පත්තරයක් ගත්තොත්, ගොසිප් අඩවියකට ගියොත් නිතරම පේන්න තියන දෙයක් තමයි වයස් බේදයක් නැතිව සිදුවන සිය දිවි නසාගැනීම්. සමහර කාලවලට රැල්ලට තුන් හතර දෙනා මැරෙනවා. වයස් බේදයක් නැතුව ගොඩක්ම තරුණ සහ මැදිවයසේ අය දිවිනහගන්න සැබෑ හේතුව වෙන්නේ මේ විශාදය( Depression) තමයි. සමාජයේ අනිත් මිනිස්සු අහනවා අපරාදෙනේ මේ වටිනා ජිවිත මොන මෝඩ වැඩක්ද මේ කරගත්තේ කිසිම සාදාරණ හේතුවක් නැහැනේ මෙහෙම කරගන්න කියල. එත් ඇත්තටම එයාල මානසිකව ලබන පීඩනය පිටින් ඉන්න කෙනෙකුට හිතාගන්නවත් බැරිවෙන්න පුළුවන්.
උදාහරණයක් ගත්තොත්, කාගෙහරි මව හෝ පියා නැතිවෙලා එයා ගොඩාක් දුකින් ඉන්නේ. ඒ දුක පිටින් බලන කෙනෙකුට අත් විදින්න බැහැ, නමුත් හේතු කාරණා සහිතව තේරුම් ගන්න පුළුවන් මොකද ඒ දුකට හේතුව මව හෝ පියා නැතිවීම බව දන්නා නිසා. නමුත් විශාදයේදී වෙන්නේ කෙනෙකුට තමන්ගේ මව හෝ පියා නැතිඋනා වගේම වේදනාවක්, හිස් බවක් , කලකිරීමක් හේතුවක් නැතුවම හිතේ ඇතිවෙනවා සහ ඒක පහව යන්නේ නැති තත්වෙකට පත්වෙනවා. මේ දේ වෙන්නේ මොලයේ ස්නායු වල රසායනික හැසිරීම වෙනස්වීමෙන්. එතකොට ඒ පුද්ගලයා නොදැනුවත්වම සමාජය ගැන, ජිවිතය ගැන පුදුම කලකිරීමකට පත් වෙනවා. අර පිටින් බලන කෙනාට තේරෙන්නේ නැහැ මෙයා ඇතුලින් ලබන පීඩනය. ඉතින් මේ රෝගියා විෂාදය කියන තත්වය ගැන නොදන්නා කෙනෙක්නම් එයාට කිසිම අවබෝදයක් නැහැ තමන් ලබන මේ කටුක අත්දැකීම ලෙඩක්ද නැත්නම් සමාජය ඇත්තටම මෙහෙම දුක් සහගතද කියන දෙය වෙන් කරගන්න. ඉතින් ජීවිතය අර්ථ ශුන්‍ය බවට හිතින් තර්ක ගොඩ නැගිලා දිවි නසාගන්න පෙලබෙන්න පුළුවන්. දිවි නසාගන්න කෙනාට ඒ දේට බොහොම සාදාරන හේතුවක් තියනවා කියල දැන් පැහැදිලි ඇති කියල හිතනවා.
විෂාදයත් එක්ක කරට කර යන තව ලෙඩක් තමයි Anxiety නැත්නම් භීතිකාව කියන්නේ. එකේදී වෙන්නෙ හේතුවක් නැතුව හෝ නොසැලකිය හැකි හේතුවක් කරණ කොටගෙන ලොකු භයක් හිතට දැනෙන එක. ඒකත් හිතින් පහව යන්නේ නැහැ සාමාන්‍ය භයක් වගේ. ඒ භය වැඩි උනාම Panic attack වලට එනවා. එතැනදී හුස්ම ගන්න බැහැ වගේ හැගීමක් ඇතිවෙලා හිත කලබල වෙලා විනාඩියක දෙකක කාලයක් මරණ බය වගේ හැගිමක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මෙහෙම බයක් ඇතිවෙන්න හේතුවක් අවට ඉන්න කෙනෙක්ට නම් පෙන්න නැහැ. Anxiety කියන තත්වය ගැන දන්නේ නැත්තම් එම රෝගියා හිතන්නෙත් මේක තමන්ට පෞද්ගලික උනු තත්වයක් සහ බෙහෙත් එහෙමත් හොයාගෙන නැතුව ඇති කියල. එහෙම හිතල අවුරුදු ගණන් දුක් විදිමින් ඉන්න අවස්ථාත් දකින්න පුළුවන්. Anxiety නිසානම් දිවි නසා ගැනීමේ පෙලබුමක් නැහැ මොකද එයාලගේ හිතේ තවමත් බලාපොරොත්තුවක් තියනවා කවදා හෝ මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියල. නමුත් විශාදයේදී අන්න ඒ බලාපොරොත්තුව තමයි නැතිවෙන්නේ. බලාපොරොත්තුවක් නැති තැන ජිවිතයක් නැත.
