Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Department Of Motor Traffic - Werahara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දවසක මම ගියා වේරහැර RMV එකට. මගේ ලයිසන් එකේ වැඩකට. එතනට ගියාම මට තේරුම් ගිය දෙයක් තමයි ගොඩක් මිනිස්සු නොදැනුවත් කම නිසා බොහෝ අපහසුතා වලට පත් වෙනවා. ඒ වෙලාවේ මට හිතුනා මට පුලුවන් තරමින් දැණුවත් කිරීමක් කරා නම් හැමෝටම වැඩක් වෙයි කියන එක. ඒ නිසා හිතුවා ත්‍රෙඩ් එක කරන්න. එහෙනම් ඔන්න වේරහැර වැඩ සිද්ධවෙන පිලිවෙල.

මේ පින්තූරේ මම ගත්ත එකක්. ඔය තියෙන්නේ වේරහැර RMV එකේ පෝලිම. මුලින්ම පෝලිම ගැන කතා කරමුකෝ. මේ පෝලිමට මිනිස්සු එන්නේ පාන්දර 4 ඉඳලා. මේ පෝලිම සතියේ දවස් 5 ම එකම විදිය. සඳුදාටයි සිකුරාදාටයි පෝලිමේ සෙනඟ වැඩියි. ඒක නිසා මොකක් හරි වැඩකට RMV යනවා නම් ඔය දවස් දෙක අතඇරලා යන එක හොඳයි.

RMV එකට යන හැම කෙනෙක්ම ඇතුල් වෙන්න ඕනා මේ පෝලිමේ ගිහිල්ලා. උදේම ගිහිල්ලා පෝලිමේ ඉස්සරහා තැනක් අල්ලා ගත්තොත් තමගේ වැඩේ ඉක්මනින් කරගෙන එන්න පුලුවන් වෙනවා. මිනිස්සු RMV එකට එන්නේ ඇයි? ඒක ගැන පොඩ්ඩක් බලමු. වේරහැර RMV එකෙන් වෙන වැඩ මොනවාද? නව රියදුරු බලපත්‍ර ලබාදීම, නැති වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, නව වාහන පන්ති පවතින බලපත්‍රයට එකතු කරගැනීම, නොපැහැදිලි බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ රටවල් සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම වගේ දේවල් තමයි මෙතනින් සිද්ධවෙන්නේ. ඒ නිසා විවිධාකාරයේ වැඩ කටයුතු සඳහා මහජනයා මෙතනට පැමිනෙනවා. දැන් තියෙන්නේ අලුත් ලයිසන් එකක්. ඔය පහල රූපෙන් තියෙන්නෙ අලුත් ලයිසන් එක. මේකේ වාහන පන්ති පවා වෙනස්. කාන්තාවන් සඳහා යතුරුපැදි එන්ජින් ධාරිතාව 100 CC වලට වඩා අඩු යනුවෙන් අලුත් පන්තියක් පවා මෙහි තියනවා.

රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතිකය අනිවාර්ය වෙනවා. නව බලපත්‍ර, නව වාහන පන්ති එකතු කිරීම ආදී සියලුම කටයුතු වලදී වෛද්‍ය සහතිකය අනිවාර්යයි. ගොඩක් අය මේක දන්නේ නෑ. ඒ නිසා නිලලත් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් අරගන්න. සෑම කාර්යක් සඳහාම තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා වෛද්‍ය සහතිකය අනිවාර්යයි. මේ කිසිම දේක ඡායාපිටපත් අවශ්‍ය වෙන්නේ නෑ. ගොඩක් අය බොරුවට මුදල් වියදම් කරලා ඡායාපිටපත් ගහගෙන එනවා. පරණ ක්‍රමයට උඩුකය ඡායාරූප අරගෙන එනවා. ඒවා උවමනා වෙන්නේ නෑ. RMV එක ඇතුලෙම ඡායාරූප ගැනීම් සිදුකරනවා. අනිවාර්ය වන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා වෛද්‍ය සහතිකය පමනයි. ඒවා සියල්ලක්ම නැවත අප වෙතම ලබා දෙනවා.

වෛද්‍ය සහතිකය ගැනත් යමක් කියන්න ඕනා. බරවාහන සඳහා එකකුත් සැහැල්ලු වාහන සඳහා එකකුත් වශයෙන් වෛද්‍ය සහතික කොටස් දෙකක් තියනවා. බර වාහන සඳහා වෛද්‍ය සහතිකය ලබා ගන්න ඕනා නුගේගොඩින්. එතනින් ලබා දෙන වෛද්‍ය සහතිකයේ අදාල පුද්ගලයාගේ ඡායාරූපයක් ඇලවිය යුතුයුයි. සමහරු මේ ඡායාරූපය නැතුව එනවා. ඒක නිසා මතක තියා ගන්න බර වාහන වෛද්‍ය සහතිකයේ ඡායාරූපයක් අලවාගෙන එන්න. ඡායාරූප ගැනීම RMV එක ඉස්සරහින් උනත් කරගන්නට පුලුවන්. නමුත් මේ ඡායාරූප ශාලා විවෘත වෙන්නේ උදේ 7ට පමන. උදේ 7 වෙනකොට පෝලිමේ සෑහෙන ප්‍රමානයක් පිරිලා. ඒ නිසා ඒ පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සැහැල්ලු වාහන සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනීමට නම් ඕනෑ තරම් ස්ථාන වේරහැර තියෙනවා. රුපියල් 500ක් මේ සඳහා අයකරනවා. සාමන්යෙන් උදෑසන 6:30 පමන වෙනකොට මේ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘතයි. මේ වෛද්‍ය සහතිකය ලබා ගැනීමට වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒ නිසා උදේ පෝලිමට පැමින එහි රැදී සිට ඔබ දෙපස සිටිනා අයට වෛද්‍ය සහතිකය ගැනීමට යැයි පවසා වෛද්‍ය සහතිකයක් ලබාගෙන එන එක තමා හොඳම දේ. ඒ වගේම RMV එක ඇතුලෙත් වෛද්‍ය සහතික දිනකට 50ක් නිකුත් කෙරෙනවා. ඒතනින් වෛද්‍යසහතික ලබාගැනීමට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි පිටින් වෛද්‍ය සහතිකයක් රැගෙන ඒම.

තව දෙයක් කියන්න ඕනා. කාක්කෝ ගැන අහලා ඇති. පිහාටු නැති කාක්කෝ. ගොඩක් වෙලාවට පෝලිමේ ඉස්සරහට දාලා දෙන්නම් කියමින් මුදල් ඉල්ලන කාක්කෝ සුලබ දසුනක්. මොවුන්ට නම් අහු වෙන්න එපා. මොවුන් නිසා පෝලිමේ මිනිස්සු අතර බොහෝ රන්ඩු සරුවල් ඇති වෙනවා.

උදේ 7:45 වගේ වෙනකොට RMV එකේ ගේට්ටු අරිනවා. පෝලිම ඇතුලට ගන්න. හැමෝම පෝලිමේ ඇතුලට යන්න ඕනා. ඇතුලට ගත්තාට පස්සේ ආරක්ෂක නිලධාරීන් මගින් සුලු දැනුවත් කිරීමකට ලක් වෙනවා. ඉන් පසු අදාල සේවා සඳහා අදාල පෝලිම් වලට මහජනයා යොමු කෙරෙනවා.

වෛද්‍ය සහතික සඳහා එක පෝලිමකුත්, ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂන සඳහා එක පිරිසකුත්, අනෙක් වැඩ කටයුතු සඳහා එක පෝලිමකුත් වශයෙන් පිරිස පෙලගස්වනවා. මින් දිගම පෝලිම ප්‍රධාන ශාලාවට පෙලගස්වා තියෙන පෝලිමයි. නව රියදුරු බලපත්‍ර සඳහා අයදුම් කිරීම, නැති වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍ර ලබාගැනීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, නව වාහන පන්ති පවතින බලපත්‍රයට එකතු කරගැනීම, නොපැහැදිලි බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ රටවල් සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම ආදී දේවල් සඳනා පැමිනි අය තමයි මේ පෝලිමේ ඉන්නේ. තමන් ලබා ගැනීමට පැමිනි සේවාවට අදාල ලියකියවිලි ඉදිරිපස කවුන්ටරය වෙත ඉදිරිපත් කර ඔබට ටෝකන් පතක් ලබා ගන්නට පුලුවන්. පැරණි රියදුරු බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවක් වේරහැර ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා නිකුත් කරන්නේ දිනකට ටෝකන් 200ක් පමනයි. අනෙක් සාමන්‍ය සේවා සඳහා ටෝකන් 900ක් නිකුත් කෙරෙනවා. ටෝකන් ලබා ගැනීමෙන් පසු තමන්ගේ වාරය එනතෙක් රැදීසිටිය යුතුයි.

එක වරකට ටෝකන් අංක 30 බැගින් ඇතුලට ගන්නවා. ඒ රියදුරු බලපත් අංශය වෙත. ඒ තුල තමයි ඔබේ ඡායාරූප ගැනීම්, ඇඟිලි සලකුණු, අත්සන් ආදිය ගැනීම සිදු වෙන්නේ. ඒ අංශය තුල ඔබට කවුන්ටර 3කට පමන යාමට සිදු වෙනවා. ඒ ඔබේ පැරණි බලපත්‍රයේ වාහන පන්ති නව වාහන පන්ති වලට හරවා ගැනීම, ලියකියවිලි ස්කෑන් කිරීම ආදී දේවල් සඳහා. නමුත් වැඩ බොහෝම කාර්යක්ශමයිනොබට ලබා දෙන්නේ මුද්‍රිත අයදුම් පතක්. ඉස්සර වගේ මාගලක් විතර දිග ෆෝම් පුරවන්න දැන් නෑ. නම, ලිපිනය වගේ සරල තොරතුරු කිහිපයක් අහලා තියෙන, ඉතුරු කරුණු සියල්ලක්ම මුද්‍රිත අයදුම්පතක් තමයි ඔබට ලබා දෙන්නේ. ඉක්මනින් ඔබේ වැඩ කටයුත්ත සිදු වෙනවා. අවාසානයේ මුදල් ගෙවීම් සිදු කරන කවුන්ටර් වලින් තමයි තාවකාලික බලපත්‍ර හා ඔබ පැමිනියේ නව බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට නම් ඔබේ ලිඛිත පරීක්ෂනය සඳහා නියමිත දින බලා දෙන්නේ. ඔබට අවශ්‍ය දිනයක් ඉඩකඩ තියෙන අයුරින් වෙන් කර ගැනීමට ඔබට පුලුවන්. නැතිවූ බලපත්‍රයක් එක්දින සේවය මගින් ලබා ගැනීමට රුපියල් 2200ක මුදලක්ද සාමාන්‍ය ක්‍රමයට ලබා ගැනීමට 1700ක් ද, නව පන්තියක් එකතු කරගැනීමට 1850 සිට ඉහලටද ( L පුවරුද ඇතුලුව) ගාස්තු අයකෙරෙනවා.

ඔබ පැමිනියේ ඔබ සතු රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් එක් කරගැනීමට නම් මුදල් ගෙවීමෙන් පසුව ප්‍රධාන ශාලාව පිටිපස ඇති 19 වෙනි කාමරය වෙත යා යුතුයි. ඉස්සර වගේ නැවත ලිඛිත පරීක්ෂනය පෙනී සිටින්න උවමනා වෙන්නේ නෑ. 19 කාමරයේ කවුන්ටරයෙන් ඔබේ ප්‍රායෝගික පරීක්ෂනය සඳහා දිනයක් හා "L" පුවරු ලබාගන්නට පුලුවන්.

එක්දින සේවය ගැන කියනවා නම්, ඔබ අයදුම්පත්‍රය බාර දී පැය 3 1/2 ක් වගේ කාලයක් තුලදී ඔබට නව මුද්‍රිත බලපත්‍රය ලබා ගන්නට පුලුවන්.

පොඩි දැණුවත් කිරීමක් කරන්ටයි උත්සහ කලේ. සාර්ථක උනා කියලා හිතනවා.

[QUOTE="Mr PERERA, post: 8241357, member: 176031"] [CENTER][SIZE=3]පසුගිය දවසක මම ගියා වේරහැර RMV එකට. මගේ ලයිසන් එකේ වැඩකට. එතනට ගියාම මට තේරුම් ගිය දෙයක් තමයි ගොඩක් මිනිස්සු නොදැනුවත් කම නිසා බොහෝ අපහසුතා වලට පත් වෙනවා. ඒ වෙලාවේ මට හිතුනා මට පුලුවන් තරමින් දැණුවත් කිරීමක් කරා නම් හැමෝටම වැඩක් වෙයි කියන එක. ඒ නිසා හිතුවා ත්‍රෙඩ් එක කරන්න. එහෙනම් ඔන්න වේරහැර වැඩ සිද්ධවෙන පිලිවෙල. [IMG]http://i53.tinypic.com/2hz7jm9.jpg[/IMG] මේ පින්තූරේ මම ගත්ත එකක්. ඔය තියෙන්නේ වේරහැර RMV එකේ පෝලිම. මුලින්ම පෝලිම ගැන කතා කරමුකෝ. මේ පෝලිමට මිනිස්සු එන්නේ පාන්දර 4 ඉඳලා. මේ පෝලිම සතියේ දවස් 5 ම එකම විදිය. සඳුදාටයි සිකුරාදාටයි පෝලිමේ සෙනඟ වැඩියි. ඒක නිසා මොකක් හරි වැඩකට RMV යනවා නම් ඔය දවස් දෙක අතඇරලා යන එක හොඳයි. RMV එකට යන හැම කෙනෙක්ම ඇතුල් වෙන්න ඕනා මේ පෝලිමේ ගිහිල්ලා. උදේම ගිහිල්ලා පෝලිමේ ඉස්සරහා තැනක් අල්ලා ගත්තොත් තමගේ වැඩේ ඉක්මනින් කරගෙන එන්න පුලුවන් වෙනවා. මිනිස්සු RMV එකට එන්නේ ඇයි? ඒක ගැන පොඩ්ඩක් බලමු. වේරහැර RMV එකෙන් වෙන වැඩ මොනවාද? නව රියදුරු බලපත්‍ර ලබාදීම, නැති වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, නව වාහන පන්ති පවතින බලපත්‍රයට එකතු කරගැනීම, නොපැහැදිලි බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ රටවල් සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම වගේ දේවල් තමයි මෙතනින් සිද්ධවෙන්නේ. ඒ නිසා විවිධාකාරයේ වැඩ කටයුතු සඳහා මහජනයා මෙතනට පැමිනෙනවා. දැන් තියෙන්නේ අලුත් ලයිසන් එකක්. ඔය පහල රූපෙන් තියෙන්නෙ අලුත් ලයිසන් එක. මේකේ වාහන පන්ති පවා වෙනස්. කාන්තාවන් සඳහා යතුරුපැදි එන්ජින් ධාරිතාව 100 CC වලට වඩා අඩු යනුවෙන් අලුත් පන්තියක් පවා මෙහි තියනවා. [IMG]http://t2.gstatic.com/images?q=tbn:fjrmdJq4D7oMTM:http://www.lankanewspapers.com/news/members/space/news_images/big/kotia_news_1238096771829.jpg&t=1[/IMG] රියදුරු බලපත්‍රය සඳහා වෛද්‍ය සහතිකය අනිවාර්ය වෙනවා. නව බලපත්‍ර, නව වාහන පන්ති එකතු කිරීම ආදී සියලුම කටයුතු වලදී වෛද්‍ය සහතිකය අනිවාර්යයි. ගොඩක් අය මේක දන්නේ නෑ. ඒ නිසා නිලලත් වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් අරගන්න. සෑම කාර්යක් සඳහාම තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා වෛද්‍ය සහතිකය අනිවාර්යයි. මේ කිසිම දේක ඡායාපිටපත් අවශ්‍ය වෙන්නේ නෑ. ගොඩක් අය බොරුවට මුදල් වියදම් කරලා ඡායාපිටපත් ගහගෙන එනවා. පරණ ක්‍රමයට උඩුකය ඡායාරූප අරගෙන එනවා. ඒවා උවමනා වෙන්නේ නෑ. RMV එක ඇතුලෙම ඡායාරූප ගැනීම් සිදුකරනවා. අනිවාර්ය වන්නේ තමන්ගේ ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකයේ මුල්පිටපත හා වෛද්‍ය සහතිකය පමනයි. ඒවා සියල්ලක්ම නැවත අප වෙතම ලබා දෙනවා. වෛද්‍ය සහතිකය ගැනත් යමක් කියන්න ඕනා. බරවාහන සඳහා එකකුත් සැහැල්ලු වාහන සඳහා එකකුත් වශයෙන් වෛද්‍ය සහතික කොටස් දෙකක් තියනවා. බර වාහන සඳහා වෛද්‍ය සහතිකය ලබා ගන්න ඕනා නුගේගොඩින්. එතනින් ලබා දෙන වෛද්‍ය සහතිකයේ අදාල පුද්ගලයාගේ ඡායාරූපයක් ඇලවිය යුතුයුයි. සමහරු මේ ඡායාරූපය නැතුව එනවා. ඒක නිසා මතක තියා ගන්න බර වාහන වෛද්‍ය සහතිකයේ ඡායාරූපයක් අලවාගෙන එන්න. ඡායාරූප ගැනීම RMV එක ඉස්සරහින් උනත් කරගන්නට පුලුවන්. නමුත් මේ ඡායාරූප ශාලා විවෘත වෙන්නේ උදේ 7ට පමන. උදේ 7 වෙනකොට පෝලිමේ සෑහෙන ප්‍රමානයක් පිරිලා. ඒ නිසා ඒ පිළිබඳ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සැහැල්ලු වාහන සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනීමට නම් ඕනෑ තරම් ස්ථාන වේරහැර තියෙනවා. රුපියල් 500ක් මේ සඳහා අයකරනවා. සාමන්යෙන් උදෑසන 6:30 පමන වෙනකොට මේ වෛද්‍ය මධ්‍යස්ථාන විවෘතයි. මේ වෛද්‍ය සහතිකය ලබා ගැනීමට වැඩි වෙලාවක් යන්නේ නෑ. ඒ නිසා උදේ පෝලිමට පැමින එහි රැදී සිට ඔබ දෙපස සිටිනා අයට වෛද්‍ය සහතිකය ගැනීමට යැයි පවසා වෛද්‍ය සහතිකයක් ලබාගෙන එන එක තමා හොඳම දේ. ඒ වගේම RMV එක ඇතුලෙත් වෛද්‍ය සහතික දිනකට 50ක් නිකුත් කෙරෙනවා. ඒතනින් වෛද්‍යසහතික ලබාගැනීමට යම් කාලයක් ගත වෙනවා. ඒ නිසා හොඳම දේ තමයි පිටින් වෛද්‍ය සහතිකයක් රැගෙන ඒම. තව දෙයක් කියන්න ඕනා. කාක්කෝ ගැන අහලා ඇති. පිහාටු නැති කාක්කෝ. ගොඩක් වෙලාවට පෝලිමේ ඉස්සරහට දාලා දෙන්නම් කියමින් මුදල් ඉල්ලන කාක්කෝ සුලබ දසුනක්. මොවුන්ට නම් අහු වෙන්න එපා. මොවුන් නිසා පෝලිමේ මිනිස්සු අතර බොහෝ රන්ඩු සරුවල් ඇති වෙනවා. උදේ 7:45 වගේ වෙනකොට RMV එකේ ගේට්ටු අරිනවා. පෝලිම ඇතුලට ගන්න. හැමෝම පෝලිමේ ඇතුලට යන්න ඕනා. ඇතුලට ගත්තාට පස්සේ ආරක්ෂක නිලධාරීන් මගින් සුලු දැනුවත් කිරීමකට ලක් වෙනවා. ඉන් පසු අදාල සේවා සඳහා අදාල පෝලිම් වලට මහජනයා යොමු කෙරෙනවා. වෛද්‍ය සහතික සඳහා එක පෝලිමකුත්, ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂන සඳහා එක පිරිසකුත්, අනෙක් වැඩ කටයුතු සඳහා එක පෝලිමකුත් වශයෙන් පිරිස පෙලගස්වනවා. මින් දිගම පෝලිම ප්‍රධාන ශාලාවට පෙලගස්වා තියෙන පෝලිමයි. නව රියදුරු බලපත්‍ර සඳහා අයදුම් කිරීම, නැති වූ බලපත්‍රය වෙනුවට නව බලපත්‍ර ලබාගැනීම, රියදුරු බලපත්‍ර අලුත් කිරීම, නව වාහන පන්ති පවතින බලපත්‍රයට එකතු කරගැනීම, නොපැහැදිලි බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීම, විදේශ රටවල් සඳහා වලංගු බලපත්‍ර නිකුත් කිරීම ආදී දේවල් සඳනා පැමිනි අය තමයි මේ පෝලිමේ ඉන්නේ. තමන් ලබා ගැනීමට පැමිනි සේවාවට අදාල ලියකියවිලි ඉදිරිපස කවුන්ටරය වෙත ඉදිරිපත් කර ඔබට ටෝකන් පතක් ලබා ගන්නට පුලුවන්. පැරණි රියදුරු බලපත්‍ර වෙනුවට නව බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාවක් වේරහැර ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා නිකුත් කරන්නේ දිනකට ටෝකන් 200ක් පමනයි. අනෙක් සාමන්‍ය සේවා සඳහා ටෝකන් 900ක් නිකුත් කෙරෙනවා. ටෝකන් ලබා ගැනීමෙන් පසු තමන්ගේ වාරය එනතෙක් රැදීසිටිය යුතුයි. එක වරකට ටෝකන් අංක 30 බැගින් ඇතුලට ගන්නවා. ඒ රියදුරු බලපත් අංශය වෙත. ඒ තුල තමයි ඔබේ ඡායාරූප ගැනීම්, ඇඟිලි සලකුණු, අත්සන් ආදිය ගැනීම සිදු වෙන්නේ. ඒ අංශය තුල ඔබට කවුන්ටර 3කට පමන යාමට සිදු වෙනවා. ඒ ඔබේ පැරණි බලපත්‍රයේ වාහන පන්ති නව වාහන පන්ති වලට හරවා ගැනීම, ලියකියවිලි ස්කෑන් කිරීම ආදී දේවල් සඳහා. නමුත් වැඩ බොහෝම කාර්යක්ශමයිනොබට ලබා දෙන්නේ මුද්‍රිත අයදුම් පතක්. ඉස්සර වගේ මාගලක් විතර දිග ෆෝම් පුරවන්න දැන් නෑ. නම, ලිපිනය වගේ සරල තොරතුරු කිහිපයක් අහලා තියෙන, ඉතුරු කරුණු සියල්ලක්ම මුද්‍රිත අයදුම්පතක් තමයි ඔබට ලබා දෙන්නේ. ඉක්මනින් ඔබේ වැඩ කටයුත්ත සිදු වෙනවා. අවාසානයේ මුදල් ගෙවීම් සිදු කරන කවුන්ටර් වලින් තමයි තාවකාලික බලපත්‍ර හා ඔබ පැමිනියේ නව බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට නම් ඔබේ ලිඛිත පරීක්ෂනය සඳහා නියමිත දින බලා දෙන්නේ. ඔබට අවශ්‍ය දිනයක් ඉඩකඩ තියෙන අයුරින් වෙන් කර ගැනීමට ඔබට පුලුවන්. නැතිවූ බලපත්‍රයක් එක්දින සේවය මගින් ලබා ගැනීමට රුපියල් 2200ක මුදලක්ද සාමාන්‍ය ක්‍රමයට ලබා ගැනීමට 1700ක් ද, නව පන්තියක් එකතු කරගැනීමට 1850 සිට ඉහලටද ( L පුවරුද ඇතුලුව) ගාස්තු අයකෙරෙනවා. ඔබ පැමිනියේ ඔබ සතු රියදුරු බලපත්‍රයට නව වාහන පන්තියක් එක් කරගැනීමට නම් මුදල් ගෙවීමෙන් පසුව ප්‍රධාන ශාලාව පිටිපස ඇති 19 වෙනි කාමරය වෙත යා යුතුයි. ඉස්සර වගේ නැවත ලිඛිත පරීක්ෂනය පෙනී සිටින්න උවමනා වෙන්නේ නෑ. 19 කාමරයේ කවුන්ටරයෙන් ඔබේ ප්‍රායෝගික පරීක්ෂනය සඳහා දිනයක් හා "L" පුවරු ලබාගන්නට පුලුවන්. එක්දින සේවය ගැන කියනවා නම්, ඔබ අයදුම්පත්‍රය බාර දී පැය 3 1/2 ක් වගේ කාලයක් තුලදී ඔබට නව මුද්‍රිත බලපත්‍රය ලබා ගන්නට පුලුවන්. පොඩි දැණුවත් කිරීමක් කරන්ටයි උත්සහ කලේ. සාර්ථක උනා කියලා හිතනවා.[/SIZE] :):):) [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom