Derniere Danse

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ සුවිසල් ලෝ තලයේ...
    මා තනිව හිඳිමි...
    සමාජයෙන් ප්‍රතික්ෂේපිතව...
    මහලොකු වත්කම් නැතිව...
    කිසිවෙක්ට මා පිළිබඳව ගණනක්වත් නැති තරම්...
    ජීවිතේ මෙහෙමයි...
    එහෙත්...
    සියල්ල ඇති අය ගෙවන සිරකාරී දිවිය දකින විට මා කොතරම් නිදහස් දැයි සිතේ...
    පීඩනයෙන් පිරී ගිය ඒ මිනිසුන් ජීවත් වනවාද?
    දිවියේ අරුත් සොයා මම දිගටම ඇවිදිමින් ගියෙමි...
    අන් කවරෙක්වත් නොයන මාවත් වල...
    එයද එක්තරා ආකාරයක නිර්භීත වූ ගමනක්...
    අනෙකුන් පලා යන්නා වූ භීතීන්ට තනිව මුහුණ දුන්නෙමි...
    අඳුරු වළාවන්, විදුලි කෙටීම් මා බියවද්දනු රිසියෙන් මා ඉදිරියට පැමිණියේය...
    මා බියවද්දා වට්ටනු රිසින් ආ ඒ කළු දුමාරය මා වෙලා ගත්තේය...
    මා කුඩා දරුවෙක් මෙන් ඔහේ ඇවිද ගියෙමි...
    බියට, ශෝකයට ඕනෑ එකක් වෙන්නට හැර...
    දැන් මා නිදහස්...
    ඒ මානසික සුවය මම දැන් විඳිමි...
    දිවියේ සතුට නම් මනසේ නිදහස හැර අන් කවරක්ද?

    2205311841

    මා මත් කළ ගීතයක්... මේකේ තේරුම නම් වෙන එකක්.
    මේ තියෙන්නේ මේක අහද්දී, බලද්දී මට හිතුන දේ...
    මනස වෙහෙස කරන්නේ නැති භාවනාවක් වගේ ගායනයක්, වීඩියෝවක්...




    සින්දුව ගැන දැනගත්තේ මේ පහළ වීඩියෝ එක facebook දැකලා...

     
    • Like
    Reactions: kinkon