Dulaj ge niwasa bala Jana giya hati :(

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    576302_391394384278401_1032294879_n.jpg



    ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ ගීතයෙන් පටන්ගෙන ධනපාල උඩවත්ත මහතාගේ ගීත ලයාන්විත ආකාරයෙන් ගායනා කරනා තවමත් නොමරුණ ජනා ගැන වෙනස මගින් ඉදිරිපත් කල වැඩසටහන අප මෙයට පෙර ඔබ වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

    මෙම ගීතය බොහෝ ජනප්‍රියත්වයට පත්ව තිබුනේ දුලාජ් සහ තිලින යන දෙදෙනාගේ මෝටර් රථ අනතුරෙන් මියගොස් සිටි ආකාරයේ දර්ශන තල වලට මෙම ගීත එක කල වීඩියෝව හරහායි. අන්තර්ජාලයෙන් කියවුනේ ඒ ගැන වෙනමම කතාවක්. ඒ දුලාජ් අවසන් වතාවට මෙම ගීත කියා පැමිණෙන අතරතුරේ මෙම අනතුර සිදුවී ඇති බවකුයි.

    කෙසේ නමුත් තාමත් මිය නොගිය "ජනා" ප්‍රසිද්ධ විමත් සමග දුලාජ් යනු කව්රුන්ද යන ගැටලුව විසඳා ගැනීම සඳහා මව්බිම පුවත්පතේ සන්ජික හා ජනා දුලාජ් ගේ නිවස වෙත පසුගිය සතියේ ගොස් ඇති අතර එහි පුවත්පත් වාර්තාව පහතින් වේ.

    බියගම මල්වාන යබරළුව අංක 97 C නිවසේ තමයි දුලාජ් පුංචි කාලේ ඉඳල හදුන වැඩුණු ගෙදර.අක්කල දෙදෙනෙකුට මැදිව උපන් දුලාජ් මුළු පවුලේම හුරතලා වුනේ ඔහුට උපතින්ම උරුම රූ සපුව නිසාමයි. හැන්දෑ අඳුර දුලාජ්ගේ නිවසට පැමිණෙන්න ඔන්න මෙන්න කියා තිබියදී දුලාජ් ගේ තාත්තා වන හොමන් ගුණරත්න මහත්මා අපිව පිළිගත්තා ඒ පවුලේ හැමෝටම අපිට කියන්න පුළුවන් එක වචනයයි

    ඉඳගන්න.

    දුලාජ්ගේ මව චිත්‍රා මානෙල් රත්නකුමාර මීට අවුරුද්දකට පෙර තමන්ගේ ගිලිහුණු සුරතල් පුතා දුලාජ් සිහිකරමින් කඳුළු සලන්න ගත්තා ඊට මදක් ඉදිරියෙන් ඇට ලේ මස් නහර කකියමින්, තාත්ත කෙනෙකුගේ ඇස් වලින් එලියට පනින කඳුළු වල, දුලාජ් ගේ මතකයන් දැක්කා. අපි හැමෝම නිහඬයි. මමත් ජනාත් බලාගත් ඇත බලාගෙන.


    'මගේ රත්තරන් පුතා අපිව දාල ගියා.එය ගියායින් පස්සේ අපේ ගෙදර පාළුව කාටවත්ම යවන්න බෑ. දුලාජ් පුතා හැමදාම කෑවේ අරපුටුවේ ඉඳන්. එයා TV බැලුවේ මේ පුටුවේ ඉඳන්. මම කොහොමද දෙයියනේ මේ දුක වාවන්නේ. පුතා නැති මට ජීවත් වෙන්න බෑ.'

    අම්මා කෙනෙකුගේ හදවත උණුවී කඩා හැලෙන මහා කඳුළු ගංගාවක ජනාගේ කටහඬ මට ඇහෙනවා වගේ දැනුනා. දුලාජ්ගේ මරණයත් ,ජනාගේ ගීතයත් අතර තියෙන මරණීය සම්බන්ධ දුලාජ්ගේ අම්මා ඉස්සරහ ජනා පාපොච්චාරණය කළා

    "අම්මේ...
    මමත් ඔයාගේ පුතා කියලා හිතා ගන්න. එයා මේ වෙලාවේ කොහෙහරි ඉඳන් අපිදිහා බලන් ඉන්නවා ඇති. මම මේ සින්දුව කිව්වේ 2005දී. ඒ ගීත ටික ෆෝන් එකෙන් ෆෝන් එකට ගිහින් දුලාජ් මල්ලිගේ ෆෝන් එකටත් ඇවිත්.

    එයා මේ සින්දුවට ගොඩාක් ආස කරලා එයාගේ යාලුවන්ටත් මේක අහන්න දීල. ඊට පස්සේ එයාගේ අනතුරෙන් පස්සේ මේ සින්දුවට එයාගේ මරණේ පින්තූර දාල ඒක තමයි ඇත්ත කතාව".

    නැවත වතාවක් දුලාජ්ගේ මව ඉකි බිඳුම් අතරින් කතා කරන්න වුනා

    "පුතා සාමාන්‍යපෙළ විභාගේ ඉවර වුන ගමන් අලුතින් ඩොල්ෆින් වෑන් එකක් අරන් ඉල්ලුව. එතකොට ඩොල්ෆින් වෑන් එකක් ලක්ෂ පනස් පහක් විතර වෙනවා. මම කිව්වා එච්චර සල්ලි නෑ කියලා. එත් එයා කැමති වුනේ නෑ.

