Dio or GN125h

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    GN125 - pappa model
    Dio - feminine







    dura yanna, wadata yanna wage nam GN eka ganin. laga duwanna everyday use ekata ganita padinna kade yanna wage nam Dio eka ganna.
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    උඹේ පාවිච්චියට විතරයි නම් GN එක ගනින්. Wife ට එහෙමත් පදින්න ඕන නම් Dio or Yamaha එකක් ගනින්. Dio එකේ දෙන්නා දාලා දුර යන්න අමාරුයි.

    ඔව් මචං වයිෆ් ටත් පදින්න පුළුවන් හින්ද තමා Dio එක ගැන හිතුවේ. :yes:

    නැත්තං ස්කුටි වල පෙනුම නං මට අල්ලන්නෙ නෑ බං, අනේ මන්ද මගේ අවුලක්ද කියලා බයික් එක ෆීල් වෙන්නෙ නෑ :angry:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    දුර යන්න එහෙම GN එක හොදයි. ඒත් ලග වෑඩ වලට, ගෙදරට බඩු ගේන්න, හදිස්සියට පාන් ගෙඩියක්, සිමෙන්ති කොට්ටයක් ගේන්න වගේ ස්කූටරේ මරු. තෙල් කරනවා, පෑදිල්ල ඊසි.

    එළ මචං :cool:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    Dio eka thel karanne na bn
    puluwannm tvs apachi 200 ekk ganin gammata
    yanna puluwan BMW tec. kiyala kiyane
    scoty ekaknm ganna hithan inne
    yamaha Ray zr disk modle eka ganin eeka paara
    mn gaawath thiyenne zr ekk
    thel karanawa bn 60kata kittu wenna
    dio eka 35k 40 k wage thamai uparima karanne

    yamaha Ray එකත් හොඳයිද. බලන්නන් මචං :cool:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    Dio
    තෙල් කිරිල්ල 40-45km/l වගේ තමයි දුර ගමන් යනවා නම් ගන්න එපා බං දුර යද්දි අමාරුයි ට්‍රැෆික් එකේ පදින්න නම් ස්කූටර් නියමෙට සෙට් වෙනවා vibration එක ගොඩක් අඩුයි වයිෆ්ටයි උඹටයි දෙන්නටම පාවිච්චි කරන්න පුලුවන් බඩු ගේන්න ගෑස් එකක් අරගන එන්න වගේ ගොඩක් වැඩවලට පහසුයි අනිත් එක වැස්ස දවස් වලට යද්දි කකුල් දෙකේ මඩ විසිවෙන්නේ නෑ බ්‍රේක් නම gn එකට සාපේක්ශව අඩුයි හයියෙන් ගිහිල්ල එකපාරට නවත්තගන්න අමාරු ගතියක් තියෙනවා gn එකට සාපේක්ශව සවිශක්තිය අඩුයි

    GN
    ජපන් ඒව දැන් එන්නේ නෑ චයිනීස් එකක් එන්නේ එකත් අවුලක් නෑ බයික් එක හොඳයි සොෆ්ට්ලොජික් තමයි දන්න තරමින් දැන් සුසුකි බයික් ලංකාවෙ ඩීලර්(Not Sure) තෙල් කිරිල්ල 40-45km/l තමයි පාර්ට්ස් ඕන තරම් තියෙනවා දුර ගමන් යනවනම් සුපිරි බයික් එක ගොඩක් බැලන්ස් Dio එකට වඩා ශක්තිමත් පෙනුම එහෙම හොඳයි මටනම්

    පල්සර් FZ දෙකත් හොඳයි ගික්සර් එක නම් පාරේ ඒතරම් දකින්න නෑ අලුතෙන්ම ගන්නවනම් පාරෙතොටේ වැඩිය දකින්න නැති මොඩ්ල් එකකට යනඑක ඒතරම් හොඳ අදහසක් කියල මම හිතන්නෙ නෑ

    සුපිරි එක්ස්ප්ලනේෂන් එක මචං. තැන්ක්ස් වේවා :cool:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    Dio දැන් පරනයි බං
    එක පෙරලෙනවා බං
    yamaha ray zr disk එකක් ගනින් ඒක පාර
    මං ගාවත් තියෙන්නෙ මෙකක්
    ෙතල් කරනවා 60ක් වගෙ

    සිරාවට පෙරලෙනවද බං. බැලන්ස් මදිද :oo:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    අද අරගෙන ආවා වෙනසකටත් එක්ක ස්කූටර් පදින කෙල්ලො කොල්ලොන්ට හා ගන්න ඉන්න අයට වැදගත් වෙන Yamaha Ray ZR බයික් එක ගැන සිංහලෙන්ම.

    මුලින්ම එන්ජින් එක ගැන කතා කරමු.
    මේ බයික් එකට 113cc Air-cooled, 4-stroke, SOHC, 2-valve එන්ජින් එකක් තමයි Yamaha ලබා දි තිබෙන්නේ.
    ඒ වගේම 7bhp උපරිම බලයක් මේ එන්ජින් එකෙන් ලැබෙනවා.
    Honda dio එකත් එක්ක සසදලා බලද්දි 4cc විතර එන්ජින් ධාරිතාව වැඩි උනත් අශ්ව බල එකකින් පමණ Ray ZR හී එන්ජින් එකේ බලය අඩුයි.

    ඒ වගේම මේ බයික් එක සතු උපරිම වේගය 86kmph වෙන අතර 0-60 වේගයට ලගා වීමට තත්පර 12ක කාලයක් ගත වෙනවා එය Dio එකට වඩා තත්පර 2කින් වැඩි කාලයක්.

    මේ බයික් එකත් දැනට ලංකාවේ ඇති ගොඩක් ස්කූටර් වගේම automatic transmission gear system එකකින් සමන්විතයි.එ කියන්නෙ ඉතින් එහෙට මෙහෙට කඩන්න ගියර් නෑ.වෙසක් බලන්න යන්න traffic එකේ යන්න එහෙම හොදයි ඉතින්.

    මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන කතා කලොත් ලීටර් එකකින් 50-55km අතර දුරක් ගමන් කිරීමේ අවස්තාව ලබෙන අතර auto gear scooter එකකින් ලබාගන්න පුලුවන් හොද උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ බයික් එකෙන් ලබා ගන්න ලැබෙනවා. මේ බයික් එකත් එක්ක තරගෙට ඉන්න honda dio එකට නම් 45-50 අතර ඉන්ධන කාර්යක්ෂමතාව තමයි තියෙන්නේ.

    මේ බයික් එකේ frame එක ගැන කතා කලොත් Underbone chassi එකක් දැකගන්න ලැබෙන්නේ මේ චැසි එක බරෙන් අඩු වගේම අනෙකුත් චැසි වලට සාපේක්ෂව ශක්තිය අඩුයි නමුත් ස්කූටර් එකකට හොදටම මේ චැසි එක සෑහෙන අතර ස්ථාවර ධාවනයක් ලබා දෙනවා.

    බයික් එකේ මුලු බර විදියට 103kg සදහන් වෙන්නේ

    ඒ වගේම ලීටර් 5.2 ඉන්ධන ටැංකියක් හා seat එක යට හෙල්මට් එකක් හා තවත් අවශ්‍ය දෙයක් ගබඩා කරගැනීමට තරම් ඉඩ පවතින ලීටර 21ක ධාරිතාවක් සහිත බහලුමක් පවතිනවා.(cubby එකක්)

    ඒ වගේම බයික් එකේ ඉදිරිපස උනත් අවශ්‍ය දෙයක් තබා ගෙන යාමට ගෑස් සිලින්ඩරයක් වැනි දෙයන් රැගෙන ඒමට උනත් ඉඩ කඩ හා ශක්තිය මේ බයික් එක සතුයි.

    මේ බයික් එකේ meter panal එක ගැන කතා කලොත් ඉතාම ආකර්ෂණීය ලෙස නිර්මාණය කර තිබෙනවා.මේ මීටර් එක analog meter එකක් වෙන අතර speed,fuel,mileage යන දේ පෙන්නුම් කරන අතර trip හා rpm වගේ දේ දැකගන්න ලැබ්නේ නෑ බොහෝමයක් scooter වල හා 100cc වැනි එන්ජින් ධාරිතාවක් ඇති බයික්ස් වල RPM දැකගන්න ලැබෙන්නේ නෑ.ඒ වගේම Honda dio එකට වඩා ආකර්ෂණීය meter panal එකක් මේ බයික් එක සතුයි.

    මේ බයික් එකේ design එක ගැන කතා කලොත් තරමක් හොන්ඩා ඩියෝ එකට සමාන ලෙස නිර්මාණය කර තිබුනත් ඉදිරිපස ඩියො එකට වඩා වැඩි ඉඩක් හා seat height හා wheel base Dio එකට වඩා වැඩියි.ඒ වගේම මේ ස්කූටර් එක men's scooter එකක් වෙන අතර ඒ අනුව මෙය teenagersලා target කල නිර්මාණය කල ස්කූටර් එකක් විදියට පෙන්නුම් කරන්න පුලුවන්.(කෙල්ලොත් පදිනවා)

    ඒ වගේම සෑම cowl එකක්ම ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර හදිසී අනතුරකදි අලුත්වැඩියා පිරිවැය බොහෝම වැඩී ඒ නිසා මොකක්ම හරි ස්කූටර් එකක් ගන්නවා නම් full insurance දාන එක හොදයි.(ඕනේම බයික් එකකට full insurance දාන එක හොදයි.)

    Suspension ගැන කතා කලොත් ඉදිරිපස Telescopic Fork හා පසුපස Unit Swing යොදාගෙන තිබෙනවා. Riderට හා passengerට ඉතා සුවපහසු ගමනකට මෙය බොහෝම උපකාරී වෙනවා වගේම දිගු ආසනය නිසා තිදෙනෙකුට උනත් සුවපහසුව ගමන් කිරීමේ වාසිය ලැබෙනවා.(වෙසක් කාලෙට ඇරෙන්න මහපාරේ ඔහොම යන්න බෑ වෙන කාලෙකට)

    මෙ බයික් එකේ breaking ගැන කතා කලොත් 170mm Hydraulic single disc brake එකක් ඉදිරිපසට ලබා දී ඇති අතර පසු පසට Mechanical leading trailing drum brake ලබා දී තිබෙනවා.ආරක්ෂාකාරී තිරිංග යෙදීමකට මෙය බොහෝම උපකාරී වගේම මේ බයික් එකත් එක්ක තරගෙට ඉන්න honda Dio හීනම් disc breaks දැකගන්න ලැබෙන්නේ නෑ.

    Tyre ගැන කතා කලොත් ඉදිරිපස පසු පස දෙපසම 90/100-10 53J tubeless tyre යොදා ඇති අතර රෝද දෙකම එකම පළලකින් යොදා ගැනීම ස්කූටර් වල ලක්ෂණයක් හොන්ඩා ඩියෝ හීද මේ ප්‍රමාණයෙන්ම ටයර් යොදාගෙන තිබෙනවා.

    ඒ වගේම අඟල් 10ක steel wheel දෙකක් පසුපස හා ඉදිරිපස යොදාගෙන තිබෙන අතර හදිසී අනතුරකදී රිම් ඇද වීමට ඇති ඉඩකඩ බොහෝම වැඩ්යි.

    මේ බයික් එකේ lighting ගැන කතා කලොත් 12V,35/35Wx1 Halogen head light එකක් හා 12V,21/5W x 1 tail light එකක් සමග 12V, 10W x 2 signal light යොදාගෙන තිබෙනවා.

    අවසාන වශයෙන් මේ ස්කූටර් එක ගැන සදහන් කලොත් මේ බයික් එක Honda Dio එකත් එක්ක ගේමට තමයි යමහා release කරන්නේ.ආකර්ෂණීය පෙනුම disc break වගේ දේවල් නිසා ඉස්ස ඉස්සෙල්ලාම බයික් එකක් ගන්න කොල්ලො වගේම කෙල්ලො කොටසකුත් මේ බයික් එකට ආකර්ෂණය වෙනවා.ඒ වගේම හොද ඉන්ධන කාර්යක්ෂමතාවයත් මෙයට බලපෑ අතර 248,900 වැනි මුදලකට මේ scooter එක ලබාගත හැකි අතර dio 2016 එකට වඩා ආකර්ෂණීය පෙනුමකින් පැමිණි Dio 2017 මේ බයික් එකට කරටකර තරඟයක දේවි යැයි අනුමාන කල හැකි අතර 2017 dio එකෙ වත් Ray ZR හී තරම් ඉන්ධන කාර්යක්ෂමතාවයක් නැති නිසා බොහෝ දුරට men's scooter market එක Yamaha Ray ZR අතට පත් වීමට ඉඩ තිබෙනවා.

    අලුතෙන්ම බයික් එකක් පොඩි downpayment එකක් හා පොඩි වාරිකයක් එක්ක ගන්න ඉන්න කෙනෙක්ට මේ බයික් එක හොද තේරිමක් නමුත් ස්කූටර් වලට අකමැති පිරිස ct 100 platina වැනි වෙනත් යතුරුපැදි වෙත යොමු වෙනවා කෙසේ වෙතත් ස්කූටර් එකක් ලෙස සියල්ල අංගසම්පූර්ණ මේ බයික් එකත් ගන්නවාද නැද්ද කියන එක ඔබේ තීරණය වණ්ඩි කරන්නේ හොද නරක කියන එක විතරයි.

    පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහස් ගන්න අපේ FB,insta හා youtube එක්ක සෙට් වෙලා ඉන්න ඉතාම ඉක්මනින් youtube onroad review එකකුත් අරන් වණ්ඩි එන්නම්.ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB page එකට යොමු කරන්න ස්තූති.

    කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

    Wandi - වණ්ඩි

    සුපිරි විස්තරේ. තැන්ක්ස් කොල්ලො :cool:
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    ඩියෝ එක පහසුයි..ඒත් තෙල් කරනව අඩුයි.හිගක් දුර එක දිගට යන්න බෑ.ඒත් ගෙදර පාවිච්චියට සුපිරි...
    කොහොම කිව්වත් ඩියෝ එකේ තෙල් 35 කරපු වෙලාවලුත් තියනව.

    GN 125 දැං ජපන් එක එන්නෙ නෑ..එන්නෙ චයින එකක්..ඒක ගැනනම් කියන්න දන් නෑ..ඒත් බයික් එක ලස්සනයි..මගේ යාලුවෙක් දවසට 200 Km විතර දුවනව.ඌනම් කියන්නෙ හොදයිලු.තෙල් කරන්නෙ 45 වගේලු.මටනම් GN එකේ 30km යද්දි අත් දෙක රිදෙන්න ගන්නව බං.

    මං ගාව තියන නිසා නෙමේ..yamaha fz එකක් පදින්නෙ දැන් අව්‍ රුදු 3 ක් තිස්සෙ..EFI මොඩල් එක.බැට් කරල කියනව පෙට්‍රල් නම් සුපිරියට කරනව බං.දෙයියනේ කියල අමාරුවක් නැතිව දුර යන්න පුලුවන්.ඒ වගේමයි කොන්ට්‍රෝල් එක...ඒක පට්ට..තව විශේශම දේ තමයි බ්‍රේක්...අනිත් බයික් වල නැතිතරම් හොදට වදිනව.
    අව්ලකට තියෙන්නෙ ස්පෙයාර් පාර්ට් ගාන ටිකක් වැඩී..ටයර් එක 15 විතර වෙනව..කම්පැනි ප්‍රයිස්.පිටින් MRF එකක් 10000 දැම්ම මං...හැබැයි ටයර් සෙට් එකෙන් 25000 දුවන්න පුලුවන්....ස්පොකට් වලරෙපයාර් එනව චේන් එක ලුබ්‍රිකේට් නොකලම...ජීවිත කාලෙටම එක බයික් එකක් පදින්න ආසනම් ඒක ගනින්..

    ගිසර් එකනම් ගන්න එපා මචන්.තියන උන් රෙද්ද උස්සන් එන්න එපා.නන්දගෙ පුතා ගාව ඔය ලබ්බ තියෙන්නෙ.25000km වලින් පස්සෙ තමයි ඕකෙ සෙල්ලම පටන් ගන්නෙ

    TVS මෙට්‍රො කියල එකක් එනව.ඒකත් හොදයි...බජට්..ඒ වගේම තෙල් 70 එහා කරනවලු.ටී වී එස් ස්කූටර් වලින් පෙප් එකනම් ජරාවක්.වීගො එකනම් ටිකක් හොදයි.

    හොන්ඩ cd down 110 වගේ මොඩල් එකක් එනව...ඒකත් බජට් එකට හොද බයික් එකක්.

    තැන්ක්ස් බොක්ක :cool:
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    ඔය කවුරු මොනව කිව්වත් DIO තමයි ඉතින් ගන්නවනම් නියම ස්කූටෙර් එක...
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    DIO එක ගම්න.... මොකද ඔයා වැඩිම උනොත් අවුරුදු පහක් පදී... නිකම් අපරාදෙ ගොඩක් සල්ලි වියදම් කරන එක.. ඒ සල්ලි වලින් මොනව හරි කාපන්... කොමඩු හරි කමක් නෑ...:lol::lol::lol:

    :cool::yes:

    හැබැයි කොල්ලො මං CT100 එක පදිනව දැන් අවුරුදු 10 ක්.