Duplicate Bandu Samarasinghe

after

Member
Sep 5, 2009
3,692
486
0

මෙන්න ඩුප්ලිකේට් බන්දු – නම බිංදු (වීඩියෝව සහිතයි)

10342900_803870976361193_2563268998210449847_n.jpg

13775_803880559693568_8547602927448361194_n.jpg


බන්දු සමරසිංහ කියන්නේ මෙරට සිනමාවේ ලොකු කුඩා කවුරුත් දන්නා විකට චරිතයක් නේ. මේ නිසා ඔහු මෙරට සුවහසක් ජනතාවගේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ. කොහොම වුණත් ඇහැට ඇහක් කියන්නා වගේ බන්දු සමරසිංහටම හරියන තවත් බන්දු සමරසිංහ කෙනෙක් එහෙමත් නැතිනම් ඩුප්ලිකේට් බන්දු කෙනෙක් අපි‍ට මේ ළඟදී දවසක හමුවුණා.

ඔහු ජනක කුමාර නොහොත් බිංදු බෝතලේගම. මෙයාගේ ගම ඇඹිලිපිටිය, සෙවනගල, දැන් නැවතිලා ඉන්නේ පිළියන්දල, වෑවල. වයස අවුරුදු 27යි. රැකියාව මේසන් වැඩ.
ඩුප්ලිකේට් බන්දු අපිත් එක්ක එයා ගැන කිව්වේ මේ වගේ කතාවක්…

දවසක් මෙයා යහළුවොත් එක්ක නාන්න ගිය වේලාවක ගලක වැදිලා කටේ උඩු ඇන්දේ දතක් ගැලවිලා. ඉතින් මේ දත ගැලවුණාට පස්සේ එයා හිනාවෙන විදිය කතා කරන විදිය දැකලා යහළුවෝ කියලා තියෙන්නේ උඹ දැන් බන්දු සමරසිංහම තමයි කියලා. ඒ කතාවෙන් පස්සේ අපි මේ කියන ඩුප්ලිකේට් බන්දුත් බන්දු සමරසිංහ ඉන්න චිත්‍රපටි බලන්න පුරුදුවෙලා. ඔහොම චිත්‍රපටි බලන ගමන් අර කියන්නා වගේ බන්දු සමරසිංහ වගේම කතා කරන්න, නටන්න, සිංදු කියන්න මෙයා පටන්ගෙන..
ඒ උත්සාහය අසාර්ථක වෙලා නෑ වගෙයි මේ ඡායා රූප ටික හා වීඩි‍යෝව බැලුවාම අපිට නම් පෙනුණේ. අනිත් වැදගත්ම කාරණය තමයි දවසක් මේ ඩුප්ලිකේට් බන්දුට ඔරිජිනල් එහෙමත් නැති නම් රටේ කවුරුත් දන්නා බන්දු සමරසිංහ මුණ ගැසිලා තියෙනවා.

ඒ වෙලාවේ දෙන්නාත් එක්ක කතා කරන ගමන් දන්නවාද බන්දු සමරසිංහ අපේ ඩුප්ලිකේට් බන්දුට මොකක්ද කියලා තියෙන්නේ කියලා. “ඔහොම යන්කෝ ඉස්සරහට ඉතුරු දත් ටිකක් ගැලවෙයි කියලා” ලු.

කතා ඇති ඩුප්ලිකේට් බන්දුගේ පින්තූරත් වී‍ඩියෝවත් බැලුවාම මේ කියන කතාව බොරුද කියලා බලාගන්න ඔබට පුළුවන්.
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,543
    3,171
    113
    ඔරිජිනල් බන්දුට බඩේ පාර වදිද දන්නේ නැ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වෙනසකට තියෙන්නෙ බන්ඩුව අපේ හිතට කා වැදිල තියෙන්නෙ බන්.. පොර ජෝක් එකක් කරන්න ඕන නෑ නිකන් හැරුනාම හිනා යන විදියට ඇබ්බැහි වෙලා තියෙන්නෙ.. මේ පොර එල..
    ලාවට හිනා යනව තමයි..
    ඒත් ඒ ගමන් මොලේට යනව බන්දු නෙවේ මේ කියල..
    ඉතින් හිනා යන්නෙ නෑ..
    හරියට අර මිස්ටර් බීන් අනුකරයන කරපු කොමඩි ස්ටාර් එකේ පොර වගේ..
    පොරත් එලටම කරනව ඒත් හිනා යන්නෙ නෑ නෙ

    :(
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඔරිජිනල් බඳුව පහුගිය දවස්වල මරාගේ රෙදි හේදුවනේ රුපවාහිනියේ දැන් යන එන මං නෑ ලු
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔරිජිනල් බඳුව පහුගිය දවස්වල මරාගේ රෙදි හේදුවනේ රුපවාහිනියේ දැන් යන එන මං නෑ ලු

    ඌ ඇයි එහෙම කරේ කියල දුන්න රියල් ටෝල්ක් එක දැක්කෙ නෑද්ද උබ ?
    විනාඩියට ගෙවන ගාන හිටන් කිව්ව ඌ..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    වෙනසකට තියෙන්නෙ බන්ඩුව අපේ හිතට කා වැදිල තියෙන්නෙ බන්.. පොර ජෝක් එකක් කරන්න ඕන නෑ නිකන් හැරුනාම හිනා යන විදියට ඇබ්බැහි වෙලා තියෙන්නෙ.. මේ පොර එල..
    ලාවට හිනා යනව තමයි..
    ඒත් ඒ ගමන් මොලේට යනව බන්දු නෙවේ මේ කියල..
    ඉතින් හිනා යන්නෙ නෑ..
    හරියට අර මිස්ටර් බීන් අනුකරයන කරපු කොමඩි ස්ටාර් එකේ පොර වගේ..
    පොරත් එලටම කරනව ඒත් හිනා යන්නෙ නෑ නෙ

    :(

    agreed :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔරිජිනල් බන්දුට බඩේ පාර වදිද දන්නේ නැ