Disclaimer (TV Mini-Series 2024)
Release Date: Oct 11, 2024
මේ කතාවට මුල් වෙලා තියෙන්නේ 2015 වසරේ Renée Knight කියන ලේඛිකාව රචනා කරපු නවකතාවක්. ඒ නවකතාවේ නම "Disclaimer" - ඒ කියන්නේ "ප්‍රතික්ෂේප කිරීම" වගේ අදහසක්.
"කීර්තිමත් මාධ්‍යවේදිනියක් වන Catherine Ravenscroft (Cate Blanchett) ගැනයි මේ කතාව. එයා තමන්ගේ කීර්තිය ගොඩනගා ගත්තේ අනෙක් අයගේ වැරදි සහ අකටයුතුකම් හෙළිදරව් කරමින්. ඒත් දවසක් එයාට නොදන්නා කතුවරයෙක්ගෙන් නවකතාවක් ලැබෙනවා. ඒක කියවද්දි එයාට තේරෙනවා දැන් එයා තමයි ඒ කතාවේ ප්‍රධාන චරිතය කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ කතාවේ එයාගේ ජීවිතයේ අඳුරුතම රහස් එළියට දාලා. හිතාගන්න බැරි තරම් බයානක දෙයක් නේද? දැන් Catherine උත්සාහ කරනවා මේ කතාව ලිව්වේ කවුද කියලා හොයාගන්න. ඒත් ඒ අතරේ එයාට සිද්ධ වෙනවා තමන්ගේ අතීතයත් එක්ක මුහුණට මුහුණ ලා හැප්පෙන්න. එහෙම නැත්නම් ඒක එයාගේ ජීවිතයත්, එයාගේ සැමියා Robert (Sacha Baron Cohen) එක්ක සහ පුතා Nicholas (Kodi Smit-McPhee) එක්ක තියෙන සම්බන්ධතාත් විනාශ කරන්න පුළුවන්. මේක ඇත්තටම හිත කම්පා කරවන වගේම උත්සුකය දනවන කතාවක් වියහැකි බව පෙනීයනවා."
