Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Earth@පෘතුවියේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිපාකස් තමාගේ නිරීක්ශණ මත පදනම් වෙමින් ඔහුගේම තරු සිතියමක් නිර්මාණය කිරීමට යෙදුණි. ඔහු තමා විසින් නිර්මාණය කල සිතියම මීට අවුරුදු 150කට පමන පෙර නිර්මානය වූ තරු සිතියමක් සමග සංසන්දනය කර බැලීමේදී පැහැදිලි වූයේ ඒවායේ පැහැදිලි වෙනසක් නිරීක්ශණය වන බවයි. එනම් මේ සිතියම් දෙකෙහි පැය වටයන්(Right Ascension)වල පිහිටීම තරමක් දුරට වෙනස්ව පැවතීමයි. මේ වෙනසේ විශාලත්වය මත, එය තම නිරීක්ශණ දෝශ හේතුවෙන් සිදු නොවූවක් බවට නිගමනය කල හිපාකස් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පැය වටයන් කාලයත් සමග වෙනස් විය හැකි බවයි. නමුත් ඔහුට මෙලෙස සිදු වීමට හේතුව පිලිබදව කිසිදු අදහසක් නොතිබුණි.

මෙම ක්‍රියාවලිය සියලු දෙනාට අවබෝධ කර ගැනීම පිණිස තවත් සරලව දක්වතොත්, හිපාකස් යුගයේ භාවිතා කල තරු සිතියමේ තාරකා රටා පිහිටි ස්ථාන අද අප භාවිතා කරන තරු සිතියමේ තාරකා රටා පිහිටන ස්ථාන වලින් මදක් වෙනස් වේ. මේ වෙනසට හේතුව පසුකාලීනව විද්‍යාඥයින් පූර්වායනය(Precession) නමැති සංසිද්ධිය හේතුවෙන් සිදු වන්නක් බව හදුනාගෙන ඇත.

රූපය-1

පෘථිවිය තමා වටා භ්‍රමණය වන බවත් භ්‍රමණ අක්ශය අංශක 23 1/2 ක ඇලයකින් යුතුව පවතින බවත් අපි දනිමු. සමස්ත සෞරග්‍රහ මන්ඩලය තුල පෘථිවිය සැලකීමේදී සෙසු වස්තූන් වල පැවැත්ම පෘථිවි පැවැත්ම කෙරෙහි බලපායි. එනම් ඉතා ප්‍රභල ලෙස ලගින්ම පිහිටන චන්ද්‍රයාගේ ගුරුත්ව බලය, චන්ද්‍රයා තරම් ප්‍රභල නොවූවත් සූර්යයාගේ ගුරුත්ව බලය හා ඉතා සුළු ප්‍රමාණයකින් සෙසු ග්‍රහවස්තු වල ගුරුත්ව බලපෑම පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලවීම වෙනස් කිරීමට උත්සහ දරයි. නමුත්(gyroscope මූලධර්මයට අනුව ) පෘථිවිය තමා වටා වේගයෙන් භ්‍රමණය වීම හේතුවෙන් බාහිර බලපෑම් පැවතුනත් තමාගේ අක්ශයේ ඇලවීම වෙනස් නොකර ගන්නා අතර ඒ වෙනුවට අක්ශයේ පිහිටීම වෙනස් කර ගනී. රූපය-1 අධ්‍යනය කිරීමේදී ඔබට මෙය පැහැදිලි වනු ඇත. පූර්වායනය ලෙස හදුන්වනුයේ මෙයයි.

මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් වෙයි. එනම් පූර්වායනය යනු පෘථිවි භ්‍රමණ අක්ශය ඇල වී ඇති ප්‍රමාණය වන අංශක 23 1/2 ක අගය වෙනස් නොවීමකි. මෙහිදී සිදු වනුයේ භ්‍රමණ අක්ශයේ පිටීම වෙනස් වීම පමණි. මෙය ඉතාමත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර භ්‍රමණ අක්ශයේ වෙනස සම්පූර්ණ වටයක් සලකුණු කිරීම සදහා ආසන්න වශයෙන් අවුරුදු 26,000 පමණ ගතවනු ඇත. එකල හිපාකස් පෙන්වා දුන් වෙනසට හේතුව ඉහත සංසිද්ධියයි. පූර්වායනය සදහා ප්‍රභල ලෙස බලපානුයේ අන් කිසිවක් නොව අපට ලගින්ම පිහිටි චන්ද්‍රයාය.

චන්ද්‍රයා නොතිබුණහොත්...

Dr. Jacques Laskar

ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වන ආචාර්යය ජැක් ලැස්කා (Dr. Jacques Laskar) පෙන්වා දෙන පරිදි පූර්වායනය සදහා(භ්‍රමණ අක්ශයේ පිහිටීම වෙනස් කිරීමට ) චන්ද්‍රයා ප්‍රභල ලෙස බලපෑවත් භ්‍රමණ අක්ශයේ ඇලය වන අංශක 23 1/2 ක් වන අගය නියතව පවත්වා ගැනීම සදහාද චන්ද්‍රයා ප්‍රභල ලෙස බලපානු ඇත. ඔහුගේ ගණනය කිරීම් අනුව චන්ද්‍රයා නොමැතිව පෘථිවිය පමණක් සලකා බැලීමේදී එහි භ්‍රමණ අක්ශය කාලයත් සමග ඉතා විශාල වශයෙන්, අංශක 0 සිට 90 දක්වා පරාසයක් තුල වෙනස් වීමට ලක්වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

අගහරු ග්‍රහයා සැලකීමේදී එය සතුව පවතිනුයේ බොහෝ දුරට ග්‍රහකයන් ලෙසට හැදින් විය හැකි කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකි. පෘථිවියේ මෙන් විශාල උපග්‍රහයෙකු නොපැවතීම හේතුවෙන් අගහරුගේ භ්‍රමණ අක්ශයේ ඇලවීම කාලයත් සමග ක්‍රමයෙන් වෙනස් වේ.

ආචාර්යය ලැස්කා පවසන පරිදි චන්ද්‍රයා නොතිබුණා නම් පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලය කලින් කලට වෙනස් වනු ඇත. මෙම තත්වය පෘථිවි දේශගුණය විශාල වශයෙන් වෙනස් වීම කෙරෙහි බලපායි. විද්‍යාඥයින් සදහන් කරන පරිදි භ්‍රමණ අක්ශයේ ඇලවීම ඉතා කුඩා ප්‍රමාණයකින් උවද වෙනස් වීම දේශගුණය සැලකිව යුතු ප්‍රමාණයකින් වෙනස් වීම කෙරෙහි බලපානු ඇත.

පෘථිවිය මත ජීවය

Dr. Norman Sleep

Stanford විශ්ව විද්‍යාලයේ මහාචාර්යය නෝර්මන් ස්ලීප්(Norman Sleep) ප්‍රකාශ කරන ආකාරයට පෘථිවි ජීවයේ ආරම්භය සදහා චන්ද්‍රයා බිහිවීම සදහා බලපෑ සුවිසල් ගැටුම ඉතා ප්‍රභල ලෙස හේතු වී තිබේ. මේ ගැටුම සිදු නොවූවා නම් අද යුගයේ පවතිනුයේ Earth mark-1 ලෙස හැදින්වෙන පෘථිවියයි. මෙම පෘථිවිය අද අප ජීවත් වන පෘථිවිය මෙන් නොව සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී පැවතීමට ඉඩ තිබූ බවත් මේ අනුව ජීවයට සුදුසු පරිසරයක් නිර්මාණය නොවීමට ඉඩ තිබූ බවත් ඔහු පවසයි.

Earth mark-1 හා Orphius අතර සිදු වූ ගැටුම පෘථීවිය මත බිහිවෙමින් පැවති මුහුදු වලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් වාශ්ප කර දමන්නට හේතු වී ඇත. ඉන් පසුව අද යුගය දක්ව පරිණාමය වී ඇති Earth mark-2 පෘථිවිය මත ජීවයට සුදුසු පරිසරයක්(ජීවයක් නිර්මාණය වීමට අවශය කරන සාධක ) නිර්මාණය වූයේ මේ ගැටුම හේතුවෙනි.

සෞරග්‍රහ මන්ඩලය මෙන් අනෙකුත් තාරකා වටා පැවතිය හැකි ග්‍රහමන්ඩල සෙවීම කෙරෙහි විද්‍යාඥයින් මහත් උනන්දු වෙයි. මෙවැනි පද්ධතීන් අතරින් පෘථිවිය වැනි ජීවය පවතිය හැකි ආකාරයේ ග්රහලොවක් හදුනා ගැනීම ප්‍රභල සොයා ගැනීමක් වනු නිසැකය. නමුත් ජීවයක් පැවතිය හැක්කේ අදාල ග්‍රහලොව මත අවශ්‍ය කරන සාධක නිර්මාණය වී ඇත්නම් පමණි. පෘථිවියේ පැවත්මට චන්ද්‍රයාගෙන් එල්ල වනුයේ දැඩි බලපෑමකි. මේ අනුව පෘථිවිය වැනි පිටස්තර ග්රහයෙකු සෙවීමේදී එහි ස්ථාවර පැවැත්ම කෙරෙහි පෘථිවියේ මෙන් විශාල චන්ද්‍රයෙකු පිහිටීමේ වැදගත්කම පිලිබදවද සලකා බැලිය යුතුය. මේ වන තෙක් මේ ආකාරයේ පද්ධතියක් හදුනාගෙන නම් නැත

[QUOTE="shenl, post: 8669945, member: 309104"] [SIZE=4] හිපාකස් තමාගේ නිරීක්ශණ මත පදනම් වෙමින් ඔහුගේම තරු සිතියමක් නිර්මාණය කිරීමට යෙදුණි. ඔහු තමා විසින් නිර්මාණය කල සිතියම මීට අවුරුදු 150කට පමන පෙර නිර්මානය වූ තරු සිතියමක් සමග සංසන්දනය කර බැලීමේදී පැහැදිලි වූයේ ඒවායේ පැහැදිලි වෙනසක් නිරීක්ශණය වන බවයි. එනම් මේ සිතියම් දෙකෙහි පැය වටයන්(Right Ascension)වල පිහිටීම තරමක් දුරට වෙනස්ව පැවතීමයි. මේ වෙනසේ විශාලත්වය මත, එය තම නිරීක්ශණ දෝශ හේතුවෙන් සිදු නොවූවක් බවට නිගමනය කල හිපාකස් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ පැය වටයන් කාලයත් සමග වෙනස් විය හැකි බවයි. නමුත් ඔහුට මෙලෙස සිදු වීමට හේතුව පිලිබදව කිසිදු අදහසක් නොතිබුණි. මෙම ක්‍රියාවලිය සියලු දෙනාට අවබෝධ කර ගැනීම පිණිස තවත් සරලව දක්වතොත්, හිපාකස් යුගයේ භාවිතා කල තරු සිතියමේ තාරකා රටා පිහිටි ස්ථාන අද අප භාවිතා කරන තරු සිතියමේ තාරකා රටා පිහිටන ස්ථාන වලින් මදක් වෙනස් වේ. මේ වෙනසට හේතුව පසුකාලීනව විද්‍යාඥයින් පූර්වායනය(Precession) නමැති සංසිද්ධිය හේතුවෙන් සිදු වන්නක් බව හදුනාගෙන ඇත.[/SIZE][CENTER] [SIZE=4][IMG]http://www2.picturepush.com/photo/a/4481160/img/4481160.jpg[/IMG] [/SIZE] [SIZE=4]රූපය-1[/SIZE] [SIZE=4]පෘථිවිය තමා වටා භ්‍රමණය වන බවත් භ්‍රමණ අක්ශය අංශක 23 1/2 ක ඇලයකින් යුතුව පවතින බවත් අපි දනිමු. සමස්ත සෞරග්‍රහ මන්ඩලය තුල පෘථිවිය සැලකීමේදී සෙසු වස්තූන් වල පැවැත්ම පෘථිවි පැවැත්ම කෙරෙහි බලපායි. එනම් ඉතා ප්‍රභල ලෙස ලගින්ම පිහිටන චන්ද්‍රයාගේ ගුරුත්ව බලය, චන්ද්‍රයා තරම් ප්‍රභල නොවූවත් සූර්යයාගේ ගුරුත්ව බලය හා ඉතා සුළු ප්‍රමාණයකින් සෙසු ග්‍රහවස්තු වල ගුරුත්ව බලපෑම පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලවීම වෙනස් කිරීමට උත්සහ දරයි. නමුත්(gyroscope මූලධර්මයට අනුව ) පෘථිවිය තමා වටා වේගයෙන් භ්‍රමණය වීම හේතුවෙන් බාහිර බලපෑම් පැවතුනත් තමාගේ අක්ශයේ ඇලවීම වෙනස් නොකර ගන්නා අතර ඒ වෙනුවට අක්ශයේ පිහිටීම වෙනස් කර ගනී. රූපය-1 අධ්‍යනය කිරීමේදී ඔබට මෙය පැහැදිලි වනු ඇත. පූර්වායනය ලෙස හදුන්වනුයේ මෙයයි. මෙහිදී පැහැදිලිව තේරුම් ගත යුතු කරුණක් වෙයි. එනම් පූර්වායනය යනු පෘථිවි භ්‍රමණ අක්ශය ඇල වී ඇති ප්‍රමාණය වන අංශක 23 1/2 ක අගය වෙනස් නොවීමකි. මෙහිදී සිදු වනුයේ භ්‍රමණ අක්ශයේ පිටීම වෙනස් වීම පමණි. මෙය ඉතාමත් සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර භ්‍රමණ අක්ශයේ වෙනස සම්පූර්ණ වටයක් සලකුණු කිරීම සදහා ආසන්න වශයෙන් අවුරුදු 26,000 පමණ ගතවනු ඇත. එකල හිපාකස් පෙන්වා දුන් වෙනසට හේතුව ඉහත සංසිද්ධියයි. පූර්වායනය සදහා ප්‍රභල ලෙස බලපානුයේ අන් කිසිවක් නොව අපට ලගින්ම පිහිටි චන්ද්‍රයාය. [B]චන්ද්‍රයා නොතිබුණහොත්...[/B][/SIZE] [SIZE=4] [IMG]http://www4.picturepush.com/photo/a/4481167/img/4481167.jpg[/IMG] [/SIZE] [SIZE=4]Dr. Jacques Laskar[/SIZE] [SIZE=4]ප්‍රංශ ජාතික විද්‍යාඥයෙකු වන ආචාර්යය ජැක් ලැස්කා (Dr. Jacques Laskar) පෙන්වා දෙන පරිදි පූර්වායනය සදහා(භ්‍රමණ අක්ශයේ පිහිටීම වෙනස් කිරීමට ) චන්ද්‍රයා ප්‍රභල ලෙස බලපෑවත් භ්‍රමණ අක්ශයේ ඇලය වන අංශක 23 1/2 ක් වන අගය නියතව පවත්වා ගැනීම සදහාද චන්ද්‍රයා ප්‍රභල ලෙස බලපානු ඇත. ඔහුගේ ගණනය කිරීම් අනුව චන්ද්‍රයා නොමැතිව පෘථිවිය පමණක් සලකා බැලීමේදී එහි භ්‍රමණ අක්ශය කාලයත් සමග ඉතා විශාල වශයෙන්, අංශක 0 සිට 90 දක්වා පරාසයක් තුල වෙනස් වීමට ලක්වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. අගහරු ග්‍රහයා සැලකීමේදී එය සතුව පවතිනුයේ බොහෝ දුරට ග්‍රහකයන් ලෙසට හැදින් විය හැකි කුඩා චන්ද්‍රයින් දෙදෙනෙකි. පෘථිවියේ මෙන් විශාල උපග්‍රහයෙකු නොපැවතීම හේතුවෙන් අගහරුගේ භ්‍රමණ අක්ශයේ ඇලවීම කාලයත් සමග ක්‍රමයෙන් වෙනස් වේ. ආචාර්යය ලැස්කා පවසන පරිදි චන්ද්‍රයා නොතිබුණා නම් පෘථිවි භ්‍රමණ අක්ශයේ ඇලය කලින් කලට වෙනස් වනු ඇත. මෙම තත්වය පෘථිවි දේශගුණය විශාල වශයෙන් වෙනස් වීම කෙරෙහි බලපායි. විද්‍යාඥයින් සදහන් කරන පරිදි භ්‍රමණ අක්ශයේ ඇලවීම ඉතා කුඩා ප්‍රමාණයකින් උවද වෙනස් වීම දේශගුණය සැලකිව යුතු ප්‍රමාණයකින් වෙනස් වීම කෙරෙහි බලපානු ඇත. [B]පෘථිවිය මත ජීවය[/B][/SIZE] [SIZE=4][IMG]http://www4.picturepush.com/photo/a/4481192/img/4481192.jpg[/IMG] [/SIZE] [SIZE=4]Dr. Norman Sleep[/SIZE] [SIZE=4]Stanford විශ්ව විද්‍යාලයේ මහාචාර්යය නෝර්මන් ස්ලීප්(Norman Sleep) ප්‍රකාශ කරන ආකාරයට පෘථිවි ජීවයේ ආරම්භය සදහා චන්ද්‍රයා බිහිවීම සදහා බලපෑ සුවිසල් ගැටුම ඉතා ප්‍රභල ලෙස හේතු වී තිබේ. මේ ගැටුම සිදු නොවූවා නම් අද යුගයේ පවතිනුයේ Earth mark-1 ලෙස හැදින්වෙන පෘථිවියයි. මෙම පෘථිවිය අද අප ජීවත් වන පෘථිවිය මෙන් නොව සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී පැවතීමට ඉඩ තිබූ බවත් මේ අනුව ජීවයට සුදුසු පරිසරයක් නිර්මාණය නොවීමට ඉඩ තිබූ බවත් ඔහු පවසයි. Earth mark-1 හා Orphius අතර සිදු වූ ගැටුම පෘථීවිය මත බිහිවෙමින් පැවති මුහුදු වලින් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් වාශ්ප කර දමන්නට හේතු වී ඇත. ඉන් පසුව අද යුගය දක්ව පරිණාමය වී ඇති Earth mark-2 පෘථිවිය මත ජීවයට සුදුසු පරිසරයක්(ජීවයක් නිර්මාණය වීමට අවශය කරන සාධක ) නිර්මාණය වූයේ මේ ගැටුම හේතුවෙනි. සෞරග්‍රහ මන්ඩලය මෙන් අනෙකුත් තාරකා වටා පැවතිය හැකි ග්‍රහමන්ඩල සෙවීම කෙරෙහි විද්‍යාඥයින් මහත් උනන්දු වෙයි. මෙවැනි පද්ධතීන් අතරින් පෘථිවිය වැනි ජීවය පවතිය හැකි ආකාරයේ ග්රහලොවක් හදුනා ගැනීම ප්‍රභල සොයා ගැනීමක් වනු නිසැකය. නමුත් ජීවයක් පැවතිය හැක්කේ අදාල ග්‍රහලොව මත අවශ්‍ය කරන සාධක නිර්මාණය වී ඇත්නම් පමණි. පෘථිවියේ පැවත්මට චන්ද්‍රයාගෙන් එල්ල වනුයේ දැඩි බලපෑමකි. මේ අනුව පෘථිවිය වැනි පිටස්තර ග්රහයෙකු සෙවීමේදී එහි ස්ථාවර පැවැත්ම කෙරෙහි පෘථිවියේ මෙන් විශාල චන්ද්‍රයෙකු පිහිටීමේ වැදගත්කම පිලිබදවද සලකා බැලිය යුතුය. මේ වන තෙක් මේ ආකාරයේ පද්ධතියක් හදුනාගෙන නම් නැත[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom