DGH Ampara මහ රෝහල අම්පාර

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    DGH Ampara මහ රෝහල අම්පාර

    අම්පාර කියූ සැනින් බොහෝ දෙනාගේ සිහියට නැගෙන්නෙ පිටිසරබද ප්‍රදේශයක් වැනි හැඟීමක් වුවත් අම්පාර යනු සීග්‍රයෙන් දියුණු වෙමින් පවතින දිස්ත්‍රික්කයකි යුද සමයේ නැගෙනහිර ආශ්‍රිත විශේෂ මර්මස්ථාන යක් වූ අම්පාර අද නවතාවයෙන් දියුණුව කරා යන නගරයකි.
    එහිදී අම්පාර දිස්ත්‍රික් රෝහල මේ ප්‍රදේශයේ පවතින ඉතා සුවිශේෂී රාජ්‍ය ආයතනයකි.කුඩා ප්‍රාදේශීය රෝහලක මට්ටමින් ඇරඹි මෙම රෝහල අද සියලුම විශේසඥ සේවා සපයන ප්‍රධාන රෝහලකි.මේ වනවිට රෝගාතුරව සිටින හිටපු රෝහල් අධ්‍යක්ෂ ලංකා ජයසිංහ මහතා සහ රෝහල් කාර්‍යමන්ඩලයේ නොතිත් කැපවීම ගෞරවයෙන් සිහි කරනු කැමැත්තෙමි.විවිධ සේවා සපයන අම්පාර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශය මේ අතරින් සුවිශේෂී වේ.දිනපතා රෝගී ඇතුලත් කිරීම් සියයකට වඩා සිදු කෙරෙන ශල්‍ය වාට්ටු වල සතියකට දින තුනක් ප්‍රධාන ශල්‍ය කර්ම සිදු කරනු ලැබේ.
    මෙම නූල හරහා ශල්‍ය වාට්ටු ආශ්‍රිත සිදුකෙරෙන සුවිශේෂී සැත්කම් ආදිය පිළිබඳව තොරතුරු රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
    කොළඹ ,නුවර ආදී ප්‍රධාන රෝහල් වල සිදුකෙරෙන සංකීර්ණ සැත්කම් බොහොමයක් අම්පාර රෝහලේ සිදුකරන වග දැනුම් දෙන්නේ සතුටිනි.ඒ අතුරින් ලැපරොස්කපික් ක්‍රමයට සිදුකෙරෙන ශල්‍ය කර්ම සුවිශේෂී වන්නේ ජ්‍යාත්ත්‍යන්තරයේ පවා දැන් වැඩි වැඩියෙන් සිදුකෙරෙන්නේ මෙවැනි සැත්කම් බැවිනි.මෙම ක්‍රමයේදී කැමරා සහිත උපකරණ කුඩා කැපුම් මගින් ශරීරයට ඇතුලු කර සැත්කම් සිදු කෙරෙන අතර මෙමගින් සංකූලතා බොහොමයක් අඩුකර ගැනීමේ හැකියාව ලැබේ.අවම තුවාල ප්‍රමාණය අඩු වේදනාව සහ ඉක්මන් සුවය මේ අතරින් ප්‍රධාන වේ.මෙලෙස සිදුකෙරෙන සැත්කම් කීපයක්,
    1.Laparoscopic Cholecystectomy පිත්තාශය ඉවත් කිරීමේ සැත්කම
    2.Laparoscopic Hernial Repair හර්නියා සැත්කම්
    3.Advanced Laparoscopic Surgery like Oesophagectomy

    පෞද්ගලික අංශයේ මෙවැනි සැත්කම් සඳහා ඉතා ඉහල මිලක් නියම වන අතර රජයේ රෝහල් වල නොමිලේ සිදුකරනු ලබයි.ඔබත් මේ ප්‍රදේශය ආශ්‍රිත ව ජීවත් වන්නේ නම් සහ යම් රෝගයකින් පීඩා විඳින්නේ නම් වෙනත් රෝහල් වල දිගු පෝලිම් වල සැත්කම සඳහා මගබලා නොසිට අප වෙත එන ලෙස ආරාධනා කරමු.ඉදිරියේදී ස්ථුල භාවය අවම කිරීමේ සැත්කම් ද ආරම්භ කිරීමට නියමිතය .
    කලින් සිදුකල සැත්කම් සහ රෝගී අදහස් සමග ඉදිරි දිනෙක හමුවෙමු.
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    අනේ වාසනාවන් මේ වගේ දේවල් අහන්නත් ලැබීම ලොකුම සතුටක්...
    හැම මගුලටම මේ කුණු කොළොඹ රිංගන එක මටනම් දැන් එපා වෙලා ...
    හැම පහසුකමක්ම රටේ ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත කළා නම් ..
    ලංකාවේ ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබේ වී ....කියල හිතෙනවා ...


    ගොඩක් සතුටුයි......ජයෙන් ජය ....
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඩොක්ටර් ලංකා paralized from Stroke. Wish him good karma

    Someone who had done so much for this country, saved so many lives with his remarkable administrative skills in healthcare, brought ampara hospital to international standards, only to be struck down by a stroke. What a shame :( (this is why I don’t believe in karma or god)
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මේකෙ පොටෝ එකක් දාන හැටි කියපල්ලකො සයිස් එක වැඩි කියනවනෙ
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අපේ ගලනාලය (oesophagus ) ආශ්‍රිත පිළිකා තත්ත්ව ඇතිවුණාම ඒකට ප්‍රතිකර්මයක් විදියට අදාල පිළිකා ගෙඩි කපා ඉවත් කිරීම සිදු කෙරෙනව.අතීතයේදී මේ සැත්කම කෙරුනේ උදරයේ ,පපුවේ සහ ගෙලේ යොදන විශාල කැපුම් හරහායි නමුත් දැන් අඟලකට වඩා අඩු දිගකින් යුතු සියුම් කැපුම් මගින් ලැපරොස්කපික් උපකරණ යොදාගෙන මේ සැත්කම සාර්ථක ව සිදුකරන්න පුලුවන් .ඉහත ලින්ක් එකේ දැක්වෙන්නෙ අපි පසුගිය සතියේ ඒ ආකාරයෙන් සිදුකල සැත්කමක අවස්ථාව ක් .මේ වන විට එම රෝගියා සුවය ලබමින් සිටින වග සතුටින් මතක් කරනව.විශේසඥශල්‍ය වෛද්‍ය මංජුල පතිරණ මහතාගේ තවත් විස්කමක් තමයි මේ සැත්කම .
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ඒ වගේම ගලනාලය ආශ්‍රිත පිළිකා ඇති වීම දැන් ශ්‍රීලංකාවේ බහුලව දකින්නට ලැබෙනව අම්පාර රෝහලේ සිදුකල සාර්ථක හතරවන සැත්කම වසරක කාලයක් ඇතුලත.මේ රෝගීන් බොහෝ විට පැමිනෙණ්නේ ගිලීමේ අපහසුතාවයට බේත් ගන්න වෙනත් රෝගී තත්ත්ව නිසාත් ගිලීමේ අපහසුතා ඇති වෙන්නට පුලුවන් උදාහරණයක් විදියට කාලයක් තිස්සෙ ඉන්හේලර් උපකරණ වැරදි විදියට භාවිත කිරීම නිසා උගේ ඇතිවන කැන්ඩිඩ්‍යිසිස් වැනි දිලීර ආසාදන,ස්නායු දුර්වල වීම් වැනි තත්ත්ව .ඉතින් පිළිකා තත්ත්වයක් ඉක්මනින් හඳුනා ගැනීම ගොඩක් වැදගත් .
    පිළිකා රෝගීන් බොහො වෙලාවට කෙටි කාලීන ගිලීමේ අපහසුතාවයක් එක්කයි එන්නෙ මුලින් ගන ආහාර වලටත් පසුකාලීනව දියර ගිලීමට පවා බැරි වන බවයි මොවුන් කියන්නෙ මෙය සති හෝ මාස දෙක තුනක් තුළ ඇතිවන දෙයක්.ඊට අමතරව බොහෝ පිළිකා වල වගේ ඇඟ කෙට්ටුවීම කෑම අරුචිය වගේ දේවලුත් ඇති වෙනව.
    ඉතින් මෙහෙම ලෙඩෙක් ආවම අපි පරීක්ෂණ කරල බලනව මේක ඇත්තම පිළිකා තත්ත්වයක් ද කියල.සීටී පරීක්ෂණ සහ එන්ඩොස්කොපි ඒ කියන්නෙ උගුරෙන් කැමරාවක් යවා බලන පරීක්ෂණ සිදුකෙරෙනව .මේ පරීක්ෂා දෙකම අම්පාර රෝහලේ සිදුකෙරෙනව නොමිලේ ම.එහෙම කරල අවශ්‍ය නම් පටක පරීක්ෂා වක් සිදුකරනව අදාල ගෙඩියෙන් ලබා ගත් කොටස් වලින් .මේ සියලුම දේ වලින් පස්සෙ පිළිකා සම්බන්ධ විශේසඥවෛද්‍යවරයා සමග සාඛච්ඡා කරල තීරණය කරනව මෙය ඉවත්කරන්නට සුදුසු එකක්ද කියල මොකද සමහර පිළිකා රෝගීන් අපි ළ්ඟට එනකොටම රෝගය පැතිරිලා ඉවරයි මෙහෙම රෝගීන් සැත්කම් සදහා සුදුසු වෙන්නෙ නෑ.සියලුම කාරනා සම්පූර්ණ වුණාම සැත්කම සඳහා අපිට ඉදිරි පියවර තබන්නට පුලුවන් .