Daraz / AliExpress / Temu New Tax Method

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    "Raspberry Pi ආදී ආනයනික උපාංග මත 38.9% ක බද්දක්" යනුවෙන් පළවන නොමග යවනසුළු ප්‍රකාශ සම්බන්දවයි.

    ඉහත ප්‍රකාශය පදනම් කරගෙන, රජය විසින් පාසල් දරුවන්ගේ ඉලෙක්ට්‍රොනික්, රොබොටික්ස් සහ ඩිජිටල් නවෝත්පාදන පිළිබඳ අද්‍යාපනයට බලපාන Arduino, Raspberry Pi සහ එවැනි වෙනත් උපාංග සඳහා නව බදු හඳුන්වාදී ඇත යනුවෙන් සමාජ මාධ්‍යන්හි සාවද්‍ය පුවත් පළවෙමින් ඇත. ඒ සම්බන්දව පහත සඳහන් තොරතුරු වෙත ඔබේ අවධානය යොමුකරනු කැමැත්තෙමු.

    ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල භාන්ඩ අලෙවිකරන සේවා (E-commerce platforms) හරහා ලංකාවට ආනයනය කරන කුඩා පරිමානයේ පාර්සල් එම සමාගම් විසින් එකතුකොට විශාල පැකේජ වශයෙන් (bulk courier) ගුවන් මගින් (air cargo) මෙරටට එවීම සිදුකරන අතර එම සමාගමට අදාල ශ්‍රී ලාංකික නියෝජිත සමාගම විසින් බදු මුදල් ගෙවා එම පැකේජය (as a single unit) නිදහස් කරගනු ලබයි. එහිදී එක් පැකෙජයක් තුළ විවිධ පාරිභෝගිකයන්ට අයත් විවිධ පාර්සල් විශාල ප්‍රමාණයක් අඩංගු වේ. මෙසේ දිනකට ලැබෙන භාණ්ඩ ප්‍රමානය එක් සමාගමකින් ටොන් හතක් වැනි විශාල අගයක් ගන්නා අතර පෙරදී එම සියලු භාණ්ඩ සඳහා පොදු ක්‍රමවේදයක් (formula) මගින් බදු අයකරගැනීම සිදුවී ඇත. මෙම ක්‍රමවේදයේදී එම සමාගම්වලින් රජයට අයවන බදු ප්‍රමාණය අඩු අගයක් ගන්නා අතර එහි ප්‍රථිලාභය පාරිභෝගිකයාට හිමි නොවේ.

    2025 අප්‍රියෙල් 25 වන දින මෙම කුරියර් සමාගම්වල (Courier association) එකඟතාව සහිතව බදු අයකරගැනීමේ ක්‍රමවේදය යතාවත් කරගැනීම සඳහා ගනු ලැබූ තීරණයක් අනුව එක් එක් භාණ්ඩයේ වටිනාකම HS Code වෙන වෙනම සළකා නිසි පරිදි බදු අයකරගැනීමේ ක්‍රියාවලිය 2025 ජුනි 17 දින සිට ක්‍රියාත්මකවන පරිදි ආරම්භ වී ඇත. (මෙහිදී පරිගණක මගින් අදාල පැකේජයේ අඩංගු දෑ ඊට අදාල ලිපිගොනු මගින් සොයාගෙන අදාල බදු ගණනය කෙරෙන අතර පාර්සල් ලිහා බැලීමක් සිදු නොවේ) මෙම ක්‍රමවේදයට අනුගතවීම සඳහා සමාගම්වලට මාස එකහමාරක පමණ කාලයක් ලබා දී ඇති අතර එම කාලය තුළ රේගුව විසින් තාක්ශනික පරිවර්ථන කටයුතු සම්පාදන කරගෙන ඇත.

    මෙහිදී Arduino හෝ එවැනි තෝරාගත් භාන්ඩ වෙත විශේෂ බදු පැනවීමක් කිසිසේත්ම සිදුවී නැත. එබැවින් ඉහත ආකාරයේ සමාජ මාධ්‍ය පුවත් සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු අසත්‍ය බව කිව යුතුය. බදු අයකරන ක්‍රමවේදය යතාවත්කිරීමේදී එම මහා පරිමාණ භාන්ඩ බෙදාහරින සමාගම් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු මුදල (පාරිභෝගිකයා දරන මිළ නොවේ) කිහිප ගුණයකින් ඉහල යාම නිසා සමහර සමාගම් විසින් ජුනි 16 වැනිදා සිට අද දක්වා (25) සිය භාණ්ඩ මුදාගැනීමට සතියක පමණ නිශ්කාශණ ප්‍රමාදයක් සිදුවී ඇති අතර රජයේ පාර්ශවයෙන් බදු ප්‍රතිශත ඉහළ දැමීමක් හෝ භාණ්ඩ රඳවාගැනීමක් සිදුවී නොමැත. (ජුනි 16 සිට එලෙස කල් ලබාගනිමින් සිටි ආයතනයක් අද දින නිසි පරිදි බදුගෙවා භාණ්ඩ නිදහස් කරගෙන ඇත)

    FedEx, DHL වැනි ක්‍රමවේද ඔස්සේ තනි තනි වශයෙන් පැමිනෙන භාන්ඩවලටද පෙර පරිදිම නිශ්කාශණ කටයුතු සිදුවන අතර ක්‍රමවේදයේ හෝ බදු ප්‍රතිශතවල කිසිඳු වෙනසක් සිදුකර නැත. (මෙවැනි භාණ්ඩවලට අදාල බදු මුදල පාරිභෝගිකයා විසින් ගෙවිය යුතුය).

    බොහෝ කාළයක් පැවති දුර්වල ක්‍රමවේද නිවැරදි කරගනිමින් රජය නිසි ක්‍රමවේදයට අනුගතවීමේදී තාක්ෂණික අභියෝගද මතුවිය හැකි බැවින් මහජන සහයෝගය මෙන්ම සමාගම්වල සහයෝගයද බලාපොරොත්තු වෙමු.

    එසේම තාක්ශණික අධ්‍යාපන උපකරණවල බදු ඉහළ දැමීමක් සිදුවී නොමැතිබව අවධාරණය කෙරේ.​

    Source
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    "මෙම ක්‍රමවේදයේදී එම සමාගම්වලින් රජයට අයවන බදු ප්‍රමාණය අඩු අගයක් ගන්නා අතර එහි ප්‍රථිලාභය පාරිභෝගිකයාට හිමි නොවේ"

    api gana hithalane me okkoma.. paw anduwa :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    මෙම ක්‍රමවේදයේදී එම සමාගම්වලින් රජයට අයවන බදු ප්‍රමාණය අඩු අගයක් ගන්නා අතර එහි ප්‍රථිලාභය පාරිභෝගිකයාට හිමි නොවේ.

    දැන් පුකරුදයෙන් ප්‍රතිලාභය දෙයි පස්සෙන් පන්න පන්න.

    අඩුවට දෙයක් ගෙන්න ගන්න තිබ්බ එකටත් ඇරියා අන්තිමට.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    රෙද්ද තමයි කියලා වමේ භාෂාවෙන්ම ලියන්නෙ කොහොමද බං 😏

    Twitch Fuck You GIF
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,734
    5,698
    113
    මම ඕක ජෙප්පෙන්ගෙන් ඇහුවා.
    "ඕයි.ඕක කියපං import කරන්නෙ නැති. Import කරන process එක නොදන්න උඹල වගේ ගමේ ඉන්න බේරෙන් නෑව බයියන්ට...

    මෙච්චර කාලයක් parcel වලටත් tax කලා... ඒත් දැන් ඉස්සරට වඩා බඩු ප්‍රමාණයක් එන නිසා රේගුවේ කාර්‍යක්ශමතාවය නම් මදි...

    ගලවල බලන්නෙ නැතිව scan කරල tax කරන system එක ක්‍රියාවට නගන්න තමයි ඔය කියන සාකච්චාව දැනට යන්නේ...

    ඕක පාර්සල් වලට විතරක් නෙමෙයි. රට ඉඳල එන අයගෙ bag පවා පරීක්ශා කාරන්නයි අරමුණ.."

    ඔන්න ඕක තමා උත්තරේ උනේ. මට තේරෙන්නේත් නැහැ අග මුල.
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    558
    402
    63
    Munta ne ton 7 gena ekata thamai aspa ganan tax ghanna one sakkili loku company wala lankave tax gewalada minissungen huran kana price deela tiyenne
     
    • Wow
    Reactions: Yin And Yang

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    bulk එකේම ටැක්ස් පොදුවෙ බෙදිල යනවද නැත්තන් HS Code අනුව එක එක්කෙනාට ටැක්ස් වෙනස් ද?
    මොනව උනත් Daraz උන් නිසා පට්ට ලේසි දෙයක් ගෙන්න ගන්න. උන්ගෙ සර්විස් එක මරු.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    bulk එකේම ටැක්ස් පොදුවෙ බෙදිල යනවද නැත්තන් HS Code අනුව එක එක්කෙනාට ටැක්ස් වෙනස් ද?
    මොනව උනත් Daraz උන් නිසා පට්ට ලේසි දෙයක් ගෙන්න ගන්න. උන්ගෙ සර්විස් එක මරු.

    HS Code අනුව එක එක්කෙනාට ටැක්ස් වෙනස්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,418
    22,932
    113
    HS Code අනුව එක එක්කෙනාට ටැක්ස් වෙනස්
    එහෙම කියල නෑ හැබැයි ඕකෙ. Company එකෙන් අය කරගන්නෙ එහෙම උනාට Daraz එකෙන් ඕක share කරයි කියල මට හිතෙනව. මොකද කලිනුත් ඇත්තටම උනේ එහෙම දෙයක්. උන් Free Shipping දීල Profit එකෙන් ටැක්ස් බේරුවා. මට හිතෙනව සමහර වෙලාවට අපේ පැත්තට මුකුත් වෙනසක් වෙන්නෙ නැති වෙයි කියලත්. කලිනුත් tax free ආවා නෙමෙයිනෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,182
    113
    එහෙම කියල නෑ හැබැයි ඕකෙ. Company එකෙන් අය කරගන්නෙ එහෙම උනාට Daraz එකෙන් ඕක share කරයි කියල මට හිතෙනව. මොකද කලිනුත් ඇත්තටම උනේ එහෙම දෙයක්. උන් Free Shipping දීල Profit එකෙන් ටැක්ස් බේරුවා. මට හිතෙනව සමහර වෙලාවට අපේ පැත්තට මුකුත් වෙනසක් වෙන්නෙ නැති වෙයි කියලත්. කලිනුත් tax free ආවා නෙමෙයිනෙ.

    Or they could charge the tax from the platform itself, so we'll be pre-paying the tax from AliExpress directly

    m13RAjp.png