Dr ප්‍රියංකරට_සුවයි
කොරෝනා ආසාදන පරීක්ෂණයෙන් ධනාත්මකවී රෝහල් ප්‍රතිකාර ලැබූ දෙදෙනෙකු සුවය ලබා ඊයේ (31) රෝහලින් පිටව ගොස් තිබූ අතර ඉන් එක් අයෙකු වූයේ පසුගියදා කතාබහට ලක්වූ විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධනයි.
කොළඹ ජාතික රෝහලේත්
ලංකා හොස්පිටල්, ආසිරි මෙඩිකල් හා කිංග්ස් රෝහල් වල චැනලින් සේවාවන්හිත් සේවය කරන කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන විසින් පරීක්ෂා කරන්නට යෙදුණ කොරෝනා වැළඳුණ බව නොදැන සිටි ඩෙංගු රෝගියෙකු යයි සිතා සිටි අයෙකු පරීක්ෂාවෙන් පසු ඔහුට කොරෝනා රෝග ලක්ෂණ පහළවූ පසු ඔහු අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු විය.
වෛද්‍ය ප්‍රියංකර සුවය ලබා නිවසට ගියේ දෙවරක් කොරෝනා පරීක්ෂණය සෘණාත්මක වීමෙන් පසුව බවත් ඉදිරි දින 14 නැවත නිරෝධායන කාල සීමාවක් ලෙස සලකා නිවසේ ගත කරන බවත් උදව් කළ සැමට තුති පුදන බවත් ඔහු තැබූ සටහනක දැක්වේ.