Digital question

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
u1998.gif


මචන් මගෙ ප්‍රශ්නය තමයි දැන් අපි විඩියො එකක් බලන කොට ජලෙන් බාගත්ත එතනදි ඔය විඩියො එක ඩිජිටලි එන්නේ 0, 1 නේ ඒතකොට අපි දන්නවා වර්ණ, අඔක වගෙ දෙවටල වෙනම කොඩ් එකක් තියෙනවා නේ එවගේ විඩියොවේ චලනයන් කොහොමද Record / Playback පටිගත වෙන්නේ වෙන්නේ? විඩියෝ වේ වෙන හැම අංග චලනයක්කටම කොඩ් තියෙනවාද? කොහොමද එම හඩම අපිට එන්නේ? :confused::oo:

වයරයක් ගිගේ මේ ටොන් ගනන් Data අවාකියමු නමුත් Wireless කොහොමද එන්නෙ??? :baffled:

ප්‍රශ්නය පැහැදිලිද මන්දා අපහැදිලි නම් කියන්න :yes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

එක ෆොටෝ එකක් ගනිං..
ෆොටෝ එක දිගට තිත් ගොඩයි..
යටට තිත් ගොඩයි..
හැම තිතක්ම හැදිල තියෙන්නෙ රතු කොල නිල් වර්ණ තුනෙන්..
ඒව තියෙන ප්‍රමාණෙ අනුව 0 1 ආවේණික කෝඩ් එකක් තියෙනව..

වීඩියෝ එකේදි වෙන්නෙ නිශ්චිත කාලෙකදි ඔහොම ෆොටෝ ගොඩක් පේන එක..
සාමාන්‍යයෙන් තප්පරේකට ෆොටෝ 30ක් වගේ වීඩියෝ එකක ප්ලේ වෙන්නෙ..
එතකොට එක ෆොටෝ එකක එක එක තිතට වෙන වෙනම කෝඩ් දීල තියෙනව..
එහෙම ෆොටෝ පේලියක් වේගෙන් මාරුවෙද්දි තමා වීඩියෝ එක පේන්නෙ..

පටිගත වෙන්නෙ කාචෙන් ඉමේජ් සෙන්සරේට දෙන ආලෝකය සෙන්සරෙන් තිතෙන් තිත සලකල, තිතෙන් තිතට ගැලපෙන කලර් එක අනුව ඩිජිටල් ඩේට තොගයක් කල්ල සේව් කරගන්න එක..

වයර්ලස් එන්නෙ ෆෝටෝන වලිං..
සිඞ්හලෙන්ම කියනවනං එලිය වගේ..

හිතපං බලුබ් එකක් තියෙනව.. උඹට 1 0 1 1 0 යවන්න ඕනෙ..
උඹට සරලවම බල්බ් එක
ලොකු එලියක් (1)
ඩිම් එලියක් (0)
ලොකු ... (1)
ලොකු.. (1)
ඩිම් (0) විදිහට පත්තු කලෑකිනෙ...

ටවර් වලිං කරන්නෙත් ඒක..
අපේ ඇහැට පේන රතු - දම් වලට මෙහායින් තවත් වෙනස් තරංග ආයාමයන් සහිත ආලෝකය තියෙනව..
රේඩියෝ සිග්නල්, ඉන්ෆරෙඩ් කියන්නෙ ඒ වගේ ඒව..

එහෙම එකකින් 0 ඕන්නං එලිය අඩු ධාරාවක්
1 ඕන්නං එලිය වැඩි..

සරලවම කිව්වොත් ඔහොමයි...

හැබැයි ඉතිං ඉඩ කඩ, වෙගය වගේ දේවල් වැඩිදියුණු කරන්න ඕනෙ නිසා ඕවට තව එක එක තාක්ෂණික ප්‍රයෝග එක්කහු කල්ලයි ට්‍රාන්ස්ෆර් කරන්නෙ..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

:D පණ්ඩිතය වගේ කියෙව්වට මොකද උඹේ මේක දැක්කාම මටත් මතක් වුනේ මං අහපු මේ වගේම ප්‍රශ්නයක්..
උඹටත් වැදගත් වෙයි... කියෝල බලාං...
හොඳ උත්තර ටිහිකුත් ලැබිල තියේ :)

http://www.elakiri.com/forum/showthread.php?t=1613747
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

එක ෆොටෝ එකක් ගනිං..
ෆොටෝ එක දිගට තිත් ගොඩයි..
යටට තිත් ගොඩයි..
හැම තිතක්ම හැදිල තියෙන්නෙ රතු කොල නිල් වර්ණ තුනෙන්..
ඒව තියෙන ප්‍රමාණෙ අනුව 0 1 ආවේණික කෝඩ් එකක් තියෙනව..

වීඩියෝ එකේදි වෙන්නෙ නිශ්චිත කාලෙකදි ඔහොම ෆොටෝ ගොඩක් පේන එක..
සාමාන්‍යයෙන් තප්පරේකට ෆොටෝ 30ක් වගේ වීඩියෝ එකක ප්ලේ වෙන්නෙ..
එතකොට එක ෆොටෝ එකක එක එක තිතට වෙන වෙනම කෝඩ් දීල තියෙනව..
එහෙම ෆොටෝ පේලියක් වේගෙන් මාරුවෙද්දි තමා වීඩියෝ එක පේන්නෙ..

පටිගත වෙන්නෙ කාචෙන් ඉමේජ් සෙන්සරේට දෙන ආලෝකය සෙන්සරෙන් තිතෙන් තිත සලකල, තිතෙන් තිතට ගැලපෙන කලර් එක අනුව ඩිජිටල් ඩේට තොගයක් කල්ල සේව් කරගන්න එක..

වයර්ලස් එන්නෙ ෆෝටෝන වලිං..
සිඞ්හලෙන්ම කියනවනං එලිය වගේ..

හිතපං බලුබ් එකක් තියෙනව.. උඹට 1 0 1 1 0 යවන්න ඕනෙ..
උඹට සරලවම බල්බ් එක
ලොකු එලියක් (1)
ඩිම් එලියක් (0)
ලොකු ... (1)
ලොකු.. (1)
ඩිම් (0) විදිහට පත්තු කලෑකිනෙ...

ටවර් වලිං කරන්නෙත් ඒක..
අපේ ඇහැට පේන රතු - දම් වලට මෙහායින් තවත් වෙනස් තරංග ආයාමයන් සහිත ආලෝකය තියෙනව..
රේඩියෝ සිග්නල්, ඉන්ෆරෙඩ් කියන්නෙ ඒ වගේ ඒව..

එහෙම එකකින් 0 ඕන්නං එලිය අඩු ධාරාවක්
1 ඕන්නං එලිය වැඩි..

සරලවම කිව්වොත් ඔහොමයි...

හැබැයි ඉතිං ඉඩ කඩ, වෙගය වගේ දේවල් වැඩිදියුණු කරන්න ඕනෙ නිසා ඕවට තව එක එක තාක්ෂණික ප්‍රයෝග එක්කහු කල්ලයි ට්‍රාන්ස්ෆර් කරන්නෙ..

අම්මා ගහයි 1s & 0s වලින් පට්ට මචන් දැන් තෙරුනා thank you very much :yes:
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
mchan එත්කොට කඩ හඩවල්?


කටහඬ කියන්නෙත් තවත් එක සද්දයක්නෙ බං..
වෙනස් වෙනස් සද්ද ඇහෙන්නෙ සංඛ්‍යාතෙයි තරංග ආයාමෙයි වෙනස් වෙනස් විදිහට කලවම් වුනාමනෙ..
ස්පීකරෙන් කරන්නෙ ඔන්න ඔය විදිහට වාතය නියමිත සංඛ්‍යාතයකින් එක්තරා තරංග ආයාමයක් ඇතිවෙන්න කම්පනය කරන එක..

මයික් එකෙන් සරලවම කරන්නෙ ඇහෙන ශබ්දෙ සංඛ්‍යාතය, තරංග ආයාමය කියන දේ මොහොතින් මොහොත තිබ්බ විදිහ ඩිජිටල් ඩේට තොගයක් කල්ල ගන්න එක..