1. බුදු දහමට අනුව සමලිංගික සේවනය පවක්ද?
2. ස්වං වින්දනය පවක්ද?
බුදු දහම මූලිකව නිර්වාණය, නිර්වාණ මාර්ගය, නිර්වාණ ප්‍රතිපදාව ම අරමුණු කරගත් දහමක්. සම ලිංගිකත්වය එසේත් නැතිනම් "නපුංසක" තැනැත්තන්ට භික්ෂුත්වය තහනම්. අන්‍ය විරුද්ද ලිංගිකයන් දකිමින් ස්වආශ්වාදනයත් භික්ෂුත්වය තහනම් වීමට හේතුවක්. භික්ෂුත්වය සත්‍ය වශයෙන්ම තම සිත තුළ සේම නිවැරදි ශීලය මතම තියෙන දෙයක්. මා මිතුර, ස්වආශ්වාදනය ගැන හෝ සමලිංගික සේවනය ගැන හෝ සිතනවාට වඩා දුකින් මිදීම ගැන සිතීම වටිනවා.
බලන්න: ශාසනාවතරණය - අතිපුජනීය මහාචාර්ය රේරුකානේ චන්දවිමල මාහිමි
3. ස්ත්‍රී දූෂණය පවක් කියලා දේශනා කරලා තියෙන්නෙ කොහේද?
ස්ත්‍රී දූෂණය කියන වචනයේ ම පවා කියවෙනවා නේ. අන්‍ය සත්ත්වන් කෙරෙහි මෙත්තාව පතුරවන කෙනා කොහොමද තව කෙනෙකුට දූෂණයක් කරන්නේ. මේවගේ දේවල් අහන්න දෙයක් නෑ. මම පොඩි කතාවක් කියන්නම්.
දවසක් කුල පුත්‍රයෙක් ඇවිත් බුදු රජුගෙන් ඇහුව, "ස්වාමිනි, දෙවියන් සිටීද?" කියලා. බුදු පියාණන් උත්තර දුන්නේ මෙහෙම. "කුල පුත්‍රය, දෙවියන් සිටින බව ප්‍රසිද්ද කාරණාවක් නොවේද? ඒ ගැන සිතනවාට වඩා නිර්වාණය ගැන සිතීම උතුම්ය."
මා මිතුර, මේ උත්තරය මම දුන්නේ ඔබට ගරහන්න නොවෙය්. මිතුරු කමට.








