Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
convocation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමනම් cmps නෙමෙයි මචන්, සිද්දිය ගැන දැනගෙන කතා කරානම් හොඳයි

පේරාදෙණියේ උපාධි ප්රදානෝත්සවය සහ කසළ බැහැර කිරීම

ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල අතරින් ස්වකීය උපාධි ප්රදානෝත්සවය විශ්ව විද්‍යාලයය තුළම නොකඩවා පවත්වාගෙන එන විශ්ව විද්‍යාලයය පේරාදෙණි විශ්ව විද්‍යාලයයි. එක් වසරකදී දළ වශයෙන් තුන්දහසක් පමණ වූ වැඩිම සිසු සිසුවියන් පිරිසක් උපාධි ලබන්නේත් මෙහිය. මුලදී එක් සැසියක් ලෙස පැවැත්වුණු උපාධි ප්රදානෝත්සවය දැන් සැසි දෙකක් ලෙස පැවැත්වේ. මේ එක් සැසියකට දෙමාපියන්ද ඇතුළුව දෙදහස් අටසියයක පමණ පිරිසක් ශාලාව ඇතුළත සිට සහභාගිවේ. මේ උපාධි ප්රදානෝත්සවය සංවිධානය කිරීම මාස කිහිපයක් තිස්සේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩල වල සාමාජිකයන් විසින් කරනු ලෑබේ. හැම වසරකම එහි සංවිධාන කටයුතු කිසියම් පීඨයක මූලිකත්වයෙන් පත්කරගන්නා කමිටුවක් විසින් සිදුකෙරේ. මම විවිධ අවස්ථාවන් වලදී මෙවන් කමිටු කිහිපයක සේවය කර ඇත්තෙමි. 2015 වසරේ උපාධි ප්රදානෝත්සවය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද අතර එහි ප්‍රධාන උප කමිටු පහෙන් එකක් වන ආරක්ෂාව, රථවාහන පාලනය හා ප්‍රථමාධාර සම්බන්ධීකරණය සඳහා වූ උප කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත්තෙමි. මෙය මාස ගණනක් තිස්සේ අභ්‍යන්තර හා බාහිර ආයතන රාශියක සහයෝගය ඇතිව කෙරෙන කටයුත්තකි. ප්‍රධාන කමිටුව මුලදී මාසිකව ද ඉන්පසුව සතිපතාම පාහේද රැස් වී සංවිධාන කටයුතු සමාලෝචනයක් සිදු කෙරේ. කිසියම් වසරක උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු නිසිපරිදි සිදුකර ගැනීමට අවශ්‍යවන තීරණ මෙකී කමිටු විසින් ගනු ලැබේ. මේ ක්රමෝපායයන් සාමාන්‍යයෙන් වසරින් වසර මතුවන සුවිශේෂී අවශ්‍යතා අනුව වෙනස් වේ.

මේ සංවිධාන ව්‍යූහය ගැන පවසන්නට අවශ්‍ය වුණේ මෙවර උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ කසල ඉවත්කිරීම නිසි ලෙස සිදු නොවිනැ'යි කියා හෝ සිසුන් විසින් ශාලාව හැඩි කර තිබිණැ'යි නැගෙන මැසිවිලි නිසාය. මම ඒ ගැන මේ වසරේ එහි සංවිධාන කටයුතු සම්බන්ධීකරණය කළ විද්‍යා පීඨයේ සංවිධාන කමිටුවෙන් විමසීමි.

උපාධි ප්රදානෝත්සවය පැවැත්වෙන සැසි දෙක අතර පැයක් පමණ වූ කෙටි කාලය තුළ ශාලාව නැවත සකස් කිරීම දැඩි අභියෝගයකි. එසේම උපාධි ප්‍රදානයෙන් පසු ශාලාවෙන් පිටත්වන පෙරහැරේ අභිමානවත් භාවයත් රැකිය යුතු වේ. මෙකී කරුණු සැලකිල්ලට ගෙන උපාධිලාභීන්ට සහ දෙමාපියන්ට දැඩි ලෙස උපදෙස් දී තිබුණේ කිසිදු ආහාරයක් හෝ ජලය ශාලාව තුළට රැගෙන නො එන ලෙසටත් ඒවා ශාලාව තුළ දී බෙදා දෙන බවත් ය. එසේම උත්සවය අවසානයේ කිසිදු අපද්‍රව්‍යයක් ඉවත රැගෙන නොයන ලෙසත්ය. සිසුන් හා දෙමාපියන් විසින් මේ උවදෙස නිසි ලෙස පිළිපැද තිබුණි. අන්තර්ජාලය හරහා වැරදි පැහැදිලි කිරීමක් සහිතව හුවමාරු වුණේ දෙවන සැසිය අවසානයේ පිරිසිදු කිරීමේ කාලය තුළ යම් කිසිවකු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

