ඕව report කලාට වැඩක් නෑ බං. එහෙම තමයි ලංකාවේ ආර්ථිකේ එක්ක හැදිල තියෙන හැටි. ඒක හරියි කියල කියන්නෙ නෑ, ඒත් software බැලුවොත් අධිකරණ අමාත්‍යංශයේ පවා දුවන්නේ crack. උදාහරණයකට මම වැඩ කරන මිනින්දෝරු දෙපාර්තපෙන්තුව ප්ලෑන් අඳින්නෙ crack වල. AutoCAD ඉස්සර use කලේ. ඒත් AutoCAD වලින් case දැම්මට පස්සේ දැන් ZWCAD කියල chinese cad එකක් use කරන්නේ අවුරුදු 10,12 විතර ඉඳල. ඕව keygen run කරල install කරන හැටි පවා ඉස්සර workshop වල කළා. අපි ගිහින් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවටත් crack දැම්ම.

ඉතින් උඹ කාටද, complain කරන්නේ? හොඳම දෙය ටික ටික open source software වලට යන එක. දැන් ටික ටික department එක ඒකට try කරනව. ArcGIS වලින් QGIS වලට මාරු උනා මේ ලඟදි.
