Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dimo ලොක්කාගේ ජිවිත කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dimo ලොක්කාගේ ජිවිත කතාව

Dimo chairman / MD ….. මේ හැර ඔබව හැඳින්විය හැකි තවත් විධි තිබෙනවද...

ඔව්. Dimo කියන්නෙ ගෝත්‍රයක්. මම ඒ ගෝත්‍රයේ නායකයා. ගෝත්‍ර නායකයකුට සිය ගෝත්‍රයේ ම බර දැනෙනවා. මටත් එහෙමයි. නමුත් ගෝත්‍රයෙන් පිට මම බොහොම සරල සැහැල්ලු මනුස්සයෙක්. ජීවිතය විඳින්න කැමැති කෙනෙක්.

දියුණු වෙච්චි හුඟක් සමාගම් කියන්නෙ, සාමූහික වැඩකිරීමකින් ආ ගමනක්. Team work එකක්.... කියලා. ඇයි ඔබ විතරක් වෙනස් කතාවක්...

Team work වලදි කවුරුත් වැඩ කළා. ගෙදර ගියා. බැඳීමක් නැහැ. ඒක ඒ වෙලාවට කරන මෙහෙයුමක් විතරයි. නමුත් පවුලක් - ගෝත්‍රයක් වෙනස්. ඔවුන් ඊට වඩා සිතිය යුතු දේ තිබෙනවා. ඇඟෙන් එන උණක් ඒ ගෝත්‍රයේ හැමෝට ම තිබෙනවා.

ගෝත්‍රයක් කොහොමද සුවිසල් සමාගමකට ඈඳන්නේ... ආදේශ කරන්නේ...

ඒ තුළ සංස්කෘතියක් තිබෙනවා. බැඳීමක් තිබෙනවා. ඒ වගේමයි, මේ සමාගමේ කම්කරුවාගේ පටන් කොටස් හිමියන්.... හාම්පුතුන්... සේවකයන්... පාරිභෝගිකයන් හා පරිසරය කියන සියලු කාරණා විෂයෙහි අපිට තිබෙන්නේ බරපතළ වගකීමක්. අපි ඔවුන් බලාගන්නට බැඳී සිටිනවා. අවුරුදු 74ක් මේ සමාගම ඉදිරියට ආවේ එහෙමයි.

Dimo කියන්නේ පවුලේ ව්‍යාපාරයක්ද...

මේක කොටස් හිමියෝ තුන්දාහකට විතර අයිති public සමාගමක්. නමුත් තාත්තට වැඩි කොටස් අයිතිය තිබුණු නිසා දැනුත් අපේ පවුලට තමයි වැඩි අයිතිය. මගේ අතට Batton එක හම්බවුණාම මොළේ කල්පනා කරලා ටිකෙන් ටික තව තවත් දියුණු වුණා. තාත්තගේ දරුවො වගේ ම ඒ අයගෙ දරුවොත් දැන් මෙහි අධ්යක්ෂ මණ්ඩලයේ ඉන්නවා. ඊට අමතරව මේ රටේ විද්වතුන් කිහිපදෙනෙකුත් අධ්යක්ෂ මණ්ඩලයේ වැඩ කරනවා.

තාත්තගෙන් ඔබට මේ උරුමය ලැබෙනකොට ඔබට වයස කීයද...

තාත්තා මට මේ සමාගමේ රස්සාව දුන්නෑ. මං කෙමිකල් ඉංජිනේරුවෙක් වෙලා ලංකාවට ආවට පස්සෙ පුහුණුවන්නෙක් හැටියට මට Dimo එකේ රස්සාව දුන්නෙ ජ’මන් ජාතික විලර්ස් මහත්මයා. ඒ කාලෙ ජ’මන් ජාතිකයන් සියයට තිහකට කොටස් අයිතිය තිබුණු නිසා, ජ’මන් ඉංජිනේරුවොත් මෙහෙ වැඩ කළා. විලර්ස් කියන්නෙත් එහෙම කෙනෙක්. ඒ වගේ ම තාත්තගෙ යාළුවෙක්. ඉතින් මං රස්සාව බාර ගත්තා.

එහෙම ආපු ඔබ කොහොමද දවසක මේ සමාගමේ සභාපති වුණේ...

වැඩ කරලා. වැඩ පෙන්වලා. මං කෙමිකල් ඉංජිනේරුවෙක් වුණාට මේ ක්ෂේත්රයේ කොයි වැඩෙත් කළා. ඒ කාලෙ හිටි ජ’මන් ඉංජිනේරුවන්ට මාව නැතිව බැරි චරිතයක් වුණා. මජං ගාගෙන කරන වැඩත් මං කළා. 1977 මාව අධ්යක්ෂ මණ්ඩලයට යෝජනා කළේ සියලු දෙනාමයි. පියවරෙන් පියවර ඔහොම උඩට ඇවිත් තමයි දවසක මේ තනතුරට පත් වුණේ.

Dimo සමාගමේ ඉතිහාසය කෙටියෙන් කියන්න...

ස්ටෙෆාන් පීරිස්, සිරිල් අල්ගම, හැරල්ඩ් අල්ගම සහ ඇලෙක්සැන්ඩර් පණ්ඩිතගේ (මගේ තාත්තා), මිත්‍රයො හතර දෙනෙක්. මේ හතර දෙනා F.K. Heller කියන ජ’මන් ජාතිකයා ළඟ වැඩ කළා. ඔහු කළේ ජ’මනියෙන් Mercedes Benz, Bosch, Siemen කියන Brands මෙරටට ගෙන්වා විකිණීම හා නඩත්තුව. 1939 ලෝක යුද්දෙදි ඔහු හිරේට යැවෙනවා. පසුකාලීනව ලෝකෙ තවත් රටවල ව්‍යාපාර ඇරලා. ආපහු ලංකාවට එනකොට දකිනවා, සිය ගෝලයෝ හතරදෙනා Dimo නමින් පොඩියට ව්‍යාපාරයක් අරඹලා වග. ඔහුත් මේ ව්‍යාපාරයට උදව් කරනවා. ඔහු හරහා යළි ජ’මන් නිෂ්පාදන Dimo වෙතින් විකිණෙනවා. එහෙම දලු දාපු සමාගමක් මේක. ලංකාවේ හොඳම ආයතනික වාර්ෂික වාර්තාව හිමි සමාගම දක්වා ඒ ගමන ඇවිත්.

එතකොට Dimo කියන්නෙ වාහන එක්ක පමණක් බැඳුණු නමක් ද...

නැහැ. දවසකට කිහිප වරක්වත් මේ රටේ මිනිසුන්ගෙ ජීවිතය ස්පර්ශ කරන ඔවුන් හා බැඳී සිටින සමාගමක්. ගමනක් යන්න පාරට බැස්සොත් ඔබට හමුවන්නෙ ටාටා බස් එකක්. සමහරවිට ඔබේ ගෙදර එළිය කරන්නෙ ඔස්රම් බ්ල්බ් එකක් වෙන්න පුළුවනි. මේ රටේ බහුතර පුද්ගලික රෝහල්වල MRI හා CT ස්කෑන් එක්ස් රේ යන්ත්‍ර වැනි අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ... ඉදිකිරීම් ක්ෂේත්රයේ සහ කෘෂිකර්මයට අදාළ සුවිසල් යන්ත්‍රෝපකරණ ඇතුළු ගෙන්වා බෙදා හරින - නඩත්තු කරන යන්ත්‍රෝපකරණ හා බැඳුණු ව්‍යාපාර රැසක් Dimo තුළ තිබෙනවා. බෙන්ස් කාර් ගෙන්වන කොම්පැනිය වුණාට ලෝකෙ ඉහළම පෙළේ වාහනවල පටන් සුපිරි තත්ත්වයේ නිෂ්පාදන ගෙන්වන රටවල් හැටක මෙරට එකම ඒජන්තකරුවා Dimo.

ඔබ වඩා කැමැති ඔබේ සේවකයන් ඔබව කොහොම දකිනවටද...

සාමාන්‍ය සම්ප්රදායේ Boss කෙනෙක් හරි Leader කෙනෙක් හරි විදියට මාව දකිනවට මං පොඩ්ඩවක්වත් කැමැති නැහැ. මං කැමැති මගේ ළමයි මාව ඔවුන්ගේ Accommodator ලෙස දකිනවට. ඔවුන් වැටෙන වෙලාවට, මාව අවශ්‍ය වෙලාවට මං ඔවුන් ළඟ ඉන්නවා කියන විශ්වාසයෙනුයි ඔවුන් මා දෙස බලන්න ඕනේ.

තීන්දු තීරණ ගනිද්දි ඔබ හිතන්නෙ කොහොමද...

අත්වැරැද්දකට හැර හිතා මතා කරන වැරැදිවලටවත් බොරුවටවත් මගෙන් සමාවක් නැහැ. මං තීරණ ගන්නෙ හැම වෙලාවෙම මනුෂ්‍යත්වයට මුල්තැන දීලා. ඒත් සමහර වෙලාවට තද තීන්දු ගන්න වෙලත් තිබෙනවා.

මොකක්ද ඔබේ Management Style එක...

ඉහළ සිට පහළට හැම කෙනකුට ම මං කියන්නෙ මං ළඟට ප්‍රශ්න ගේන්න එපා. ප්‍රශ්න ගේනවා නම් ඒ එක්කම උත්තර දෙක තුනකුත් අරන් එන්න... කියලා. ඒ අය තුළින් හොඳම දේ මතුකර ගැනීමයි මගේ ක්‍රමය. මොකද හැම කෙනා තුළම වෙනස් හැකියාවන් සහ වෙනස් උත්තර තිබෙනවා.

එතකොට ඔබේ Business Style එක...

බොරු කියලා ඇණයක්වත් විකුණන්න එපා....! ඒකයි මගේ ක්‍රමය. හොඳම දේ දුන්නොත් විතරයි පාරිභෝගිකයා හැමදාම අපි එක්ක ඉන්නෙ.

හොඳ ප්‍රතිපත්ති රැකගෙන සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ.... මේ කතාවට ඔබ එකඟද....

කිසිසේත් නැහැ. බිස්නස්කාරයෙක් වුණත් සල්ලි හම්බ කරන්න ඕනෙ වගකීමක් - ප්‍රතිපත්තියක් ඇතිව පමණයි. අද මේ රට මේ තරම් පිරිහිලා තියෙන්නෙ වැරැදි විදියට සල්ලි හම්බකරන බිස්නස්කාරයො නිසා. දේශපාලකයන්ට වඩා ඔවුන් තමයි වැරැදි. තරගෙට වගේ පගාව දීලා දේශපාලකයන් නරක් කරන්නෙත් මෙහෙම අය. වැඩක් කරගන්න පගාව දීලා, මිනිස්සු නරක් කරන්න හොඳ නැහැ කියන එක මං ඉගෙන ගත්තෙ තාත්තගෙන්. කෝටි ප්‍රකෝටි ගණන් ලාබ ලැබෙන වැඩක් කිව්වත් වැරැදි බිස්නස් මං කරන්නෑ. වැරැදි වැඩ කරන්නෙත් නැහැ.

ඒ වුණාට දේශපාලනයෙන් තොරව මේ රටේ බිස්නස් කරන්න අමාරුයි නේද...

මං මගේ බිස්නස්වලට කිසිදු දේශපාලකයෙක් ගාවගන්නෙ නැහැ. හැබැයි කොයි ආණ්ඩුව ආවත් ඔළුව පාත් කරලා පිළිගන්නවා. මගේ වැෙඩ් ස්වාධීනව කරගෙන යනවා. දේශපාලන වාසි අරන් බිස්නස් දියුණු කරනවාය කියන එක අතිශය ලැජ්ජාවට කාරණාවක්.

ඩීමෝ - බට්ටා ..... මේ රටේ පෙරැළියක් කළ වාහනයක් වුණේ කොහොමද...

පොඩි ජපන් වාහනයක් අරගෙන අපි අපේ work shop එකේ ගැලෙව්වා. ඉන්දියන් ඉංජිනේරුවො ඇවිත් මේක හදාරලා ඉන්දියාවට ගිහින් Tata - Ace කියන වාහනය හැදුවා. වාහනය ආයේ අපි ළඟට ආවම මං කිව්වා, ‘අපි මේකට නමක් දාමු ‘ඩිමෝ බට්ටා’ කියලා. ‘ඉන්දියනු කාරයො තරහා වෙයි සර් නම වෙනස් කළොත්...’ අපේ අය බයවෙලා. ‘ඇඟට නොදැනි ඕක සිංහලෙන් ලියන්න...’ මං කිව්වා. අන්තිමේ නැගලා ගියේ ඒ නම. දැන් ඉන්දියාවේ කියන්නෙත් මේ නමමයි. ඩිමෝ බට්ටාගෙන් හුඟක් ම හැදුණේ පොඩි මිනිහා. අද වෙනොකට ඩිමෝ බට්ටො 50,000 ක්වත් මේ රටේ දුවනවා.

තමන්ගෙ ව්‍යාපාර අති සාර්ථකත්වයට ගෙන යන දැවැන්තයො රාජ්‍ය ආයතන බාර දුන්නම දියුණු කරන්න බැහැ කියන්නෙ ඇයි...

ඔය කියන්නෙ, මං ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂවරයෙක් වීම ගැන නම්, මට කියන්න තියෙන්නෙ මං එතැන ඉන්නෙ කැමැත්තකින් නෙවෙයි කියන එක. අඩුම තරමෙ මගේ බිරියවත් දූවත් කැමැති නැහැ දේශපාලනය ගෑවුණු තැනක මං ඉන්නවට. අනික අපේ යෝජනා ස්වාධීනව ක්‍රියාත්මක කරලා ගොඩගන්න පුළුවන් තැන් නෙවෙයි ඒවා. අරයාගෙන් අහලා - මෙයාගෙන් අහලා තවත් දහ දෙනෙකුගෙන්වත් අහලා තමයි ඒවායේ වැඩ කරන්නෙ. අපේ ව්‍යාපාරවලදි අපි හිතන්නෙ තීරණ ගන්නෙ ආයතනයේ යහපතට ප්‍රමුඛත්වය දීලා. ඒකයි රාජ්‍ය ආයතන හැමදාම පහු බහින්නෙත් පෞද්ගලික අංශය දියුණු වෙන්නෙත්.

ඔබේ ව්‍යාපාර ජීවිතයේ ලද ලොකු ම ජයග්‍රහණය කුමක් ද...

