.........................................REP+++
පෘථිවියේ පැවැත්මට චන්ද්‍රයාගේ බලපෑම
පෘථිවියට ලගින්ම ඇති ආකාශ වස්තුව වන්නේ චන්ද්‍රයාය. සෞරග්‍රහ මන්ඩලයේ අනෙකුත් ආකාශ වස්තු අතුරෙන් වැඩිපුරම විද්‍යාඥයින් අධ්‍යනය කොට ඇති ආකාශ වස්තුව වන්නේද චන්ද්‍රයාය. විවිධ කාල වලදී විවිධ කලාවන්ගෙන් දිස් වන චන්ද්‍රයා රෑ අහසට එක් කරනුයේ අමුතුම අලංකාරයකි. රෑ අහසේ ඉතා පහසුවෙන් හදුනාගත හැකි, ඕනෑම අයෙකුට බොහොම සුපුරුදු ආකාශ වස්තුව වන සද තවත් එක් ආකාශ වස්තුවක් ලෙස හැදින් වීම සුදුසුද? පෘථිවි සමබරතාවට චන්ද්‍රයාගේ බලපෑම කෙබදුද? ජීවීන්ගේ පැවැත්මට චන්ද්‍රයාගේ බලපෑමක් තිබේද? පෘථිවි කාලගුණය කෙරෙහි චන්ද්‍රයා බලපානු ලබයිද? විද්‍යාඥයින් උනන්දු වන වැදගත් ගැටලුවක් වන පෘථිවිය සතුව චන්ද්‍රයෙකු නොතිබුනා නම් කුමක් සිදුවේද? යන ගැටලු පිළිබදව මදක් සොයා බැලීම වටී.
චන්ද්‍රයාගේ බිහිවීම සම්බන්ධයෙන් විද්‍යාඥයින් මත 4ක් ඉදිරිපත් කරන අතර එයින් වඩාත් පිලිගැනෙන්නේ 'මහා ගැටුම් කල්පිතය' යන මතයයි. මෙමගින් පෘථිවිය බිහිවෙමින් පැවති යුගයේ අගහරු ප්‍රමාණයේ වූ වස්තුවක් පැමිණ පෘථිවිය සමග ගැටී, එයින් අවකාශයට මුදාහල කොටස් වලින් චන්ද්‍රයා නිර්මාණය වූ බව කියැවේ. අහම්බෙන් මෙන් සිදු වූ මේ සුවිසල් ගැටුම නොවන්නට පෘථිවිය සතුව චන්ද්‍රයෙකු නොතිබෙන්නටද ඉඩ තිබුණි. එසේ වූවා නම් අද යුගයේ පෘථිවිය පවතිනුයේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකිනි. සමහරවිට පෘථිවියේ ජීවයක් හට නොගැනීමටද ඉඩ තිබුනි.
මෙවැනි සුවිශේෂී වූ වැදගත්කමක් ඇති මෙම ගැටුමට පෙර පැවති පෘථිවිය විද්‍යාඥයින් හදුන්වනුයේ Earth mark-1 ලෙසයි. පෘථිවිය හා ගැටුනු වස්තුව Orphius ලෙසත් ගැටුමෙන් පසු අද යුගය දක්වා පරිණාමය වූ පෘථිවිය Earth mark-2 ලෙසද හදුන්වනු ලබයි.
පෘථිවිය හා චන්ද්‍රයා පද්ධතිය නිර්මානය වෙමින් පැවති මුල් යුගයේ පෘථිවි භ්‍රමණ වේගය ඉතා විශාල අගයක් වූ අතර එකල පෘථිවි දිනයක කාලය පැය 4ක් වැනි ඉතා කෙටි කලකට සීමා වී පැවතිනි. චන්ද්‍රයා පැවතියේ පෘථිවියට ඉතා සමීපවය. නමුත් කාලයාගේ අවෑමෙන් චන්ද්‍රයා තම මවු ග්‍රහයාගෙන් ඈත් වීමට පටන් ගත් අතර පෘථිවි භ්‍රමණ වේගය ක්‍රම ක්‍රමයෙන් අඩු වී අවසානයේ අද පවතින අගය දක්වා පරිණාමය වී පවතී. නමුත් චන්ද්‍රයා පෘථිවියෙන් ඈත්වීම තවමත් නතරකර නොමැත. එය දිගටම පෘථිවියෙන් ඈත් වෙමින් පවතී. චන්ද්‍රයාගේ මේ ඈත් වීම පෘථිවිවාසීන් වන අපට නොපෙනෙනුයේ එය ඉතාමත්ම සෙමින් සිදුවන ක්‍රියාවක් හේතුවෙනි.
ඇපොලෝ විපෘතිය යටතේ සද මතට ගිය ඇපොලෝ සදගාමීන් එහි සිදුකල ක්‍රියාකාරකම් වලින් එකක් ලෙස සද මතුපිට පරාවර්තක(Reflectors) සවි කිරීම සිදු විය. අද යුගයේ පවා ක්‍රියාත්මකව පවතින මේ පරාවර්තක වෙත විශේෂ අවධානයක් යොමුව පවතිනුයේ ටෙක්සාස් හි මැක්ඩොනල්ඩ්(McDonald) නිරීක්ශණාගාරයේ විද්‍යාඥයන්ය. ඔවුන් තම නිරීක්ශණාගාරයේ සිට අතිවිශාල ලේසර් ධාරාවක් චන්ද්‍රයා මත පිහිටුවා ඇති පරාවර්තක වෙත යොමු කරනු ලබයි. නැවත පරාවර්තනය වී පැමිණෙන ලේසර් ධාරාව ලබාගෙන ඒ අනුව එම අදාල මොහොතේ පෘථිවියේ සිට චන්ද්‍රයාට පවතින දුර ගණනය කරනු ලබයි. මෙලෙස බොහෝ කාලයක් පුරාවට සිදුකල ගණනය කිරීම් නිරීක්ශණය කල විට පැහැදිලි වන්නේ පෘථිවිය හා චන්ද්‍රයා අතර පවතින සාමාන්‍යය දුර එක් වසරකදී අගල් 1 1/2 පමණ වන අගයකික් දිගු වන බවයි.
සූර්යග්‍රහණ ඇති වන්නේ ඉතා සරලව චන්ද්‍රයා මගින් සූර්යය මුහුණත වසා දැමීම නිසා බව ඔබ දනී. පූර්ණ සූර්යග්‍රහණයකදී සූර්යය මුහුණත සම්පූර්ණයෙන්ම වැසී යයි. නමුත් තව බොහෝ කාලයකට පසු පෘථිවිවාසීනට පූර්ණ සූර්යග්‍රහණ දැක බලා ගැනීමට නොහැකි වනු ඇත.මන්ද යත් චන්ද්‍රයාගේ ඈත් වීම නිසා සූර්යය මුහුණත එයට සම්පූර්ණයෙන්ම වැසී නොයන හෙයිනි.
උදම් බලපෑම..
චන්ද්‍රයා සහ සූර්යයාගේ ගුරුත්ව බලයන් හේතුවෙන් පොලොව යම් ආකාරයක ඇදීමකට(Tidal force) ලක්වේ. පොලොවේ මේ ඇදීමට වැඩි වශයෙන් දායක වන්නේ චන්ද්‍රයා වන අතර මෙම සංසිද්ධියේ වැඩි බලපෑමක් පවතිනුයේ සාගර ජලය උස් පහත් වීමටය. 'වඩදිය' හා 'බාදිය' ලෙස අප හදුන්වනුයේ මෙයයි.
පොලොව තමා වටා භ්‍රමණය වනුයේ උදම් බලපෑමත් සමගය. ප්‍රධාන වශයෙන් චන්ද්‍රයා, මුහුදු ජලය තමා දෙසට ඇද බැද තබා ගැනීමට උත්සහ දරයි. නමුත් මේ බලපෑමත් සමග පෘථිවිය භ්‍රමණය වීම හේතුවෙන් සාගර ජලය හා සාගර පතුල්(Ocean floors) අතර සියුම් ඝර්ශණයක්(Tidal friction) නිර්මාණය වේ. මේ ඝර්ශණය නිසා පෘථිවි භ්‍රමණයට විරුද්ධව ගොඩනැංවෙන බලය, භ්‍රමණ වේගය හීන කිරීමට හේතු වේ.
අවුරුදු මිලියන 600කට පෙර පෘථිවි දිනයක අගය පැය 22කට මදක් අඩු අගයක්ව පැවත ඇත. පැරණි සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ වාර්ථා අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ මීට අවුරුදු 2000කට පමණ පෙර, දිනයක අගය අද පවතින පැය 24 වන අගයට වඩා කුඩා ප්‍රමාණයක් අඩුව පැවති බවයි. මේ ආකාරයට තවත් බොහෝ කාලයකට පසු පෘථිවි දිනයක අගය පැය 24 කට වඩා වැඩි වනු ඇත.
පූර්වායනය..
ඉතා ඈත අතීතයේ එනම් ක්‍රි.පූ. දෙවන සියවසේදී විසූ ග්‍රීක ජාතික තාරකා විද්‍යාඥයකු වන හිපාකස්(Hipparchus) තාරකා විද්‍යා ඉතිහාසයේ සටහන් වන ඉතා වැදගත් පුත්ගලයෙකි. පෘථිවියේ පිහිටුම දැක්වීමට ප්‍රථම වරට අක්ශාංෂ දේශාංෂ ක්‍රමය හදුන්වා දීම, ප්‍රථම වරට තාරකා නාමාවලියක් සකස් කිරීම, තාරකා වල දීප්තිය සදහා ප්‍රථම වරට මිනුම් දන්ඩක් ඉදිරිපත් කිරීම, ඔහු විසින් සිදුකල ක්‍රියාකාරකම් වලින් කිහිපයකි.

Last edited: