dakunu kariya

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පොහොර නොදුන් සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් තංගල්ල නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්‌යේෂණ නිලධාරිනියක ඊයේ (27) ‍තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. ඇය සිය නැන්දම්මා සමග පාරේ යද්දී මග රැක සිටි සැකකරු පිහි ප්‍රහාර එල්ල කර ඇය මරා දමා තිබුනේ ම්ලේච්ඡ ලෙසිනි.

    මේ දිනවලදී ගොවීන් වෙනුවෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයන්හිදී නොමිලයේ ගොවීන්ට පොහොර ලබා දෙන අතර නෙටොල්පිටියේ පිහිටි තංගල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී ද මෙලෙස පොහොර බෙදා දී ඇත. ‍මෙලෙස පෙරේදා (26 වැනිදා) දිනයේදී ගොවීන්ට පොහොර බෙදාදීමේදී දේශපාලනයට සම්බන්ධ පුද්ගලයකු මිතුරෙකුට පොහොර ඉල්ලා නිලධාරිනිය සමග බහින්බස් වී ඇත.

    ඔහු ඇයට බැණවැදී එතැනින් පිටව ගොස් තිබිණි.
    කෙසේ වුවද ඇය ඊයේ (27 වැනිදා) පෙරවරුවේ රැකියාව සඳහා නිවෙසින් පිටත්ව යන අවස්ථාවේදී නිවෙස ආසන්නයේ මග රැක සිටි එම පුද්ගලයා ඇයට තියුණු ආයුධයකින් පහර දී මෙම අපරාධය සිදු කර තිබුණි.

    හම්බන්තොට රෝහලේ සේවයේ නිරත සිය මිතුරකුට රජයෙන් නොමිලයේ දෙන පොහොර ලබා ගැනීමට අවශ්‍ය ලිපියක් ලබා නොදුන්නේ යැයි මැයගේ ගෙලට පිහියකින් ඇන මෙසේ මරාදමා ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සජබ අපේක්ෂකයකු වන ජයවර්ධන පතිරණගේ සරත් (41) නොහොත් ඩැනී බේබි නමැත්තාය.

    ධීවර කාර්මිකයෙක් වන ඔහු පොහොර නොමිලයේ ලබාගැනීමට ලිපියක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනී දීපශිකා ලක්රුවනි විජේදාස (30) මහත්මිය හමුවෙමින් කරදර කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ. රෝහල් සේවකයා ගොවියෙක් බව සඳහන් කරමින් තමාට ලිපියක් නිකුත් කළ නොහැකි බව දිගින් දිගටම ඇය ඩැනී බේබි නමැති සැකකරුට පවසා ඇති බව ද විමර්ශනවලින් අනාවරණය වී ඇත.
    මෙම පුද්ගලයා පෙරේදා (26) රාත්‍රී කාලයේ දී ඇය පදිංචිව සිටින නෙටොල්පිටිය වැලි ආරේ නිවසටද අවස්ථා දෙකක දී ගොස් පොහොර ලබාගැනීමට ලිපිය ඉල්ලා ඇති බව ද පොලිසිය කියයි. එහි දී ඇය පවසා ඇත්තේ ඒ ගැන කතා කිරීමට පසුදින සිය කාර්යාලයට පැමිණෙන ලෙසය.


    ඊයේ (27) උදෑසන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරිය සිය නැන්දම්මා සමඟ පාගමිනින් කාර්යාලය බලා යමින් සිටිය දී මඟ රැක සිටි ඩැනී බේබි නමැති සැකකරු ඇගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පොලිසිය කියයි. පිහි ඇනුම් කා බිම ඇද වැටී වේදනාවෙන් දඟලමින් සිටි ඇගේ ගෙල නැවතත් ඔහු අවස්ථා කිහිපයකදීම කපා ඇති බව ද පොලිසිය කියයි.
    ‘දුවයි මායි බස් එක ගන්න පාරට යනකොට බෝක්කුව උඩ ඩැනී බේබි ඉදගෙන හිටියා එයා අපිව දැකලා අපේ ඉස්සරහට ආවා. එයා ලගටම ඇවිල්ල එකපාරටම ඉනේ තිබ්බ පිහියක් අරගෙන දුවගෙ බෙල්ලට ඇන්නා පස්සේ පස්සේ මුහුණටයි හැම තැනටම අනින්න ගත්තා. මම ඒක නවත්වන්න හදනකොට මටත් අනින්න හැදුවා.
    දුව ලේ පෙරාගෙන බිම වැටුනා ඩැනී බේබි බිම වැටිලා හිටපු දුවගේ බෙල්ල ඔලුව එහාට මෙහාට තල්ලු කර කර කැපුවා. පස්සේ එයා මට අනින්න යනකොට මම දුවලා බේරුණා” යැයි කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියක් වන දීපශිකා ලක්රුවනි විජේදාස මහත්මියව මිලෙච්ඡ ලෙස ඝාතනය කළ අයුරු ඇසින් දුටු අගේ නැන්දනිය වන ඩී.පී.දයාවතී මහත්මිය පොලිස් නිලධාරීන් ඉදිරියේ පවසා සිටියාය.

    ගෙල කැපී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි මෙම කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදක සහකාරවරියව රෝහලට රැගෙන යාමට පවා කිසිවකුටත් ඉඩ නොදී ඩැනී නමැත්තා ලේ බේරෙන පිහියද තබාගෙන ඇය අසලට පැමිණෙන අයට පවා අනින්නට පැන ඇති බව පොලිසිය කියයි.
    මෙසේ ඇයව ඔහු මරා දමා ඇත්තේ ඇය පදිංචිව සිටි නිවසේ සිට මීටර් 150ක් පමණ දුරකිනි. ඇයව මරා දමා ඇත්තේද සැකකරු පදිංචි නිවස ඉදිරිපිට මාර්ගයේ දී බව පොලිසිය කියයි.


    ලේ බේරෙන පිහියද අතේ තබාගෙන සිටි මෙම සැකකරුව පාලනය කිරීමට උදෑසන රාජකාරි සඳහා නිවසේ සිට යමින් සිටි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරියෙක්ද උත්සහ දරා ඇතත් එම නිලධාරියාටද ඔහු පිහියෙන් ඇනීමට තැත්කර ඇත. මේ අතර තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිලධාර්න් දෙදෙනෙක් යතුරු පැදියකින් මෙම ස්ථානයෙන් ගමන් කරමින් සිටිය දී විශාල පිරිසක් රැස්වී සිටිනු දැක ඒ පිළිබඳ විමසිලිමත් වී ඇත.

    එහි දී මෙම ඝාතනය දැක ඇති ඔවුන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීයාගේද සහාය ඇතිව ඩැනී ඩේබ් නමැති සැකකරුව දැඩි පර්ශ්‍රමයකින් අනතුරුව පාලනයකර අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුව අද (28) තංගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    තංගල්ල මහේස්ත්‍රාත්වරයාද ඊයේ මෙම අපරාධය සිදුවූ ස්ථානය නිරීක්ෂණය කර තිබුණි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,825
    9,983
    113
    මිද්දෙනියවීරකැටිය
    සිල්වාමුතුමාලකුඩග්අල් ආරඅඩු කුලේ
    විතාරන් දෙනියජුලම් පිටියනේටොල්පිටිය
    බයි කිංඩම්මැදමුලන
     
    • Haha
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,805
    152,380
    113
    මේවට කියන්න වචන එන්නෙ නෑ. ඉන්න හිතෙනම රටක් කියලා තමයි කියන්න තියෙන්නෙ. 🙁😐😑 ජීවිතේ නැතිවුණු නිලධාරිණියට මේ වගේ කාලකණ්ණි ඉන්න රටක නැතුව, හොද යහපත් මිනිස්සු වැඩිපුර ජීවත් වෙන රටක උපදින්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!
     
    • Like
    Reactions: Solo Rider

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,542
    113
    malu karayo ohoma thamai ubala dekala nedda dilip wedaaarachchi limit ekak na , uge putha hiway eke part ekak demme mathka nedda oya wage thamai e side eke un :lol:
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,415
    3,364
    113
    මිද්දෙනියවීරකැටිය
    සිල්වාමුතුමාලකුඩග්අල් ආරඅඩු කුලේ
    විතාරන් දෙනියජුලම් පිටියනේටොල්පිටිය
    බයි කිංඩම්මැදමුලන
    pulsar