COPE වාර්තා ඉතිහාසයේ කුණු බක්කියට?

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    COPE වාර්තා ඉතිහාසයේ කුණු බක්කියට?





    ඔක්,07,(විමසුම) – COPE හි වගකීම රජයේ දෙපාර්තමේන්තුවල මුදල් පරිහරණය අධීක්ෂණය කර එය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම විනා,ඉන් එහා වගකීමක් ඊට නොමැති බව ඇමති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පවසයි.

    පසුගිය වසරේ කෝප් වාර්තාවන්ගෙන් හෙළිවූ දූෂණයන්ට එරෙහිව විනයානුකූලව පියවර ගත්තේදැයි මාධ්*යවේදියකු නැඟූ ප්*රශ්නයකට පිළිතුරු දෙමින්, අද පාර්ලිමේන්තුවේ පැවැති විශේෂ මාධ්*ය හමුවකදි පොදු ව්*යාපාර කාරක සභාවේ සභාපති අමාත්*ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මේ බව සඳහන් කළේය .

    කාර්යක්ෂම සේවයක් ලබා ගැනීමේ අරමුණින් යුතුව රාජ්*ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්*යාපාර කාරක සභාව ප්*රමිතිගත කිරීම සඳහා ලෝක බැංකුව *ඇමෙරිකානු ඩොලර් 4,94,000 ක මුදල් ප්*රදානයක් ලබාදී ඇති බවද අමාත්*ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න පැවසීය.

    දියුණු රටවල් හා සැසඳීමේදී මෙරට පාර්ලිමේන්තුවේ රාජ්*ය ගිණුම් කාරක සභාව සහ පොදු ව්*යාපාර කාරක සභාව ප්*රමිතියෙන් අඩු මට්ටමක ඇති බව පෙන්වා දුන් හෙතෙම විධිමත් ක්*රමවේද සහ පහසුකම්ද එහි නොවන බව පැවසීය.

    මෙයින් කාර්යක්ෂම සේවයක් ලබා ගැනීමට අවශ්*ය උපදෙස් සහ මූල්*යමය අනුග්*රහය ලෝක බැංකුව විසින් ලබාදී ඇති බව හෙතෙම කීය.

    ඒ අනුව, එම මුදල් පරිපාලන කටයුතු සඳහා ලෝක බැංකු නියෝජිතයෙකුද මේ වනවිට දිවයිනට එවා ඇති බව මාධ්*ය හමුවට එක්වූ රාජ්*ය ගිණුම් කාරක සභාවේ සභාපති අමාත්*ය අනුර ප්*රියදර්ශන යාපා මහතා පැවසීය.

    ලෝක බැංකු අධීක්ෂණය යටතේ ක්ෂේත්*රයේ ප්*රවිණයන් ගෙන්වා මෙරට නිළධාරීන් හට විශේෂ පුහුණු වැඩමුළුවක් පැවැත්වීමටත් එහිදී විශේෂයෙන් ගිණුම් තැබීම් පිළිබඳ මෙන්ම නාස්තිය අවම කිරීම, දූෂණය පිටු දැකීම ආදිය පිළිබඳ උපදෙස් ලබාදීමත් සිදුකරයි.

    නීතිමය වශයෙන් මෙම ආයතනයන්හි පවත්නා අඩුලුහුඩුකම් නිසා සිදුවිය හැකි වැරදි වැලැක්වීමේ හැකියාව අඩු බවත් ඒ නිසා එම නෛතික බලතල ශක්තිමත් කිරීමට නව නීති සැකසීමට හෝ අළුතින් පණතක් සකස් කීරීමට පියවර ගන්නා බවත් ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න අමාත්*යවරයා පැවසීය.

    මේ සඳහා මෙම ආයතනයන්හි නියෝජිතයන්ට උපදෙස් ලබාදීමට වෙනම උපදේශක මණ්ඩලයක් පිහිටුවන බවත් ඊට හිටපු විගණකාධිපතිවරුන් දෙදෙනෙකු සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළත් කර ගන්නා බවත් ඇමතිවරයා කීය.