Dear John Movie එක බැලුවද ???

Jun 26, 2012
591
162
0
channing-tatum-amanda-seyfried-dear-john-poster.jpg

සිනමාව අපට කොච්චර සමීපද. අඳුරු කළ ශාලාවක විසල් තිරයක් මත දිග හැරෙන රූප සිත්තම්. අපේ ජීවිත වලට කොතරම් බලපෑම් කරනවද. ඒ සොඳුරු මායාත්මක අත්දැකීම විඳගන්නට ඒ හරහා ජීවිතය කියවන්නට අපි උත්සාහ දරන්නෙමු.

ඒ සුවිසල් අත්දැකීම එලෙසින්ම විඳ ගැනීමට නොහැකි වුවත් නිවසේ රූපවාහිනිය, DVD යන්ත්‍රය හරහා ලොව පුරා දිඟ හැරෙන සොඳුරු සිනමා සිත්තම් DVD පටය හරහා විඳගන්නට පාලමක් සකස් කිරීමක් බඳුය.

ලියන්න හිතුනා Dear John සිනමා පටය ගැන. :D මේ චිත්‍රපටය තාරුණ්‍යයේ සිතුම් පැතුම්.. ආදරය.. ජීවිතය ගැන අලුත් මානයකින් කතා කරනවා. හරිම සුන්දරයි.. සුන්දරත්වය ඇතුළෙ තියෙන මායාව ඔයාලට දැනුණහම හරිම වේදනාකාරියි නේද??

ඔයාලා අතට පත්වෙන ලියුමකින් හැමදේම වෙනස් වුණොත් ඔයාලා මොනවද කරන්නෙ.......? ඒ Dear John චිත්‍රපටයේ හේතු පාටයයි.

චිත්‍රපටය ඇරඹෙන්නෙ වෙඩි වැඳුණු හමුදා සෙබළෙක්ගෙන්. ද්වන්ධ සටනක යුධ කලාපයක.. වෙඩි තැබීමේ සද්දෙ.. ජීවිතයේ අවසාන මිනිත්තු කිහිපයෙදී ඔහු අතින් (සිතින්) ලියවෙන අවසාන ලියුම. එය ලියන්නෙ.. කාටද..? ඒ ඔයාට.. :)

සුන්දර මුහුදු වෙරළක විනෝදවන්නට පැමිණ තරුණ තරුණියන් පිරිසකි. ඒ අතර සිටින සවන්නා අතිශය ළගන්නා සුදු සුරූපිනියකි. තරුණයෙකුගේ සිහින ලොව සැරිසරන පෙම්වතියයි. ඇමෙරිකන් හමුදාවේ විශේෂ කාර්ය බළකායේ සේවය කරන ජෝන් සිය නිවාඩු දින කිහිපයේ සිය නිවසට පැමිණ ජල ක්‍රීඩාවන්හී යෙදීම සඳහා මුහුදු වෙරළට පැමිණ ඇත. හුදෙකලා, දරදඬු හා මුරණ්ඩු ගති පැවතුම් ඇති අයෙකි.

අනපේක්ෂිත අවස්ථාවක සිය තාරුණ්‍යයේ ජීවය හරහා සවන්නාට උදව්වක් කිරීමට ජෝන්ට හැකිවේ. එය දෛවෝපගත වන්නේ ජෝන්ගේ සිහින ලොව පෙම්වතිය සවන්නා හා සමවීමෙනි. ඔහු අතිශය රොමැන්තික බවටත්, උද්දාමයටත්, කලබලයටත් පත්වෙයි.

ජෝන්....... සවන්නා ඉතා හොඳින් ගැළපෙන පෙම්වතුන් යුවළක් බව පෙනේ. සිය සති දෙකේ නිවාඩුව තුළ ජෝන්ගෙත් සවන්නාගෙත් ප්‍රේමය දළුලා වැඩෙන්නේ එය අනාගතයේ විවාහයකින් අවසන් වනු දැක්මක් සඳහාය.

මේ සිදුවීම අරමුණක් නැතිව සිටි ජෝන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. සිය ලෝකය සවන්නා ගෙන් පිරී යයි. නිවාඩු අවසන ජෝන් සිය පෙම්වතියගෙන් සමුගෙන රාජකාරි සඳහා පිටත්ව යන්නේ දැඩි වේදනාවකින්. යුද හමුදා කඳවුර තුළ සිටි දිනපතා ඇය ඔහුටත් ඔහු ඇයටත් හසුන්පත් ලියයි. සිය ජීවිතය තම පියා එකතු කරන කාසියක් බඳුයැයි සිතෙයි. සවන්නා විවාහය සඳහා ඔහු එනතුරු බලා සිටියි.

නොසිතූ මොහොතක ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් වේ. ගෞරවාන්විත මිනිසුන් රැසක් ජීවිත අහිමි කරමින් සිදුවූ මෙම සිදුවීම ජෝන්ගේ සොඳුරු සිහින බිඳ දමයි. ජෝන් සිය ප්‍රේමය හා රට අතර අතරමං වෙයි. ඔහුට ඉන් එකක් තෝරාගැනීමට සිදුවෙයි. ඔහු රට වෙනුවෙන් යුධ පිටියට යයි. ඇයගෙන් ඔහුට ලිපි ලැබීම නවතියි. ඇයගේ අවසන් ලිපිය ලෝකයේ තැනුන කාසි එකතු කරමින් සිය හුදෙකලා දිවිය ගතකරන ජෝන්ගේ පියා.. සිය කුඩා පුතු සමඟ තනිව වෙසෙන සවන්නාගේ අසල්වාසී ටින්...

ආදරය අපි නොහිතන තැනක සිට අපිව වෙනස් කරවන බව පෙනෙයි. එහි හැඟීම කෙබඳුද?

යුද්ධය අවසන් කොට පැමිණෙන ජෝන්ට දැකගත හැකි චිත්‍රය කුමක්ද? ජීවිතය අතර හා කාසි අතර ඇති සබදතාව කෙබඳුද? තාරුණ්‍යයේ සිතුම් පැතුම් ආදරය මනුෂ්‍ය හැඟීම පිළිබඳ වෙනස් මඟක් ගත් චිත්‍රපටයක්.

අතිෂය ජනාදරයට හා අලෙවියට පත් නවකතා රචනා කරන Nicholas Sparks ගේ නවකතාවක් ඇසුරෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙනවා. The Note Book ඔහු විසින් රචනා කළ ප්‍රකට නවකතාවක්. එයත් සිනමාවට නැඟුණා. ඉතින්.. Dear John චිත්‍රපටය බලන්න. ඔයාලට අලුතින් දෙයක් හිතන්න පොලබවයි කියලා මං හිතනවා.

 

thomian

Well-known member
  • May 20, 2011
    12,461
    17,569
    113
    මේක බැලුවා ....‍ෆිල්ම් එක නම් උපරිමයි..:love::love:....Sparks ගෙ ‍ෆිල්ම් ඔක්කොම ටික බැලුවා.:yes:.දැන් බලන්න තියෙන්නෙ The lucky One තමයි...:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ටිකක් කාලෙකට කලින් මම ඕක බලන්න හිතලා බෑවා ඒත් බැලුවේ නෑ...