Easter දූපතේ "Moai" පිලිම (Moai Statues - Easter Island)

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
Easter දූපතේ "Moai" පිලිම (Moai Statues - Easter Island)



Easter Island නොහොත් Rapa Nui යනු පැසිෆික් සාගරයේ පිහිටි චිලී රාජ්‍යට අයත් පොලිනීශියානු (Polynesian) දූපතකි. එය චිලී හි බටහිර ඉවුරට සැතපුම් 2300ක් දුරින් පිහිටා ඇත. මෙයට එම නම ලැබී ඇත්තේ එහි පැමිණි ප්‍රථම යුරෝපීයා වූ ලන්දේසි ජාතික Jacob Roggeveen 1722 අප්‍රේල් 5, Easter ඉරිදාවක ගොඩ බැසි නිසාය.


මෙම දූපත, එහි පිහිටුවා ඇති "Moai" ලෙස හඳුන්වන අතිවිශාල ගල් පිලිම 887 නිසා ලොව ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. මේවා 1100 -1680 AD අතර කාලය තුල එහි විසූ Rapa Nui ජනතාව විසින් ඉදිකර ඇතය සැලකේ.




"Moai" පිලිම සියල්ලම පාහේ නිර්මාණය කර ඇත්තේ ගිනි කඳුවලින්



ඇතිවූ පාෂාණ වලිනි. පිලිමයක මධ්‍යන්ය උස අඩි 14 (මීටර 4) පමණ වන අතර බර ටොන් 13 ක් පමණ වේ. "Paro"ලෙස හඳුන්වන විශාලතම පිලිමය අඩි 32.15 (මීටර 9.8) වන අතර බර ටොන් 82 ක් පමණ වේ. බොහොමයක් පිලිම "Ahu" ලෙස හඳුන්වන පාෂාණ පාදමක් මත තබා ඇත. දැනට "Ahu" 313 ක් ඇති අතර ඉන් 125 ක පමණ "Moai" පිලිම තබා ඇත.



Moai පිලිම බහුතරයක පපු ප්‍රදේශය සහ උරහිස ඇති අතර , තවත් සමහරක අත් සහ ඇඟිලිද ඇත. එක පිලිමයක පමණක් පාද ඇත. හිස ශරිරයට වඩා 3/5 පමණ විශාල වන ලෙස සාදා තිබීම විශේෂත්වයකි. බොහොමයක් පිලිම එවා සාදන ලද ගල් ආකරය වූ " Rano Raraku" හි ඇත. ඒවා නියමිත ස්ථානයට ගෙනයාමේ අපේක්ෂාවෙන් එසේ තබා ඇතයි සැලකේ. තවත් පිලිම 92ක් එවා නියමිත ස්ථානයට ප්‍රවාහනය කරන අතරතුර තිබුනායයි සැලකෙන අතරමග ස්ථානවල ඇත.

සමහරක් පිලිමවල හිස මත රතු පැහැති තොප්පි වැනි දෙයක් තබා ඇත.
මේවා Pukao (Topknots) යන නමින් හඳුන්වන අතර මෙමගින් හිසකෙස් නිරූපනය වනවා යයි සැලකේ. රතු පැහැති "scoria" නම් ගිනිකඳු පෂාණ වලින් මෙය සාදා ඇත.එක් පිලිමයක් නිම කිරීමට 5-6 ත් අතර කණ්ඩායමකට වසරක්වත් ගත වන්නට ඇතයි සැලකේ.

"Moai" පිලිම කුමන අරමුනක් උදෙසා නිර්මාණය කලාද, කෙසේ නියමිත ස්ථානයට ගෙනගියාද යන්න තවම ලොවට අභිරහසක් ව පවතී. 1995 දී UNESCO ව Easter Island ලෝක උරුම ප්‍රදේශයක් ලෙස නම් කරන ලදි.

උපුටා ගැනීම : http://www.nawalowadenuma.com/2014/11/easter-moai.html
 
  • Like
Reactions: Bathiiii