hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බඩ ඉරිඟු සහ රටකජු ආනයනය කිරිම ජනවාරි 1 දා සිට අත්හිටුවිමට රජය පියවර ගත් බව වාරිමාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා අද (6) පැවසීය.

    ග‍්‍රාමීය ආර්ථීකය නඟා සිටුවීම සහ ගොවීන් ශක්තිමත් කිරිමේ අරමුණු කරගනිමින් රජය මේ තීරණය ගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    රටේ වගාකළ හැකි කිසිදු ධාන්‍යයක් ආනයනය නොකිරිමට ඉදිරියේ දී රජය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

    යම් හෙයකින් මෙම ධාන්‍ය වර්ගවල හිඟයක් ඇති වුවහොත් පමණක් එම ධාන්‍ය වර්ග ආනයන කිරීමට රජය පියවර ගන්නා බවත් අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය