CYMOTHOA EXIGUA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay


    CYMOTHOA EXIGUA

    65370955_1885092891592441_2922615942305284096_n.jpg


    ප්‍රාග්ඓතිහාසික සත්වයෙකු නොවුනත් පරපෝශි දාරක සත්ව පරිණාමය තුල ඉතාමත් විශේෂිත අවස්ථාවක් නිසා මේ සිද්ධිය ගැන මම වෙනත් තැනක සටහන් කරපු කෙටි සඳහනක් මෙහිත් සටහන් කරනවා.

    කැලිෆෝර්නියො බොක්ක ආශ්‍රිතව ජීවත් වන Cymothoa exigua නැමැති මේ පරපෝශිතයා තමයි මේ පින්තූරයේ දැක්වෙන මත්ස්‍යාගෙ මුඛය තුල සිටින්නේ.මේ පරපෝශි ආකාරයන් මත්ස්‍යන්ගෙ කරමල් තුලින් ඇතුල් වෙලා දිවේ රැධිර නාලිකා හානිකර දිව වැටීමට සලස්වනවා. ඉන්පස්සේ දිව වෙනුවට තමාව ඒ ස්ථානයට සවි කරගන්නා මේ සත්වයන් මත්ස්‍යාගෙ දිව ලෙස ක්‍රි⁣යාත්මක වෙනවා. මත්ස්‍යයා මුව තුලට රුවාගන්නා අාහාර දත්වල ගැටීමට සැලැස්වීම වගේ දිවේ කාර්යභාරය මේ පරපෝෂිතයා විසින් සිදුකරනු ලබනවා.

    මත්ස්‍යන්ගෙ ඛේටය හා රුධිරය තමයි මොවුන් ආහාරයට ගන්නෙ. ලෝකයේ ජීවත්වන පරපෝශිතයන් අතරින් දාරක සත්වයාගෙ යම්කිසි අවයවයක් (Organ) ලෙස ක්‍රියාකරන එකම පරපෝෂිතයා වන්නෙ C.exigua. මේ පින්තූරයෙත් දකින්න පුළුවන් C.exigua සත්වයෙක් මත්ස්‍යාගෙ දිව කොටසට සවි වී සිටින ආකාරය.


    cymothoa-exigua-insect-parasite-eats-fish-tongue.jpg


    cymothoa-exigua-5aa48fcd2c392.jpeg
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    අම්මෝ මේක කියවලා මගේ දිවත් නිකන් මොකක්ද වෙලාවගේ දැනෙනවා
     
    • Like
    Reactions: hemalsilva

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,897
    72,013
    113
    මාලඹේ
    දෙය්යෝ සාක්කි
    අපේ දේශපාලකයින්ටත් මේවගේ පර පොෂ්සිතයෝ ටිකක් සෙට් වෙලා දිව කාල වත් දානවනම්
    අපේ හෙට දවස හොදයි..
     
    • Like
    Reactions: hemalsilva