මං 1973 ට්‍රේනි කෙනෙක් විදියට මේ සමාගමට එතකොට සීයක්වත් සේවකයෝ හිටියෙ නැහැ. අද මේ රටේ දෙදහකට වැඩි පිරිසකට ඍජුව හා වක්‍රව රැකියා අවස්ථා දෙන්න මට පුළුවන් වෙලා තිබෙනවා. අපි ළඟ ඉන්න බහුතරය මෙරට විශ්ව විද්‍යාලවලින් බිහිවූ අපේ ම ඉංජිනේරුවෝ. රටට රස්සා හදමින් ආයතනයක් වැටෙන්නේ නැතිව පවත්වාගෙන යෑමයි ලොකුම ජය.

එතකොට පරාජයක් ලබලම නැද්ද...

අපිට තිබුණා බොහොම ලස්සන ඉස්තරම් ම බස් හදපු කර්මාන්තශාලාවක්. ජ’මන් තාක්ෂණයෙන් හදපු නිසා සිංගප්පූරුවට, බංග්ලාදේශයටත් අපි ඒ බස් විකිණුවා. ඒ වුණාට ලංකාවෙ ඉල්ලුමක් නැතිව ගියා. ලංකාවෙ අය ඉන්දියාවෙන් බස් ගෙන්වන්න ගත්තා. අන්තිමේ මං කොම්පැනිය වහලා දැම්මා. ඒක මිලියන ගණනක පාඩුවක්.

ජීවිතේ වැටෙන එහෙම වෙලාවට ඔබ හිතන්නෙ මොනවද...

මාව කවදාවත් කාටවත් වට්ටන්න බැහැ. වැටෙන්න වැටෙන්න මං කල්පනා කරන්නෙ හිටියට වඩා හොඳින් නැගිටින විදිය. එපා වෙන වෙලාවල් නැතුවා නෙවෙයි, එහෙම අත්දැකීම් ම තමයි ඊළඟ මොහොතෙ මට මහා පන්නරයක් ගේන්නෙ.

මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...

ඕ - ලෙවල් ‘ඇනගෙන’ වුණත් ජ’මනියට ගිය එක. ‘උගත් වුණොත් තැනක් තියෙනවා...’ ඒ දියුණු ලෝකෙ මං දැක්කෙ ජ’මනියෙදි. මට අවුරුදු 18 ලැබුවා විතරයි. කෙට්ටු හීනි කොල්ලෙක් මං. ජ’මන් වචනයක්වත් බැහැ. ඒත් මං හිතා ගත්තා කොහොම හරි ඉගෙන ගන්නවා. මං ගොඩ එනවා...! කියලා. ඒ සිතුවිල්ල විතරයි ඉස්කෝලෙ යන කෙල්ලෙකුට කොල්ලෙකුට ඔළුවට එන්න ඕනේ.

කොහේද ඔබ ඉගෙන ගත්තෙ....

කොළඹ ආනන්දයේ. මං ඕ - ලෙවල් දෙපාරක් කළා. දෙපාරම හොඳට පාස්වුණේ නැහැ. ඒ පාර තමයි තාත්තා මාව ජ’මනියට යැවුවෙ. එහෙදි තමයි ජ’මන් භාෂාවත් ඉගෙන ගෙන උසස් පෙළත් කරලා ෆාක්හෝක්ෂූලර් (Fachhochschule) ඉංජිනේරු උසස් අධ්‍යාපන ආයතනයෙන් රසායන විද්‍යා ඉංජිනේරු උපාධිය ගත්තෙ.

ඔබ පවුලේ කී වැනියද...

මල්කාන්ති අක්කට පස්සෙ ආනන්ද අයියා. ඊට පස්සෙ මං. මට පස්සෙ මොහාන් මල්ලි. ඊළඟට මන්ද්‍රි නංගී. අනිල්, ගහනාත් සහ ක්‍රිෂාන් මල්ලිලා තුන්දෙනා. මේ අයගෙන් ආනන්ද අයියාත් වැඩිකාලයක් හිටියෙ ජ’මනියෙ. මොහාන් මල්ලි හේලීස් සභාපති. මන්ද්‍රි නංගිගෙ මහත්තයත් හේලීස් හිටපු සභාපතිවරයෙක්. අනිල් මල්ලි ජ’මනියෙදි ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා. ගහනාත් Dimo සමාගමේ CEO. ක්‍රිෂාන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යවරයෙක්.

ඔබ ළමා කාලයේ දක්ෂයෙක් ද...

ළමයෙක් හැටියට මං කළ එකම දේ ඇති තරම් නටපු - දඟලපු එක විතරයි. ඒ නිසා ම හුඟක් ක්‍රීඩා කළා. ගෙදරදි නම් මං වැඩියෙන් ම ගහගත්තෙ මොහාන් මල්ලි එක්ක. දවසක් ක්‍රිකට් ගහන්න ගිහින් මං එයාට බෝල් කළා. එයා අවුට් වුණා. එයාට තරහා ගිහින් මට බෝල් නොකර යන්න ගියා. ළඟ තිබුණු ටින් කබලකින් මං එයාට දමලා ගැහුවා. මල්ලිගෙ ඔළුව පැළුණා. තරහට කළාට පස්සෙ මට හරි දුකයි. හිතාගන්න පුළුවන්ද ඒ ළමා කාලෙ මං මොන විදියෙ දරුවෙක්ද කියලා.

ඔබට තිබුණු හීන අරමුණු මොනවද...

මං සත්තුන්ට ආස නිසා ඒ කාලෙ ෆාම් එකක් දාන්න ඕනෙ කියලා ආසා වුණා. ඕ ලෙවල් පන්තියට එනකොට ඩොක්ට කෙනෙක් වෙන්න ඕනෙ කියලා හිතුවා. ඒ වුණාට ඕ ලෙවල් හොඳට නොකළ නිසා ඒ හීනෙ මගෙන් අතෑරුණා. තාත්තගෙ යාළුවො හිටියෙ ජ’මනියෙ. තාත්තා මාව ‘හැදිලා එන්න’ කියලා ජ’මනියට යැවුවා.

ආනන්දෙට ගිහිල්ලත් ඔහොම වුණාම අම්මා තාත්තා ගුරුවරු ඔබට දොස් කිව්වෙ නැද්ද

අම්මා - තාත්තා බැන්නෙ නැහැ. මගේ අක්කා තමයි මං පස්සෙ පන්නන්නේ. ගුරුවරු නම් දැනගෙන හිටියා මං පිස්සා කියලා. එක සර් කෙනෙක් නම් දවසක් මට කිව්වා, ‘ළමයො උඹ නම් හැදෙන එෙකක් නෙවෙයි, ගිහින් තාත්තගෙ කොම්පැනියෙ ඇණ මුරිච්චි තද කරපං...’ කියලා.

ඔබේ තාත්තට සල්ලි තිබුණු නිසා ඔබ ජ’මනියෙ ඉගෙන ගත්තා... කාට හරි එහෙම හිතුණොත්...

මං එහෙ ගියාට තව දරුවො හත් දෙනෙක් පවුලෙ හිටියා. තාත්තට කරදර කරන්න මට හිතුණෙ නැහැ. මං දන්නවා තාත්තා වියදම් කළේ අමාරුවෙන්. මං යුනිවර්සිටි රෝහලේ ඇටෙන්ඩන් රස්සාවක් හොයාගත්තා. හැන්දෑවෙ හයේ ඉඳන් උදේ හය වෙනකල් ඒ වැඩේ කළා. තව පොඩි පොඩි රස්සාවල් හුඟක් කළා. ගොඩ එන්න ඕනෙ කියන සිතුවිල්ල ආ දා පටන් මං මා විසින් ම ගොඩනැඟුණා.

තියෙන කියන පවුලක දරුවෙක්... ජීවිතයේ දුක් අමාරුකම්.. අරපිරිමැස්ම කවදා හෝ දැනිලා තියෙනවද...

තිබුණු පලියට තාත්තා කිසි දෙයක් වැඩිපුර දුන්නෙ නැහැ. අක්කා පාවිච්චි කරපු අච්චු පොත් අයියට. අයියගෙන් පස්සෙ මට. මගෙන් පස්සෙ මොහාන් මල්ලිට. බ්‍රවුන් පේපර් කවර දම දමා අපි ඒවා පාවිච්චි කළා. ඇඳුම් වුණත්, අයියලාට පොඩිවන ඇඳුම් මල්ලිලා ඇඳිය යුතු වුණා. රුපියල් දෙකටත් ටිකට් තිබුණට රගර් මැච් බලන්න තාත්තා අපිට දුන්නෙ සත පණහයි. අපි බැලුවෙ සත පණහේ ටිකට්වලින්.

කොල්ලො හය දෙනෙක්, කෙල්ලො දෙන්නෙක් හිටපු ගෙදරක්. යුද පිටියක් වගේ තියෙන්න ඇති...

එහෙමම නැහැ. කළුබෝවිල තාත්තගෙ ඒ මහගෙදර අපේ පවුලයි, තාත්තගෙ අයියා - අක්කා අම්මා මේ හැමෝමත් හිටියා. ඔක්කොම විස්සක් විතර. තව හරක් තුන්දෙනෙකුත් හිටියා. මං කිරිත් දෙව්වා. පොල් ගස් නැගලා පොලුත් කැඩුවා. ඒක පවුලක් හැටියට ගෙවපු ලස්සන අතීතයක්.

දෙමවුපියන්ගෙන් ඔබේ ජීවිතයට

ලැබුණු දේ මොනවද...

අදත් මට හිතාගන්න බැහැ. අම්මා මහා විශාල පවුලක් බැලන්ස් කළේ කොහොමද කියලා. මං හිතන්නෙ ඒ ඉවසිමේ ගුණය මටත් ආවේ අම්මගෙන්. අවංකව විනයක් ඇතිව වැඩ කිරීමේ සහ මනුස්සයෝ හැටියට ජීවත්වීමේ ගුණය ලැබුණෙ තාත්තගෙන්.

ඔය කියන සියලු ගති ඔබේ ජීවිතයට එකතු වුණේ අවවාද හැටියට ද... ජීවිත පාඩම් හැටියට ද...

මම ට්‍රේනි කෙනෙක් හැටියට වැඩ කළ කාලේ මං ගියේ අපේ කාර්මාන්තශාලාවෙ සාමාන්‍ය සේවක ටොයිලට් එකට. දවසක් ඒකෙ ලොකු ඌරු මීයෙක් හිටියා. මං තාත්තා ළඟට ගිහින් ඩිරෙක්ටර්ස් ටොයිලට් එකේ යතුර ඉල්ලුවා. තාත්තා දුන්නෑ. මං විස්තරේ කිව්වා. ‘ඔයාට යන්න බැරි නම් වෙන අයටත් යන්න බැහැනේ. වහාම මේ දැන් ඒක හදලා සුද්ද කරවන්න...’ කිව්වා. ඒ මොහොතෙ හිතට තරහක් ආවට ඉවසීමෙන් හිතුවම මට තේරුණා තාත්තා කියූ දේ තමයි ඇත්ත....

දවසක් උදාවෙලා, ඔබ නැගිටපු ගමන් හිතන්නෙත් වාහන ගැනද...

අඩේ! මට තව දවසක් ජීවත් වෙන්න ලැබිලනේ!... කියලා. මං ඒ ගැනයි සතුටු වෙන්නේ. මොකද මොන සල්ලි ගොඩේ හිටියත් මොහොතින් මොහොත මරණෙට යනවා කියලා හිතන කෙනෙක් මම. ඒ නිසා උදේ ඇහැරෙනකොට මම ජීවත්ව සිටීම ගැනයි මම මවිත වෙන්නේ.

ඔබේ රස්සාව නිසා ගෙදර ජීවිතය නැති කර ගත් කෙනෙක්ද....

දවසේ වැඩි හරියක් මං රාජකාරියට ගත කරන එක ඇත්ත. නමුත් පවුලක් හැටියට අපි එකම කෑම වේලක් හරි එකට ගන්නවා. ජීවිතය සහ මගේ කාර්යබහුලත්වය තේරුම් ගත් බිරියක් මට ඉන්නේ. මගේ දූයි පුතයි විවාහ වෙලා. පුතා මා එක්ක වැඩ. අපි සතුටින් ජීවිතය බෙදා ගන්න පවුලක්.

ආගමත් එක්ක ඔබට තිබෙන්නෙ කොහොම බැඳීමක් ද...

හැම දවසකම උදේ නැගිට්ටම රතන සූත්‍රයයි කරණීය මෙත්ත සූත්‍රයයි කියනවා. බුද්ධ පූජාව තියලා දවස අරඹනවා. පුළුවන් තරම් හොඳින් දවස ගත කරන්න උත්සාහ කරනවා. ඒත් හැම දවසකම අත්හළ නොහැකි ව්‍යාපාර සාද තිබෙනවා. ඒ නිසා දවසම හොඳට හිටියත් පාටි නිසා රෑට නම් ටිකක් නරක් වෙනවා. මොන දේ වුණත් මගේ හිත නිවා පහන් කරන එකම තැන ගංගාරාම පන්සල.

ඔබට වාහන ඕනෙ තරම්. නිතර වාහන මාරු කරනවද...

තිබුණට එහෙම ආසාවක් මට නැහැ. අවුරුදු හැට පිරුණම තමයි මම මර්සඩීස් ‘S’ ක්ලාස් වාහනයක් පැද්දේ. ඒකත් මට සමාගමෙන් දුන්නු නිසා. එතකල් පැද්දෙ ‘E’ ක්ලාස් එකක්. රෝද හතර කරකැවෙනවා නම් මට ඇති.

ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම දේ කියන්න...

