Covid vaccine 💉

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,848
    35,738
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "කොවිඩ් එන්නත සාර්ථකයි
    "විද්‍යාවට සහ මනුෂ්‍යත්වයට අද අතිශය වැදගත් දවසකි"
    කොරෝනා වෛරසය සඳහා එන්නතක් නිපදවනු ලැබූ Pfizer සහ BioNTech සමාගම් සිය නිෂ්පාදනය 90% ක සාර්ථක ප්‍රතිපල පෙන්වීම විග්‍රහ කර තිබුණේ එලෙසිනි

    Covid vaccine: First 'milestone' vaccine offers 90% protection

    ලොව රටවල් 6 ක පුද්ගලයන් 43500 දෙනෙකු යොදාගෙන කළ අදාල එන්නතේ අත්හදා බැලීම්වලදී 90% ක් කොවිඩ්19 ආසාදනයෙන් වලක්වා ගැනීමට හැකි බව අනාවරණය වී තිබෙනවා. විශේෂත්වය වන්නේ ඉන් කිසිදු ආකාරයක ආරක්ෂක ගැටලුවක් මතු නොවීමයි.

    නිෂ්පාදන සමාගම් සැලසුම් කර ඇත්තේ මේ මස අග වන විට සිය එන්නත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටයි.

    එන්නතක්, සමස්ත මානව ප්‍රජාවම මේ මොහොතේ අත්විඳින සීමාවන්ගෙන් මිදීමට ඇති හොඳම ක්‍රමය ලෙස සැලකෙනවා.

    පර්යේෂණ අවසන් අවධියේ එන්නත් කිහිපයක්ම තිබුණද පළමුවෙන්ම සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇත්තේ Pfizer සහ BioNTech නිෂ්පාදනය බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

    මෙහිදී සිදු කෙරෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීම සඳහා වෛරසයේ ජාන කේතයේ (RNA) කොටසක් එන්නත් කිරීමයි.

    පර්යේෂණ දත්ත මගින් අනාවරණය වී ඇති ආකාරයට මෙම එන්නත හේතුවෙන් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ කොටසක් ලෙස සැලකෙන T සෛල නිපදවීමද ආරම්භ කරනු ලබනවා.

    පර්යේෂණ ප්‍රතිපල වලට අනුව මෙහි මාත්‍රා 2ක් සති 3ක් පුරා ලබාගත යුතුයි. එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, දකුණු අප්‍රිකාව සහ තුර්කිය යන රටවල සිදකළ මෙම අත්හදා බැලීම් වලදී දෙවන මාත්‍රාවෙන් දින 7කට පසු 90% ක ආරක්ෂාවක් ලබා ගත හැකි බව පෙන්නුම් කර තිබෙනවා.

    මේ වසර අවසන් වන විට මාත්‍රා මිලියන 50ක්ද ලබන වසර අවසන් වන විට මාත්‍රා බිලියන 1.3ක් සැපයීමට හැකිවනු ඇතැයි සමාගම් ද්විත්වය විශ්වාස කරනවා.

    කෙසේ වෙතත් එන්නත ගබඩා කළ යුතු වන්නේ සෙල්සියස් අංශක සෘණ 80 ක අධි ශිත තත්ත්වයක වීම මෙහි ඇති ප්‍රබල සැපයුම් අභියෝගයක්.

    ප්‍රතිශක්තිය කොපමණ කලක් පවතින්නේ ද යන්න සහ විවිධ වයස් කාණ්ඩ සඳහා එන්නතේ ඵලදායිතාව සම්බන්ධයෙන් තොරතුරු නිෂ්පාදන සමාගම් හෙළි කර නැහැ.

    නමුත් සමාගම් පවසන්නේ නොවැම්බර් 3 වන සතිය වන විට සිය එන්නත නියාමන අධිකාරීන් වෙත ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් තරම් ආරක්ෂිත දත්ත ලැබෙනු ඇති බවයි.

    අදාළ නියාමන අධිකාරීන් විසින් එන්නත භාවිතය සඳහා අවසරය ලබාදෙන තුරු කිසිදු රටකට එන්නත භාවිත කිරීමට නොහැකි වුවත් එක්සත් රාජධානිය මාත්‍රා මිලියන 30 ක ඇණවුමක් ලබා දී ඇතැයි බීබීසී ලෝක සේවය වාර්තා කරනවා.

    අන්තර්ජාලය ඇසුරෙන්(BBC)
    වෙනුර කණිෂ්ක ~

    The first effective coronavirus vaccine can prevent more than 90% of people from getting Covid-19, a preliminary analysis shows.
    The developers - Pfizer and BioNTech - described it as a "great day for science and humanity".
    Their vaccine has been tested on 43,500 people in six countries and no safety concerns have been raised.
    The companies plan to apply for emergency approval to use the vaccine by the end of the month.
    Stock markets soar on Pfizer Covid vaccine news
    A vaccine - alongside better treatments - is seen as the best way of getting out of the restrictions that have been imposed on all our lives.
    There are around a dozen in the final stages of testing - known as a phase 3 trial - but this is the first to show any results.
    It uses a completely experimental approach - that involves injecting part of the virus's genetic code - in order to train the immune system.

    Previous trials have shown the vaccine trains the body to make both antibodies - and another part of the immune system called T-cells to fight the coronavirus.
    Two doses, three weeks apart, are needed. The trials - in US, Germany, Brazil, Argentina, South Africa and Turkey - show 90% protection is achieved seven days after the second dose.
    Pfizer believes it will be able to supply 50 million doses by the end of this year, and around 1.3 billion by the end of 2021.
    The UK should get 10 million doses by the end of the year, with a further 30 million doses already ordered.
    However there are logistical challenges, as the vaccine has to be kept in ultra-cold storage at below minus 80C.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,155
    2
    10,782
    113
    Home Sweet Home
    sri lankan population

    21.67 million (2018)

    hari dan oka 35 million (2020) hithamu -> 20% ne da denawa kiwwe

    35 X 1,000,000 = 35,000,000 -> 20% --> 7,000,000

    dan okke enna thawa 6 months giyoth

    dan coronna leddu 14,101
    14,101 X ((100+3.80 (Daily Growth Rate)) / 100} X 7 X 4 X6


    6 months coronna leddu
    2,458,989
    2,458,989 < 7,000,000
    athi weyi ne da vaccine gana

    Daily Growth Rate 3.80 tibboth goda , recover wena gana gane gatte na :rolleyes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    MV5BOWExYzM3YWItNjE0Ny00NzdkLWJjZGQtYTRhMDVlM2NjZTg4L2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyNTc3MjUzNTI@._V1_.jpg