය වුවත් සමහර විශේෂ අවස්ථා වලදී Power supply එකේ ප්‍රමාණය අප මිලදී ගන්නා කේසිනයට නොගැලපෙන්න පුලුවන්. මෙය‍ බොහෝවිට සිදු වන්නේ භාවිතා කල පරිගණක අමතර කොටස් මිලදී ගෙන එකලස් කිරීමෙදීයි. ප්‍රසිද්ධ වෙලඳ නාම යටතේ එන පරිගණක වලත් බොහෝවිට මේ Power supply එක කුඩාවට නිශ්පාදනය කෙරෙන අවස්ථා තිබෙනවා. එවිට එය අලුතින් දැමීමේදී ඒ ප්‍රමාණයේ power supply එකක් සොයාගැනීමට සිදු වනවා.

    4. Power outlet ප්‍රමාණය

    සාමාන්‍යයෙන් power supply එකක් තෝරා ගැනීමේදී එහි ඇති Power outlet ප්‍රමාණය ගැන අපි සැලකිලිමත් විය යුතු වෙනවා. සාමාන්‍යයෙන් Hard disk එකක්, CD හෝ DVD drive එකක් සමග පරිගණකයක් එකලස් කරනවා නම් සාමාන්‍ය power supply එකක් ප්‍රමාණවත්. නමුත් Hard disk කීපයක්, Optical Drive කීපයක්, High end Graphic card, අතිරේක සිසිලන පද්ධති වැනි දෑ සම්බන්ධ කරන්න බලාපො‍රොත්තු වෙනවා නම් වැඩි ‍වො‍‍ට් අගයකින් යුතු වැඩි power outlet ප්‍රමාණයක් ඇති බල සැපයුම් ඒකකයක් මිලදී ගත යුතුයි. මෙහිදී 12V සැපයුම සඳහා දැරිය හැකි උපරිම ධාරාවක්ද ඇති බැවින් ඒ පිලිබඳවද සැලකිලිමත් විය යුතු වෙනවා.

    Power supply පිලිබඳ අවසන් පා‍ඩමත් සමග ඊලඟ ලිපියෙන් හමු වෙමු..​
     
    • Like
    Reactions: I'ts My Style

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Power Supply Testing

    පරිගණකයක ක්‍රියාකාරිත්වයට Power supply unit එක කොතරම් වැදගත්ද යන්න ඔබට පැහැදිලි ඇති. බොහෝමයක් ඉලෙක්ට්‍රොනික උපකරණ වගේම power supply එකකද දෝශ ඇති විය හැකියි. මේ වගේ අවස්ථාවක අපිට අපේ Power supply unit එක පරීක්ෂා කල හැකියි.

    1. මල්ටිමීටරයක් භාවිතයෙන් පරීක්ෂා කිරීම

    සාමාන්‍යයෙන් අපි මෙහිදී සිදු කරන්නේ Power supply එක අව‍ශ්‍ය වෝල්ටීයතාවයන් නිවැරදිව සපයනවාද යන්න පරීක්ෂා කර බැලීමයි. මුලින්ම Power supply එක On කරගත යුතු වෙනවා. AT මාදිලියේ එකක් නම් විදුලි බලය සපයා ස්විචය ක්‍රියාත්මක කිරීමෙන්ද ATX මාදිලියේ නම් විදුලි බලය සපයා pin-16 Ground pin එකක් සමග short කිරීමෙන්ද (කොල වයරය කලු වයරයක් හා සම්බන්ධ කිරීමෙන්) ක්‍රියාත්මක කල හැකියි. ඉන්පසු පෙර පාඩම් වලදී අපි ඉගෙනගත්
    වොල්ටීයතා වගු ඇසුරෙන් අපට Power supply එක නිවැරදි වෝල්ටීයතාවන් ලබා දෙනවාද යන්න පරීක්ෂා කරන්න පුලුවන්.



    2. Power supply tester එකක් භාවිතා කිරීම

    Power supply එකක් පරීක්ෂා කිරීමේ පහසු ක්‍රමයක් තමයි Power supply tester එකක් භාවිතා කිරීම. මේ මගින් එකවර Power supply එකෙහි සියලු වෝල්ටීයතාවන් නිවැරදිව ලැබේදැයි පරීක්ෂා කල හැකියි. සාමාන්‍ය භාවිතයේ පවතින power supply tester වර්ග දෙකක් තිබෙනවා. මෙයින් එකක් LED bulb භාවිතයෙන් නිවැරදි වෝල්ටීයතාවන් ලැබේදැයි පෙන්නවනවා. අනෙක Display එකක් මගින් වෝල්ටීයතාවන් පෙන්නුම් කරනවා. මේ වර්ග දෙකෙන් මම නම් නිර්දේශ කරන්නේ Display සහිත Power supply tester එක. මොකද මේ මගින් අපි‍ට Voltage tolerances (Power supply එක මගින් දෙන වෝල්ටීයතාවන් වෙනස් වන ප්‍රතිශතය) පරීක්ෂා කරන්න පුලුවන්. LED මගින් ප්‍රතිළුල පෙන්වන Power supply tester එක පෙර සැකසූ දත්ත වලට අනුවයි ඒ ඒ වෝල්ටීයතාවන් නිර්ණය කරන්නේ. උදා හරණයක් ගත්තොත් +12V සඳහා +11 සිට‍ +13 දක්වා පරාසයක් ලබා දී තිබෙන්න පුලුවන්. නමුත් අනෙක් වර්ගයේ වෝල්ටීයතාව පෙන්වන නිසා අපිට power supply එකේ සඳහන් කරලා තියෙන tolerance එක සමග සසඳා අගයන් වල නිවැරදි බව තහවුරු කරගත හැකියි.


    1.jpg
    2.jpg



    මෙහි ක්‍රියාකාරිත්වය එතරම් සංකීර්ණ නෑ. මුලින් 24pin connector එක සවිකර tester එක On කලයුතුයි. සමහර Tester බලසැපයුම් වයරය සම්බන්ධ කල සැනින් ක්‍රියාත්මක වෙනවා. ඉන්පසු එකින්එක අනෙක් බල සැපයුම් වයර සම්බන්ධ කර වෝල්‍ටීයතාවන් කියවාගත යුතුයි. මෙයට එකවර සවි කල යුත්තේ ප්‍රධාන බල සැපයුම් වයරයත් තවත් එක් අතිරේක බල සැපයුම් වයරයකුත් පමණයි. ‍වෝල්ටීයතාවයන්ට අමතරව මෙමගින් Power Good signal එකත් පරීක්ෂා කල හැකියි. මෙය PG ලෙස දැක්වෙනවා.

    පහතින් දැක්වෙන්නේ LED indicator ඇති power supply tester එකක්.

    File.jpg


    මේවා ගැන වැඩිදුර විස්තර මේ වෙබ් අඩවියෙන් බලාගන්න පුලුවන්.
    Code:
    [CENTER]coolmaxusa.com[/CENTER]
    Power supply ගැන කියලා දුන්නා ඇති කියලා හිතෙනවා..
     
    • Like
    Reactions: wisal and aien

    Similar threads