Drive (2011)_සිංහල_උපසිරසි_සමඟ
මම මේක පබ්ලිෂ් කරපු සයිට් එකෙන් සමහර කට්ටිය මේක බාගන්න ඇති. ෆිල්ම් එක කලින් බලලත් ඇති. මේ අනිත් අයට.
මේක නම් මම බලපු සුපිරිම ෆිල්ම් එකක්. imdb එකේ දැනට 8.2ක රේටින් එකක් අරන් හොඳම චිත්‍රපටි 250 න් 160 වන ස්ථානයේ මේ වෙනකොට මේක තියනව. ඒ වගේම මේ ෆිල්ම් එක සහ ප්‍රධාන නළුවා වන Ryan Gosling ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වේවි යැයි මතයකුත් තියනවා. මේක අවුට් වෙන්න මාස ගානක ඉඳල බලාගෙන හිටිය. මම නම් Screener එක ආපු අළුතම බාගෙන බැලුව (CAM බලන්න බෑනෙ ඉතිං). ඒ බහුබූත ඔයගොල්ලන්ට වැඩක් නෑනෙ. ෆිල්ම් එක ගැන කියන්න එපැයි.
මේ කතාව කැටගරයිස් කරල තියෙන්නෙ Crime/ Drama/ Thriller හැටියට. ඇක්ෂන් පැත්තට බර ෆිල්ම් එකක්. ඒත් ගොඩක් ඇක්ෂන් මූවීස් වගේ අතාත්වික නෑ. (අර එක මිනිහෙක් පනහකට හැටකට නෙළන ඒව වගේ ) ඒ වගේම මේක එක අතකින් ආදර කතාවක්.
කතාව කෙටියෙන් මෙහෙමයි. මේක ප්‍රධාන චරිතය ඩ්‍රයිවර් කෙනෙක්. (ෆිල්ම් එක පුරාවටම මෙයාගෙ නම සඳහන් වෙන්නෙ නෑ. ඒක හින්ද ඩ්‍රයිවර් කියල කියමු.) රස්සාව ෆිල්ම්ස් වල ඩ්‍රයිවින් ස්ටන්ට්ස් කරන එක. එළිපිට කරන්නෙ ඒ රස්සාව උනත් මෙයා හොරකම්, මංකොල්ල වලට ඩ්‍රයිවර් හැටියට සහභාගි වෙනව. මෙහෙම ඉන්න අතරෙ තමයි මෙයාට අයිරීන්ව හම්බෙන්නෙ. එයාගෙ මහත්තය හිරේ….
හෝව්. මට කතාව කියන්න ගත්තම ඔක්කොම කියවෙනවනෙ. මම කතාව කිව්වම ෆිල්ම් එක බලල වැඩක් නෑ නෙ. අපේ ඩ්‍රයිවර්ට ඉස්සරහට ගැටලු ගොඩකට මූණ දෙන්න වෙනව. මෙයා මේ ඔක්කොගෙන්ම බේරිලා යන්නෙ කොහොමද? පාතාල නායකයන්ගේ ග්රහණයෙන් අයිරීන් සහ එයාගෙ පවුල බේරගන්නෙ කොහොමද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනව.
(තව පොඩි දෙයක් තියනව. මේ ෆිල්ම් එකට R රේටින් එකක් තියෙන්නෙ. Nudity පොඩ්ඩක් තියනව. අනික වෙඩිතියන, කපන කොටන සීන්ස් වල ලේ ගොඩක් පෙන්නනව. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් වැඩි විස්තර imdb එකේ බලන්න.)
කවුරුත් නිකං බාගෙන යනවට වඩා කමෙන්ට් එකකුත් දාල යනව නම් තමයි හිතට සතුටු. අපි මේ දේ කරන්නෙ ඔයාලගෙන් හොඳ ප්‍රතිචාරයක් බලාගෙනයි. ඒක හින්ද ෆිල්ම් එක බෑවෙන්න දැම්මයින් පස්සෙ මිනිත්තුවක් අරගෙන කමෙන්ට් එකක් දාල යන්න.

කට්ටියට ඩිරෙක්ට් ලින්ක්ස් ඕනෙ නම් කියන්න. ඒවට හරියන්න සබ් එක හදල දෙන්නම්