[QUOTE="CJ Wijesundara, post: 23392015, member: 567205"] [SIZE="4"] මමනම් cmps නෙමෙයි මචන්, සිද්දිය ගැන දැනගෙන කතා කරානම් හොඳයි :yes: පේරාදෙණියේ උපාධි ප්රදානෝත්සවය සහ කසළ බැහැර කිරීම ----------------------------------------------------------------- ශ්‍රී ලංකාවේ සියළු විශ්ව විද්‍යාල අතරින් ස්වකීය උපාධි ප්රදානෝත්සවය විශ්ව විද්‍යාලයය තුළම නොකඩවා පවත්වාගෙන එන විශ්ව විද්‍යාලයය පේරාදෙණි විශ්ව විද්‍යාලයයි. එක් වසරකදී දළ වශයෙන් තුන්දහසක් පමණ වූ වැඩිම සිසු සිසුවියන් පිරිසක් උපාධි ලබන්නේත් මෙහිය. මුලදී එක් සැසියක් ලෙස පැවැත්වුණු උපාධි ප්රදානෝත්සවය දැන් සැසි දෙකක් ලෙස පැවැත්වේ. මේ එක් සැසියකට දෙමාපියන්ද ඇතුළුව දෙදහස් අටසියයක පමණ පිරිසක් ශාලාව ඇතුළත සිට සහභාගිවේ. මේ උපාධි ප්රදානෝත්සවය සංවිධානය කිරීම මාස කිහිපයක් තිස්සේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩල වල සාමාජිකයන් විසින් කරනු ලෑබේ. හැම වසරකම එහි සංවිධාන කටයුතු කිසියම් පීඨයක මූලිකත්වයෙන් පත්කරගන්නා කමිටුවක් විසින් සිදුකෙරේ. මම විවිධ අවස්ථාවන් වලදී මෙවන් කමිටු කිහිපයක සේවය කර ඇත්තෙමි. 2015 වසරේ උපාධි ප්රදානෝත්සවය ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද අතර එහි ප්‍රධාන උප කමිටු පහෙන් එකක් වන ආරක්ෂාව, රථවාහන පාලනය හා ප්‍රථමාධාර සම්බන්ධීකරණය සඳහා වූ උප කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත්තෙමි. මෙය මාස ගණනක් තිස්සේ අභ්‍යන්තර හා බාහිර ආයතන රාශියක සහයෝගය ඇතිව කෙරෙන කටයුත්තකි. ප්‍රධාන කමිටුව මුලදී මාසිකව ද ඉන්පසුව සතිපතාම පාහේද රැස් වී සංවිධාන කටයුතු සමාලෝචනයක් සිදු කෙරේ. කිසියම් වසරක උපාධි ප්‍රදානෝත්සවයේ කටයුතු නිසිපරිදි සිදුකර ගැනීමට අවශ්‍යවන තීරණ මෙකී කමිටු විසින් ගනු ලැබේ. මේ ක්රමෝපායයන් සාමාන්‍යයෙන් වසරින් වසර මතුවන සුවිශේෂී අවශ්‍යතා අනුව වෙනස් වේ. මේ සංවිධාන ව්‍යූහය ගැන පවසන්නට අවශ්‍ය වුණේ මෙවර උපාධි ප්‍රදානෝත්සව ශාලාවේ කසල ඉවත්කිරීම නිසි ලෙස සිදු නොවිනැ'යි කියා හෝ සිසුන් විසින් ශාලාව හැඩි කර තිබිණැ'යි නැගෙන මැසිවිලි නිසාය. මම ඒ ගැන මේ වසරේ එහි සංවිධාන කටයුතු සම්බන්ධීකරණය කළ විද්‍යා පීඨයේ සංවිධාන කමිටුවෙන් විමසීමි. උපාධි ප්රදානෝත්සවය පැවැත්වෙන සැසි දෙක අතර පැයක් පමණ වූ කෙටි කාලය තුළ ශාලාව නැවත සකස් කිරීම දැඩි අභියෝගයකි. එසේම උපාධි ප්‍රදානයෙන් පසු ශාලාවෙන් පිටත්වන පෙරහැරේ අභිමානවත් භාවයත් රැකිය යුතු වේ. මෙකී කරුණු සැලකිල්ලට ගෙන උපාධිලාභීන්ට සහ දෙමාපියන්ට දැඩි ලෙස උපදෙස් දී තිබුණේ කිසිදු ආහාරයක් හෝ ජලය ශාලාව තුළට රැගෙන නො එන ලෙසටත් ඒවා ශාලාව තුළ දී බෙදා දෙන බවත් ය. එසේම උත්සවය අවසානයේ කිසිදු අපද්‍රව්‍යයක් ඉවත රැගෙන නොයන ලෙසත්ය. සිසුන් හා දෙමාපියන් විසින් මේ උවදෙස නිසි ලෙස පිළිපැද තිබුණි. අන්තර්ජාලය හරහා වැරදි පැහැදිලි කිරීමක් සහිතව හුවමාරු වුණේ දෙවන සැසිය අවසානයේ පිරිසිදු කිරීමේ කාලය තුළ යම් කිසිවකු විසින් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom