Ctrl+Alt+Delete - ඇගිලි තුනේ ආචාරය
ඔබ පරිඝණක පරිශීලකයෙකු නම් අනිවාර්යෙන්ම ජීවිතයේ එක් වරක් හෝ Ctrl+Alt+Delete නැමති සුප්‍රසිද්ධ යතුරු සංකලනය භාවිතා කර ඇතුවාට සැකයක් නෑ. පරිඝණකය වෙනත් කිසිම විධානයකට ප්‍රතිචාර නොදන්වන විට,අපේ භාශාවෙන් පවසනවා නම් Computer එක Stuck වූ විට අපට ඇති එකම සහනය වන්නේ Ctrl+Alt+Delete සංකලනයයි. නමුත් ඔබ කෙදිනක හෝ මෙම යතුරු සංකලනයේ උපත සිදු වූ ආකාරය ගැන සිතා තිබෙනවාද?
පරිඝණක ඉංජිනේරු ඩේවිඩ්.ජේ.බ්රැඩ්ලි(David J. Bradley) මෙම තාක්ෂණය පරිඝණක ලොවට හදුන්වා දුන් මහමොළකරුවායි.වර්ෂ 1949 දී උපත ලැබූ මොහු උසස් අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව ජේෂ්ඨ පරිඝණක ඉංජිනේරුවෙකු ලෙස IBM ආයතනයේ සේවයට බැදුනි.
වර්ෂ 1980දී මොහු “Original 12” නමින් හැදින්වූ පරිඝණක ඉංජිනේරුවන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට අනුයුක්ත වූ අතර මෙම කණ්ඩායමේ කාර්යය වූයේ IBM Personal Computer එක නිපදවීමයි.
වර්ෂ 1981 පමන වන විට මෙම ඉංජිනේරුවන් කණ්ඩායම පහසු ආකාරයෙන් පරිඝණකය නැවත පන ගැන්විය(Reboot) හැකි ක්‍රමයක් පිලිබදව සොයා බැලූ අතර අවසානයේ ඩේවිඩ්.ජේ.බ්රැඩ්ලි මේ සදහා පසුව "ඇගිලි තුනේ ආචාරය(The Three-Finger Salute)" නමින් හැදින්වූ Ctrl+Alt+Delete යතුරු සංයෝගය ඉදිරිපත් කෙරුනි.
ඩේවිඩ්.ජේ.බ්රැඩ්ලි මේ සදහා Ctrl,Alt,Delete යන Keys භාවිතා කර ඇත්තේ හදිසියේවත් වැරදීමකින් මෙම Keys 3ම එකවිට Press වීමේ අවධානමක් නොමැති නිසා බව පැවසේ. මෙම අදහස හිතට නැගී ඒ සදහා අවශ්‍ය වන Source Code ලිවීම සදහා ඔහුට ගත වී ඇත්තේ මිනිත්තු කිහිපයකි.මුල් කාලයේ මෙම තාක්ෂණය භාවිතා කලේ ඉංජිනේරුවන් පමනක් වන අතර පසුව බිල් ගේට්ස්ගේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට මෙම තාක්ෂණය ඇතුලත් කිරීමෙන් සාමාන්‍ය පරිඝණක පරිශීලකයන්ට මෙහි ඵල භුක්ති විදීමට හැකි විය.
අද දින මෙම Ctrl+Alt+Delete භාවිතයෙන් Task Manager Open කර වෙනත් කාර්යයන් රැසක් කර ගත හැකි වනවා.
වසර 2004 දී ඩේවිඩ්.ජේ.බ්රැඩ්ලි ආයතනයෙන් විශ්‍රාම ගිය අතර ඔහුගේ වසර 29ක සේවා කාලය තුල Ctrl+Alt+Delete සංකලනය හදුන්වා දීමට වඩා විශිෂ්ඨ සොයා ගැනීම් රාශියක් කලත් ඔහු පරිඝණක ලොව තුල ප්‍රසිද්ධ වූයේ Ctrl+Alt+Delete සංකලනය නිසාවෙනි.