Corona හැදිල හොඳ වෙනකොට මොකද කරන්නේ...?

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,888
    8,252
    113
    වටිනා ලිපියක්..

    විශේෂඥ වෛද්‍ය සුදත් ගුණතිලක

    Corona හැදිල හොඳ වෙනකොට මොකද කරන්නේ...?

    අපිට එක එක කාලයට ලෙඩ හැදෙනවා. ආයෙම හොඳ වෙලා යළි යථා තත්ත්වයට එනවා. කාලෙකදි වසූරිය ආව. කාලෙකදි ලාදුරු (Leprasy) ආවා. එහෙම තමයි. අපි ශ්‍රී ලාංකික මිනිස්සු ආදරේ කරුණාව මෛත්‍රිය පිරුණු අය. ඇත්තම නෙවෙයි

    කොරෝන කියන්නේ වයිරස් එකක්. ඒක RNA වලින් හැදිලා තියෙන්නේ. RNA වලින් හැදුන රෝග ලෝකෙන් තුරන් වෙන්න කාලයක් යනවා. හේතුව එයා හැඩය නිතර වෙනස් කරගන්නවා. චූටි හැඩයේ වෙනසක්. එය එම රෝගයේ වෙනත් ප්‍රභේදයක් වෙන්න පුළුවන්. CORONA
    ඇල්ෆා - ඩෙල්ටා ලෙස. මේ විදිහට DNA ඔය ආකාරයෙන් නෙවෙයි. එයා RNA
    තරම් ඉක්මනින් හැඩය වෙනස් කර ගන්නේ නැහැ. වයිරස් භාගයක් අජීවී. භාගයක් ජීවි.
    මාර සතෙක්. ඇත්තම කියනවා නම් ඔයාලා අපි වගේ තමයි. ඊයෙ හොඳට හිනා වෙලා කතා කළ කෙනා නෙවෙයි අද උදේ වෙනස් වෙලා.

    හරි ඒක වෙනම කතාවක්. අපි හිතමු ගෙදර කෙනෙකුට CORONA ආසාදිත වුනා කියලා. එයාට වැක්සින් එක ගහන්න ඕනද ? ඔව් ගහන්න ඕනේ. එයාට පළවෙනි එක ගැහැව්වා. දෙවෙනි එක ගහන්න තිබුනේ ලෙඩේ හැදුන දිනවල. දැන් කොහොමද දිනේට ගහන්නෙ ? ගමේ අනිත් අයට අද ගහනව. ඔයා ඒ පළාතෙ යන්න එපා. ඔයාට තියෙන්නෙ ඔයාගේ අසනීපෙ හොඳටම හොඳ වෙලා හැදුන දිනේ සිට මාසෙකට විතර පස්සෙ වැක්සින් කරන තැනකට ගිහින් පරක්කු වුන හේතුව කියලා පරණ කාඩ් එක පෙන්නලා ඉන්ජෙක්ෂන් එක ගහගන්න.

    හොඳයි...ඒව හරි කියමු. ඔයා ලෙඩේ ගැන අවබෝධ කරගෙන ඉන්න. අපිට රෝගය වැළඳී ගෙවන දින සිට 11-12 දින දක්වා රෝගී වෛරසය පැටව් ගහනවා.(Incubation Period)
    ඒ කියන්නේ රෝග බෝ කරනවා. ඒකනේ එළියට බහින්න එපා කිව්වේ. හොඳයි අපි කවදද එතකොට වැඩට යන්නෙ ? ආයතනයේ බොස්ට කියන්න තව දින 14 වත් (ඔක්කොම අඩුම මාසයක්) නිරෝධායනය වෙලා එන්නම් කියලා.
    පොඩ්ඩක් ඔරවයි. ගණන් ගන්න එපා. පළමු දින 14 න් පස්සේ PCR කළොත් බොහෝ විට ඒක NEGITIVE. ඒත් වැඩට නම් යන්න එපා කියන්නේ ඇයි ?

    ඔයාගේ ඇඟේ ප්‍රතිශක්තිය (Immunity) එකත් දැන් ගොඩක් අඩු වෙලා. ඔයාට නොපෙනුනාට.
    ඔයාට වෙනත් රෝගයකට තවත් මුහුණ දෙන්න තරම් ප්‍රතිශක්තියක් නැති නිසා වෙන රෝගයක් සෑදී අපහසු වෙන්න පුළුවන්. තවත් සමහරුන්ට නිව්මොනියා තත්ව සෑදී සුව වී තිබෙන්න පුළුවන්. ඒගොල්ලන්ට නම් සමහරවිට මාසයක් දෙකක් ප්‍රතිකාර ගන්න වෙයි.

