එදා දන්මනේ dakar bike ගැන thread එකක් එතැනදී කෙනෙක් අහල තිබුන
bike එකේ ඉස්සරහ මීටරේ තියෙන තැන සාමාන්‍ය bike වලට වඩා වෙනස් නේද කියල (ඔව් ඉතින් වෙනස් වෙන්න ඕනේ නේ මේක සාමාන්‍ය එකක් නෙවේ නේ
) පල්ලෙහා තියෙන රුපය බලන්ඩකෝ
1.ඔතන තියෙන්නේ මීටරයක් ඕක හැබැයි එසේ මෙසේ එකක් නෙවේ ඕක GPS සම්බන්දතාවයක් (GPS CONNECTION ) තියෙන මීටරයක් මේකෙන් තමන් ගමන් කරපු දුර (සැම අදියරයක් පටන්ගැන්මේ ඉඳල) ඉතා නිවැරදිව කියන්න හැකියාව තියෙනවා ඊට අමතරව ඕකෙන් වෙන වැදගත්ම දේ තමයි මේ මීටරය reset වෙනවා සැම අදියරයක් අවසානයේදීම මේ නිසා rider ට දුර මගින් වෙන්න තියෙන අතපසුවීම් ගොඩාක් අඩුවෙනවා
2.ඔතන තියෙන්නෙත් මීටරයක් හැබැයි මේකේ පෙන්නන්නේ මලිමවේ අගය ඉලක්කමෙන්
3.ඕකට කියන්නේ ROAD BOOK HOLDER කියල
rider ට මුළු තරඟය පුරාවටම තමන් යන්න ඕනේ පාර හරියට හොයාගන්න උදව් වෙන්නේ ඔන්න ඔතන රඳවලා තියෙන සිතියම් රෝලෙන් , රෝලෙන් කියුවේ සිතියම රෝල් කරලා තමයි සවි කරලා තියෙන්නේ වම් අත පැත්තේ තියෙන switch වලින් පුළුවන් මේක හසුරුවන්න GPS එක මගින් ගිය දුර නිවැරදිව දැනගෙන යන්ද ඕනේ මාර්ගය හොයාගන්නේ මෙන්න මේ සිතියම් රෝලෙන්
ඕකෙන් පාර හොයාගන්න හැටි පස්සේ කියන්නම්
4. ඔතන සාමාන්යෙන් තියෙන්නේ bike එකේ ඉලෙක්ට්‍රොනිකව control කරන්න ගැජට් වල switches සහ අතිරේක මීටරය සාමාන්යෙන් අතිරේක මීටරය යොදාගන්නේ bike එකේ වේගය මැනගැනීමට speedo meter එකක් විදියට ඊට අමතරව Main Power , Lights , Fuel pump සහ සමහරවිට Horn එකට අයත්වෙන switches මෙතන තියෙනවා
5.දැකපු ගමන් පේනවනේ ඔතන තියෙන්නේ මොකක්ද කියල handle grip එක නේ
හැබැයි මේක හදල තියෙන්නේ ෆෝම් වර්ගයකින් කියල තමයි කියන්නේ එහෙම හදන්න හීතුවෙලා තියෙන්නේ
rider ගේ අත් වලට වෙන්න පුළුවන් හානිය අවමකරන්න ඊට අමතරව මේ bike වල handle grip සිහින් බවක් ගන්නවා කියල තමයි කියන්නේ
6. ඔය තියෙන්නේ steering damper හරි Steering Stabilizers කියල හඳුන්වන උපකරණය මේකෙන් bike එක ගල් වල ගමන් කිරීමෙදී සහ නොදකින ගැටිති වලින් ගමන් කිරීමේදී ඇතිවන කම්පනයන් දරාගෙන bike එක ස්ථාවරව පවත්වාගන්න උදව් වෙනවා කියල තමයි කියන්නේ
7. ඔය තියෙන්නේ ECU එකේ ස්විට්ච් එක bike එක සැම තරඟයට ඉස්සෙල්ල pre program කරනවා ඒ ඒ පරිසර ටත්වයන්ට අනුකුල වෙන්න ඔතන එහා පැත්තේ තියෙන රතුපාට බොත්තමෙන් පුළුවන් මේක වෙනස් කරලා rider ට ඕනේ විදියට bike එක හසුරුවන්න
8. ඔතන වම් පැත්තට වෙන්න තියෙන switch දෙකෙන් කරන්නේ TRIP METER එකේ SAVE වෙලා තියෙන අංකයන් උඩට සහ පල්ලෙහට කරන එක එහෙම කරන්ඩ උවමන වෙන්නේ rider ට තමන් ගිය දුර නිවැරදිව දැනගන්න පුවන් වෙන්න ගණනය කිරීම් කිරීමේ පහසුවට ඊට එහා පැත්තෙන් තියෙන switch එකෙන් වෙන්නේ ROAD BOOK HOLDER එකේ තියෙන සිතියම උඩට පල්ලෙහට කරන එක
අපි දැන් බලමු කොහොමද පාර හොයාගන්නේ කියල
මේ සිතියම කියවන එක හරියට චිත්‍ර කතා පොතක් කියවනවා වගේ මෙකේ තියෙන කොටු පේලියට කියවන්න තියෙන්නේ හරි ලේසි
පටන් ගන්න තියෙන්නේ වම් පැත්තේ උඩින්
තව දෙයක් කියන්න අමතක උන මේ සිතියමේ සැකැස්ම rider ට ඕනේ විදියට එයට ලේසි විදියට වෙනස් කරගන්න පුළුවන්
වම් පැත්තේ කොටුවේ ලොකුවට තියෙන්නේ තරඟය පටන් ගැන්මේ ඉඳල ගමන් අරන් තියෙන මුළු දුර ප්‍රමාණය
ඊට යට තියෙන පුංචි කොටු දේකේ වම්පත්තේ පොඩි කොටුවේ තියෙන්නේ උපදෙස් අංකය මේක තරඟයේදී වැදගත් කමක් නම් නැ එත් තරඟයේ ගමන් මාර්ගය වෙනස් වෙච්ච වෙලාවක මේ සිතියම update කරන්න වෙනවා තරඟය පටන් ගැනීමට ඉස්සෙලා අන්න ඒ වෙලාවට තමයි මේ කොටුව ඕන වෙනවා කියල කියන්නේ
එතනට එහා පැත්තේ දකුණු ඇත පැත්තට වෙන්න තියෙන පොඩ් කොතුවෙන් පෙන්නන්නේ පෙර උපදෙසේ ඉඳල වර්තමාන
උපදෙස දක්වා කොච්චර දුරක් තිබුනද කියල
මැද්දේ තියෙන කොටුවේ පෙන්නන්නේ rider ගේ ගමන් මාර්ගයේ දල සැකැස්මක් මේක හරියටම පරිසර ටත්වයත් සමග ගැලපෙන්නේ නැ rider තේරුම් ගන්න ඕනේ මේ රුපය බලල ගමන් ගන්න ඕනේ හරි මාර්ගය මොකක්ද කියල
දකුණු පැත්තේ කොටුවේ තියෙන්නේ උපදෙස් . මැද්දේ රුපය බලලා දකුණු ඇත පැත්තේ තියෙන රුපයේ උපදෙස් ක්‍රියාත්මක කරන්න ඕනේ හරි මාර්ගයේ ගමන් ගන්න නම්
එතනම යට C කියල පටන් අරන් තියෙන්නේ මාලිම පාටන්කය මේක ගැලපෙනවද කියල බලාගන්න පුළුවන් උඩ තියෙන මීටර් දෙකේ දකුණු ඇත පැත්තේ තියෙන මීටරයෙන්
උපදෙස් ටිකක් තමයි මේ පල්ලෙහා තියෙන රුපයේ තියෙන්නේ