    අම්ම අක්කලට විතරයි සලකන්නේ මට කිසිම දෙයක් දෙන්නෙ නෑ කියල කිවුව. ඊට පස්සේ පුතාට බයික් එකක් අරන් දුන්නා. එයාට ඕනෙම කිව්වේ රේස් පදින්න පුළුවන් වර්ගයේ බයිසිකලයක් මම විරුද්ධ වුනත් තාත්ත එයාට බයිසිකලේ අරන් දුන්න.එත් අන්තිමට ඒ බයිසිකලෙන්ම අපි කාටවත් නොකියා පුතයි එයාගේ යාළුවා තිලිණයි ජීවිතයෙන්ම අපිව දාල යන්න ගියා".

    අම්මා කෙනෙකුගේ කඳුළු ප්‍රශ්න කිරීමට තරම් හයියක් මට ඒ වෙලාවේ තිබුනේ නැහැ. ආයෙමත් අම්මගේ කඳුළු කතාකරන්න වුනා.

    'එදා පුතා නැති වුන දවසේ රෑ මට කතා කළා. මම ඇහුව ඇයි මාව දාල ගියේ, මට ටිකක්වත් දෙනකන් හිටියේ නැත්තේ ඇයි කියලා එයා කිව්වා. මම බ්රේක් ගැහුවා අම්මේ එත් මාව හැප්පුනා කියලා. මට කියන්න තියෙන්නේ එක දෙයි . දැන්වත් ඔය සින්දුවත් එක්ක තියෙන පුතාගේ රූපටික අයින් කරන්න .



    මට එක අහන් ඉන්න බෑ , මට ඒක බලන් ඉන්නත් බෑ. ඔයා තමයි මේ සින්දුව කියන්නේ කියලා දැනගත්තේ පත්තරෙන් අනේ පුතේ ඔයාවත් කියන්න අපේ හිත ආයෙමත් පාරන්න එපා. එයා මතක් වෙන විදියේ ෆොටෝ කාටවත් පෙන්නන්න එපා කියලා.'

    ඇය ජනාගෙන් කල ඉල්ලීම නැවතුනේ ජනාවා තදින් වැළඳ ගනිමින්.
    'අම්මේ මල්ලි මගේ ගාව හරි ආයෙත් ඉපදෙවී.අපි දෙන්නා අතරේ මොකක් හරි සංසාර ගැලපීමක් ඇති.'

    උපුටා ගැනීම
     
    Last edited:
    • Like
    Reactions: TakurZ

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේවත් ප්‍රවෘතිද බන්? ඔන්න ඔතන තමයි මචන් මේ සමාජය නෑවතිලා තියෙන්නේ. රටේ සාමාජීය,දේශපාලනික, ආර්තික ප්‍රශ්න ගෑන මිනිස්සුන්ට කිසිම අවබෝදයක් නෑ..ගෑනියෙක් දෑකලා නෑ වගේ කොහෙවත් නෑති නයි නෑට්ටිච්චියෙකුයි, සින්දු කෑලි ටිකකුයි තම්යි කාලීන ටොපික්ස් වෙලා තියෙන්නේ. ඉස්සර සත පනහ වෑඩි වෙද්දිත් කෑ ගහපු මිනිස්සු දෑන් රුපියල් දහයක් වෑඩි වුනත් කිසිම සද්දයක් නෑ..මොකක් හරි කෑලෑ ප්‍රවිර්ත්ති දෙන දෙකයි පනහේ ගොසිප් සයිට් එකක් කියව කියව ඉන්නවා. සමහර උන්ගේ හෝම් පේජසුත් ඔය කෙහෙල්මල් ගොසිප් සයිට් තමයි. හරිම දුකයි මේ රටට සමාජයට වීගෙන යන දේ ගෑන. අපි වෙන රටවල් වල ඉදලා දෑකලා තියෙන හින්දය් කියන්නේ මහා ලොකුවට කෑ ගෑහුවට ලෝකෙ උතුම් රට කියලා මේකේ ඈති ලබ්බක් නෑ. කෙහෙල්මල් අවුරුදු 2500 ඉතිහාසේ හෑමදාම කබල් ගගා ඉන්නකොට අපිව තනිකරලා ලෝකය සෑහෙන දුර ගිහින්. හරිම දුකයි. අපිට රට වෙනුවෙන් කරන්න පුලුවන් දේවල් වලත් සීමවක් තියෙනව. කොච්චර කරන් හෑදෙන්නේ නෑත්තන් ඔක්කොම දමලා ගහලා අපි අපේ දියුනුව හදාගන්න ඕන. එතකොට කියයි අපි රට පාවා දෙනවා අපි දේශඩ්‍රෝහියෝ කියලා. එහෙම උන්ට කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඔය ඉන්න ලින් වලින් එලියට ඈවිත් බලපල්ලා.. ලෝකේ උබලා හිතනවාට වඩා ලොකුයි කියලා තමයි.