Dollar rate continues to increase at banks

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions

    Dollar rate continues to increase at banks.​


    The Sri Lankan Rupee has depreciated further against the US Dollar at commercial banks in Sri Lanka today (July 18) in comparison to yesterday.

    At Peoples Bank, the buying rate of the US Dollar has increased from Rs. 312.24 to Rs. 314. 34 while the selling rate has also increased from Rs. 327.76 to Rs. 329.80.

    According to Commercial Bank, the buying and selling rates of the US Dollar have increased from Rs. 311.01 to Rs. 315.99 and from Rs. 322.50 to Rs. 327.50, respectively.

    At Sampath Bank, the buying rate of the US Dollar has increased from Rs. 312 to Rs. 315, while the selling rate has increased from Rs. 327 to Rs. 328. (NewsWire)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,982
    16,621
    113
    @EVC 🥵

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.95 ක් ලෙසත් විකුණුම් මිල රු. 328.65 ක් ලෙසත් සටහන් වී තිබේ.

    ඊයේ (17) දිනයේ දී ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 313.29 ක් හා රු. 327.16 ක් ලෙසිනි.

    මේ අතර අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 322.80 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඊයේ දිනයේ දී මෙම අගය රු. 319.12 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

    2023 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ වැඩිම වටිනාකම මෙය වේ.

    එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී හෝ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

    මේ අතර පසුගිය ජූනි මාසය තුළ දී ඩොලර් මිලියන 91 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී විකුණා දැමූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ජූනි මාසය තුළ මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 77.5 කි. මේ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5 ක් 2023 ජූනි මාසය තුළ දී මහ බැංකුව විකුණා ඇත.

    2023 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව මුල් වරට ඩොලර් අලෙවියක් කර ඇත්තේ මේ අනුව පසුගිය ජූනි මාසය තුළ දීය. 2023 අප්‍රේල් සහ මැයි මාසවල දී කිසිදු ඩොලර් අලෙවියක් මහ බැංකුව සිදුකර නොතිබිණි. එසේම 2023 ජනවාරි මාසයෙන් පසු මහ බැංකුව විකුණන ලද වැඩිම ඩොලර් ප්‍රමාණය වාර්තා වන්නේ ද පසුගිය ජූනි මාසය තුළ දීය. 2023 මුල් මාස 03 තුළ දී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලර් අලෙවි කළ ප්‍රමාණයන් පහතින් දැක්වේ.

    2023 ජනවාරි - ඩොලර් මිලියන 137.64

    2023 පෙබරවාරි - ඩොලර් මිලියන 33.44

    2023 මාර්තු - ඩොලර් මිලියන 55.09

    සමස්තයක් වශයෙන් 2023 පළමු භාගය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 1,975.04 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 317.17 ක් අලෙවි කර ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2023 වසරේ ජූලි 14 දින දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල 14.8% කින් අතිප්‍රමාණය වී ඇති බවයි. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2023 වසරේ ජූලි 14 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන් ( 19.1%), ස්ටර්ලින් පවුම (5.3%), යූරෝ ( 8.9%) සහ ඉන්දියානු රුපියල (13.7%) යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී තිබේ.