Dilith jayaweera abducts businessman

Oct 12, 2013
11
2
0
Dilith jayaweera abducts businessman



Wadduwa Serene Pavilions hotalaye kotas karuwan athara pasugiyada darunu gatumak athi wuna. ehi prathipala wala videowa apa wetha labi atha. wadi wisthara sandaha Serene Pavilions hotalaya amathanna. Tel 038 2296890

වාද්දුව සෙරිනී පැවිලියන්ස් හෝටලයේ කොටස් කරුවන් අතර පසුගියදා දරුණු ගැටුමක් ඇති වුනා. එහි ප්‍රතිපලවල වීඩියෝව අප වෙත ලැබී ඇත. වැඩි විස්තර සඳහා සෙරීනී පැවිලියන්ස් හෝටලය අමතන්න. දුරකථන අංකය 038 2296890


:shocked::shocked::shocked:
 
Last edited:
  • Like
Reactions: PMUB
Oct 12, 2013
11
2
0
සෙරීන් පැවිලියන් ප‍්‍රධාන විධායක පැහැරගත් 9ක් අත්අඩංගුවේ


ඊයේ දිනයේ (09) වාර්තා වූ වාද්දුව සෙරීන් පැවිලියන් හෝටලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් 09නවදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
මොවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ දිනයේදීය.
හෝටලයට පැමිණි පිරිසක් විසින් සුදු වෑන් රථයකින් එහි සිටි සෙරීන් පැවිලියන් ප‍්‍රධාන විධායක නිලධාරී අනුර ලොකුහෙට්ටි මහතා පැහැරගෙන ගොස් ඔහුව බණ්ඩාරගම ප‍්‍රදේශයේ මුදාහැර ඇති බව මීට පෙර වාර්තා විය.
මෙම සිද්ධියෙන් පහරකෑමට ලක්වූ ලොකුහෙට්ටි මහතා රෝහල් ප‍්‍රතිකාර ලබා ඇති බවත්, ඔහුට පැහැරගැනීමට යොදාගත් වෑන් රථය පොලිස් භාරයේ තිබෙන බවත් පැවසේ.
ලොකුහෙට්ටි මහතා හා එම හෝටලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් වන ජීත් වර්ණකුලසූරිය, සුමිත් ගුරුගේ හා ශ‍්‍රීමත් ක්ලයිව් ලීච් නමැති විදෙස් ආයෝජකයන් අතර හටගත් මතභේදයක් මේ සිද්ධියට තුඩු දී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජීත් වර්ණකුලසූරිය මහතා පවසා සිටියේ විවිධ අක‍්‍රමිකතා හේතුවෙන් අනුර ලොකුහෙට්ටි නැමැත්තා මෙම අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් හා ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් පහකිරීමට සමාගම් කොටස් 70%ක අයිතියක් ඇති සෙසු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් තීරණය කළ බවත්ය.

මෙම තීරණය සනාථ කරමින් සමාගම අධිකරණ තීන්දුවක් ලබාගත් බවද හෙතෙම පවසා සිටියේය.
සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් විසින් සෙරීන් පැවිලියන් හෝටලයේ කළමනාකාරිත්වය සිට‍්‍රස් හෝටල් සමාගම වෙත පැවරීමට තීරණය කළ බවද වර්ණකුලසූරිය මහතා පැවසීය.

මෙම කළමනාකාරිත්ව වෙනස සේවකයන් වෙත දැනුම් දීම සඳහා ඊයේ උදෑසනම තමා, ගුරුගේ මහතා හා සිට‍්‍රස් හෝටල් සමාගමේ කළමනාකාරිත්වය, පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු සමග හෝටලයට ගිය බවත්, එහි සිටි සිට‍්‍රස් හෝටල් සේවකයන් ඇතුළු කිහිපදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුන බව යළි කොළඹ බලා එන අතරතුරෙදී තමාට දැනගැනීමට ලැබුණ බවත් ඔහු පැවසුවේය.

සිට‍්‍රස් හෝටල් අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස ට‍්‍රයිඇඞ් සමාගමේ දිලිත් ජයවීර හා අමාත්‍ය සරත් අමුණුගමගේ දියණිය වන වරුණි ප‍්‍රනාන්දු ද කටයුතු කරයි.

http://www.srilankagossips.com/2013/10/9-arrested-over-serene-pavilions.html