Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහෙ හො කොතැනක නැති මරු ලෝකයක්..
    සොයා සොයා දුර දිග ගියෙ හිතා පතා සාමයක්..
    මොනරු පිල්ලි කුණු සල්ලි අත ගහන වාරයක්..
    හිතුවෙ නෑ එකෙක්ට හැදෙයි කියල රෝගයක්...
    ලෝකෙට ලොක්කෝ USA චීනේ
    කවුරුත් බලයට කෑදර යටවෙනවානේ...
    සිඟිති ණයබර වැඩිරටවල් ගිනිපොලි කළු සල්ලි

    සුදු වෙන්න හුණු ගාද්දි දැක්කෙ නෑ මිනි පෙට්ටි...
    දුප්පතා හිතවතා එක වේල දවසෙ කෑම..

    පෝසතා පින්වතා ශැංග්‍රිලා සැපට බීම...
    පොරවෙනා මනු සතා සිය දහස් මරෝනා..
    අළුවෙනා වැලලෙනා ජාතකේද කොරෝනා...


    හිතං හිටියෙ ඉගිලෙන්නද සැහැල්ලුවෙං උඩ...
    දැක්කෙ නැද්ද සති ගානක් පෙම්වතියගෙ වත...
    රස්තාපාර දෙන්ඩ එපා බෝක්කු ස්ලැබ් උඩ...
    මචං ශේප් එකට මේන්ටේන් කරපං මීටරෙ දුර...

    ආතල් එක නෝමල් දැං මාස ගණං ගෙදර...
    කවදද යන්නෙ එලියට අපි ගලවල ඹී කතුර...
    ආර්ථිකේ අවධානම් යන්නෙ මකර කටට...
    අවධානම සූදානම දෙවි පිහිටයි රටට.....