මොන ප්‍රශ්න බාධක ආවත් ජීවිතේ ඉස්සරහට තියපු අඩිය මං ආපස්සට ගන්නෑ. තාවකාලික පසු බැසීම් තිබුණත් ආපහු මං වැඩ කරන්නෙ මගේ ඉලක්කය වෙනුවෙන්. අනික තමයි, සභාපති කෙනෙක් හැටියට හරි පුද්ගලයන් පමණක් හරි තැන්වල ස්ථානගත කළ යුතුයි. ඒක සීත කාමරේකට වෙලා ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මා ඔවුන් සමඟ සිටින ඔවුන් සමඟ වැඩකරන සභාපති කෙනෙක්. ඒක තමයි සමාගමක සාර්ථකත්වයේ ලොකුම රහස.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඡායාරූප - ශාන් රූපස්සර

[QUOTE="radika0000, post: 20400006, member: 359875"] [b]Dimo ලොක්කාගේ ජිවිත කතාව[/b] [SIZE="6"][SIZE="6"]Dimo chairman / MD ….. මේ හැර ඔබව හැඳින්විය හැකි තවත් විධි තිබෙනවද... ඔව්. Dimo කියන්නෙ ගෝත්‍රයක්. මම ඒ ගෝත්‍රයේ නායකයා. ගෝත්‍ර නායකයකුට සිය ගෝත්‍රයේ ම බර දැනෙනවා. මටත් එහෙමයි. නමුත් ගෝත්‍රයෙන් පිට මම බොහොම සරල සැහැල්ලු මනුස්සයෙක්. ජීවිතය විඳින්න කැමැති කෙනෙක්. දියුණු වෙච්චි හුඟක් සමාගම් කියන්නෙ, සාමූහික වැඩකිරීමකින් ආ ගමනක්. Team work එකක්.... කියලා. ඇයි ඔබ විතරක් වෙනස් කතාවක්... Team work වලදි කවුරුත් වැඩ කළා. ගෙදර ගියා. බැඳීමක් නැහැ. ඒක ඒ වෙලාවට කරන මෙහෙයුමක් විතරයි. නමුත් පවුලක් - ගෝත්‍රයක් වෙනස්. ඔවුන් ඊට වඩා සිතිය යුතු දේ තිබෙනවා. ඇඟෙන් එන උණක් ඒ ගෝත්‍රයේ හැමෝට ම තිබෙනවා. ගෝත්‍රයක් කොහොමද සුවිසල් සමාගමකට ඈඳන්නේ... ආදේශ කරන්නේ... ඒ තුළ සංස්කෘතියක් තිබෙනවා. බැඳීමක් තිබෙනවා. ඒ වගේමයි, මේ සමාගමේ කම්කරුවාගේ පටන් කොටස් හිමියන්.... හාම්පුතුන්... සේවකයන්... පාරිභෝගිකයන් හා පරිසරය කියන සියලු කාරණා විෂයෙහි අපිට තිබෙන්නේ බරපතළ වගකීමක්. අපි ඔවුන් බලාගන්නට බැඳී සිටිනවා. අවුරුදු 74ක් මේ සමාගම ඉදිරියට ආවේ එහෙමයි. Dimo කියන්නේ පවුලේ ව්‍යාපාරයක්ද... මේක කොටස් හිමියෝ තුන්දාහකට විතර අයිති public සමාගමක්. නමුත් තාත්තට වැඩි කොටස් අයිතිය තිබුණු නිසා දැනුත් අපේ පවුලට තමයි වැඩි අයිතිය. මගේ අතට Batton එක හම්බවුණාම මොළේ කල්පනා කරලා ටිකෙන් ටික තව තවත් දියුණු වුණා. තාත්තගේ දරුවො වගේ ම ඒ අයගෙ දරුවොත් දැන් මෙහි අධ්යක්ෂ මණ්ඩලයේ ඉන්නවා. ඊට අමතරව මේ රටේ විද්වතුන් කිහිපදෙනෙකුත් අධ්යක්ෂ මණ්ඩලයේ වැඩ කරනවා. තාත්තගෙන් ඔබට මේ උරුමය ලැබෙනකොට ඔබට වයස කීයද... තාත්තා මට මේ සමාගමේ රස්සාව දුන්නෑ. මං කෙමිකල් ඉංජිනේරුවෙක් වෙලා ලංකාවට ආවට පස්සෙ පුහුණුවන්නෙක් හැටියට මට Dimo එකේ රස්සාව දුන්නෙ ජ’මන් ජාතික විලර්ස් මහත්මයා. ඒ කාලෙ ජ’මන් ජාතිකයන් සියයට තිහකට කොටස් අයිතිය තිබුණු නිසා, ජ’මන් ඉංජිනේරුවොත් මෙහෙ වැඩ කළා. විලර්ස් කියන්නෙත් එහෙම කෙනෙක්. ඒ වගේ ම තාත්තගෙ යාළුවෙක්. ඉතින් මං රස්සාව බාර ගත්තා. එහෙම ආපු ඔබ කොහොමද දවසක මේ සමාගමේ සභාපති වුණේ... වැඩ කරලා. වැඩ පෙන්වලා. මං කෙමිකල් ඉංජිනේරුවෙක් වුණාට මේ ක්ෂේත්රයේ කොයි වැඩෙත් කළා. ඒ කාලෙ හිටි ජ’මන් ඉංජිනේරුවන්ට මාව නැතිව බැරි චරිතයක් වුණා. මජං ගාගෙන කරන වැඩත් මං කළා. 1977 මාව අධ්යක්ෂ මණ්ඩලයට යෝජනා කළේ සියලු දෙනාමයි. පියවරෙන් පියවර ඔහොම උඩට ඇවිත් තමයි දවසක මේ තනතුරට පත් වුණේ. Dimo සමාගමේ ඉතිහාසය කෙටියෙන් කියන්න... ස්ටෙෆාන් පීරිස්, සිරිල් අල්ගම, හැරල්ඩ් අල්ගම සහ ඇලෙක්සැන්ඩර් පණ්ඩිතගේ (මගේ තාත්තා), මිත්‍රයො හතර දෙනෙක්. මේ හතර දෙනා F.K. Heller කියන ජ’මන් ජාතිකයා ළඟ වැඩ කළා. ඔහු කළේ ජ’මනියෙන් Mercedes Benz, Bosch, Siemen කියන Brands මෙරටට ගෙන්වා විකිණීම හා නඩත්තුව. 1939 ලෝක යුද්දෙදි ඔහු හිරේට යැවෙනවා. පසුකාලීනව ලෝකෙ තවත් රටවල ව්‍යාපාර ඇරලා. ආපහු ලංකාවට එනකොට දකිනවා, සිය ගෝලයෝ හතරදෙනා Dimo නමින් පොඩියට ව්‍යාපාරයක් අරඹලා වග. ඔහුත් මේ ව්‍යාපාරයට උදව් කරනවා. ඔහු හරහා යළි ජ’මන් නිෂ්පාදන Dimo වෙතින් විකිණෙනවා. එහෙම දලු දාපු සමාගමක් මේක. ලංකාවේ හොඳම ආයතනික වාර්ෂික වාර්තාව හිමි සමාගම දක්වා ඒ ගමන ඇවිත්. එතකොට Dimo කියන්නෙ වාහන එක්ක පමණක් බැඳුණු නමක් ද... නැහැ. දවසකට කිහිප වරක්වත් මේ රටේ මිනිසුන්ගෙ ජීවිතය ස්පර්ශ කරන ඔවුන් හා බැඳී සිටින සමාගමක්. ගමනක් යන්න පාරට බැස්සොත් ඔබට හමුවන්නෙ ටාටා බස් එකක්. සමහරවිට ඔබේ ගෙදර එළිය කරන්නෙ ඔස්රම් බ්ල්බ් එකක් වෙන්න පුළුවනි. මේ රටේ බහුතර පුද්ගලික රෝහල්වල MRI හා CT ස්කෑන් එක්ස් රේ යන්ත්‍ර වැනි අධි තාක්ෂණික වෛද්‍ය උපකරණ... ඉදිකිරීම් ක්ෂේත්රයේ සහ කෘෂිකර්මයට අදාළ සුවිසල් යන්ත්‍රෝපකරණ ඇතුළු ගෙන්වා බෙදා හරින - නඩත්තු කරන යන්ත්‍රෝපකරණ හා බැඳුණු ව්‍යාපාර රැසක් Dimo තුළ තිබෙනවා. බෙන්ස් කාර් ගෙන්වන කොම්පැනිය වුණාට ලෝකෙ ඉහළම පෙළේ වාහනවල පටන් සුපිරි තත්ත්වයේ නිෂ්පාදන ගෙන්වන රටවල් හැටක මෙරට එකම ඒජන්තකරුවා Dimo. ඔබ වඩා කැමැති ඔබේ සේවකයන් ඔබව කොහොම දකිනවටද... සාමාන්‍ය සම්ප්රදායේ Boss කෙනෙක් හරි Leader කෙනෙක් හරි විදියට මාව දකිනවට මං පොඩ්ඩවක්වත් කැමැති නැහැ. මං කැමැති මගේ ළමයි මාව ඔවුන්ගේ Accommodator ලෙස දකිනවට. ඔවුන් වැටෙන වෙලාවට, මාව අවශ්‍ය වෙලාවට මං ඔවුන් ළඟ ඉන්නවා කියන විශ්වාසයෙනුයි ඔවුන් මා දෙස බලන්න ඕනේ. තීන්දු තීරණ ගනිද්දි ඔබ හිතන්නෙ කොහොමද... අත්වැරැද්දකට හැර හිතා මතා කරන වැරැදිවලටවත් බොරුවටවත් මගෙන් සමාවක් නැහැ. මං තීරණ ගන්නෙ හැම වෙලාවෙම මනුෂ්‍යත්වයට මුල්තැන දීලා. ඒත් සමහර වෙලාවට තද තීන්දු ගන්න වෙලත් තිබෙනවා. මොකක්ද ඔබේ Management Style එක... ඉහළ සිට පහළට හැම කෙනකුට ම මං කියන්නෙ මං ළඟට ප්‍රශ්න ගේන්න එපා. ප්‍රශ්න ගේනවා නම් ඒ එක්කම උත්තර දෙක තුනකුත් අරන් එන්න... කියලා. ඒ අය තුළින් හොඳම දේ මතුකර ගැනීමයි මගේ ක්‍රමය. මොකද හැම කෙනා තුළම වෙනස් හැකියාවන් සහ වෙනස් උත්තර තිබෙනවා. එතකොට ඔබේ Business Style එක... බොරු කියලා ඇණයක්වත් විකුණන්න එපා....! ඒකයි මගේ ක්‍රමය. හොඳම දේ දුන්නොත් විතරයි පාරිභෝගිකයා හැමදාම අපි එක්ක ඉන්නෙ. හොඳ ප්‍රතිපත්ති රැකගෙන සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න බැහැ.... මේ කතාවට ඔබ එකඟද.... කිසිසේත් නැහැ. බිස්නස්කාරයෙක් වුණත් සල්ලි හම්බ කරන්න ඕනෙ වගකීමක් - ප්‍රතිපත්තියක් ඇතිව පමණයි. අද මේ රට මේ තරම් පිරිහිලා තියෙන්නෙ වැරැදි විදියට සල්ලි හම්බකරන බිස්නස්කාරයො නිසා. දේශපාලකයන්ට වඩා ඔවුන් තමයි වැරැදි. තරගෙට වගේ පගාව දීලා දේශපාලකයන් නරක් කරන්නෙත් මෙහෙම අය. වැඩක් කරගන්න පගාව දීලා, මිනිස්සු නරක් කරන්න හොඳ නැහැ කියන එක මං ඉගෙන ගත්තෙ තාත්තගෙන්. කෝටි ප්‍රකෝටි ගණන් ලාබ ලැබෙන වැඩක් කිව්වත් වැරැදි බිස්නස් මං කරන්නෑ. වැරැදි වැඩ කරන්නෙත් නැහැ. ඒ වුණාට දේශපාලනයෙන් තොරව මේ රටේ බිස්නස් කරන්න අමාරුයි නේද... මං මගේ බිස්නස්වලට කිසිදු දේශපාලකයෙක් ගාවගන්නෙ නැහැ. හැබැයි කොයි ආණ්ඩුව ආවත් ඔළුව පාත් කරලා පිළිගන්නවා. මගේ වැෙඩ් ස්වාධීනව කරගෙන යනවා. දේශපාලන වාසි අරන් බිස්නස් දියුණු කරනවාය කියන එක අතිශය ලැජ්ජාවට කාරණාවක්. ඩීමෝ - බට්ටා ..... මේ රටේ පෙරැළියක් කළ වාහනයක් වුණේ කොහොමද... පොඩි ජපන් වාහනයක් අරගෙන අපි අපේ work shop එකේ ගැලෙව්වා. ඉන්දියන් ඉංජිනේරුවො ඇවිත් මේක හදාරලා ඉන්දියාවට ගිහින් Tata - Ace කියන වාහනය හැදුවා. වාහනය ආයේ අපි ළඟට ආවම මං කිව්වා, ‘අපි මේකට නමක් දාමු ‘ඩිමෝ බට්ටා’ කියලා. ‘ඉන්දියනු කාරයො තරහා වෙයි සර් නම වෙනස් කළොත්...’ අපේ අය බයවෙලා. ‘ඇඟට නොදැනි ඕක සිංහලෙන් ලියන්න...’ මං කිව්වා. අන්තිමේ නැගලා ගියේ ඒ නම. දැන් ඉන්දියාවේ කියන්නෙත් මේ නමමයි. ඩිමෝ බට්ටාගෙන් හුඟක් ම හැදුණේ පොඩි මිනිහා. අද වෙනොකට ඩිමෝ බට්ටො 50,000 ක්වත් මේ රටේ දුවනවා. තමන්ගෙ ව්‍යාපාර අති සාර්ථකත්වයට ගෙන යන දැවැන්තයො රාජ්‍ය ආයතන බාර දුන්නම දියුණු කරන්න බැහැ කියන්නෙ ඇයි... ඔය කියන්නෙ, මං ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂවරයෙක් වීම ගැන නම්, මට කියන්න තියෙන්නෙ මං එතැන ඉන්නෙ කැමැත්තකින් නෙවෙයි කියන එක. අඩුම තරමෙ මගේ බිරියවත් දූවත් කැමැති නැහැ දේශපාලනය ගෑවුණු තැනක මං ඉන්නවට. අනික අපේ යෝජනා ස්වාධීනව ක්‍රියාත්මක කරලා ගොඩගන්න පුළුවන් තැන් නෙවෙයි ඒවා. අරයාගෙන් අහලා - මෙයාගෙන් අහලා තවත් දහ දෙනෙකුගෙන්වත් අහලා තමයි ඒවායේ වැඩ කරන්නෙ. අපේ ව්‍යාපාරවලදි අපි හිතන්නෙ තීරණ ගන්නෙ ආයතනයේ යහපතට ප්‍රමුඛත්වය දීලා. ඒකයි රාජ්‍ය ආයතන හැමදාම පහු බහින්නෙත් පෞද්ගලික අංශය දියුණු වෙන්නෙත්. ඔබේ ව්‍යාපාර ජීවිතයේ ලද ලොකු ම ජයග්‍රහණය කුමක් ද... මං 1973 ට්‍රේනි කෙනෙක් විදියට මේ සමාගමට එතකොට සීයක්වත් සේවකයෝ හිටියෙ නැහැ. අද මේ රටේ දෙදහකට වැඩි පිරිසකට ඍජුව හා වක්‍රව රැකියා අවස්ථා දෙන්න මට පුළුවන් වෙලා තිබෙනවා. අපි ළඟ ඉන්න බහුතරය මෙරට විශ්ව විද්‍යාලවලින් බිහිවූ අපේ ම ඉංජිනේරුවෝ. රටට රස්සා හදමින් ආයතනයක් වැටෙන්නේ නැතිව පවත්වාගෙන යෑමයි ලොකුම ජය. එතකොට පරාජයක් ලබලම නැද්ද... අපිට තිබුණා බොහොම ලස්සන ඉස්තරම් ම බස් හදපු කර්මාන්තශාලාවක්. ජ’මන් තාක්ෂණයෙන් හදපු නිසා සිංගප්පූරුවට, බංග්ලාදේශයටත් අපි ඒ බස් විකිණුවා. ඒ වුණාට ලංකාවෙ ඉල්ලුමක් නැතිව ගියා. ලංකාවෙ අය ඉන්දියාවෙන් බස් ගෙන්වන්න ගත්තා. අන්තිමේ මං කොම්පැනිය වහලා දැම්මා. ඒක මිලියන ගණනක පාඩුවක්. ජීවිතේ වැටෙන එහෙම වෙලාවට ඔබ හිතන්නෙ මොනවද... මාව කවදාවත් කාටවත් වට්ටන්න බැහැ. වැටෙන්න වැටෙන්න මං කල්පනා කරන්නෙ හිටියට වඩා හොඳින් නැගිටින විදිය. එපා වෙන වෙලාවල් නැතුවා නෙවෙයි, එහෙම අත්දැකීම් ම තමයි ඊළඟ මොහොතෙ මට මහා පන්නරයක් ගේන්නෙ. මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය... ඕ - ලෙවල් ‘ඇනගෙන’ වුණත් ජ’මනියට ගිය එක. ‘උගත් වුණොත් තැනක් තියෙනවා...’ ඒ දියුණු ලෝකෙ මං දැක්කෙ ජ’මනියෙදි. මට අවුරුදු 18 ලැබුවා විතරයි. කෙට්ටු හීනි කොල්ලෙක් මං. ජ’මන් වචනයක්වත් බැහැ. ඒත් මං හිතා ගත්තා කොහොම හරි ඉගෙන ගන්නවා. මං ගොඩ එනවා...! කියලා. ඒ සිතුවිල්ල විතරයි ඉස්කෝලෙ යන කෙල්ලෙකුට කොල්ලෙකුට ඔළුවට එන්න ඕනේ. කොහේද ඔබ ඉගෙන ගත්තෙ.... කොළඹ ආනන්දයේ. මං ඕ - ලෙවල් දෙපාරක් කළා. දෙපාරම හොඳට පාස්වුණේ නැහැ. ඒ පාර තමයි තාත්තා මාව ජ’මනියට යැවුවෙ. එහෙදි තමයි ජ’මන් භාෂාවත් ඉගෙන ගෙන උසස් පෙළත් කරලා ෆාක්හෝක්ෂූලර් (Fachhochschule) ඉංජිනේරු උසස් අධ්‍යාපන ආයතනයෙන් රසායන විද්‍යා ඉංජිනේරු උපාධිය ගත්තෙ. ඔබ පවුලේ කී වැනියද... මල්කාන්ති අක්කට පස්සෙ ආනන්ද අයියා. ඊට පස්සෙ මං. මට පස්සෙ මොහාන් මල්ලි. ඊළඟට මන්ද්‍රි නංගී. අනිල්, ගහනාත් සහ ක්‍රිෂාන් මල්ලිලා තුන්දෙනා. මේ අයගෙන් ආනන්ද අයියාත් වැඩිකාලයක් හිටියෙ ජ’මනියෙ. මොහාන් මල්ලි හේලීස් සභාපති. මන්ද්‍රි නංගිගෙ මහත්තයත් හේලීස් හිටපු සභාපතිවරයෙක්. අනිල් මල්ලි ජ’මනියෙදි ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා. ගහනාත් Dimo සමාගමේ CEO. ක්‍රිෂාන් ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍යවරයෙක්. ඔබ ළමා කාලයේ දක්ෂයෙක් ද... ළමයෙක් හැටියට මං කළ එකම දේ ඇති තරම් නටපු - දඟලපු එක විතරයි. ඒ නිසා ම හුඟක් ක්‍රීඩා කළා. ගෙදරදි නම් මං වැඩියෙන් ම ගහගත්තෙ මොහාන් මල්ලි එක්ක. දවසක් ක්‍රිකට් ගහන්න ගිහින් මං එයාට බෝල් කළා. එයා අවුට් වුණා. එයාට තරහා ගිහින් මට බෝල් නොකර යන්න ගියා. ළඟ තිබුණු ටින් කබලකින් මං එයාට දමලා ගැහුවා. මල්ලිගෙ ඔළුව පැළුණා. තරහට කළාට පස්සෙ මට හරි දුකයි. හිතාගන්න පුළුවන්ද ඒ ළමා කාලෙ මං මොන විදියෙ දරුවෙක්ද කියලා. ඔබට තිබුණු හීන අරමුණු මොනවද... මං සත්තුන්ට ආස නිසා ඒ කාලෙ ෆාම් එකක් දාන්න ඕනෙ කියලා ආසා වුණා. ඕ ලෙවල් පන්තියට එනකොට ඩොක්ට කෙනෙක් වෙන්න ඕනෙ කියලා හිතුවා. ඒ වුණාට ඕ ලෙවල් හොඳට නොකළ නිසා ඒ හීනෙ මගෙන් අතෑරුණා. තාත්තගෙ යාළුවො හිටියෙ ජ’මනියෙ. තාත්තා මාව ‘හැදිලා එන්න’ කියලා ජ’මනියට යැවුවා. ආනන්දෙට ගිහිල්ලත් ඔහොම වුණාම අම්මා තාත්තා ගුරුවරු ඔබට දොස් කිව්වෙ නැද්ද අම්මා - තාත්තා බැන්නෙ නැහැ. මගේ අක්කා තමයි මං පස්සෙ පන්නන්නේ. ගුරුවරු නම් දැනගෙන හිටියා මං පිස්සා කියලා. එක සර් කෙනෙක් නම් දවසක් මට කිව්වා, ‘ළමයො උඹ නම් හැදෙන එෙකක් නෙවෙයි, ගිහින් තාත්තගෙ කොම්පැනියෙ ඇණ මුරිච්චි තද කරපං...’ කියලා. ඔබේ තාත්තට සල්ලි තිබුණු නිසා ඔබ ජ’මනියෙ ඉගෙන ගත්තා... කාට හරි එහෙම හිතුණොත්... මං එහෙ ගියාට තව දරුවො හත් දෙනෙක් පවුලෙ හිටියා. තාත්තට කරදර කරන්න මට හිතුණෙ නැහැ. මං දන්නවා තාත්තා වියදම් කළේ අමාරුවෙන්. මං යුනිවර්සිටි රෝහලේ ඇටෙන්ඩන් රස්සාවක් හොයාගත්තා. හැන්දෑවෙ හයේ ඉඳන් උදේ හය වෙනකල් ඒ වැඩේ කළා. තව පොඩි පොඩි රස්සාවල් හුඟක් කළා. ගොඩ එන්න ඕනෙ කියන සිතුවිල්ල ආ දා පටන් මං මා විසින් ම ගොඩනැඟුණා. තියෙන කියන පවුලක දරුවෙක්... ජීවිතයේ දුක් අමාරුකම්.. අරපිරිමැස්ම කවදා හෝ දැනිලා තියෙනවද... තිබුණු පලියට තාත්තා කිසි දෙයක් වැඩිපුර දුන්නෙ නැහැ. අක්කා පාවිච්චි කරපු අච්චු පොත් අයියට. අයියගෙන් පස්සෙ මට. මගෙන් පස්සෙ මොහාන් මල්ලිට. බ්‍රවුන් පේපර් කවර දම දමා අපි ඒවා පාවිච්චි කළා. ඇඳුම් වුණත්, අයියලාට පොඩිවන ඇඳුම් මල්ලිලා ඇඳිය යුතු වුණා. රුපියල් දෙකටත් ටිකට් තිබුණට රගර් මැච් බලන්න තාත්තා අපිට දුන්නෙ සත පණහයි. අපි බැලුවෙ සත පණහේ ටිකට්වලින්. කොල්ලො හය දෙනෙක්, කෙල්ලො දෙන්නෙක් හිටපු ගෙදරක්. යුද පිටියක් වගේ තියෙන්න ඇති... එහෙමම නැහැ. කළුබෝවිල තාත්තගෙ ඒ මහගෙදර අපේ පවුලයි, තාත්තගෙ අයියා - අක්කා අම්මා මේ හැමෝමත් හිටියා. ඔක්කොම විස්සක් විතර. තව හරක් තුන්දෙනෙකුත් හිටියා. මං කිරිත් දෙව්වා. පොල් ගස් නැගලා පොලුත් කැඩුවා. ඒක පවුලක් හැටියට ගෙවපු ලස්සන අතීතයක්. දෙමවුපියන්ගෙන් ඔබේ ජීවිතයට ලැබුණු දේ මොනවද... අදත් මට හිතාගන්න බැහැ. අම්මා මහා විශාල පවුලක් බැලන්ස් කළේ කොහොමද කියලා. මං හිතන්නෙ ඒ ඉවසිමේ ගුණය මටත් ආවේ අම්මගෙන්. අවංකව විනයක් ඇතිව වැඩ කිරීමේ සහ මනුස්සයෝ හැටියට ජීවත්වීමේ ගුණය ලැබුණෙ තාත්තගෙන්. ඔය කියන සියලු ගති ඔබේ ජීවිතයට එකතු වුණේ අවවාද හැටියට ද... ජීවිත පාඩම් හැටියට ද... මම ට්‍රේනි කෙනෙක් හැටියට වැඩ කළ කාලේ මං ගියේ අපේ කාර්මාන්තශාලාවෙ සාමාන්‍ය සේවක ටොයිලට් එකට. දවසක් ඒකෙ ලොකු ඌරු මීයෙක් හිටියා. මං තාත්තා ළඟට ගිහින් ඩිරෙක්ටර්ස් ටොයිලට් එකේ යතුර ඉල්ලුවා. තාත්තා දුන්නෑ. මං විස්තරේ කිව්වා. ‘ඔයාට යන්න බැරි නම් වෙන අයටත් යන්න බැහැනේ. වහාම මේ දැන් ඒක හදලා සුද්ද කරවන්න...’ කිව්වා. ඒ මොහොතෙ හිතට තරහක් ආවට ඉවසීමෙන් හිතුවම මට තේරුණා තාත්තා කියූ දේ තමයි ඇත්ත.... දවසක් උදාවෙලා, ඔබ නැගිටපු ගමන් හිතන්නෙත් වාහන ගැනද... අඩේ! මට තව දවසක් ජීවත් වෙන්න ලැබිලනේ!... කියලා. මං ඒ ගැනයි සතුටු වෙන්නේ. මොකද මොන සල්ලි ගොඩේ හිටියත් මොහොතින් මොහොත මරණෙට යනවා කියලා හිතන කෙනෙක් මම. ඒ නිසා උදේ ඇහැරෙනකොට මම ජීවත්ව සිටීම ගැනයි මම මවිත වෙන්නේ. ඔබේ රස්සාව නිසා ගෙදර ජීවිතය නැති කර ගත් කෙනෙක්ද.... දවසේ වැඩි හරියක් මං රාජකාරියට ගත කරන එක ඇත්ත. නමුත් පවුලක් හැටියට අපි එකම කෑම වේලක් හරි එකට ගන්නවා. ජීවිතය සහ මගේ කාර්යබහුලත්වය තේරුම් ගත් බිරියක් මට ඉන්නේ. මගේ දූයි පුතයි විවාහ වෙලා. පුතා මා එක්ක වැඩ. අපි සතුටින් ජීවිතය බෙදා ගන්න පවුලක්. ආගමත් එක්ක ඔබට තිබෙන්නෙ කොහොම බැඳීමක් ද... හැම දවසකම උදේ නැගිට්ටම රතන සූත්‍රයයි කරණීය මෙත්ත සූත්‍රයයි කියනවා. බුද්ධ පූජාව තියලා දවස අරඹනවා. පුළුවන් තරම් හොඳින් දවස ගත කරන්න උත්සාහ කරනවා. ඒත් හැම දවසකම අත්හළ නොහැකි ව්‍යාපාර සාද තිබෙනවා. ඒ නිසා දවසම හොඳට හිටියත් පාටි නිසා රෑට නම් ටිකක් නරක් වෙනවා. මොන දේ වුණත් මගේ හිත නිවා පහන් කරන එකම තැන ගංගාරාම පන්සල. ඔබට වාහන ඕනෙ තරම්. නිතර වාහන මාරු කරනවද... තිබුණට එහෙම ආසාවක් මට නැහැ. අවුරුදු හැට පිරුණම තමයි මම මර්සඩීස් ‘S’ ක්ලාස් වාහනයක් පැද්දේ. ඒකත් මට සමාගමෙන් දුන්නු නිසා. එතකල් පැද්දෙ ‘E’ ක්ලාස් එකක්. රෝද හතර කරකැවෙනවා නම් මට ඇති. ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳ ම දේ කියන්න... මොන ප්‍රශ්න බාධක ආවත් ජීවිතේ ඉස්සරහට තියපු අඩිය මං ආපස්සට ගන්නෑ. තාවකාලික පසු බැසීම් තිබුණත් ආපහු මං වැඩ කරන්නෙ මගේ ඉලක්කය වෙනුවෙන්. අනික තමයි, සභාපති කෙනෙක් හැටියට හරි පුද්ගලයන් පමණක් හරි තැන්වල ස්ථානගත කළ යුතුයි. ඒක සීත කාමරේකට වෙලා ඉඳන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මා ඔවුන් සමඟ සිටින ඔවුන් සමඟ වැඩකරන සභාපති කෙනෙක්. ඒක තමයි සමාගමක සාර්ථකත්වයේ ලොකුම රහස. ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූ[/SIZE][/SIZE]ප - ශාන් රූපස්සර [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom