Corona පෙනහලු

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මේ තියෙන්නෙ පහුගිය දවසක පෞද්ගලික රෝහලක ස්වසන ආබාධයකට ප්‍රතිකාර ගන්න ඇතුල් වෙලා රෝගියාගෙ තත්වය බරපතල නිසා මහනුවර මහ රෝහලට මාරු කරල එව්ව රෝගියෙක්ගෙ පෙනහලු වල එක් කිරණ චායාරූපයක් සහ නිරෝගි පුද්ගලයෙක් ගෙ එක්ස් කිරණ චායාරූපයක්..
    රෝගියාගෙ පෙනහලු වල 90%ක්ම විනාශ වෙලා අවසන්..
    ඔහුට තවදුරටත් ඔක්සිජන්, ශිරාගත ප්‍රතිජීවක ලබා දුන්නත් මේ තරමට පෙනහලු වලට හානි උනාට පස්සෙ නැවත ජීවිතයක් ලබාදීම හාස්කමක් පමණයි..
    ඔබ පරිස්සම් වන්න.. අවුරුද්දකට වඩා වැඩි කාලයක් අපි මන්තරයක් වගෙ ජප කරන සමාජ දුරස්ථභාවය පවත්වගන්න, අනවශ්‍ය දේවල් වලට නිවසින් එලියට ගිහින් මිනිස්සු අතරෙ තෙරපෙන්න එපා..
    හොඳ මාස්ක් එකක් ඔබෙ නහය, කට වැහෙන්න හැම වෙලාවෙම පළදින්න..
    සැනිටයිසර් එක පාවිච්චි කරන්න..නිතරම..
    රෝහල් වල ඇඳන්, දැඩි සත්කාර වල ඇඳන් ඉතා වේගයෙන් පිරෙනව.. ඒ ඇඳක හිමිකරුවෙක් වෙන්න උත්සහ කරන්න එපා...අපි කැමති ඒ ඇඳන් වලට හිමිකරුවො නැති වෙනවට...නැතුව එක ඇඳට හිමිකරුවො ගොඩක් ඉන්නවට නෙවෙයි...
    (චායාරූපය Nileeka Kurukulaaratchy ගෙන් ඉස්සුවා ඇගේ සටහනේ කොටසක්ද සමඟින් )
    සටහන - වෛද්‍ය ධනංජය දසනායක

    00002.jpg
    0001.jpg










    coronavirus-blog.png


     
    Last edited:

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මිනිස්සුන්ගෙ බය නැති කර එක තමයි ප්‍රධාන දේ. බලධාරීන් හැමතිස්සෙම පෙන්නන හදන්නෙ එයාල සාර්ථකයි බය වෙන්න දෙයක් නෑ කියල. ඒ නිසා මාධ්‍යත් මේ වගේ දේවල් ප්‍රවෘත්ති වල දාන්නෙ නෑ. ලේ කැටි ගැහෙන එකත් හිරු ටීවී එකේ දවල් ප්‍රවෘත්ති වලට දුන්න ඒත් රෑ ප්‍රවෘත්ති වල ඒක දැම්මෙ නෑ.
    බලධාරීන් කියන්නෙ සියලු ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නෙ, අවශ්‍ය පහසුකම් සියල්ල සම්පූර්ණයි, ප්‍රතිකාර සදහා කිසිදු භාධාවක් නෑ කියල. ඉතින් කවුරුහරි මනුස්සයෙක් ජනාකීර්ණ ස්ථානයකට යන්න බයේ ඉන්නවනම් ඒ බය නැතිවෙලා හැදුනත් ප්‍රතිකාර ගන්න පුලුවන් කියල එයා යනව. ඕක තමයි මිනිස්සු අතර වේගයෙන් පැතිරෙන්න හේතුව.
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගිය අවුරුද්දෙ ඉඳන් කියන්නෙ.
    ඕව කිව්වට තේරෙන උන් නෙවෙයි ඉන්නෙ.
    පෙනහළු වලට වඩා මගුල් ගෙවල්, මළ ගෙවල්, අවුරුදු ලොකුයි.

    අනික පිළියන්දල ටවුමෙ ඉන්න උන්ට ඕක වෙන්නෙ නෑ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    ඇයි බන් පිළියන්දල අයට වෙන්නේ නැත්තේ?
    ඒ කියද්දි මතක් උනේ. දැන් සති තුන හතරකට විතර කලින් ඔතනින් වීල් එකකට නැග්ග පොර මාස්ක් දාල නෑ. ඇහුවම ඉන්ජෙක්ෂන් එක ගැහුව කිව්ව. :baffled: :baffled: