DVD හා BlueRay වලින් පසුව අලුත්ම දත්ත ගබඩා තැටිය – Archival Disk

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    DVD හා BlueRay වලින් පසුව අලුත්ම දත්ත ගබඩා තැටිය – Archival Disk

    images


    Archival-Disk-790x790.jpg


    DVD හෝ BlueRay තැටි වලින් පසුව එන දත්ත ගබඩා කිරීමේ අලුත්ම තැටිය ලෙස Archival Disk හැඳින්විය හැක. Sony හා Panasonic යන සමාගම් ද්විත්වයේම එකතුවක් ලෙසින් නිර්මාණය වන දත්ත ගබඩා තැටිය ඔස්සේ පහසුවෙන්ම 1TB (1024GB) දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැකි වනු ඇත. මීලග පරම් පරාවේ disc format එකක ලෙසට නිවේදනය කරන මෙම හදුන්වාදීම 2013 july මාසයේ මුලිනම නිවේදනය කරනු ලැබුවේ නිශ්චිත නාමයකින් තොරවය. DVD හෝ BlueRay වල පැවති දුර්වලතා මඟ හරිමින් නිර්මාණය කෙරෙන Archival Disk හි වැඩි කාලයක් දත්ත සුරක්ශිතව ගබඩා කර තැබිය හැකි නිසාවෙන් මෙය Games හෝ Movies ගබඩා කිරීමට වඩා දත්ත සංරක්ෂණ කටයුතු සඳහා භාවිත වනු ඇති බවයි පැවසෙන්නේ.
    උෂ්ණත්වය, තෙතමනය හෝ දුහුවිලි වැනි පාරිසරික සාධක සඳහා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති මේ තැටිය තුල අලුතින් නිකුත්වන File Types සඳහාද සහාය දක්වන අයුරෙනුයි නිර්මාණ වී ඇත්තේ. 2015 දී වෙළඳපළට නිකුත් වීමට නියමිත Archival Disk මුල් අදියරේදී 300GB ධාරිතාවයකින්ද පසුව දෙවන අදියරේදී 500GB ධාරිතාවයකින්ද, අවසානයේ 1TB දක්වා ධාරිතාවය උසස් කිරීමට නියමිත යි.



    img01.jpg


    Image_-_Disc_Comparison.png


    1980020_10152044542831633_198651418_o.jpg