අපි හැමෝම ජිවත් වෙන්නේ බලාපොරොත්තු සහ ආශාවන් මත උපදින සතුට මතයි. ඒ දේ ඇතිකරන්නෙත් අපේ මොලය විසින්මයි. එත් මොලයේ රසායනික වෙනස්කම් නිසා ඒ බලාපොරොත්තු සහ ආශාවන් ස්වභාවිකව ඇතිවෙන එක නතර වෙලා සතුට වෙනුවට දුක, කණගාටුව, භය, හිස් බව කියන දේ ආදේශ උනොත් හිතල බලන්න ඒක මොන වගේ හැගීමක් වෙන්න පුලුවන්ද කියල. මේව මෙහෙම කල්පනා කලොත් ඔයාලට හිතෙයි ජිවිතේ කියන්නේ මොනතරම් බොරුවක්ද, අනිත්‍ය ද, මොලේ රසායනික සංයෝග ටිකක් නේද අපිව පාලනය කරන්නෙ ජිවිත කාලයක් පුරාම කියල.
දැන් බලමු ප්‍රතිකාර පැත්ත ගැන. Depression, Anxiety කියන ලෙඩ දෙකටම දෙන්නේ පොදුවේ Antidepressant කියන බෙහෙත් වර්ග. Benzodiazepine, SSRI, SNRI, NDRI, Tetracyclic, Tricyclic කියන්නේ ප්‍රධාන Antidepressant කාණ්ඩ ටිකක් සහ තවත් කාණ්ඩ තිබෙන්න පුළුවන් බවද සලකන්න. මේ කාණ්ඩ යටතේ බෙහෙත් සිය ගණනක් තියනවා. සාමාන්යෙන් මුලින්ම මේ වගේ තත්වෙකට මානසික වෛද්‍ය වරයෙක් හම්බෙන්න ගිහාම, වෛද්‍ය වරය මුලින්ම නියම කරන්නෙ Alprazolam කියන Benzodiazepine වර්ගෙට අයත් බෙහෙත. එතනින් එහාට ගමනක් යන්න උනොත් ඒ ඒ රෝගියාගේ ශරීරය ඒ ඒ බෙහෙත් වලට දක්වන ප්‍රතිචාරය අනුව ඉදිරියට බෙහෙත් වර්ග වෙනස් කරමින් ලබා දෙනවා.
Depression සහ Anxiety රෝග තත්වය 100% ක් හොද කරගන්න පුළුවන් කියන දෙය මට සහතික ලෙස කියන්න පුළුවන්. යම් බෙහෙතකින් තත්වේ පාලනය උනේ නැත්තම් වෛද්‍ය වරයාගෙන් දිගටම බෙහෙත් ගත යුතුයි තමන්ට ගැලපෙන බෙහෙත හමුවෙලා 100% ක් සුව බව තමන්ටම දැනෙන අවස්ථාව පැමිණෙන තෙක්ම.
ඔබට හෝ දන්නා කාටහරි මේ වගේ තත්වයක් තියනවනම් ඉක්මනින්ම වෛද්‍ය වරයෙක් වෙත යොමු වීම තමයි නුවණට හුරු. මේ ලෙඩ වලට counselors ල නම් හරියන්නේ නැති බව කිව යුතුයි. රජයේ රෝහලක මනෝ වෛද්‍ය සායනයකට, නැතිනම් echannelling.com එකේ ඉන්න Psychiatrist කියන වර්ගයේ වෛද්‍ය වරයෙක් ලගට යන්න. Prof: නාලක මෙන්ඩිස් මේ සම්බන්දව ඉතා හොද සහ අත්දැකීම් බහුල වෛද්‍යවරයෙක් බව කියන්න පුළුවන්.
(අමතර කාරණයක් විදිහට කියන්නම් ඔයාගේ doctor ගෙන් පුලුවන්නම් අහන්න SSRI කාන්ඩේ බෙහෙත් වර්ග මග ඇරගන්න පුලුවන්ද කියන දෙය. හේතුව side effects )
ලංකාවේ ජනමාද්‍ය සියදිවි නසාගැනීම් පිලිබදව මතුපිටින් පමණක් කරුණු පෙන්වා ප්‍රේමය, ලිංගිකත්වය, මුදල් ප්‍රශ්න වැනි භෞතික සාදක මතම පමණක් වර්ග කිරීම සාදාරන නොවන අතර, මේ සදහා මුල බීජයන් වන මානසික තත්වයන් පිලිබදව සමාජය තුල කතිකාවතක් ඇතිකර මිනිසුන් දැනුවත් කර සමාජය මින් මුදවාගැනීමට කටයුතු කිරීම කාලින අවශ්‍යතාවක් බවයි මාගේ හැගීම.