Sanjiva Weerawarana explains resignation,
https://medium.com/@sanjiva.weerawarana/resigned-from-the-icta-board-780c2de2e23c
ආචාර්ය සංජීව වීරවර්ණ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ICTA සභාපති, එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් නිකුත් කළ නිවේදනය
June, 2, 2020
ආචාර්ය සංජීව වීරවර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, 2020 මැයි 30 දිනැති ඔහුගේ බ්ලොග් සටහනට පසුව, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල යම් සාකච්ඡාවක් ඇති වී තිබේ.
අපි ඔහුගේ නික්මීම වැළක්විය නොහැකි යැයි සිතමු. ඒ ආචාර්ය වීරවර්ණ අනෙකුන් සමඟ, කාටත් පිළිගත හැකි පොදු එකඟතාවයන්ට එළඹ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා දැඩි ලෙස බැඳුණු එකම කණ්ඩායමක් සේ ක්‍රියාකිරීම සහතික කරනු වෙනුවට, අධ්‍යක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව වෙනස් ආස්ථානයක් ගෙන ඇත .
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂක මණ්ඩලයේ දැක්ම වන්නේ එහි සේවකයින් සවිබල ගන්වමින් තිරසාර හා සියළු දෙනා ඇතුළත් ආයතනයක් ගොඩ නැඟීම මිස, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් එක් අයෙකුට හෝ වැඩි පිරිසකට විධායක කාර්යයන්ට මැදිහත් වීමට ඉඩ දීම නොවේ. එවැන්නක් සිදුවීම ICTA කාර්ය මණ්ඩලය හා පාර්ශවකරුවන් අතර අවුල් සහගත තත්ත්වයන් නිර්මාණය කිරීමට ඉඩ ඇති අතර, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමූහික වගකීමද අනතුරෙහි හෙළයි.
ඊටත් වඩා කනස්සල්ලට කරුණ වන්නේ ආචාර්ය වීරවර්ණ සිය ඉල්ලා අස්වීම හසුරුවනු ලැබූ ආකාරයයි. එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය දිනාගෙන ඇති කීර්තිනාමය පළුදු කිරීමට ගත් උත්සාහයක් වැන්න. මෙය සිදුකොට ඇත්තේ මාධ්‍යයට නිකුත් කළ විවිධ වාර්තා මඟිනි. මේ වාර්තා, ප්‍රසිද්ධියේ පළකිරීමෙන් පසුවද, ඒවායේ ඇති වැරදි කරුණු නිසා ,ඒවා ඔහු විසින්ම සංස්කරණයට ලක් කොට ඇත. ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශය පත්කිරීමේ බලධාරීන්ට භාර දුන් ඉල්ලා අස්වීමේ ලිපියට පටහැනි වන අතර, ඔහු ඉල්ලා අස්වන්නේ “පුද්ගලික හේතු නිසා” යැයි එම ලිපියේ ඔහු පැහැදිලිවම පවසයි .
ඔහුගේ බ්ලොග් සටහන, අනෙක් අතට, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සමාලෝචනය සඳහා එවන ලද ටෙන්ඩර් දෙකක් සම්බන්ධයෙන් යම් අක්‍රමිකතා සිදුවී ඇති බව අවධාරණය කරයි. මෙය ව්‍යාකූලත්වයකට හේතු වන අතර, මහජනතාව හා මාධ්‍ය නොමඟ යැවීමට සිතා මතා ගත් පියවරක් සේ පෙනේ. මෙකී ටෙන්ඩර් දෙක සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ක්‍රියාකොට ඇත්තේ තනිකරම තාක්ෂණික උපදේශකයකු ලෙසය; ටෙන්ඩර් පටිපාටියට කිසිම ලෙසකින් සම්බන්ධ වී නැත.
ජාතිය සඳහා වන ඩිජිටල් පාලන සැලැස්ම පිළිබඳව මහජනතාවගේ සිත් තුළ සැකයක් ඇති කිරීමට හිතාමතාම උත්සාහ කිරීමේ ආචාර්ය වීරවර්ණගේ ක්‍රියාමාර්ගය අසද්භාවී, කුපිත කරවන සුළු හා අපහාසාත්මකය.
ආචාර්ය වීරවර්ණ විසින් සඳහන් කර ඇති බව කියන අක්‍රමිකතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන අතර මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බලමින් සිටියි. මෙම කතාවේ අසත්‍යයන් හෙළිදරව් කළ යුත්තේ ඒවා පුද්ගල වාසි ලබා ගැනීමට උත්සාහ කරන අයගේ උපායක් මිස වෙන කිසිවක් නොවන බැවිනි. (අවසන්)
ජයන්ත ද සිල්වා,
සභාපති
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)
http://biz.adaderana.lk/ආචාර්ය-සංජීව-වීරවර්ණ-ගේ-ඉ/
Seems this is a based on the same old issue from past,
ICTA ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙයි - August 15, 2017
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ මුහුන්තන් කැනගේ මහතා තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
යෝජිත ජාතික ගෙවීම් වේදිකාවේ හා වෙනත් ගැටළු වලට අදාළ චෝදනා සම්බන්ධයෙන් ඔහු ඉල්ලා අස්වී ඇති බව සඳහන්ය.
ICTA ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ජ්‍යේෂ්ඨ කළමනාකාරීත්වයේ සභාපතිනිය වෙත ලිපියක් මඟින් තම ඉල්ලා අස්වීම පිළිබඳව කැනගේ මහතා පවසා ඇත.
එහිදී ඒ මහතා පවසා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව තමන්ට ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් තමන් හට දැනුම් දුන් බවත්, ඒ හේතුවෙන් තමන් තනතුරින් ඉල්ලා අස්වන බවත්ය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයේ ඕනෑම ක්‍රියාවලියක දී වංචාවක් හෝ දූෂණයක් හෝ දූෂණයකට අනුබල දීමක් හෝ තමන් විසින් කිසි දිනෙක සිදු කර නොමැති බවද ඒ මහතා පවසා තිබේ.
මෙම තත්ත්වය යටතේ තමන්ගේ ඉල්ලා අස්වීම ඉදිරිපත් කරන බවත්, ඒ සම්බන්ධයෙන් තමන් කණගාටුදායක නොවන බවත් ඒ මහතා පෙන්වා දී ඇත.
http://sinhala.adaderana.lk/news.php?nid=76314