Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,200
    72,376
    113
    මාලඹේ
    හෙළයෙක්;25380268 said:
    කෝ උට්ටො ආතල් එකට ගහපු සයින්දමරදු ගැසට් එක කැන්සල් කරපු ගැසට් එක අරන් වරෙන් අපිට බල්න්න.


    කොන්ද පණ තියෙන අරක නගින කොල්ලෙක් නම් වරෙන් මේ thread එකේ කථා කරමු . නගින්නෙ නැති ටිපිකල් පොන්ස් ලා දෙන්නෙක් නම් මෙතනම කොමෙන්ට් දාපන් තනියම :lol::lol:
    මෙන්න Mega thread එක . කොන්ද පණ තියෙනවනම් වරෙන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1937822
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,693
    98,710
    113
    කොන්ද පණ තියෙන අරක නගින කොල්ලෙක් නම් වරෙන් මේ thread එකේ කථා කරමු . නගින්නෙ නැති ටිපිකල් පොන්ස් ලා දෙන්නෙක් නම් මෙතනම කොමෙන්ට් දාපන් තනියම :lol::lol:
    මෙන්න Mega thread එක . කොන්ද පණ තියෙනවනම් වරෙන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1937822




    උබේ පක්ශෙ ගැන උබල හොයන්නෙ නැතුව අපි හොයන්නද? ගිහින් හොයපන් අපිට වැඩක් තියෙන්නෙ සයින්දමරුදු ආතල් ගැසට් එක විතරයි. :rofl::rofl::rofl:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,811
    20,349
    113
    හස්තිශෛලපුර
    හෙළයෙක්;25380268 said:
    කෝ උට්ටො ආතල් එකට ගහපු සයින්දමරදු ගැසට් එක කැන්සල් කරපු ගැසට් එක අරන් වරෙන් අපිට බල්න්න.


    :P:P
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    කොන්ද පණ තියෙන අරක නගින කොල්ලෙක් නම් වරෙන් මේ thread එකේ කථා කරමු . නගින්නෙ නැති ටිපිකල් පොන්ස් ලා දෙන්නෙක් නම් මෙතනම කොමෙන්ට් දාපන් තනියම :lol::lol:
    මෙන්න Mega thread එක . කොන්ද පණ තියෙනවනම් වරෙන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1937822

    Relplied
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය යටතේ පවතින බස්නාහිර පළාත හා පුත්තලම දිස්ත්‍රික්කය ලබන සඳුදා (11) සිට කාර්යාල කටයුතු සඳහා ඇරඹීමේ සූදානමක් ගැන රජය ටික දිනෙක සිට දැනුම් දී තිබේ. ඒ ගැන නිල වශයෙන් අද (9) සවස හෝ හෙට (10) නිවේදන නිකුත් වීමට නියමිතය. දැනට ඒ ගැන පළවී තිබෙන ආරංචි මෙසේය.

    රජයේ කාර්යාල වල තත්වය

    රට විවෘත කිරීමෙන් පසු සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන් අතරින් සියයට 20ක් සේවය සඳහා කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සඳහන් කර තිබේ.
    එසේ සේවයට කැඳවන රාජ්‍ය සේවකයන්, තම සේවා ස්ථානයට ආසන්න ප්‍රදේශවල පදිංචි අය
    වනු ඇති බවත් ලේකම්වරයා පවසයි.


    එලෙස කැඳවනු ලබන සේවකයන්ගේ රාජකාරි කාලය පැය අටට සීමා නොකෙරෙන අතර ආයතන ප්‍රධානියා විසින් පවරනු ලබන රාජකාරි කටයුතු අවසන් කිරීමෙන් පසු ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි සේවය අවසන් කර බැහැර වීමට අවස්ථාව සැලසෙයි.
    ගැබිනි මවුවරුන් සහ කුඩා දරුවන් සිටින රාජ්‍ය සේවකයන්, මේ අවස්ථාවේ රාජකාරි සඳහා කැඳවීමක් සිදු නොවන බවත් තමන්ට පහසු ඇඳුමකින් සැරසී රාජකාරියට පැමිණිය හැකි බවත් දන්වා ඇත.
    සියලුම රාජ්‍ය ආයතන අද (9දා) සහ හෙට (10දා) සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර විෂබීජහරණ කටයුතු සිදු කිරීමට විධිවිධාන සලසා ඇති බවද ලේකම්වරයා සඳහන් කර තිබෙයි.
    ලබන සඳුදා රජයේ කාර්යාලවල සේවා කටයුතු ආරම්භ කිරීමෙන් පසු රාජ්‍ය ආයතන වෙත පැමිණීම සීමා කරන ලෙස මහජනයාගෙන් ඉල්ලීමක් කරන රාජ්‍ය පරිපාලන ලේකම් හෙට්ටිආරච්චි මහතා, අත්‍යවශ්‍ය සේවාවක් සඳහා රජයේ කාර්යාලයකට පැමිණීමට අවශ්‍ය වන්නේ නම් එම ආයතනයට දුරකථන ඇමැතුමක් ලබාදී පූර්ව අනුමැතියක් ලබාගෙන පැමිණිය යුතු බවද අවධාරණය කරයි.

    ලංගම බස් සීමිතයි

    11 වැනිදා ඇදිරි නීතිය ලිහිල් කළ ද රාජකාරී අවශ්‍යතා සඳහා පමණක් ලංගම බස් රථ යෙදවීමට මේ වන විට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ප්‍රවාහන පහසුකම් සැපයීමේ දී සෞඛ්‍ය නිර්දේශ අනුව පමණක් කටයුතු කරන බවද ඔහු මතක් කරයි.
    ලබන සදුඳා සිට ලංගම බස් රථ 1500 ක් ධාවනයට එක් කරන බව ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ. එච්. පණ්ඩුක මහතා සඳහන් කර තිබේ. සේවා ස්ථාන සඳහා පැමිණෙන සේවක පිරිස් ඉලක්ක කර කාර්යාල වේලාවන් තුළදී ධාවනය කිරීම සඳහා මෙම බස්රථ යොදවන බවත්
    දැනට අදාළ දිස්ත්‍රික්කය ඇතුළත පමණක් එම බස්රථ ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සඳහා රජය අවසර ලබාදුන හොත් පමණක් එය සිදු කරන බවත් ඔහු කියා ඇත.
    මේ අතර ආයතනවලට අවශ්‍ය නම්, යම් මුදලක් අය කිරීමකින් පසු එම ආයතන සේවකයින් ප්‍රවාහනය සඳහා බස් රථ ලබා දීමට ද හැකියාව පවතින බව ඔහු කීය.

    අධිවේගී මාර්ග 11 වැනිදා සිට අරඹයි

    රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුනු අධිවේගී මාර්ග පද්ධතිය නැවත 11 වැනිදා විවෘත කිරීමට නියමිතයි. අධිවේගී මාර්ග පද්ධතියම රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරීමට නියමිතය.

    අයිඩෙන්ටිටි කාර්ඩ් අනිවාර්යයි

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී සදහා පිටත්ව යන පුද්ගලයින් හැර සෙසු පිරිස් ජාතික හැදුනුම්පතේ අවසන් අංකය අනුව නිවසින් බැහැර වීම සිදු කල යුතු බවයි

    කොටස් වෙළඳපොළ අරඹයි

    වසා දමා තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ එළඹෙන 11 වන සඳුදා සිට විවෘත කිරීමට නියමිතව ඇති බව නිවේදනය කර තිබේ.
    මේ පිළිබඳව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි.
    මේ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි.

    සතොස විවෘතයි

    අනිද්දා (11) සිට දිවයින පුරා සතොස අලෙවිසැල් 400 ක් පමණ විවෘතකර තැබීමට කටයුතු යොදා ඇතැයි සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසා තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව සැපයීමට ද සූදානම් බවද ඔහු දන්වා ඇත.

    සුරාසැල් විවෘත නැත

    එළඹෙන සදුදා (11) සිට ජනජීවිතය යථා තත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීමට රජය තීරණය කර තිබේ.

    බේකරි විවෘත නැත

    ලබන 11 වන සඳුදා සිට සේවා කටයුතු ආරම්භ කිරීමේදී බේකරි ඇතුළු ආපන ශාලා විවෘත කිරීම සඳහා ගැටළු පවතින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
    සේවකයන් ගම්බිම් බලා ගොස් ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.


    මාර්ගෝපදේශන අත්පොතක්

    ලබන 11 වන සදුදා දිනයේ සිට කොරෝනා අවදානම් දිස්ත‍්‍රික් ඇතුළු රට පුරා රාජ්‍ය සහ පෞද්ගලික ආයතනය වැඩ කිරීමෙන් පසු ඒවායේ කටයුතු පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි කිරීමක් සිදු කර ඇත.
    ‘සේවා ස්ථානවල ‘කොවිඩ්-19’ ව්‍යාප්තවීම වැළැක්වීමට පෙර සූදානම ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශය’ ලෙස එය නම් කර තිබේ.
    අදාළ සම්පූර්ණ මාර්ගෝපදේශ ලේඛනය මෙතැනින්

    රජයෙන් ගැසට් එකක්

    කෙසේවෙතත් නිරෝධායන රෙගුලාසි ඇතුළත් කරමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට නියමිතයි .
    එහිදී පොදු ප‍්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන , පොදු ස්ථාන සහ වෙළද සැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද රෙගුලාසි නිකුත් කරනු ලබනු ඇත.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තවත් කොරෝනා ආසාදිතයින් 9ක් හඳුනා ගැනේ. ආසාදිතයින් සංඛ්‍යාව 844 දක්වා ඉහළට - සෞඛ්‍ය අමාත්‍යංශය #Covid19
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් හරි ත්‍රෙඩ් එක මොකද්ද :baffled: මුන් වලි දාගෙන ත්‍රෙඩ් දෙකක් දාගෙන දෙකට බෙදිලද :oo:
     
    Status
    Not open for further replies.