එක ෆොටෝ එකක් ගනිං..
ෆොටෝ එක දිගට තිත් ගොඩයි..
යටට තිත් ගොඩයි..
හැම තිතක්ම හැදිල තියෙන්නෙ රතු කොල නිල් වර්ණ තුනෙන්..
ඒව තියෙන ප්‍රමාණෙ අනුව 0 1 ආවේණික කෝඩ් එකක් තියෙනව..
වීඩියෝ එකේදි වෙන්නෙ නිශ්චිත කාලෙකදි ඔහොම ෆොටෝ ගොඩක් පේන එක..
සාමාන්‍යයෙන් තප්පරේකට ෆොටෝ 30ක් වගේ වීඩියෝ එකක ප්ලේ වෙන්නෙ..
එතකොට එක ෆොටෝ එකක එක එක තිතට වෙන වෙනම කෝඩ් දීල තියෙනව..
එහෙම ෆොටෝ පේලියක් වේගෙන් මාරුවෙද්දි තමා වීඩියෝ එක පේන්නෙ..
පටිගත වෙන්නෙ කාචෙන් ඉමේජ් සෙන්සරේට දෙන ආලෝකය සෙන්සරෙන් තිතෙන් තිත සලකල, තිතෙන් තිතට ගැලපෙන කලර් එක අනුව ඩිජිටල් ඩේට තොගයක් කල්ල සේව් කරගන්න එක..
වයර්ලස් එන්නෙ ෆෝටෝන වලිං..
සිඞ්හලෙන්ම කියනවනං එලිය වගේ..
හිතපං බලුබ් එකක් තියෙනව.. උඹට 1 0 1 1 0 යවන්න ඕනෙ..
උඹට සරලවම බල්බ් එක
ලොකු එලියක් (1)
ඩිම් එලියක් (0)
ලොකු ... (1)
ලොකු.. (1)
ඩිම් (0) විදිහට පත්තු කලෑකිනෙ...
ටවර් වලිං කරන්නෙත් ඒක..
අපේ ඇහැට පේන රතු - දම් වලට මෙහායින් තවත් වෙනස් තරංග ආයාමයන් සහිත ආලෝකය තියෙනව..
රේඩියෝ සිග්නල්, ඉන්ෆරෙඩ් කියන්නෙ ඒ වගේ ඒව..
එහෙම එකකින් 0 ඕන්නං එලිය අඩු ධාරාවක්
1 ඕන්නං එලිය වැඩි..
සරලවම කිව්වොත් ඔහොමයි...
හැබැයි ඉතිං ඉඩ කඩ, වෙගය වගේ දේවල් වැඩිදියුණු කරන්න ඕනෙ නිසා ඕවට තව එක එක තාක්ෂණික ප්‍රයෝග එක්කහු කල්ලයි ට්‍රාන්ස්ෆර් කරන්නෙ..