Driving License එක හදාගත්තා

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    නැතිවුණ ලයිසන් එක හදාගන්න හැටි ගැන අහලා මම දාපු ත්‍රෙඩ් එකට කවුරුත් හරි රිප්ලයි එකක් දාලා තිබ්බේ නැති නිසා තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතලා මේක දාන්නේ.

    නැති වුණු ඩ්‍රයිවින් ලයිසන් එක ගන්නේ කොහොමද?


    මාසෙකට විතර කලින් එකෙක් මගේ පර්ස් එකට විද්දා. driving license එකයි, ID එකයි. වාහනේ ආදයම් බලපත්‍රයයි, insurance එකයි ඔක්කොම නැතිවුණා.

    එදාම ගිහින් මම එන්ට්‍රි එකක් දැම්මා.
    ලයිසන් එකයි, ID එකයි, ආදයම් බලපත්‍රයයි නැති වුණා කියලා.
    ඒ දාපු එන්ට්‍රි එකෙන් කොපි 3ක් සහතික කරලා ඉල්ලා ගත්තා.

    පස්සේ සති 2ක් විතර බැලුවා. ඒත් ඉතින් හම්බ වුණේ නෑ.

    ඊට පස්සේ ගිහින් ග්‍රාම නිලධාරි හම්බවෙලා කාරණාව කියලා අයිඩි එක ගන්න ඕනි ෆෝම් ටික ඉල්ලා ගත්තා.

    ස්ටුඩියෝ එකට ගිහින් ෆොටෝස් ටික ගත්තා. දැන් ඉස්සර වගේ ෆොටෝස් දෙන්නේ නෑ. ෆොටෝ එකයි විස්තරයි දාලා A4 size කොලයක් දෙන්නේ. ෆෝම් ටික ෆිල් කරලා ගිහින් ඒ කොලයයි එන්ට්‍රි කොලයයි ග්‍රාම නිලධාරිට දුන්නා. ඊට අමතරව id number එකයි නමයි සදහන් වුණු document එකක ෆොටො කොපියක් දෙන්න ඕනි. බැංකු පොතේ පලවෙනි පිටුවේ ෆොටෝ කොපියක් දුන්නා ඒකට. තව උප්පැන්න සහතිකේ ඔරිජිනල් කොපි එකක් දෙන්න ඕනි. මුද්දර ගාස්තු වලට 1000ක් දුන්නා. ඒ මුද්දර ගාස්තුවල කුවිතාන්සියත් ෆෝම් එකේම අලවලා දෙනවා. පස්සේ ග්‍රාම නිලධාරිගේ අත්සන අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගියා. එතනින් අත්සන් කරලා දිග ලියුම් කවරයක දාලා සීල් එක ගහලා දෙනවා. මතක් කරලා දිග ලියුම් කවරයක් අරන් යන්න ඕනි. ඒ ලියුම් කවරේ ගහලා තියෙනවා එක් දින සේවයට යන්න ඕනි දිනය. මට හම්බ වුණේ දවස් 3කට පස්සේ දවසක්. උදේ 7.30ත් 12.30ත් අතර යන්න ඕනි.

    එතනින්ම වාහනේ ආදයම් බලපත්‍රයත් ගත්තා. ඒකටත් එන්ට්‍රි එකේ සහතික කල කොපි එකක් දුන්නා. එතනදි Id එකේ ෆොටො කොපි එකක් ඉල්ලුවා. මගේ ලග තිබ්බේ නෑ. ආයේ ඉතින් ගන්න අයිඩි එකත් නෑ. හැබැයි අයිඩි එක නැති වුණු කතාව එන්ට්‍රි එකේ තියෙන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. ආදයම් බලපත්‍රය නැවත ගද්දි අලුත් කරද්දි ගෙවන ගානම ගෙවන්න ඕනි.
    insurance එකත් ප්‍රාදේශිය ලේකම් කාර්‍යයාලයෙන් ම දාලා තිබ්බ නිසා එතනිම්ම ගත්තා. ඒකට රුපියල් 100 විතරයි අයකරන්නේ. ආපහු කාඩ් එක දෙනවා. හැබැයි වාහනයේ පොත ගෙනියන්න ඕනි.

    අදාළ දවසේ බත්තරමුල්ලේ පුද්ගලයින් ලියාපදින්චි කිරීමේ කාර්‍යාලයට ගියා එතනට එන පිළිවෙලට තමයි අංක හම්බ වෙන්නේ. මම යනකොට 7.20ට විතර ඇති මට හම්බ වුණේ 280 ගනන්. එතනින් දැන් 2000ක් අයකරනවා. කොහොම කලත් කාඩ් එක ප්‍රින්ට් කරලා දෙනකම් පැය 2ක් 3ක් වගේ ඉන්න වෙනවා. 12.30 ට විතර මට අයිඩි එක හම්බ වුණා.

    ඊට පහුවෙනිදා උදේම වේරහැර RMV එකට ගියා. උදේ 6 විතර වෙද්දි RMV එක ගාවට ගියා. මම යනකොට 10ක් විතර පෝලිමේ හිටියා ගේට්ටුව ගාවා. මමත් ගිහින් සෙට්වුණා. 8 විතර තමයි ඉතින් ඇතුළට ගත්තේ. ලයිසන් එක ගන්න අයිඩි එකයි එන්ට්‍රි එකයි ඕනි. 11 වෙනියට විතර හිටිය මට ටෝකන් එක හම්බවුණේ 20 ගණන්. one day service එක ගත්තේ. one day service එක ඉල්ලන්න පුලුවන් මුලින් ඉන්න 30 දෙනෙක්ට හෝ 40 දෙනෙක්ට වගේ. ඊට පස්සේ ඉන්න අයට normal service තමයි ඉතින්. normal service ගියාම 1 year temporary එකක් හම්බ වෙන්නේ. one day service ඉන්න අයටයි, රට යන්න ඉන්න අයටයි විතරයි කාඩ් දෙන්නේ. රුපියල් 9000ක් ගියා නැති වුණ ලයිසන් එක අපහු ගන්න. නොමල් සර්විස් ගියොත් 8000ක් වගේ යයි. දැන් කලින් බුක් කරලා යන්න ඕනි නෑ.

    Id එක නැවත හදාගන්න අවශ්‍ය ලියකියවිලි හා ගාස්තු

    උප්පැන්න සහතිකේ ඔරිජිනල් කොපි එකක්. (සහතික කරපු කොපි වලංගු නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලයෙන් ගන්න ඕනි ඔරිජිනල් කොපි එකක් ලග නැත්තම්. රු.120ක් ගියා ඔරිජිනල් කොපි එකක් ගන්න ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලයෙන්.)

    ID Number එකයි නමයි සදහන් document එකක කොපි එකක් ඕනි.(බැංකු පොතේ, නැත්තම් එන්නත් කාඩ් පතේ වගේ)

    ස්ටුඩියෝ එකෙන් ෆොටෝ එක ගත්තම දෙන රිසිට් එක ඕනි.(ඒ A4 size paper එකේ තියෙනවා, ස්ටුඩියෝ එකේ කෙනාට අත්සන් කරලා සීල් එක ගහන්න තැනක්. මතක් කරලා අත්සනයි සීල් එකයි ගන්න.)

    එන්ට්‍රි කොළය හෝ සහතික කල පිටපතක් ඕනි.

    දිග ලියුම් කවරයක්.


    ස්ටුඩියෝ එකේ ගාස්තුව = 500
    මුද්දර ගාස්තු = 1000
    one day service = 2000


    License එක නැවත හදාගන්න අවශ්‍ය ලියකියවිලි හා ගාස්තු

    එන්ට්‍රි කොළය හෝ සහතික කල පිටපතක් ඕනි.
    ID එක ඕනි. (කොපි හෝ සහතික කල පිටපත් හරියන්නේ නෑ.)

    license එක නැවත ගන්නවට = 6100
    කාඩ් එකට = 1,900
    මුද්දර ගාස්තු = 225
    one day service = 975


    පැමිණීල්ල දාද්දි මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මොකද සමහර පොලිසිවල ආධුනික නිලධාරින් ඉන්නවා. ඒ අයගේ නොසැලකිල්ල නිසා මේ දේවල් මග ඇරෙන්න පුළුවන්.

    ආදයම් බලපත්‍ර නැති වුණා නම් අනිවාර්‍යෙන් එන්ට්‍රි එක දාද්දි ඒ ගැන කියන්න. එන්ට්‍රි එක ලියද්දි ඒ ගැන ලියවා ගන්න. එන්ට්‍රි එකේ අදාළ වාහන අංකය ලියවෙන්න ඕනි.

    එන්ට්‍රි එකේ ඉහළ කොටසේ දිනය හා පොලිස් ස්ථානයේ නම තියෙනවද බලන්න. ඒ දෙක අනිවාර්‍යෙන් දා ගන්න.

    තමන්ට අවශ්‍ය ගාණට එන්ට්‍රි එකේ පිටපත් ඉල්ල ගන්න. Id එකට license එකට හා ආදයම් බලපත්‍රයට වෙන වෙනම එක පිටපත ගානේ ඕනි.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    බෙල්ලේ වැලක් දාගන්නවා හොඳයි ඔය ටික නැතිවුනොත්..

    Tfs
     
    • Like
    Reactions: newbie22

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    කියෙව්වට පස්සේ ඇඩුනා. ඕවා ඔන්ලයින් කරානම් මිනිස්සුන්ගේ කාලය ශ්‍රමය කොච්චර ඉතුරු වෙනවද
    එතකොට රැකියා විරහිත උපාදිධාරීන් මොකද කරන්නෙ?
    අනිත් මිනිස්සු ගැනත් හිතන්න පුරුදු වෙන්න 😛
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මගෙත් එක සැරයක් නැතිවුනා ලයිසන් එක.. ඒක බල්ලෙක් අරන් ගිහින් පස්සෙ හම්බුනා වත්ත පහල තිබිලා.ඒ වෙද්දි ලයිසන් එක අරන් ඉවරයි... කොහොම හරි මට ආය මෙඩිකල් එක කරන්න උනා ඔය උඩ කීව ඒවට අමතරව. හැබැ‍යි RMV ගියෙ නැ
     
    • Like
    Reactions: newbie22

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මගෙත් එක සැරයක් නැතිවුනා ලයිසන් එක.. ඒක බල්ලෙක් අරන් ගිහින් පස්සෙ හම්බුනා වත්ත පහල තිබිලා.ඒ වෙද්දි ලයිසන් එක අරන් ඉවරයි... කොහොම හරි මට ආය මෙඩිකල් එක කරන්න උනා ඔය උඩ කීව ඒවට අමතරව. හැබැ‍යි RMV ගියෙ නැ
    දන්න විදිහට, ලයිසන් එක දවස් 90ක් ඇතුළත expire වෙනව නම් හරි දැනටමත් expire වෙලා නම් හරි මෙඩිකල් එකත් අරන් යන්න ඕනි. එතනදි අහනවා කවදට ද expire වෙන්න තිබ්බේ කියලා.


    මචන් one day service එකේ දැන් කාඩ් එක දෙනවද?
    ඔව්. හැබැයි දවසකට 40කට වගේ තමයි දෙන්නේ. මුලින්ම ඉන්න 40 දෙනාට විතර සෙට් වෙලා one day service යන්න පුළුවන්. එතකොට කාඩ් එක ගන්න පුලුවන් මචන්. මම නම් උදෙන්ම ගිහින් පෝලිමේ මුලටම සෙට් වුණා. මම හිටියේ 11 වෙනියට වගේ. ඒත් මම ටෝකන් එක ගද්දි ටෝකන් එක හම්බවුණේ 23 වගේ. ඇතුළේ අයගේ යාළුවොයි, පගා දෙන එවුනුයි මුල්ම ටෝකන් ටික ගන්නවා. පෝලිමේ 30 ට විතර ඉන්න අයට මම හිතන්නේ one day service එකට ඉල්ලන්නත් බෑ. ටෝකන් ටික ඉවර වෙනවා.
     
    • Like
    Reactions: Lokuaiya_123

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Thanks Thank You GIF by 大姚Dayao
     
    • Like
    Reactions: newbie22