Doomsday Vault එක ගැන දන්නවාද ?

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Doomsday Vault එක ගැන දන්නවාද ?

හරි දැන් මෙන්න මේකයි කතාවේ ආරම්භය. දැන් අපි ඔය 2012, Day after tomorrow, Armageddon වගේ හොලිවුඩ් චිත්‍රපටි වල දැකලා තියන විදියට යම්කිසි ව්‍යසනයකින් මිහිපිට ලෝකය සම්පුර්ණයෙන්ම විනාස වෙලා ගියෝතින් අපි වටේ තියන මේ ගහ කොළ වලට මොකද වෙන්නේ කියලා ඔයාලා කවුරුත් හිතුවද. අපි හිතමු දැන් ඔය 2012 චිත්‍රපටියේ විදියට ගෝලීය උණුසුම නිසා ලෝකය ආපහු අයිස් යුගයකට ඇදිලා ගියා කියලා, එහෙම වුනොත් කවදා හරි ඉතුරුවෙන මනුස්සයන්ට හෝ සත්තුන්ට මේ අපි දකින ගහ කොළ නැතුව ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා ඔයාලා හිතුවාද.

හැබැයි ඒක එහෙම බෑ කියලා තේරුම් ගත්තු scientistලා පිරිසක් (අර විද්‍යා***යෝ කියන ඒක type කරන්න මට තේරෙන්නේ නෑ) මෙන්න මේ Doomsday Vault කියන සංකල්පය ගෙනාවේ. ආහාර සාදහා වගා කරන බොහොමයක් මිලියන 1.5 කට වඩා වර්ග වල ශාක බීජ මේ බීජ මේ අනුව සුරකීමට තෝරාගෙන තියනවා.

ඒ නිසා ස්වභාවික හේතුවකින් හෝ අර කිවුවා වගේ ලෝක විනාශයක් නිසා හෝ යම්කිසි පැලැටි වර්ගයක් ලෝකෙන් අතුරුදහන් වෙලා නොයන්න මේ Doomsday Vault වග බලා ගන්නවා. සරලවම කිවුවොත් මේ Vault එක තුල ලෝකයේ තියන සෑම බීජ මගින් උපදින පැලෑටියකම බීජ සාම්පලයක් සුරක්ෂිත කරලා තියනවා. මෙතැන ගබඩා කරන්නට බීජ එන්නේ ලෝකයේ ජාන බැංකු වල තැන්පත් කෙරෙන බීජ වල කොපි වශයෙන්. රට රටවල තම තමන්ගේ ජාන බැංකුවල ඇති බීජ යම් ආපදාවකට ලක් වී විනාශ වී ගියොත් මෙතැන ආරක්ෂාවන බීජ වලින් යළි එම පැලෑටි වවා ගත හැකියාව මෙසේ කිරීමේ අපේක්ෂාව වෙයි.

මේක පිහිටලා තියෙන්නේ නෝර්වේජියන් දූපතක් වන Spitsbergen හි Longyearbyen නැමති ටවුම අසල ඇති ස්වාල්බාර්ඩ් ආර්ක්ටික් අර්ධ ද්වීපයේයි. මේකේ ඇත්තම නම බැලුවොත් Svalbard Global Seed Vault කියලයි හැදින්වෙන්නේ. මේකට යොදාගත්තු කෙටි නම තමයි මේ Doomsday Vault කියන එක. උත්තර ධ්‍රැවයේ සිට සැතපුම් 810 (කිලෝමීටර් 1,300) ක දුරින් තමයි මේක පිහිටලා තිබෙන්නේ. .

svalbard.gif


මෙන්න මෙහෙමයි මේකේ ඇතුල්වීම පෙනෙන්නේ.

svalbard_global_seed_vault_by_xcemux-d357221.jpg


නෝර්වේජියානු ආණ්ඩුවත්, Global Crop Diversity Trust හා Nordic Genetic Resource Center වල තුන් පාර්ශවික ගිවිසුමකින් මේ Doomsday Vault එක පාලනය වෙනවා. එදිනෙදා පවත්වා ගෙන යන වැය නෝර්වේ රජය හා Global Crop Diversity Trust මගින් දරනවා. Global Crop Diversity Trust වෙනුවන් මූලික ආධාර ලැබෙන්නේ බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනම වැනි සංවිධාන වලින් සහ ලෝකයේ ඇති විවිධ වූ ආණ්ඩුවලිනුයි.

2006 ජූනි මස 19 වැනිදා නෝර්වේ, ස්වීඩන්, ෆින්ලන්ත, ඩෙන්මාර්ක් හා අයිස්ලන්ත අගමැතිවරුන් විසින් උත්සවාකාරයෙන් ගලක් තබා එහි ඉදි කිරීම් ආරම්භ කරපු මේ vault එකේ බීජ විශේෂ ඇසුරුම් වල බහා තෙතමනය නොසිටින්නට උෂ්ණයෙන් සීල් තබා තැන්පත් කරනු ලබනවා.

2-Doomsday-seed-vault-lg.jpg


international-potato-center.jpg


ddd1a539-a40e-4a77-93af-30c9ba229c3b.jpg


මෙතැන බීජ සුරක්ෂිතාගාරයට සුදුසු යැයි තීරණය වෙන්නේ භූ චලන නැති ප්‍රදේශයක් නිසයි. ඒ වගේම දැඩි සීතලත් මේ ප්‍රදේශය තෝරා ගන්න ලොකු හේතුවක් වුනා. වසර දෙකක් හෝ ඊට වඩා කාලයක් පස් වල ශීතෝෂ්ණ ප්‍රමාණය 0 °C හෝ 32 °F හෝ ඊට වඩා පහළින් පවතී.

මුහුදු මට්ටමෙන් අඩි 430 ක් (මීටර් 130) උඩින් පිහිටන නිසා අයිස් වැස්ම (icecaps) දිය වෙලා ගියත් වතුරෙන් යට වෙන්නේ නැති තැනක් තමයි මේ.

මෙන්න මම හොයාගත්තු තව පින්තූර කීපයක්.

ultimate-seed-bank.jpg


3851526395_9ae6cf793f_z.jpg


Svalbard_global_seed_vault.jpg


zzznorvay-02-smaller+%25283%2529.jpg


මේ විස්තර උපුටා ගත්තේ, Google එකෙන්, Wikipedia එකෙන් හා මේ Blog එකෙන් http://arunishapiro.wordpress.com/

එහෙනම් ඉතින් හැමදාම වගේ කියන්නේ Repost නම් :sorry::sorry::sorry: කිවුවා. හොදයි, වැදගත් කියලා හිතනවානම් Comment එකක් Bump එකක් දාලා යන්න :):):):):)


 
  • Like
Reactions: Miami-Vice

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
thanks for the infor ..

:shocked::shocked::shocked: Thanks for sharing! :) 4+


කලු පූසා;12096086 said:
Ade mehema ekak denagena hitiye nehene .ela ela

Comments වලටයි, Rep වලටයි Thanks මචංලා :love::love::love:

කලු පූසා;12096089 said:
Ganja ehemath parissan karala thiyaganna one ban

එවුවා හැදෙන්නෙත් ඇටවලින්නේ, එහෙනම් පරිස්සමට ඇති :yes::yes::yes:. බය වෙන්න දෙයක් නෑ, වඳ වෙලා යන එකක් නෑ :lol::lol::lol::lol: