Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Doenets.lk database leaked
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල්ලේ ජනප්‍රිය පාසලක සිසුවෙක් A/L ප්‍රතිඵල වෙබ් අඩවිය Hack කරලා

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කරන ලද වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී එම වෙබ් අඩවියේ සඳහන් අපේක්ෂකයන්ගේ තොරතුරු අනවසරයෙන් භාගත කර වෙනත් වෙබ් අඩවියකට ලබාගත් දකුණේ ජනප්‍රිය පාසලක සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.

උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් 360,000කගේ විභාග ප්‍රතිඵල මෙලෙස අනවසරයෙන් ලබාගෙන ඇති අතර මෙම කණ්ඩායම එම විභාග ප්‍රතිඵල වෙනස් කිරීමක යෙදුණේදැයි සොයා ගැනීම සඳහා මෙම විමර්ශනය පවත්වන බව ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

ඒ අනුව, කළ මූලික විමර්ශනයේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වී (හැක්කර) මෙසේ විභාග අපේක්ෂකයන්ගේ දත්ත අනවසරයෙන් භාගත කළ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (සැප්. 8) අත්අඩංගුවට ගෙන තිබිණි.

ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොහු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබීය.

විභාග කොමසාරිස් ධර්මසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා විසින් මේ පිළිබඳ විමර්ශන පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත විමර්ශන ඇරඹීය.

ඒ අනුව, ඉදිරි විමර්ශන සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැවරිණි. ඒ අනුව, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කළ තාක්ෂණික විමර්ශනයකින් පසු විභාග දෙපාර්තමේන්තුවේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ (හැක් කිරීම) ටෙලිග්‍රෑම් සමූහය හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකිවිය.

2007 අංක 24 පරිගණක අපරාධ පනත යටතේ දත්ත සමග අනවසරයෙන් කටයුතු කිරීම බරපතළ වරදක් බව ද රහස් පොලිසිය කීය. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වෙබ් අඩවිය (http:llrezoth.ml) බවට හඳුනා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර සිසුවා මෙම වෙබ් අඩවිය මගින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තොරතුරු ප්‍රචාරය කර ඇති බව ද සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

මෙම සැකකරුවන් ටෙලිග්‍රෑම් හැකින් ගෲප් එකක් ලෙස හඳුනාගෙන ඇති අතර විභාග දෙපාර්තමේන්තු නිල විභාග ප්‍රතිඵල සහිත වෙබ් අඩවිය මොවුන් විසින් සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියට තාක්ෂණ ක්‍රමවේදයක් උපයෝගි කර ගනිමින් ඩවුන් ලෝඩ් කරගෙන ඇති බව ද විමර්ශන නිලධාරියා සඳහන් කළේ ය.

ඒ අනුව, මොවුන් විසින් සම්පාදනය කර ඇති http:llrezoth.ml වෙබ් අඩවිය ක්ලික් කිරීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලු ම අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල මෙම කණ්ඩායමට දැකබලා ගත හැකි වූ බවද හෙතෙම අවධාරණය කළේ ය.

ඒ අනුව, මොවුන් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අයත් අපේක්ෂකයන් 360,000කගේ ප්‍රතිඵල පැය පහක කාලයක් තුළදී මෙසේ අනවසරයෙන් භාගත කරගෙන ඇති බව ද හෙතෙම කීවේය.

හැකින්, කෝඩිං සහ පෝග්‍රෑම් සම්බන්ධයෙන් දිගින් දිගට ම සාකච්ඡා කරමින් මෙලෙස අනවසරයෙන් කටයුතු කළ මොවුන් කණ්ඩායම උසස් පෙළ දක්ෂ පාසල් සිසුන් බව ත් විමර්ශන නිලධාරීහු සඳහන් කරති. මෙලෙස වෙබ් අඩවියකට ඇතුළු වී එහි දත්ත සොරාගැනීම ඉතා අසීරු කටයුත්තක් නමුත් සිසුන්ගේ දක්ෂකම නිසා ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් කරන ලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව දත්ත භාගත කර නැවත ප්‍රචාරය කළ 13 වසරේ පාසල් සිසුවා මූලික පරීක්ෂණවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග තව ත් කිහි පදෙනෙකු සම්බන්ධ වී ඇති බව ත් මොහුගේ ප්‍රකාශය මත සෙසු සිසුන් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ත් විමර්ශන නිලධාරීහු කියති.

වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වීම හා අදාළ මෘදුකාංග ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායමෙන් ප්‍රශ්න කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය මත පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති සිරි මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාශ්‍රී ඇතුළු උප පොලිස් පරීක්ෂක මහේෂ් කළුගල්ල, විමර්ශන නිලධාරි විරන්ද බණ්ඩාර, මහේෂ් චන්ද්‍රකුමාර, ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති.

@lankanewsclub

[QUOTE="DHE, post: 28147914, member: 579135"] ගාල්ලේ ජනප්‍රිය පාසලක සිසුවෙක් A/L ප්‍රතිඵල වෙබ් අඩවිය Hack කරලා ‼️ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2021 වසරේ උසස් පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල නිකුත් කරන ලද වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවිෂ්ට වී එම වෙබ් අඩවියේ සඳහන් අපේක්ෂකයන්ගේ තොරතුරු අනවසරයෙන් භාගත කර වෙනත් වෙබ් අඩවියකට ලබාගත් දකුණේ ජනප්‍රිය පාසලක සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත. උසස් පෙළ විභාගයේ විභාග අපේක්ෂකයන් 360,000කගේ විභාග ප්‍රතිඵල මෙලෙස අනවසරයෙන් ලබාගෙන ඇති අතර මෙම කණ්ඩායම එම විභාග ප්‍රතිඵල වෙනස් කිරීමක යෙදුණේදැයි සොයා ගැනීම සඳහා මෙම විමර්ශනය පවත්වන බව ත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ ය. ඒ අනුව, කළ මූලික විමර්ශනයේදී විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වී (හැක්කර) මෙසේ විභාග අපේක්ෂකයන්ගේ දත්ත අනවසරයෙන් භාගත කළ ගාල්ලේ ජනප්‍රිය පාසලක උසස් පෙළ සිසුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (සැප්. 8) අත්අඩංගුවට ගෙන තිබිණි. ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු මොහු වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබීය. විභාග කොමසාරිස් ධර්මසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් මත එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා විසින් මේ පිළිබඳ විමර්ශන පරිගණක අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත විමර්ශන ඇරඹීය. ඒ අනුව, ඉදිරි විමර්ශන සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය වෙත පැවරිණි. ඒ අනුව, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කළ තාක්ෂණික විමර්ශනයකින් පසු විභාග දෙපාර්තමේන්තුවේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ (හැක් කිරීම) ටෙලිග්‍රෑම් සමූහය හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකිවිය. 2007 අංක 24 පරිගණක අපරාධ පනත යටතේ දත්ත සමග අනවසරයෙන් කටයුතු කිරීම බරපතළ වරදක් බව ද රහස් පොලිසිය කීය. ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම වෙබ් අඩවිය (http:llrezoth.ml) බවට හඳුනා ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර සිසුවා මෙම වෙබ් අඩවිය මගින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තොරතුරු ප්‍රචාරය කර ඇති බව ද සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි. මෙම සැකකරුවන් ටෙලිග්‍රෑම් හැකින් ගෲප් එකක් ලෙස හඳුනාගෙන ඇති අතර විභාග දෙපාර්තමේන්තු නිල විභාග ප්‍රතිඵල සහිත වෙබ් අඩවිය මොවුන් විසින් සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියට තාක්ෂණ ක්‍රමවේදයක් උපයෝගි කර ගනිමින් ඩවුන් ලෝඩ් කරගෙන ඇති බව ද විමර්ශන නිලධාරියා සඳහන් කළේ ය. ඒ අනුව, මොවුන් විසින් සම්පාදනය කර ඇති http:llrezoth.ml වෙබ් අඩවිය ක්ලික් කිරීමෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටි සියලු ම අපේක්ෂකයන්ගේ ප්‍රතිඵල මෙම කණ්ඩායමට දැකබලා ගත හැකි වූ බවද හෙතෙම අවධාරණය කළේ ය. ඒ අනුව, මොවුන් විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියට අයත් අපේක්ෂකයන් 360,000කගේ ප්‍රතිඵල පැය පහක කාලයක් තුළදී මෙසේ අනවසරයෙන් භාගත කරගෙන ඇති බව ද හෙතෙම කීවේය. හැකින්, කෝඩිං සහ පෝග්‍රෑම් සම්බන්ධයෙන් දිගින් දිගට ම සාකච්ඡා කරමින් මෙලෙස අනවසරයෙන් කටයුතු කළ මොවුන් කණ්ඩායම උසස් පෙළ දක්ෂ පාසල් සිසුන් බව ත් විමර්ශන නිලධාරීහු සඳහන් කරති. මෙලෙස වෙබ් අඩවියකට ඇතුළු වී එහි දත්ත සොරාගැනීම ඉතා අසීරු කටයුත්තක් නමුත් සිසුන්ගේ දක්ෂකම නිසා ඔවුන් මෙසේ කටයුතු කර ඇති බව ද වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය මඟින් කරන ලද තාක්ෂණික විමර්ශනයකින් අනතුරුව දත්ත භාගත කර නැවත ප්‍රචාරය කළ 13 වසරේ පාසල් සිසුවා මූලික පරීක්ෂණවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමග තව ත් කිහි පදෙනෙකු සම්බන්ධ වී ඇති බව ත් මොහුගේ ප්‍රකාශය මත සෙසු සිසුන් ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ත් විමර්ශන නිලධාරීහු කියති. වෙබ් අඩවිවලට අනවසරයෙන් ඇතුළු වීම හා අදාළ මෘදුකාංග ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම කණ්ඩායමෙන් ප්‍රශ්න කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය මත පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ මෙහෙයවීම මත සහකාර පොලිස් අධිකාරි ජයනෙත්ති සිරි මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයාශ්‍රී ඇතුළු උප පොලිස් පරීක්ෂක මහේෂ් කළුගල්ල, විමර්ශන නිලධාරි විරන්ද බණ්ඩාර, මහේෂ් චන්ද්‍රකුමාර, ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වති. @lankanewsclub [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom