countries who helped LTTE revealed

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    කොටින්ට උදව් කළ රටවල් හෙළි වෙයි


    විසිපස්‌ වසරක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදී ක්‍රියා සිදු කිරීම සඳහා සහාය දුන් රටවල් කීපයක්‌ සහ ඊට සම්බන්ධ පාර්ශ්වයන් සම්බන්ධව සියලු තොරතුරු ශ්‍රී ලංකා රජය අනාවරණය කරගෙන ඇත.

    ප්‍රභාකරන් සමග ගනුදෙනු කළ මෙම රටවල් ගැන හෙළිවී ඇත්තේ ඔහුගේ රහස්‌ පෙට්‌ටියේ තිබූ ලිපිගොනු 347 අතරින් 320 ක්‌ බුද්ධි අංශ විසින් විමර්ශනයට ලක්‌ කිරීමෙනි. ශ්‍රී ලංකා රජය ප්‍රභාගේ රහස්‌ සොයාගත් මුල් අවස්‌ථාව මෙයයි. මේ ලිපි අතර විදේශ රටවලින් රාත්‍රිය විනිවිද පෙනෙන කාච සහිත දුරදක්‌න ලබාගැනීමට ඉල්ලුම් කළ හා එවා ලබාගත් ලිපිගොනු කිහිපයක්‌ ද වේ.

    කොටි ත්‍රස්‌තවාදීන් විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදීර්ගාමර් මහතා ඝාතනය කිරීම සඳහා භාවිත කර ඇත්තේ ද මෙවැනි විශේෂ දුරදක්‌න යෙදූ ස්‌නයිපර් අවියකි.

    මෙලෙස ලිපිගොනුවලින් හෙළිවී ඇති තොරතුරු අනුව ඇතැම් රටවල් හමුදා විශේෂ බළකා භාවිත කරන ලේසර් අවි ද ප්‍රහාරක යානාවල ආගමනය අනාවරණය කෙරෙන අධි තාක්‍ෂණික රිසීවර් යන්ත්‍ර ද කොටින්ට ලබාදී ඇත.

    අවසාන මොහොතේ දී ප්‍රභාකරන් බේරා ගැනීමට ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපෑම් කිරීමේ හේතුව මේ රහස්‌ ලිපිගොනුවලින් සනාථ වෙනවා යෑයි ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසීය.

    මේ අතර වානිජ නෞකා මුවාවෙන් කොටි ආයුධ ප්‍රවාහන නෞකා ලියාප ංචි කර ඇත්තේ ලතින් ඇමරිකාවේ සුරිනාමි බෙලියේ හා හොන්ඩුරාස්‌ යන රටවල යෑයි හෙළිවී ඇත.



    Source:http://www.divaina.com/2009/07/26/news02.html


    I think thats why USA and UK tried to rescue prabhakaran and stop the war till last minute
     

    Similar threads