Driving License නැතිවුනා Help Me..!

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Machanla Mage Driving License 1 Nathi Wela Dan Tika Dawasak.


    Ithin Aye Eka Hadaganne Kohomada machanla.

    Mata One Document Monawada?


    Kiyak Yanawada?

    Kohetada Yanna One?


    RMV eken Witharada Ganna Puluwan.


    Ane Mata Help 1k Diyallako.....!

    :yes::yes::yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Police eke antry ekak dala,eke Copy ekai,ID copy ekai,aragena palayan,ubata hariyatama Details ganna puluwan 1919 katha kalama :)

    Call-1919
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=si

    රියදුරු බලපත්‍රය ලබාගැනීම



    නව ස්මාර්ට් කාඩ් රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා උපදෙස්.මෙම රියදුරු බලපත්‍රය ක්‍රම දෙකකට නිකුත්කෙරේ.

    • පළමු ක්‍රමය - වේරහැර බලපත්‍ර නිකුත් කරන ප්‍රධාන කර්යාලයේදී හා කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේදී මාර්ගගත (ONLINE) ක්‍රමය
    • දෙවන ක්‍රමය - අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල වලදී මාර්ග අපගත (OFFLINE) ක්‍රමය
    පොදු අවශ්‍යතා

    1. අඳුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුය.
    2. ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පතේ අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුය.
    3. මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබා ගැනීමේදී ජායාරෑප රැගෙන එම අවශ්‍ය නොවන අතර පරිඝණක ක්‍රියාවලියේදී අදාල ජායාරෑප ලබා ගනු ලැබේ.මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ජායාරෑප දෙකක් අවශ්‍ය වේ.
    4. ප්‍රථම වරට රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේදී උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කල යුතුය.
    1 සැහැල්ලු වාහන සඳහා නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

    1. වයස අවු:17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකිය.
    2. ලිඛිත පරිෂණයයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
    3. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැක.
    4. ප්‍රයෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවු:18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
    5. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
    6. ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය‍වරයෙකුගෙන් එම්.ටී.ඒ. 31 ඒ ආකෘතියේ මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
    2 බර වාහන සඳහා රියදුරු බලපත්‍රය දීර්ඝ කරගැනීම

    1. අයදුම් කරන දිනට ‍අවම වශයෙන් වසර 2 කට ප්‍රථම සැහැල්ලු වාහන (B සහ B1 වාහන පන්ති පමණි) බලපත්‍රයක් දරන්නෙකු විය යුතුය.
    2. සැහැල්ලු මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩයක් ලබාගැනිම සඳහා අවම වශයෙන් උස අඩි 4 අඟල් 10 විය යුතුය.මෝටර් බස් හා මෝටර් ලොරි කාණ්ඩය ලබාගැනීම සඳහා අවම උස අඩි 5 ක් තිබිය යුතුය.
    3. වයස අවු:20 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැක.
    4. ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 ක් දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් නිකුත් කරනු ලැබේ.
    5. එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකිය.
    6. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වීමට වයස අවු : 21 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 3 ක් සම්පුර්ණ වී තිබිය යුතුය.
    7. ප්‍රයෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුය.
    8. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.