    අපිට CORONA හැදුනහම නිව්මෝනියා තත්ත්වයකට එන්නේ ඇයි?

    ඒකට ගොඩක්ම හේතුව තමයි (Pneumo Cocus)
    බැක්ටීරියා අපේ ඇඟට ඇතුළු වී එයා
    ජනපද (Colony) හදා ගන්නවා. එතකොට ඔයාගේ පෙනහළු තුළ පොඩි උදාගම් වගේ ගම්මාන හදාගෙන ඒ කොටස ඒගොල්ලන්ගෙ පාලනයට නතු කරගන්නවා.

    ඔය කියන (Pneumo Cocus) කොහේ ඉඳලද ඇඟට ආවේ ?

    ආ... එයා හැම තැනම ඉන්නවා. විශේෂයෙන් දූවිල්ල මකුළු දැල් - පරණ පත්තර පොත් අතරෙ. ඔයාගේ ඇඳේ කොට්ටෙත් ඉන්නවා. අපි හොඳින් ඉන්න ඒ කාලේ අපිට ශක්තිය තිබුණ නිසා අපිට කරදර කළේ නැහැ. දැන් අපි දුර්වලයි ඔන්න එයා වැඩ පෙන්නන්න බලනවා. අන්න නිව්මෝනියාව. ලෙඩේ ඔයාට හැදෙනවා. පලමුව කොරෝනා හැදුණු ගමන් දූවිල්ල කැලැත්තෙන්නෙ නැතුව ඇඳේ බෙඩ් ශීට් එක උඩින් අලුත් සේදූ බෙඩ් ශීට් එකක් අතුරන්න. කොට්ටෙ තිබුණ කවරෙට උඩින් අලුත් කොට්ටඋරයක් දමන්න. ෆෑන් එක නොදා ඉන්නවනම් හොඳයි. දුවිල්ල කැලතෙන නිසා. අවශ්‍ය නම් A/C දැම්මට කමක් නෑ.
    බ්ලෝවර් එක යටින් නොවේ. ආ... මට කියන්න අමතක උනා. මදුරු දඟර පත්තු කරන්න එපා.
    liquid මදුරු නාශක එපා. ඒවත් පෙනහළු අඩපණ කරනවා. සිගරැට් අවුරුද්දක් යනකම් කටේ තියන්න එපා. මත්පැන් අඩුම මාස 4 - 5 කට පසු ගත්තත් ලොකු ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්.
    නැතිනම් ඔයා වෙනත් රෝගයකට ගොදුරු වෙයි.

    ඔයා දැන් දන්නවනේ පළමු දින 14 ට පස්සේ ටවුන් ගානේ ඇවිදලා රස්තියාදු ගහලා PCR NEGITIVE වුණත් CORONA වල බාවී ප්‍රතිඵල (Side Effects) නිසා ඔයා යළිදු අසනීප වෙයි. ඔයාගේ ආයතනයේ බොස්ට කියන්න ලෙඩේ හැදිලා මාසෙකින් තමයි එන්න වෙන්නෙ කියලා. ඔයාට ලොකු ටෝක් දුන්නොත් මේ ලිපිය එයාට පෙන්වන්න. මට හොඳවයින් දෙකක් කියයි. කමක් නෑ මම ඔයගොල්ලන්ට ආදරෙයි.

    හැදිලා මුල දින 14 ම උණුවෙන් කන්න. උණුවෙන් බොන්න. නාන්න එපා. අන්තිම දවස් වල ඕන නම් උණු වතුර ටවල් එකක් පොගවා ඇඟ පිහදාගන්න. මට කොරෝනා හැදුනා මට චුට්ටක් වත් දැනුනේ නෑ. චුට්ටක් උණ ආවා කියලා පණ්ඩිත වැඩ කරලා අහු වෙන්න එපා. ඇයි දන්නවද ඔයාට නොපෙනුනාට ඔයාගේ ඇඟ ඇතුල දුර්වල වෙලා. රෝගය හැදිලා දින16-20 ගියාම උණු වතුරින් මුලින්ම ඇඟ හෝදලා පස්සේ දිනක දවල් 11 - 12 ට විතර නාල හොඳ ඉඟුරු කොත්තමල්ලි එකක් බොන්න. මාස 2 - 3 යනකන් පාටි දාලා අහු වෙන්න එපා. ඔයාගේ පෙනහලුවලට වඩා අක්මාව (Liver), අග්න්‍යාසය(Pancrease), හෘදය (Heart), වකුගඩු (Kidney), දුර්වල වෙලා තියෙන්නෙ. නැත්නම් මේවා තවත් දුර්වල වෙලා වෙනත් රෝග හැදෙයි. අපි ධෛර්යවන්තව ලෙඩේට මුහුණ දෙමු. ගේමට ගේමක් දෙමු. අනිත් අයවත් දැනුවත් කරමු. ලෝකෙටම ආදරේ කරමු.

    මම
    විශේෂඥ වෛද්‍ය සුදත් ගුණතිලක.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    තාත්තට කොරෝනා හැදිලා. 52 යි. සිගරට් බොනවා හෝ ගාලා.
    මුල් දවසේ ඇඳට වෙලා හිටියා.
    දැන් අන්න ගෙදර ඉන්න එකේ කියලා මුළු වත්තම සුද්ද කරනවා. වත්ත වටේ වලවල් කපලා පොල් ගස් හිටවන්න.
    o2 බලනවා හැමදාම. එච්චරයි

    වයිෆ් ගේ තාත්ත 64 ක් වගේ. පොරටත් positive උනා ගිය මාසේ. පොර ගෙදර හිටිය ටිකට කොරටුවක් හදලා.
     
    • Sad
    Reactions: hasithayad and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,488
    75,238
    113
    තාත්තට කොරෝනා හැදිලා. 52 යි. සිගරට් බොනවා හෝ ගාලා.
    මුල් දවසේ ඇඳට වෙලා හිටියා.
    දැන් අන්න ගෙදර ඉන්න එකේ කියලා මුළු වත්තම සුද්ද කරනවා. වත්ත වටේ වලවල් කපලා පොල් ගස් හිටවන්න.
    o2 බලනවා හැමදාම. එච්චරයි

    වයිෆ් ගේ තාත්ත 64 ක් වගේ. පොරටත් positive උනා ගිය මාසේ. පොර ගෙදර හිටිය ටිකට කොරටුවක් හදලා.
    Wayasak un kiyana eka ahanne ne ban. Katha karala wadak ne. Apith ohoma wei wayasata giyama :ROFLMAO:
     
    • Like
    Reactions: Dhanushka.N

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    තාත්තට කොරෝනා හැදිලා. 52 යි. සිගරට් බොනවා හෝ ගාලා.
    මුල් දවසේ ඇඳට වෙලා හිටියා.
    දැන් අන්න ගෙදර ඉන්න එකේ කියලා මුළු වත්තම සුද්ද කරනවා. වත්ත වටේ වලවල් කපලා පොල් ගස් හිටවන්න.
    o2 බලනවා හැමදාම. එච්චරයි

    වයිෆ් ගේ තාත්ත 64 ක් වගේ. පොරටත් positive උනා ගිය මාසේ. පොර ගෙදර හිටිය ටිකට කොරටුවක් හදලා.
    wadak na ban owa katha karala.. same here..
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    අපේ ගෙවෙල් ළඟම ගෙදරක අයියට කොරෝන හැදිල නිරෝධායනය වෙනව. මෑන්ස් ගෙ තාත්ත (85) මාස්ක් දාන්න කිව්වට ගනන් ගන්නෙ නෑ. පෙරේද දවල් ඒ වයසක මනුස්සයට හුස්ම ගන්න අමාරුයි කියල හොස්පිටල් යැව්වම එහෙන් ආයෙ හරවල එවල ක්‍රිටිකල් කන්ඩිෂන් එකක් නෑ කියල.

    ආයෙ රෑ 12ට අමාරු වෙලා ඇම්බුලන්ස් එකක් ගෙන්නුව. නොසැලකිල්ල නිසා තමයි වැඩි දෙනෙක් අමාරුවෙ වැටෙන්නෙ
     
    • Sad
    Reactions: MihiCherub and NRTG

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මචං මෙතැන කියනවා අපට රෝගය හැදිලා දවස් 11 - 12 වෙනකම් රෝගය අපෙන් බෝ කරනවා කියලා (incubation period). ඒත් බං දැන් Hospital, intermediate treatment centers, hotel treatment centers වල දවස් 10 පස්සේ ගෙදර එවනවා නේද?,
     
    • Like
    Reactions: NRTG

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    මචං මෙතැන කියනවා අපට රෝගය හැදිලා දවස් 11 - 12 වෙනකම් රෝගය අපෙන් බෝ කරනවා කියලා (incubation period). ඒත් බං දැන් Hospital, intermediate treatment centers, hotel treatment centers වල දවස් 10 පස්සේ ගෙදර එවනවා නේද?,
    තාත්තට පොසිටිව් කියලා report එක අවේ. දවස් තුනකට කලින්. ඊට කලින් ඉදන්ම symptoms තිබ්බා.
    26 වෙනිදා වැඩට එන්න කියලා.